මේ ටිකේම එළකිරි ලන්තයේ ලිංගිකත්වය කියන මාතෘකාව යහමින් කථා කළ නිසා මේ අහක ඉන්න මටත් හිතුනා ඒ ගැන කථා කරන්න. මුලින්ම මේ ගැන කථා කරන්න ගිහින් තාමත් පහර වදින බව මම දන්නවා. ඒත් මේක තමයි ඇත්ත.
අපි බලමු මුලින්ම ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ පරම යුතුකම මොකක්ද? ඒ තමයි ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන ටිකට යම් සේවයක් සත්ව සමාජය වෙනුවෙන් කිරීම.
එතකොට මොකක්ද මේ සේවය?????
මම ඔබට පොඩි කථාවක් කියන්නම්. අපිට ශරීර රචනා විෂය (Anatomy) ඉගැන්නුවේ මහාචාර්‍ය්‍ය ඒ. ඩී. පී. ජයතිලකයන්. මෙතුමා පේරාදෙනිය විද්‍ය පීටයේ පීටාධිපති වෙලත් හිටියා. ශ්‍රේෂ්ට වෛද්‍ය අධ්‍යාපනඥ්ඥයෙක්. දිනක් මෙතුමා අපිට දේශනයක් කරන අතර ඔය ප්‍රශ්නෙ ඇහුවා. මුල සිට එක් එක්කෙනාගෙන් වෙන වෙනම අහගෙන එනවා. දැන් අපි දෙන පිළිතුරු වලට සර්ට හිනා. ඇයි මේ කට්ටිය විතරක් හිටියම ඇති මිනිස් සමාජෙම ගොඩ. ඔන්න උත්තර. මෙතුමා අවසානයේ කිව්වා. හොද උත්සාහයක් හැබැයි මේ කට්ටිය අතරේ එක්කෙනෙක්වත් නැහැ උත්තරේ දන්න කෙනෙක්. ඒ කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්. ඇයි ළමයි මිනිසා තම වර්ගයා බෝ කිරීමනෙ උත්තරේ. ඔය ළමයි හොද වැඩියිද රඟපානවද කියලා හිනහා වුනා.
එතකොට පැහැදිලියිනේ පිළිතුර. ආහාර හැරුනම ඊලඟ වැඩිම සතව අවශ්‍යතාවය තමා ප්‍රජනනය. සත්වයා හැදිලා තියෙන්නේ ඒ සඳහා ප්‍රමුඛත්වය ලැබෙන විදියට. දැන් ගසක් වුවත් බලන්න. පැලය වැඩෙනවා. වැඩුනු ගස මල් දරනවා. ඵල හට ගන්නවා. මැරිලා යනවා. මේකයි චක්‍රය. අපි කාටත් මේක පොදුයි. සත්වයින් අතරින් මිනිසා දියුනු මනසක් ඇති ජීවියෙක් නිසා මිනිසාට මේ අවශ්‍යතාවය පාලනය කර ගැනීමේ හැකියාවකුත් ඒ දියුනු මනසත් සමඟ ලැබිලා තියනවා. මිනිසා සහ අනෙකුත් සත්වයින් වෙනස් වෙන්නෙත් මෙතනදි තමා.
මෙතනින් එහාට මේ ලිපිය මම හරවන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගිකත්වය කොහොමද බුදු දහමත් එක්ක එකට යන්නේ කියන කාරනය පැත්තට. ඒ ගැන දැන ගන්න අයට ප්‍රයෝජනවත් වෙන විදියට සියළුම වැදගත් කරුනු වලට මම රෙෆරන්ස් දමන්නම්. තව කාටවත් හිතෙනවා නම් පව් සිද්ද් වෙයි කියලා මෙතනින් එහාට නොකියවූවා නම් හොදයි. මොකද එහෙම සැදැහැවත් බෞද්දයන්ට මම මොකටද පව් පුරවන්නේ බුදුන්ට බනින්න සලස්වලා. එනම් මේ සියල්ල ත්‍රිපිටකයෙන්ම ලබාගත් කරුනු හෙවත් බුද්ද භාෂිතය.
"Ethical Idealism.", Sir Sarvapalli Radhakrishnan, Contemporary Indian Philosophy, Vol.1, G.A. Allen and Unwin Lted., London 1936, p.358
රාධාක්‍රිෂ්නන් තුමා, බුදු දහම වනාහී ආචාර ධර්ම විද්‍යාවෙහි පරමාදර්ශය ලෙස සඳහන් කරනවා. ඒ කියන්නේ ලෝකයේ ආචාර ධර්ම හෙවත් මිනිස් සමාජයේ ප්‍රගමනයට හේතු වෙන ලෝක නීතිය සකස් වෙන්න බුදු දහම විශාල ආලෝකයක් සපයලා තියනවා.
බුදුන් වහන්සේ දුක්ඛ සත්‍යය විස්තර කරමින් මෙසේ වදාරා තිබෙනවා. (අංගුත්තර නිකාය 2 බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 130) ලෞකික ලෝකයේ ජීවත්වන ගිහි පිරිස විසින් ලබා ගත යුතු සැප හතරක් තිබේ.
1. අත්ථි සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් ධනය තමන් සතුය බව දැනීමෙන් ඇතිවන සැපය
2. භෝග සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් රැස්කරගත් භෝගයෝ පින් දහම් කරමින් තමන්ද වලඳමි යන සැපය.
3. අනන සැපය - තමන් කිසිවකුට නය නැතැයි දැනීමෙන් ඇතිවන සැපය.
4. අනවජ්ජ සැපය - කයින් වචනයෙන් හා මනස. ඉන් තමන් කිසිවකුට වරදක් නොකොට පිවිතුරු ජීවිතයක් ගත කරනවා යන දැනීමෙන් ඇතිවන සැපය.
දැන් බලමු සැපය කියන්නේ මොකක්ද කියලා. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 154 - 57.)මෙහිදී බුදුන් වහන්සේ සැප නවයක් ගැන සඳහන් කරලා තියනවා.
1. පවුල් ජීවිතයේ ඇති සැපය.
2. තවුස් දිවියේ ඇති සැපය.
3. ඉන්ද්‍රියන් පිණවීමේ ඇති සැපය.
4. අභිනිෂ්ක්‍රමණයෙන් ඇතිවන සැපය.
5. බැඳීම හෙවත් උපාධානයන් නිසා ඇතිවන සැපය.
6. බැඳීම් වලින් මිදීම හෙවත් උපාදානයන්ගෙන් මිදීම නිසා ඇතිවන සැපය.
7. ශාරීරික සැපය.
8. මානසික සැපය.
9. ධ්‍යාන තුලින් ඇතිවන සැපය.
සැපයේ ඇති විවිධත්වය මෙසේ විස්තර කරන බුදුන් වහන්සේ, ප්‍රධාන සැපයන් දෙකක් ගැන විශේෂයෙන් දක්වා තිබෙනවා.
"ද්වෙමානි භික්ඛවේ සුඛානි කතමානි ද්වෙඃ කාම සුඛඤ්ච නෙක්ඛම්ම සුඛඤ්ච"
එනම්, ලෞකික ලෝකයේ ඇති ඉහලම සැපයන් වන්නේ,
1. කාම සැපය.
2. කාම සැපයෙන් නික්මීම.
පස්කම් සැපය ගැන දැනගත යුතු කරුණු තුනක් ඇතැයි උන් වහන්සේ අනුදැන වදාලහ.
(ධම්මපද ගාථා 204,)
1. කාමයන්ගේ ආස්වාදය (Enjoyment)
2. ආදීනව (Evil consequence)
3. නිස්සරණය (Liberation)
මෙය උදාහරණයකින් දක්වන්නම්. එනම් යමෙක් මනා රූසපුවක් ඇති කාන්තාවක් දැකීමෙන්
(1) ආශ්වාදයක් ලබයි. ඇයව නැවත දැකීමෙන් ඔහු එම ප්‍රීතිය, සැපය ආශ්වාදය ලබයි. මෙම ප්‍රීතියද, ලලනාවද ස්ථිර නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් ඇය දක්නට නොලැබීමෙන් ඔහු දුකට පත් වෙයි. කාන්තාවද රූපයද දිරා යයි.
(2) මේ කාමයන්ගේ ආදිනවයි. එම කාන්තාවට ඔහුගේ යම් බැඳීමක් ඇලීමක් ඇති නොවූවා නම් කාමයන්ගෙන් නිදහස ලැබූවා වෙයි.
(3) එනම් නිස්සරණයයි. මේ අනුව කාමයන් තාවකාලික බවත් ඉන් නිදහස් වීමටත් බුදු දහමින් උගන්වා ඇත.
සැපත සොයා අසීමිත අරමුණු ඇතිකරගෙන ඒ පසුපස හබායාම මිනිස් සන්තානයේ ඇති මූලික ලක්ෂණයකි. එය ආශාව, කැමැත්ත, තෘෂ්ණාව, කාමය යනුවෙන් හඳුන්වා ඇත. ලෞකික ලෝකයේ ජීවත්වන සෑම කෙනෙකුගේම අරමුණ වන්නේ ඉන්ද්‍රිය ප්‍රීණනය සදහා කාමයන් සොයා යාමයි. එසේ වුවත් පෘථග්ජන සෑම කෙනෙකුම කාමයන්ගෙන් සෑහිමකට පත් නොවී අතෘප්ත්තිමත්ව මරණයට පත් වේ. "ඌනාව හුට්වාන ජහන්ති දෙහං කාමෙහි ලෝකම්හ නහි අත්ථි තිත්ති". ( මජ්ජිම නිකාය 2, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1973, පිට.)
මහාවග්ග පාළි 1, බුද්ධ ජයන්ති මුද්‍රණය 1957, පිට 20-22.
සත්වයාගේ සසර ගමන දිගු කරන තෘෂ්ණාවෙහි ප්‍රභේද තුනකි.
1.කාම තණ්හා - කාම වස්තූන් කෙරෙහි ඇති තෘෂ්ණාව.
2. භව තණ්හා - භවය කෙරෙහි දක්වන තෘෂ්ණාව.
3.විභව තණ්හා - භවයෙන් ඉවත් වීමට ඇති තෘෂ්ණාව.
මෙහි කාම තන්හා යනු ඉන්ද්‍රිය ප්‍රීණනය තුලින් ලබන සතුටට ඇති ආශාව හෙවත් කැමැත්තයි. (ඉන්ද්‍රිය යනු - ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස.)
ජීවත්වන සෑම පුද්ගලයෙක්ම සෑම මොහොතකම කරන්නේ ඉන්ද්‍රිය පිනවීමයි. මෙම පිනවීමෙ ප්‍රධාන වන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි ඇතිවන ආශාවයි. මෙවැනි ආශාවක්, කැමැත්තක් ලොව වෙනත් නැත.
දැන් ඔබට කාමය ගැන යම් අවබෝධයක් ඇතැයි සිතමි. අවසාන වශයෙන් ස්ත්‍රිය ගැන සහ පුරුෂයා ස්ත්‍රියට ආශක්ත වීම පිළිබඳ බුද්ධ දේශනාවෙන් යමක් මෙයට එක් කිරීමට බලාපොරෝත්තු වෙමි.
අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 2 -5.
ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් ලොව නැත. ස්ත්‍රී ශබ්දය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්න ශබ්දයක් තවත් නැත. ස්ත්‍රී ආඝ්‍රාණය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා ආඝ්‍රාණයක් තවත් ලොව නැත. ස්ත්‍රී රසයද, ස්ත්‍රී ස්පර්ශයද, මේ ලෙසටම පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ආශක්ත වන ලොව ප්‍රධානම බලය ලෙස දක්වයි. මේ ආකාරයටම පුරුෂ රූපය, ශබ්දය, ස්පර්ශය, ආඝ්‍රාණය, රසය තරම් ස්ත්‍රිය ආශක්ත වන අන් කිසිවක් ලොව නැත.
දැන් මම මේ ලිපිය අවසාන කරන්න හදන්නේ. බුදුන් වහන්සේ තම අවසාන නිගමනය මේ විදියට දීල තියනවා.
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මෙම දැඩි ලිංගික ආශාව, ලිංගික චර්‍ය්‍යාව පදනම් කර ඇත. මේ අනුව මිනිස් දිවියේ බලගතුම අංශයක් වන්නේ ලිංගිකත්වයයි. ලිංගික චර්‍ය්‍යා විෂයෙහි ආශාව හෙතුකොටගෙන භවයට ඇති ආශාවද, ඇලීමද, ඇති වෙයි. උදාහරණය නකුල මාතා හා නකුල පීතා සූත්‍රයට අනුව එම යුවල කාමයට ඇති ආශාව අනුව ඊලඟ භවයේදීද එක් වීම පතති.
මේ අනුව නිවන් අරමුණු කොට ඇති බෞද්ධ ප්‍රතිපදා මාරගයේදී, කාමය යනු නිෂ්ප්‍රයෝජන කටයුත්තක් ලෙසත්, ප්‍රතිපදා මාර්ගය විනාශ කරන නිෂ්ප්‍රයෝජන දෙයක් ලෙසත්, විස්තර කරයි.
මෛථූනය ගාම්‍ය කටයුත්තක් ලෙස බුදුන් වහන්සේ දක්වයි. (පාරාජිකා පාළි, 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1959, පිට 42 - 48.)(බුදුන් වහන්සේ බොහෝ විට මෛථූනය හඳුන්වන්නේ මෛථූනා ධම්මා, ගාමා ධම්මා ලෙසයි.)
මම මේ ලිපිය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ බුදුන් වහන්සේ තම ධර්මය දේශනා කරන විට කාමය, මෛථූනය වැනි ලෞකික විෂයන් ගැනත්, ඉන් ලෝකයට ඇති ප්‍රයෝජනත් කථා කර තිබෙනවා. නමුත් මේ හැමටම වඩා නිවන පතා යන ගමන වැදගත් බවත් උන් වහන්සේ දක්වා තිබෙනවා.