-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කවියන් කවි ලියයි යස පද ගලපාලා
    වලියක් වුණත් ඇත කවි රස ගැබ්වීලා
    පැණියන් වුණත් හලනා පැනි කවි වීලා
    එළකිරි අඩවියේ කවිකම් පැතිරීලා

    හුයනම් පැරණිය ඇරැඹුම දෙදහස් අටේ
    පුදුමයකි එය නැවතත් අලුත් වුනේ
    සතුටකි උපන්නේ දැක කවියන් හතර වටේ
    පිළිගන්නෙමි ඔබ සොයුරනි සාදරිනේ
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    පූස්;14741416 said:

    අපි දමනා පද නොපෙනෙන කූර(කෘර) තොට........
    අනිත් උන්ට පද හදනට හැකිය බොට...........
    බොරු බේගල් ඇද බාන්න ඒවි හෙට...........
    ඇයි ඔච්චර මඩ බාල්දි කැන්ඩියට...............

    නුවර ටවුමෙ ගංජා ගහනවලු කැන්ඩී..........
    තරහටනේ කියන්නෙ දාගෙන ජැන්ඩී...........
    නුවර උඹේ සබන් කඩේ වැසු කැන්
    ඩී..........
    කොහොම උනත් ඒව නිසා උඹ නොන්
    ඩී......

    :P:P:P:P
    :)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14741416 said:

    අපි දමනා පද නොපෙනෙන කූර(කෘර) තොට........
    අනිත් උන්ට පද හදනට හැකිය බොට...........
    බොරු බේගල් ඇද බාන්න ඒවි හෙට...........
    ඇයි ඔච්චර මඩ බාල්දි කැන්ඩියට...............

    නුවර ටවුමෙ ගංජා ගහනවලු කැන්ඩී..........
    තරහටනේ කියන්නෙ දාගෙන ජැන්ඩී...........
    නුවර උඹේ සබන් කඩේ වැසු කැන්
    ඩී..........
    කොහොම උනත් ඒව නිසා උඹ නොන්
    ඩී......

    :P:P:P:P

    මොකද බොලව් තොපිලට මේ වෙලා ......තියන්නේ
    මඩ ගහන්න විතරද ඔය කවි ...........ලියැවෙන්නේ
    බැනපල්ලකො "සබනා" වගේ එවුන් .......සිටින්නේ
    අහිංසක මම ඇයිද තොපිලටම .........පෙනෙන්නේ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොකද බොලව් තොපිලට මේ වෙලා ......තියන්නේ
    මඩ ගහන්න විතරද ඔය කවි ...........ලියැවෙන්නේ
    බැනපල්ලකො "සබනා" වගේ එවුන් .......සිටින්නේ
    අහිංසක මම ඇයිද තොපිලටම .........පෙනෙන්නේ

    මගෙ කවි පද තේරුනෙනැති තෝ හිවලා
    බලපන් තෝ ආයෙත් හතරට නැමිලා
    සබන් මෑන් විතරයි කෑවෙ ඔතලා
    ගැහුවේ නෑ වෙන කාටත් මඩ දමලා
    :angry::angry::angry::angry::angry: :no::no::no:
     
    Last edited:
    පූස්;14741511 said:

    මගෙ කවි පද තේරුනෙනැති තෝ හිවලා
    බලපන් තෝ ආයෙත් හතරට නැමිලා
    සබන් මෑන් විතරයි කෑවෙ ඔතලා
    ගැහුවේ නෑ වෙන කාටත් මඩ දමලා
    :angry::angry::angry::angry::angry: :no::no::no:

    පුස් ළිඳෙන් ටික ටික ගොඩ ඇවිල්ලලු
    එදා ඉදන් වෙනසක් දැන් පේනවලු
    හිත හදාගන්න ක්‍රමයක් හොයනවලු
    ඒ හින්දා දිගටම කවි ලියනවලු
    :rofl: :rofl: :rofl: :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුයනම් පැරණිය ඇරැඹුම දෙදහස් අටේ
    පුදුමයකි එය නැවතත් අලුත් වුනේ
    සතුටකි උපන්නේ දැක කවියන් හතර වටේ
    පිළිගන්නෙමි ඔබ සොයුරනි සාදරිනේ

    පිළිගැනුමට තුති මල් මිට පුදමින්නේ
    පැරණි හුයක් නවතාලෙන් නැග එන්නේ
    කවි ලියන්න බැරි මා වැනි බිළිඳුන්නේ
    අනිත් අයගෙ කවි කියවා සැනසෙන්නේ
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14741511 said:

    මගෙ කවි පද තේරුනෙනැති තෝ හිවලා
    බලපන් තෝ ආයෙත් හතරට නැමිලා
    සබන් මෑන් විතරයි කෑවෙ ඔතලා
    ගැහුවේ නෑ වෙන කාටත් මඩ දමලා
    :angry::angry::angry::angry::angry: :no::no::no:

    පොඩ්ඩ වැරදුනොත් පූසට තරහ යතේ
    මොකද ඔය තරම් අපහට ගෑස් පුතේ
    නිකන් කවියකට වෙනසක් වෙයිද මතේ
    විහිලුවටයි කිව්වේ මම පූස් පුතේ

    පුස් ළිඳෙන් ටික ටික ගොඩ ඇවිල්ලලු
    එදා ඉදන් වෙනසක් දැන් පේනවලු
    හිත හදාගන්න ක්‍රමයක් හොයනවලු
    ඒ හින්දා දිගටම කවි ලියනවලු
    :rofl: :rofl: :rofl: :rofl:

    ඕව කියල ඕකට මල ...........පන්නාලා
    අපිට බේරගන්න වෙනවා .......නලවාලා
    ලේසි වෙන්නේ නැහැ ඒ දේ ....සඟවාලා
    සනසාලමු සොඳුරු වදන් ........පවසාලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිළිගැනුමට තුති මල් මිට පුදමින්නේ
    පැරණි හුයක් නවතාලෙන් නැග එන්නේ
    කවි ලියන්න බැරි මා වැනි බිළිඳුන්නේ
    අනිත් අයගෙ කවි කියවා සැනසෙන්නේ
    ඇ‍යිදැ‍යි අ‍යි‍යෙ ඔ‍යවැනි බොරු.......පවසන්නේ
    ඉස්සර සිටන් ඔබ මෙහි සිටි.........කවි‍යෙක්නේ
    ඔබ ලිවු බොහෝ කවි මා දැක.......තිබෙනවනේ
    අපි කවි ලි‍යන්නට උගතෙත්.............ඒව‍යිනේ
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මොකද බොලව් තොපිලට මේ වෙලා ......තියන්නේ
    මඩ ගහන්න විතරද ඔය කවි ...........ලියැවෙන්නේ
    බැනපල්ලකො "සබනා" වගේ එවුන් .......සිටින්නේ
    අහිංසක මම ඇයිද තොපිලටම .........පෙනෙන්නේ

    සීතල සුලග එනවිට හන්තාන පි.........................ස
    ආදර හැගුම් එනවද හද වතින් කි........................ස
    නුවර වැවේ තාවුලේ රුකක් ප...........................ස
    අසායි හමුවන්න උතුරයි සෙනේ පැ......................ස
    :love::love::love::love::love::love::love::love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    සීතල සුලග එනවිට හන්තාන පි.........................ස
    ආදර හැගුම් එනවද හද වතින් කි........................ස
    නුවර වැවේ තාවුලේ රුකක් ප...........................ස
    අසායි හමුවන්න උතුරයි සෙනේ පැ......................ස
    :love::love::love::love::love::love::love::love:

    මෙන්න මෙන්න එළිවෙනවා අයියගේ ........ ආලේ
    එන්න එන්න බැබළෙනවා අක්කගේ ......... සේලේ
    පැන්න පැන්න බළලා සැගවී සිටි ............ මල්ලේ
    හොද හොද කෙලි එලි වෙයි මේ අල්ල .... පනල්ලේ

    :D:D:D:D:D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    සීතල සුලග එනවිට හන්තාන පි.........................ස
    ආදර හැගුම් එනවද හද වතින් කි........................ස
    නුවර වැවේ තාවුලේ රුකක් ප...........................ස
    අසායි හමුවන්න උතුරයි සෙනේ පැ......................ස
    :love::love::love::love::love::love::love::love:

    මෙන්න මචං බඩු මාට්ටු .......................කැන්ඩියාගේ
    ලලක්කයි කැන්ඩියය් අනියම් පෙම්වතුන් ..............වගේ
    අනේ යකෝ ආච්චියි මුනුපුරයි ........................වගේ
    නවල ගහගනියි උඹව ලලක්කා එයාගේ ..............ඇගේ
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අක්කයි මාව හොද මිනිහෙක් කලේ ......නිතර
    කොන්ඩේ පීරලා ලස්සන කරා මාව කර අඩදබර
    හැමකාලෙටම මගේ ලගයි මගේ පණ තියන තුර
    ආදරෙයි අක්කේ ආදරෙයි මං අක්කට ...අදරබර
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    මෙන්න මෙන්න එළිවෙනවා අයියගේ ........ ආලේ
    එන්න එන්න බැබළෙනවා අක්කගේ ......... සේලේ
    පැන්න පැන්න බළලා සැගවී සිටි ............ මල්ලේ
    හොද හොද කෙලි එලි වෙයි මේ අල්ල ....පනල්ලේ

    :D:D:D:D:D

    මෙන්න මචං බඩු මාට්ටු .......................කැන්ඩියාගේ
    ලලක්කයි කැන්ඩියය් අනියම් පෙම්වතුන් ..............වගේ
    අනේ යකෝ ආච්චියි මුනුපුරයි ........................වගේ
    නවල ගහගනියි උඹව ලලක්කා එයාගේ ..............ඇගේ

    ආදර ගගුල ගලලා හිත අවදි ක..............................ලේ
    ඇයි අක්කාට ඒ හිත තහනමක් ක...........................ලේ
    එලියක් දකින්නට ආසයි පුංචි පැ.............................ලේ
    ආදර හිතට ඔය ඔච්චම් එපා ම...............................ලේ

    2.gif
    2.gif
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇ‍යිදැ‍යි අ‍යි‍යෙ ඔ‍යවැනි බොරු.......පවසන්නේ
    ඉස්සර සිටන් ඔබ මෙහි සිටි.........කවි‍යෙක්නේ
    ඔබ ලිවු බොහෝ කවි මා දැක.......තිබෙනවනේ
    අපි කවි ලි‍යන්නට උගතෙත්.............ඒව‍යිනේ

    බොරුවක් නොවේ මයිලනුවෙනි පැවසූයේ
    කවියක් නොවේ අකුරුයි මා ඇමිණූයේ
    කියවන දනා දුක් විඳලයි කියවූයේ
    ඒකයි මලේ කවියට මං බයවූයේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි දන්නා නන්ගි දුන්නම මට ලින් කෙලිය
    ආව ගමන් දැක්කෙ මුන්ගේ වලිය
    ඇයි නෑනේ මස්සිනේ ගන්නේ තොපි ජොලිය
    වලියක් නැතිව එන්නේ නොමැතිද සොමිය
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බොරුවක් නොවේ මයිලනුවෙනි පැවසූයේ
    කවියක් නොවේ අකුරුයි මා ඇමිණූයේ
    කියවන දනා දුක් විඳලයි කියවූයේ
    ඒකයි මලේ කවියට මං බයවූයේ

    කිවියට අකුරු පහ පහ ඇමුව හං...........................ග
    යන්තං ගොඩ ගියා බිය යට කර භං........................ග
    හිත ඇත්නම් ජය කොඩි ඇත ලොවෙ නැං.................ග
    ලග ඇති තුරා බියනොවනුය මා.. ලිං.....................ග

    :rofl::rofl::rofl::rofl::rofl:
    9.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ආදර ගගුල ගලලා හිත අවදි ක..............................ලේ
    ඇයි අක්කාට ඒ හිත තහනමක් ක...........................ලේ
    එලියක් දකින්නට ආසයි පුංචි පැ.............................ලේ
    ආදර හිතට ඔය ඔච්චම් එපා ම...............................ලේ

    2.gif
    2.gif

    ඒ වුනාට බොල අක්කේ කැන්ඩියන් ....කොලුවා
    උඹේ වයසින් හරි අඩකට අඩු මිස වැඩි ....නැතුවා
    ඒ නිසා අත්හැරපන් ඕකව නොවී බී. ඒ ...කරුවා
    අල්ලගං අපේ නාකි කිඹුලා ඌ දත් .......මරුවා

    :rofl::rofl::rofl:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    විදුලි පංකාව වේගෙන් කැරකුනාට වැඩක් නෑනෙ
    ගහක් යට හෙවනෙ සීතල තරම් දැනුනේ නෑ..
    තරු පහේ හෝටලේකින් බඩගින්නට බත් කෑවට
    අම්මගේ හබුන් කටකින් ආ රසය දැනුනේ නෑ..
    පොහොසත් රටකට ආවට හිඩැසක් මගෙ හිත ඇතුලේ
    ගම රට මතකෙට නොආපු එක දවසක්වත් නෑ..
    ලස්සන කෙල්ලන් දුටුවම කොලුකමටයි මට බැලෙන්නෙ
    හිත පුරා ඉන්න නුඹ මට අමතක වෙන්නේ නෑ..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බත් කවලා මගේ බඩ පුරවා ඈ දංකුට ......කෑවා
    කැත කුණු මගේ අත ගා මා පිරිසිදු ......කෙරුවා
    විසිහතර පැයේ කුසිස්යේ ගින්දර හා පොර .බැදුවා
    දින්නත් පැරදුණත් මම අම්මේ ඔබ ........ඇඩුවා