ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබ දෑසම මා සෙවුව තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්
ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්
ඒ පැතු පැතුමන් පිරු පෙරුමන්
කදුලැල්ලක් වී ගැලූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්
බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්
ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබ දෑසම මා සෙවුව තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්
ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්
ඒ පැතු පැතුමන් පිරු පෙරුමන්
කදුලැල්ලක් වී ගැලූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්
බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්
ඔබ නොදනී මුළු ලොවම දනී





