තුංගසිරි

Sep 18, 2012
662
83
0

බුද්ධ ප්‍රතිමාවට වැන්ද නිසා සෞදියෙන් දඬුවම් නෑ

සෞදි අරාබියේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයෙකු බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරීම නිසා අත්අඩංගුවට ගෙන සිරගත කරනලදැයි පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ප්‍රේමලාල් පෙරේරලාගේ තුංගසිරි නමැත්තෙකු සිය නවාතැන්පොළේ බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරිම හේතුවෙන් උම්මුල් හමාම්හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇතැයි කොළඹ කේන්ද්‍ර කරගත්"බොදුබල සේනා"නම් සංවිධානයක් විසින් ප්‍රචාරයක් රැගෙන යන ලදී.

මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් උක්ත සංවිධානය විසින් CN/158/1205 දරණ අංකය යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

කෙසේ වෙතත් සෞදියේ ශ්‍රී ලංකා තානාපතිසේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තුංගසිරි නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් චෝදනාවන්ට බව හා මෙම පුවත මුළුමනින්ම ගොතන ලද්දක් බවයි.

සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට ඇති ඔහු වෙනත් නිවසක ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරන ඔහුගේ ඥාතීයෙකු සම්බන්ධයෙන් වූ ගැටුමක් සමථයකට පත්කිරීම සඳහා එකී නිවසට‍ ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ති‍බේ.

එම සිදුවීමට තම නිවසේ හාම්පුතා කිසිදු ආකාරයකින් සම්බන්ධවී නොමැති බවට තුංගසිරි නමැති ශ්‍රී ලාංකිකයා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රකාශ කර ඇති බවත්,කෙසේ වුවත් මේවන විට සෞදියෙන් යළි මව්රටට එවීම සඳහා ගුවන්ගමන් බලපත්‍රය හා අදාළ ලියවිලි බන්ධනාගාර බලධාරීන්ට භාරදී ඇතැයිද Arab News පුවත් සේවය සඳහන් කරයි.

රියාද් හා ජෙදාහ් නගරවල පමණක් 20,000ට අධික සිංහල බෞද්ධයින් වෙසක්,පොසොන් ආදී ආගමික උත්සව සමරන බවත්,සමස්ත සෞදි අරාබිය පුරා ලක්ෂ 5 ට අධික ශ්‍රී ලාංකික පිරිසක් වෙසෙන බවත් පෙන්වාදෙන එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,වෙනත් අභිප්‍රායන් සඳහා සැදී පැහැදී සිටින කල්ලි කණ්ඩායම් විසින් කරමින් සිටින එරට නම කැත කිරීමේ කටයුත්තට ඉඩනොදෙන ලෙස ශ්‍රී ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

http://sinhala.adaderana.lk/news.php?nid=25608
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට ඇති ඔහු වෙනත් නිවසක ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරන ඔහුගේ ඥාතීයෙකු සම්බන්ධයෙන් වූ ගැටුමක් සමථයකට පත්කිරීම සඳහා එකී නිවසට‍ ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ති‍බේ.
     
    • Like
    Reactions: ::neXGen::

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට ඇති ඔහු වෙනත් නිවසක ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරන ඔහුගේ ඥාතීයෙකු සම්බන්ධයෙන් වූ ගැටුමක් සමථයකට පත්කිරීම සඳහා එකී නිවසට‍ ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ති‍බේ.

    ubata uge bella kapuwe nati nisa dukin neda inne
    aa naaa kiyahan balanna,,
    thopi wage sakkili hatta nodakin,,
    hadigawilama pala
     
    • Like
    Reactions: 5tech

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කතාව අත්තක් කියල තමයි සෞදියේ ඉන්න කෙනෙක් නම් කියුවේ. එත් හරියටම දන්නේ නැහැ, එත් රියාද් වල ජෙදාහ් වල පන්සල් නම් නැහැ. කොහොමත් පිළිම වදීම thaහනම් වෙන ආගම් ඇදහීමත් තහනම් 2003 අවුරුද්දේ කිතු දහම වලද ගැනීම නිසා සෞදියේ 2ක්ත මරණ දඩුවම හිමි උන.

    කොහොමත් අපිට මේකෙන් ගන්න තියන පාඩම මේකයි. පුළුවන් හරං අපි පිට රටවල ගු සුද්ද කරන එවයි, වලන් හදන එවයි නවත්තන්න ඕනි. මේ යන විදියට එක නම් කරන්න හම්බෙන්නේ නැහැ. මේ කාලකන්නි දේශපාලුවෝ නිසා

    ඒ නිසා අපි දැනගන්න ඕනි වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න. ඒ ඒ රටවල තියන සම්ප්‍රදාය නිතිය ගැන අවබෝදයක් ඇතිව යන්න
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917

    එහෙ පන්සල් නැත්තේ බෞද්ධ පුරවැසියන් කිසිවෙකුත් නැති නිසයි .