-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14735423 said:
    දෙදහස් අට වසරෙ ලිව්ව හිටිවනම
    දෙන්න ගියා පිළිතුරු සිව් වසරක්ම
    කෙල්ලො බහී නං කියන්න හිටිවනම
    අපි කියමුකො හිටිවන සිය වසරක්ම
    Laughing01.gif


    Happy5.gif

    කියල වැඩක නෑ පූසෝ බලපන්කො
    දැක්කේ නැත්තේ ඇයි මේ හුය කියපන්කො
    පද බැඳුමට ඇති දස්කම හිතහන්කෝ
    පුදුමත් හිතෙනවා තව තව කවි ලියපන්කො
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එලම තම‍යි අ‍යි‍යේ thread එක.........නි‍යම‍යි
    කට්ටි‍ය තවම මේක දැකල නොමැති.......හැඩ‍යි
    සැසා,කිඹුල තව කවි කරුවෝ.......බොහොම‍යි
    ඔ‍ය ඔක්කොම ආවොත් නම් ජොලිම.......තම‍යි

    කියල වැඩක නැහැ මල්ලියේ ඒ ගැන නම්
    අමතක වී පරණ යටට ගිය මෙය නම්
    නැවත පැමිණ කවියට පණ දෙන බව නම්
    කියමි මෙමා සතොසින් අද ඒ බව නම්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියල වැඩක නැහැ මල්ලියේ ඒ ගැන නම්
    අමතක වී පරණ යටට ගිය මෙය නම්
    නැවත පැමිණ කවියට පණ දෙන බව නම්
    කියමි මෙමා සතොසින් අද ඒ බව නම්
    මොනව උනත් පූස කිව්ව දේ...............ඇත්ත‍යි
    කෙල්ලෙක් ආවොතින් කට්ටි‍ය පැනගෙන.......එ‍යි
    නොමැති කලට එක බල්ලෙක්වත් නොම........එ‍යි
    එලකිරි‍යේ ගොඩක් විටදි එ‍ය...............සිදුවෙ‍යි


    කවි‍යෙන් කවි‍යටත් සිදුවූ‍යේ................එ‍යම‍යි
    කෙල්ලන් නැති නිසා එ‍ය ‍යටටම...........ඇදුන‍යි
    කාට කි‍යන්නද කි‍යලා මම...............නොදනි‍යි
    මුන් වගෙ කොල්ලො කි‍යලා නම් හිත......පවස‍යි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    කැන්ඩියා මෝඩයා වුවද සහිත පුස් ....නුවන
    ඉදහිට පහල වෙයි වැදගත් අයිඩියා ....වටින
    දැම්මනම් නූලක් මේවගේ උඩු ........දුවන
    හැමදාම ඇවිත් කවි ලියපං කොර ..වෙන්න
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වැරදිලා ඇවිත් මේ පැත්තට කවි ..........මඩුවේ
    ලිව්වා ජොලියට කවියක් මගේ ...........පාඩුවේ
    වැඩේ සැපයි ජොලි පාටයි මම ............හිතුවේ
    ඇගට වැදුනා කොර වෙලා ගියා ඒකයි මේ ආවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කැන්ඩියා මෝඩයා වුවද සහිත පුස් ....නුවන
    ඉදහිට පහල වෙයි වැදගත් අයිඩියා ....වටින
    දැම්මනම් නූලක් මේවගේ උඩු ........දුවන
    හැමදාම ඇවිත් කවි ලියපං කොර ..වෙන්න
    පණ්ඩිත ටෝක් දෙන මැටි ඩෙල්මා........සබනා
    හැමදා ලිඳේ ඉඳ බොරුවට.............කෑගහනා
    බොරුවට මෙතන උපදේශක වෙනු........හදනා
    උඹෙ අ‍යිඩි‍යා නම් කිසි වැඩකට......නොවෙනා


    :P:P:P
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කවියට කලාවට කවදත් හිත පෑ...........................වා
    කන්ද උඩරටින් එලකිරියට ආ..............................වා
    කැන්ඩි මල්ලියා අකුරින් මෙහි ලී.........................වා
    කවිමල් වැලට අක්කත් කවියක් කිව්.......................වා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැරදිලා ඇවිත් මේ පැත්තට කවි ..........මඩුවේ
    ලිව්වා ජොලියට කවියක් මගේ ...........පාඩුවේ
    වැඩේ සැපයි ජොලි පාටයි මම ............හිතුවේ
    ඇගට වැදුනා කොර වෙලා ගියා ඒකයි මේ ආවේ

    වැරදිල ආවත් උඹ මේකට සබනා
    මඩ ගැහුමට වෙයි උඹ නම් හරි හපනා
    ජොලියට ලිව්වත් කවි පද ඔබ ගොතනා
    පිළිගමි නූලට අදරින් ඔබ සොඳිනා
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කවියට කලාවට කවදත් හිත පෑ...........................වා
    කන්ද උඩරටින් එලකිරියට ආ..............................වා
    කැන්ඩි මල්ලියා අකුරින් මෙහි ලී.........................වා
    කවිමල් වැලට අක්කත් කවියක් කිව්.......................වා

    කවියට බැඳුනු සිත නිසා කවි කම එළිදැක්කා
    එය ඔබ හට උරුමයකි, හැකියාවකි අක්කා
    කන්ද උඩරටින් එළිවැට සැදුවොත් මක්කා
    පිළිතුරක් ලියනු මැන අපේ බී ලලක්කා
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    මෙන්න බොලේ පරන එකක් බම්ප්......... වෙලා
    එලකිරි කොල්ලො කවි කියනවා හිටු ...... කියලා
    සිංහල අපෙ දේ අපි රැක ගමු............... කියලා
    එකෙන්ම කේසොන් ආවා නැ............... බයිලා

    :P:P:P:P:P:P:P:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළිවැට එලිසමය ගලපා කවි ලිවුව
    පාඨක සිත් සතන් හී සිතුවම් මැවුව
    එළකිරි අඩවියම කවියෙන් හැඩ කෙරුව
    සැමටම සුභාසිරි වේවා නිරතුරුව

    වචන ගලපන්න එළිවැට සරසන්න
    තාලය ගන්න හරවත් දේ පවසන්න
    මටනම් නොහැක ඔය කිසිවක් කරගන්න
    ඒකයි නොලියන්නෙ කවිනම් මිතුරනි ඔන්න
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    කවියට කලාවට කවදත් හිත පෑ...........................වා
    කන්ද උඩරටින් එලකිරියට ආ..............................වා
    කැන්ඩි මල්ලියා අකුරින් මෙහි ලී.........................වා
    කවිමල් වැලට අක්කත් කවියක් කිව්.......................වා


    අක්කා ලලක්කා හරි හිත හොද..... අක්කා
    එලකිරි ඇවිත් අඩුවට සිරි සැප.......වික්කා
    නාකි උනත් කද හොද නම් වෙන.. මක්කා
    අක්කගෙ බුරිය දැක්කම හැදෙනවා. ඉක්කා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අරඹා ඇත කැන්ඩියන් හොඳ නූලක් ,
    ඇදගෙන යමු මෙය දිගු කාලයක් ,
    මට නම් නැත එච්චර කවි දැනුමක් ,
    පේලි හතරක් ගැලපු විගස දෙමි සප් එකක් ,
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගල් පැලෙනා බොරුවකි මූ...........පවසන්නේ
    ඉස්සර උඹ ‍යහමින් කවි...............ලිව්වානේ
    කිව්වට බොරු අපි නම් නෑ.........අහුවෙන්නේ
    Try කරලා ආ‍යෙත් කවි.............ලි‍යපන්නේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පණ්ඩිත ටෝක් දෙන මැටි ඩෙල්මා........සබනා
    හැමදා ලිඳේ ඉඳ බොරුවට.............කෑගහනා
    බොරුවට මෙතන උපදේශක වෙනු........හදනා
    උඹෙ අ‍යිඩි‍යා නම් කිසි වැඩකට......නොවෙනා


    :P:P:P
    කවුද බොලව් උපදෙස් දුන්නේ .......තොපිට
    බල්ලෙක් ඉදියි අපේ නිවසේ රෙක්ස් ...නමට
    කැම්පස් කැන්ටිමේ වැඩ ............නැතිවාට
    එළකිරි එන හිවලෙකි රෙක්ස් ........හැමදාට