LG ඉලෙක්ට්‍රොනික්ස් ස්මාට් ජංගම දුරකථන අලෙවියෙන් ලොව අංක 3ට පත් වෙයි
LG ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ලොව පුරා ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ 3 වැනියට වැඩිම අලෙවියක් වාර්තා කිරීමට සමත් වූ ස්මාට් ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත් විය. සුඛෝපභෝගී ස්මාට් ජංගම දුරකථන සඳහා ඇති ඇමරිකානු ඩොලර් බිලියන 223 ක මුළු වෙළෙඳ පොළ වටිනාකමෙන් ප්‍රථම ස්ථානය ඇපල් සමාගම හිමිකර ගෙන ඇති අතර දෙවන ස්ථානය හිමිකර ගෙන සිටින්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි.
මේ අනුව පිළිගත් සමීක්ෂණ වාර්තා සියල්ලටම අනුව පළමු වරට LG සමාගමට 3 වැනි ස්ථානය අත්කර දෙමින් ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ LG සමාගම සතු කොටස වසරේ 4 වැනි කාර්තුව වන විට 3.2% කින් ඉහළ නැංවිණ. මෙම ලැයිස්තුවේ සිව් වන ස්ථානය HTC විසින් හිමිකර ගන්නා ලදී.
මෙම දත්ත වාර්තාවලට අනුව ඇපල් සහ සැම්සුන්ග් විසින් වෙළෙඳපොළෙහි 71.4% ක ප්‍රමාණයක් අත්කර ගෙන සිටින අතර ඉතිරි ප්‍රමාණය LG,HTC,සෝනි,nokia සහ බිලැක්බෙරි විසින් හිමිකර ගෙන ඇත.
මේ අනුව 2012 ජූලි මාසය වන විට වාර්තා වී තිබූ LG ඉලෙක්ට්‍රොනික්ස් හි අවම කොටස් වටිනාකම LG ස්මාට් ජංගම දුරකථන අලෙවිය වර්ධනය වීමත් සමග 54% කින් ඉහළ යැමක් දැකිය හැකි වූ අතර එය අඛණ්ඩව වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් කරමින් සිටියි.
http://www.dailynews.lk/2013/04/23/bus17.asp
Last edited:



number 1 kawda ?