නුඹේ මල් ගවුමේ...

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආල හැඟුමින් කෝල මාගේ හිතම හිරිවට්ටා
    නුඹේ මල් ගවුමේ මල් වල පුසුඹ මට දැනුනා
    හැමදාම නුඹ ළගම නවතින ඇස් දිහා බලලා
    නෙතින් තරවටු කල තරමටම ආදරේ හිතුනා...

    ඉරේ තාලෙට මගේ දෑසේ නෙක රටා මවනා
    නුඹේ හෙවනැල්ල හෙවනේ යන්න මට හිතුනා
    කීව නාහන හිත මගේ එහෙ මෙහේ දුව පනිනා
    නුඹ ළඟින් එක්තැන් කරන්නට ඉතින් මට හිතුනා ...

    දරා ගනු බැරි හිතේ රස්නේ නිවා ගනු බැරුවා
    නිවා සුළගේ නුඹේ කොපුලත හීන් රැළි හැදුවා
    සීරුවෙන් අත ගා නුඹේ හිස ආදරෙයි කියනා
    ඇසිල්ලක මං නුඹේ වෙනතුරු මඟබලා ඉන්නා
    .... :love::love:

    මා නුඹේ වත් නුඹ මගේ වත්
    නොවෙන දිවි කතරේ
    සිතේ සිත්තම් උන නුඹේ රුව
    මතක සුව දුන්නේ

    සදා නොමියෙන සෙනෙහෙ සිතකින්
    අනිමිසේ යෙදුනේ.....
    නුඹේ නිල් නෙතු අහිමි වුණි දෝ...
    කෙලෙස අදහන්නේ

    කීව නාහන සිත වළප දෙයි
    සුසුම් තනි රැක්කේ
    හිඳිනු නොහැකිය සඟව සනහස
    යළි වඩිනු මැන්නේ
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මිහිරිය වදන් ගලපා ඇති කව ..................මනරම්
    නැගෙනා සිතුම් බලපන් මිහිරිද ...............කොතරම්
    තනිකඩ සිතේ
    නැග ඇත පැණි කොන්ඩ .........කැවුම්
    අවුරුදු කලේ ගැහුවද ගම පුරා ....................රවුම්

    ලස්සනයි.:cool::cool::cool: ඒ වගේම ගොඩක් ස්තුතියි.:D

    සොඳුරුම බක්මහේ අසිරිය....... විඳ ගන්ට
    පිං මදි වගෙයි මට ගමරට........ දුව එන්ට
    තනිකඩ නැතේ....සැමියෙකු ඇත සැනසෙන්ට....:love::love::love:
    සිතිවිලි ඇතේ කවි මල් වැල්.......අමුණන්ට
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයාල හැමෝගෙම අගය කිරීම් සහ අදහස් වලට (සහ රෙප් වලට) ගොඩක් ස්තුතියි.:D:D:D:love: මගේ නිර්මාණය ගැන යමක් හිතන්න ඔයාලගේ වටිනා කාලයෙන් මොහොතක් වැය කිරීම ගැන ගොඩක් සතුටුයි.:yes::yes::yes::cool:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    mmm... meke nam padha kavi akarayen gelapenawa adui kiyalai mata therena vidiha... oka nisades wage liya una nam arthayata oita wada sadaranayak karanna thibba kiyala hitanawa...

    kollo thawamath mal wetuna ceeththa gaum adina ahinsaka kellanta adarei, denimata wada...

    ඔයාගේ අදහසට ගොඩක් ස්තුතියි. ඔයාට දැනෙන දේ ගැන දක්වපු අදහස අගය කරනවා.ඔයාගේ අදහසට මම එකගයි කවියක හැඩ තල සම්බන්ධයෙන්:yes::yes::cool:. නමුත් මම කවියක් ලියන්න නෙවේ උත්සාහ කළේ. මම පද වැලක් නිර්මාණය කලේ. මම ලියපු පද වැල නිදහස්. විශේෂ තාලයක් දීල නැහැ කවියකට වගේ. ඒක රස විඳින කෙනාගේ හිතට එන තාලයකට ඒ කෙනා විඳිනවා වෙන්න පුළුවන්.:D

    රස විඳීම එකිනෙකාට සාපේක්ෂයිනෙ.මම ලියද්දී ගොඩක් විඳින්නේ මම ලියන වචන වලින් කියන දේ අනිත් කෙනාගේ හිතට කොයි තරමට කා වදිනවද කියන එකයි. එතැනදී මම ප්‍රධාන තැන දෙන්නේ වචන වල තියෙන සංවේදී කමට සහ පද ගැලපීමට. එතනට ඒ වචන ටික තරම් ගැලපෙන වෙන දෙයක් නැහැයි කියල මට දැනෙනවා නම් තාලය පවත්වා ගන්න ඒ වචනය වෙනස් කරන එක සුදුසු නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. නමුත් යම් කිසි රිද්මයක් මගේ පද පේළි අතර මම පවත්වා ගන්න උත්සාහ කරනවා.පද වැලකට සාධාරණයක් කරන එක තනුවක් නිර්මාණය කරන කෙනාගේ වගකීම. මේ අදහස කොයි තරම් දුරට සාධාරණද කියන්න නම් මම දන්නේ නැහැ. මේක මගේ අදහස.:D:D:D
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අම්මෝ..........කවි ත්‍රෙඩ් එකක්. :shocked::shocked:

    මම පද වැල post කලා විතරයි.:D:cool: ඕක නූලක් කරන්නේ කියවන ඔයාල තමයිනේ. පටලව ගන්නේ නැතුව නුලක් දිග ඇරගන්න තරම් කියවන ඔයාල බුද්ධිමත් උනා නම් අද "මීනු"ලා වගේ මන්දබුද්ධික චරිත වලට computer key board පිටිපස්සේ ඉඳන් වීරයෝ වෙන්න බෑ (ඒ කතාව ඇත්ත නම්).:yes::yes::yes:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔයාගේ අදහසට ගොඩක් ස්තුතියි. ඔයාට දැනෙන දේ ගැන දක්වපු අදහස අගය කරනවා.ඔයාගේ අදහසට මම එකගයි කවියක හැඩ තල සම්බන්ධයෙන්:yes::yes::cool:. නමුත් මම කවියක් ලියන්න නෙවේ උත්සාහ කළේ. මම පද වැලක් නිර්මාණය කලේ. මම ලියපු පද වැල නිදහස්. විශේෂ තාලයක් දීල නැහැ කවියකට වගේ. ඒක රස විඳින කෙනාගේ හිතට එන තාලයකට ඒ කෙනා විඳිනවා වෙන්න පුළුවන්.:D

    රස විඳීම එකිනෙකාට සාපේක්ෂයිනෙ.මම ලියද්දී ගොඩක් විඳින්නේ මම ලියන වචන වලින් කියන දේ අනිත් කෙනාගේ හිතට කොයි තරමට කා වදිනවද කියන එකයි. එතැනදී මම ප්‍රධාන තැන දෙන්නේ වචන වල තියෙන සංවේදී කමට සහ පද ගැලපීමට. එතනට ඒ වචන ටික තරම් ගැලපෙන වෙන දෙයක් නැහැයි කියල මට දැනෙනවා නම් තාලය පවත්වා ගන්න ඒ වචනය වෙනස් කරන එක සුදුසු නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. නමුත් යම් කිසි රිද්මයක් මගේ පද පේළි අතර මම පවත්වා ගන්න උත්සාහ කරනවා.පද වැලකට සාධාරණයක් කරන එක තනුවක් නිර්මාණය කරන කෙනාගේ වගකීම. මේ අදහස කොයි තරම් දුරට සාධාරණද කියන්න නම් මම දන්නේ නැහැ. මේක මගේ අදහස.:D:D:D

    hmm, mamath mahaloku kaviyek nemei, mama liyapu ewa dekala nethuwa athi. ehenam mata denne oita wada darunu comment ekak...

    ow me padha tika warthamanaye kiyawena geetha thala walata kiyanna puluwan... namuth mata hitune oya meka balen kavi karanna gihinda kiyala, mama danne ne mama kochchara niweradida kiyala :)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    hmm, mamath mahaloku kaviyek nemei, mama liyapu ewa dekala nethuwa athi. ehenam mata denne oita wada darunu comment ekak...

    ow me padha tika warthamanaye kiyawena geetha thala walata kiyanna puluwan... namuth mata hitune oya meka balen kavi karanna gihinda kiyala, mama danne ne mama kochchara niweradida kiyala :)

    ම ලියපු comment එක දරුණු වැඩිද.:confused: එහෙම හිතල ලීවා නෙවේ. මම ලියපු විදිය ගැන පැහැදිලි කරන්නයි උත්සාහ කලේ.:cool: කවියක් කියල හිතාගෙන නෙවේ ලිවේ. එත් පද පේළි 4 නිසාත්, ඒවා ලියල තියෙන්න යම් තාලයක් තියෙන හන්දත් කවියක් වගේ දැනෙනවා ඇති. ඒ හන්ද ඔයාට දැනුන දේ හරි. මොකද මගේ මහත්තයත් මේක කියවල කිව්වේ සමහර තැන වලට තව තාලය ඕනේ කියලයි.:yes: හැබැයි මම ලියන ඒවා කවි නෙවේ. මම කවි කියල විශ්වාස කරන්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලියපු සැළලිහිණියේ කවි වගේ ඒවා. මම AL art කරපු කෙනෙක් නම් නෙවේ. හැබැයි පුංචිම කාලේ ඉඳන් නිසදැස් ලිව්වා.

    මම ඔයාගේ කවි දැකල නම් නෑ සහෝදරයා.ලින්ක් එකක් එවන්න කියවල බලල comment එකක් දෙන්නම්. එත් මගේ ඇහැ යන්නේ වචන වලට. ඒවායින් කොයි තරම් සුන්දර විදියට ඔයාගේ අදහස කියල තියනවද කියන එකටයි. මම එළකිරියට අලුත් නේ. එත් ඔයා හුගාක් නිර්මාණශීලි කෙනෙක් කියල නම් පේනවා.:yes: කොහොම උනත් මින් පස්සේ තව දුරටත් තාලය ගැන සැලකිලිමත් වෙලා ලියන්නම්. මෙහෙම අදහස් දැක්වීම ගැන ස්තුතියි.
    :cool:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔබන්නට සිතේ ඔබේ කටතුල රං .....මසුරන්
    හොද හැටි විචාරා ඇත පඩියෙකු ........මෙන්
    ගතයුතු තමා මොහු කියනා මේ........ ඔවදන්
    එමවිට හැකිය වීමට කවි ලොව .......හපනන්

    meka mata ella kala praharayakda :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    meka mata ella kala praharayakda :D

    කවියෙකි මෙමා නැහැ ක්‍රෝදෙන් ................සිටින්නේ
    නැහැ කිසි විටෙක මම කෙනෙකුට .............ගරහන්නේ
    ඔබ කියූ වදන් මම මුදුනින් .....................පිළිගන්නේ
    ඔබ වැනි විචාරකයන් ලොව හිග ...................වන්නේ
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවියෙකි මෙමා නැහැ ක්‍රෝදෙන් ................සිටින්නේ
    නැහැ කිසි විටෙක මම කෙනෙකුට .............ගරහන්නේ
    ඔබ කියූ වදන් මම මුදුනින් .....................පිළිගන්නේ
    ඔබ වැනි විචාරකයන් ලොව හිග ...................වන්නේ

    :D:D:D:cool::cool::cool: