මේ දවස් වල කාගෙත් කටේම තියෙන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය
ඔන්න මේ තියෙන්නෙ 13 වෙනි ව්‍යවස්ථා සංශෝදනය විස්තරාත්මකව
13 වන සංශෝධනය බඳු දේශපාලන විසඳුමක් ගෙන ආයුතු බව සඳහන් ඉන්දු - ලංකා ගිවිසුම එවකට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඡේ. ආර්. ජයවර්ධන මහතා සහ එවකට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිව් ගාන්ධි මහතා විසින් අත්සන් තබා ඇත්තේ 1987 ජූලි මස 29 වන දිනයේදීය. එසේ වුවත් ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 13 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 1987 නොවැම්බර් 12 වන දිනයේදීය. මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 138 ක් ලැබී ඇති අතර විපක්ෂ ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කර්මාන්ත ඇමැතිවරයා ලෙස කටයුතු කළ සිරිල් මැතිව් මහතා මෙන්ම, එම ආණ්ඩුවේම කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණි ජයසූරිය මහතා ද මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයෙන්ද සමුගෙන ඇත.
මෙරට පළාත් 9 කට බෙදා ඇති වුවත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නීති සම්පාදනය කර ඇත්තේ පළාත් සභා 8 ක් පිහිටුවීම සඳහා පමණි. එබඳු තත්ත්වයක් ඇති වූයේ උතුර සහ නැගෙනහිර යන දෙපළාත සඳහා කොන්දේසි සහිතව එක් පළාත් සභාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බැවිණි.
එම පළාත් සභා දෙක කොන්දේසි සහිතව එක්කළ බව සඳහන් කළ යුතුව ඇත්තේ, ඉන්දු - ලංකා ගිවිසුමේ 3(ආ) වගන්තිය යටතේ, නැගෙනහිර පළාත එක් ආණ්ඩුකාරවරයකු එක් ප්‍රධාන ඇමැතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් සහිත වෙනම පළාත් සභාවක් ඇති වෙනත් පරිපාලන ඒකකයක් විය යුතුද, යන්න නැගෙනහිර පළාතේ ජනතාව විසින් තීරණය කරනු ලැබීමට හැකිවන සේ 1988.12.31 දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත. එවැනි ජනමත විචාරණයක් ස්වකීය අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබිය හැකිය", යනුවෙන් සඳහන් කර ඇත.
එම කොන්දේසිය අනුව 1988.12.31 දින හෝ ඊට පසු කිසි දිනෙක නැගෙනහිර පළාත උතුරට එක් කරනවාද නැද්ද යන්න නැගෙනහිර ජනතාවගෙන් විමසීමට ජනමත විචාරණයක් නොපැවැත්වූ අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උතුර සහ නැගෙනහිර වෙන්කර ඇත. එම පළාත් සභාවන්ට අමතරව බස්නාහිර, දකුණ, උතුරු මැද, ඌව, වයඹ සහ සබරගමුව යන පළාත් සඳහාද 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ස්ථාපිත කර ඇත.
සෑම පළාත් සභාවක් සඳහාම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයකු පත් කරනු ලබන අතර ඔහුගේ ධුර කාලය වසර 5 කි. පළාත් සභාව කැඳවීම, පළාත් සභාවේ වාර අවසාන කිරීම සහ පළාත් සභා විසුරුවා හැරීම කරනු ලබන්නේ ආණ්ඩුකාරයා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154-ඊ-4 අනු ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා පත්කරනු ලබන්නේ ද ආණ්ඩුකාරයා විසිනි. මීට අමතරව 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභාව සඳහා 4 දෙනකුට නොවැඩි ඇමැතිවරුන් සංචිතයක් ද පත්කළ හැක.
13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවක් සඳහා බලය විමධ්‍යගත කිරීමෙදී ලැයිස්තු 3 ක් යටතේ එම කටයුත්ත සිදුකර ඇත. ඒ අනුව,
1) පළාත් සභාවේ බලතල
2) සංවෘත්ත ලැයිස්තුව - මෙම ලැයිස්තුව යටතේ සඳහන් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් ප්රඥප්ති සැකසීමට පළාත් සභාවට බලයක් නොමැත.
3) සමගාමි ලැයිස්තුව - මෙම ලැයිස්තුව යටතේ සඳහන් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙදී පළාත් සභාවත් මධ්‍යම ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
එම ලැයිස්තු 3 යටතේ සඳහන් කරන ලද විෂයයන් සහ බලය පහත සඳහන් පිරිදි වේ.
1) පළාත් සභාවේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 9 වන උපලේඛනයේ සඳහන් ආකාරයට පළාත් සභාවට හිමි බලතල පහත පරිදි වේ.
ස) පොලිසි සහ මහජන සාමය
ජාතික ආරක්ෂාව සහ ජාතික සුරක්ෂිතභාවය ද යම් සන්නද්ධ හමුදා හෝ සිවිල් බලයට සහය පිණිස ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ පාලනය යටතේ වූ වෙනත් යම් හමුදා යොදා ගැනීම ද බැහැර කොට, සහ කොළඹ නගරය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සහ ගැසට් පත්‍රයේ පළ කරන නියමයන් මගින් ජනාධිපතිවරයා විසින් සීමාවන් නිශ්චය කොට නියම කරනු ලබන ඒ නගරවල තදාසන්න ප්‍රදේශයන් අත්හැර, පළමු වන පරිශිෂ්ඨයේ දක්වා ඇති ප්‍රමාණයට පළාත ඇතුළත මහජන සාමය පැවැත්වීම සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම.
පළමු වන පරිශිෂ්ඨයේ සඳහන් ආකාරයට එක් ඒක පළාත් සභාවක් සඳහා පොලිස්පතිවරයා විසින් ප්‍රධාන ඇමැතිවරයාගේ එකඟත්වය ඇතිව නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කළ යුතුය. පළාත් සභාව තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට වගකිව යුතුය. පළාතේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට එම පළාතේ පොලිසිය ප්‍රමාණවත් නොවන බව ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කළ හොත් පොලිස්පතිවරයා විසින් ජාතික අංශයේ පිරිස් පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත්කර නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය.
2. සැලසුම් - පළාත්වලට අදාළ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීම.
3. අධ්‍යාපන සහ අධ්‍යාපන සේවා, (13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට විමධ්‍යගත කරන ලද අධ්‍යාපන සහ අධ්‍යාපන සේවාවන් පිළිබඳව එම සංශෝධනයේ ෂෂෂ වන පරිශිෂ්ටයේ දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති අතර එහි සාරාංශත් පහත පරිදි වේ).
ජාතික පාසල්, හමුදාවල සාමාජිකයන් සඳහා වූ විශේෂ පාසල් සහ නිශ්චිත සංවර්ධන යෝජනා ක්‍රම සඳහා වූ පාසල් 13 වන සංශෝධනය යටතේ පළාත් සභා යටතට පත්කර ඇත. නමුත් ප්‍රමිති පවත්නා බවට වගබලා ගැනීම පිණිස පාසල්වල කළමණාකරණය, පරීක්ෂා කිරීමේ හා අධීක්ෂණය කිරීමේ අයිතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රඳවා තබා ගෙන ඇත.
පළාත් සභා යටතට වැටෙන පාසල් වලට පහසුකම් සැලසීම, අධීක්ෂණය, කළමනාකරණය, විනය පාලනය, පිරිස් මාරු කිරීම්, ගුරුවරුන් සේවයට බඳවා ගැනීම, විභාග පැවැත්වීම, ගොඩනැඟිලි ඉදිකිරීම, ක්‍රීඩා පිට්ටනි ඉදිකිරීම සහ පවත්වාගෙන යැම, පාසල් සඳහා උපදෙස් සැපයීම. අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත් ප්‍රකාශයට පත්කිරීම සහ බෙදා හැරීම, පළාත් සභාවේ අධ්‍යාපන සහ අධ්‍යාපන සේවා යටතට පත්කර ඇත.
4. පළාත් පාලනය
පළාත් පාලන ආයතනවල සංයුතිය, ස්වරූපය සහ ව්යqහය නීතියෙන් නියම කළ යුතුය යන ව්‍යතිරේකයට යටත්ව, පළාත් පාලන සහ ග්‍රාම පරිපාලනය කාර්යය සඳහා මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය ද ඇතුළු වන පරිදි ඒ පළාත් පාලන ආයතනවල පරිපාලනය අධීක්ෂණය කිරීම.
5) පළාත්වල නිවාස සහ ඉදිකිරීම්
5.1) ආධාර දෙනු ලබන අත්කම් නිවාස ව්‍යාපෘති, නිවාස ණය සහ ගොඩනැඟිලි උපකරණ සැපයීම ඇතුළුව (ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති නොවන" පළාත් බද නිවාස සංවර්ධන වැඩ සටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධිකරණය අධීක්ෂණය සහ පසුවිපරම් කිරීම.
5.2) කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ පනත සහ ගෙවල් කුලී පනත පළාතක් ඇතුළත ක්‍රියාත්මක කිරීම.
5.3) මේ ලැයිස්තුවේ දක්වා ඇති විෂයයන් හා සම්බන්ධ ඉදිකිරීම් කටයුතු.
(6) (අ) ජාතික මහා මාර්ග
(ආ) ජාතික මහා මාර්ග වල ඇති පාලම් සහ තොටුපළවල් හැර, පළාත ඇතුළත ඇති පාරවල්, පාලම් සහ තෙටුපළවල්.
(7) සමාජසේවා සහ පුනරුත්ථාපනය -
(8) පළාත ඇතුළත මෝටර් වාහන මගින් පාරවල් ඔස්සේ මගීන් ගෙනයැමේ සේවා සහ භාණ්ඩ ගෙනයැමේ විධිමත් කිරීම සහ පළාත් අතර මාර්ග ඔස්සේ ප්‍රවාහන සේවා සැලසීම.
(9) කෘෂිකර්මය සහ ගොවිජන සේවා, පළාත් බද කාර්ය සඳහා කෘෂිකාර්මික ව්‍යාප්තිය, සංවර්ධනය හා අධ්‍යාපනය ද කෘෂිකාර්මික සේවා ද ඇතුළුව, කෘෂිකර්මය.
9.2) සුළු වාරිමාර්ග වැඩ කටයුතු පුනරුත්ථාපනය සහ නඩත්තු කිරීම.
9.3) ජාතික කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය ලෙස නාමෝද්දීෂ්ඨ ආයතන හැර කෘෂිකාර්මික පර්යේෂණ.
10) ග්‍රාම සංවර්ධනය.
11) සෞඛ්‍ය
ශික්ෂණ රෝහල් සහ විශේෂ කර්යයන් සඳහා පිහිටුවනු ලබන රෝහල් හැර මහජන රෝහල්, ග්‍රාමීය රෝහල්, මාතෘ නිවාස සහ බෙහෙත් ශාලා පිහිටුවා පවත්වාගෙන යැම, මහජන සෞඛ්‍ය සේවා, සෞඛය අධ්‍යාපනය, පෝෂණය, පවුල් සෞඛ්‍ය, මාතෘ දාරක රක්ෂණය, පළාත් සභා සෞඛ්‍ය ක්ෂේත්රයට අයත් වේ.
12) දේශීය වෛද්‍ය යටයුතු - ආයුර්වේද, සිද්ධ සහ යුනානි.
13) පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන තානායම්.
14) උකස් බඩු ගන්නන්, බැංකු විසින් කරගෙන යනු ලබන බඩු උකස් ගැනීමේ ව්‍යාපාර හැර.
15) වෙළෙඳ පොළවල්, පොළවල්.
16) පළාත් ඇතුළත ආහාර සැපයීම සහ බෙදා හැරීම.
17) සමුපකාර.
18) ඉඩම්
13 වන සංශෝධනය යටතේ ඇති ෂෂ වන පරිශිෂ්ඨයෙහි ඇති ප්‍රමාණයට ඉඩම් කෙරෙහි හෝ ඉඩම් විෂයයෙහි ඇති අයිතිවාසිකම්, ඉඩම් බුක්තිය, ඉඩම් විකිණීම හා අන්සතු කිරීම, ඉඩම් පරිහරණය, ඉඩම් වල පදිංචි කරවීම සහ ඉඩම් වැඩි දියුණු කිරීම පිළිබඳව සඳහන් කර ඇත.
රජයේ ඉඩම් ජනරජය සතුව දිගටම පැවැතිය යුතු අතර 33 (ඈ) ව්‍යවස්ථාව අනුව හා එම කාරණය පාලනය කෙරෙහි ලි�ත නීතියට අනුව එම ඉඩම් බැහැර කළ හැකිය.
ඉහත කී ආකාරයට යටත්ව ඉඩම් පිළිබඳ විෂයය, පහත දැක්වෙන විශේෂ විධිවිධාන වලට යටත්ව පළාත් සභා විෂයයන් විය යුතුය.
ෂ) රජයේ ඉඩම්, සංවෘත හෝ සමගාමී විෂයයන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කාර්ය සඳහා අවශ්‍ය රජයේ ඉඩම් ආණ්ඩුව විසින් එම කාරණය පාලනය කෙරෙන නීති වලට අනුකූලව ප්‍රයෝජනයට ගනු ලැබිය හැකිය. එම ඉඩම් එම විෂයට සම්බන්ධයෙන් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව ආණ්ඩුව විසින් අදාළ පළාත් සභාවෙන් විමසිය යුතුය.
ෂෂ) සෑම පළාත් සභාවකටම පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් අවශ්‍ය වී ඇති, එම පළාත ඇතුළත ඇති රජයේ ඉඩම් ආණ්ඩුව විසින් ලබාදිය යුතුය. පළාත් සභාව විසින් එම රජයේ ඉඩම්, එම කාරණය පාලනය කෙරෙන නීති හා ප්රඥප්ති වලට අනූකූලව පරිපාලනය කිරීම, පාලනය කිරීම සහ ප්‍රයෝජනයට ගැනීම කළ යුතුය.
ෂෂෂ) පළාත් ඇතුළත ඇති රජයේ ඉඩම් යම් පුරවැසියකුට හෝ සංවිධානයකට පවරා දීම හෝ නිදහස් කිරීම, අදාළ පළාත් සභාවේ උපදේශය මත එම කාරණය පාලනය කෙරෙන නීති වලට අනුකූලව, ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතුය.
19) වාරිමාර්ග -
පළාත් එකකට වැඩි ගණනක් හරහා ගලා යන ගංගා හා සම්බන්ධ වාරිමාර්ග යෝජනා ක්‍රම හෝ අන්තර් පළාත් වාරිමාර්ග සහ ඉඩම් සංවර්ධන ගොවිතැන් ක්‍රම හැර සියලු වාරිමාර්ග වැඩ හා සම්බන්ධ ක්‍රම සම්පාදනය, ඒවා සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ නඩත්තු කිරීම.
20) සත්ව පාලනය -
පළාත ඇතුළත පශු සම්පත් සංරක්ෂණය කිරීම. රැක ගැනීම සහ වැඩි දියුණු කිරීම හා සත්ව රෝග වැළැක්වීම.
21) පළාත ඇතුළත විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ පළාත සඳහා කාර්මික සංවර්ධන සැලසුම් සකස් කිරීම, ඒ පිළිබඳ සම්බන්ධීකරණය සහ ඒවා ක්‍රියාත්මක කිරීම ද මෙයට ඇතුළත් වේ.
22) චරිතශෝධනාගාර, බෝස්වල් ආයතන සහ ඒ සමාන ස්වභාවයේ වෙනත් ආයතන හා ඒවායේ රඳවාගෙන සිටින තැනැත්තන්, එවැනි ආයතන ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් වෙනත් පළාත් සමඟ වැඩපිළිවෙළ.
23) මත් බීම සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, මිල දී ගැනීම හා විකිණීම.
24) පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියන් මගින් හෝ නීතියන් යටතේ හෝ ජාතික අනුස්මරණ සුසාන භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලද ඒවා හැර, භූමදාන සහ භූමදාන බිම්, ආදාහන සහ ආදාහන බිම්.
25.1) පළාත් සභාවක් විසින් පාලනය කරන සහ මුදල් සපයන පුස්තකාල, කෞතුකාගාර සහ වෙනත් ඒ හා සමාන ආයතන.
25.2) ජාතික වැදගත් කමකින් යුතු යෑයි පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියක් මගින් හෝ නීතියක් යටතේ හෝ ප්‍රකාශයට පත් කරන ලද ඒවා හැර පෞරාණික සහ ඓතිහාසික ස්ථානික සහ වාර්තා.
26) පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් හෝ ඒ යටතේ හෝ අවසර දී ඇති ප්‍රමාණයට පළාත ඇතුළත පතල් හා ඛනිජ සංවර්ධන විධිමත් කිරීම.
27) වෙළෙඳ සංස්ථා, බැංකු, රක්ෂණ සහ මූල්‍ය සංස්ථා හැර පළාතට සීමා වූ අරමුණු ඇති සංස්ථා සංස්ථාගත කිරීම, විධිමත් කිරීම සහ අධිකරණය විසින් ගණන් බේරා වසා දැමීම.
28) සංස්ථාගත කරනු නොලැබූ වෙළෙඳ, සහිත්‍ය, විද්‍ය, ආගමික සහ වෙනත් සමිති සංගම් විධිමත් කිරීම.
29.1) ප්‍රදර්ශනය හා ප්‍රසිද්ධ රඟ දැක්වීම සඳහා සිනමා චිත්‍රපට අනුමත කිරීම හැර, රැඟුම් හල් සහ රඟ දැක්වීම, සංගීතය, සිනමාහල්, ප්‍රසංග සහ විනෝද කටයුතු.
29.2) ක්‍රීඩා දිරිගැන්වීම සහ වැඩිදියුණු කිරීම (ජාතික ක්‍රීඩා සංගම් හැර).
30) බලපත්‍ර ගාස්තු සහ බදු නියම කිරීම හැර ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා.
31) පළාත් ණය.
32) මේ ලැයිස්තුවෙහි සඳහන් කාරණා අතුරින් කවර හෝ කාරණයන් සම්බන්ධයෙන් ප්රඥප්තිවලට විරුද්ධව සිදු කරනු ලබන වැරදි.
33) යම් අධිකරණයක දී ගනු ලබන ගාස්තු හැර, මේ ලැයිස්තුවෙහි සඳහන් කවර හෝ කාරණයක් හා සම්බන්ධ ගාස්තු.
34) (ජාතික විදුලිබල පද්ධතිය පෝෂණය කිරීම සඳහා උත්පාදනය කරනු ලබන ජල විදුලි බලය හා බලය හැර) විදුලිබල ශක්තිය උත්පාදනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා පළාත ඇතුළත වැඩ බිම් සහ පහසුකම් සංවර්ධනය කිරීම, සංරක්ෂණය කිරීම සහ පාලනය කිරීම.
35) පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් හෝ නීතියක් යටතේ හෝ අවසර දී ඇති ප්‍රමාණයට, මුදල් ණයට ගැනීම.
36) පළාත් සභාවට, පිරිවැටුප් බදු, ඔට්ටු බදු, බලපත්‍ර ගාස්තු ආදි ශීර්ෂ 20 ක් යටතේ විවිධ මාර්ග ඔස්සේ ආදායම් ලබාගත හැකි මාර්ග මෙහි විස්තරාත්මකව දක්වා ඇත.
37) පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් හෝ නීතියන් යටතේ අවසර දී ඇති ප්‍රමාණයට, පළාත ඇතුළත පරිසරය ආරක්ෂා කිරීම.
සංවෘත්ත ලැයිස්තුව හෙවත් මධ්‍යම ආණ්ඩුව සතු විෂයයන්
මධ්‍යම ආණ්ඩුව සතු බලතල 9 වන උප ලේඛනයේ සඳහන් කර ඇත.
එම විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පළාත් සභාවන්ට කිසිදු බලයක් නොමැත.
1) ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය.
2) නීතිය.
3) විදේශ කටයුතු.
4) යුද, නාවික, ගුවන් හමුදා කටයුතු.
5) තැපැල් හා විදුලි සංදේශ, ගුවන් විදුලි සහ රූපවාහිනි.
6) අධිකරණයට සහ අධිකරණ පද්ධතියට අදාළ වනතාක් දුරට යුක්තිය පසිඳලීම.
7) ජාතික ආදායමට, මූල්‍ය ප්‍රතිපත්තියට සහ විදේශ සම්පත් වලට අදාළ මුදල් පිළිබඳ කටයුතු, රේගුව.
8) විදේශ වෙළෙ¹ම, අන්තර් පළාත් අතර වෙළෙ¹ම හා වාණිජ කටයුතු.
9) වරායවල් සහ නැව් තොටවල්.
10) ගුවන් ගමනාගමනය සහ ගුවන් තොටුපළවල්.
11) ජාතික ප්‍රවාහනය.
12) ගංඟා සහ ජල මාර්ගá නැව් ගමනාගමනය සහ මුහුදු තරණයá ඓතිහාසික ජලය, දේශීය ජල තීරය, අනන්‍ය ආර්ථික කලාපය සහ මහද්වීපික තටාකය සහ අභ්‍යන්තර ජලය ඇතුළුව සමුද්‍රීය කලාප.
13) ඛනිජ ද්‍රව්‍ය සහ පතල්.
14) ආගමන හා විගමනය සහ පුරවැසිභාවය.
15) ජනාධිපතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සඳහා ඡන්ද විමසීම් හා පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම් ඇතුළුව ඡන්ද විමසීම්.
16) ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන.
17) වෘත්තීය රැකියා සහ පුහුණු කිරීම්.
18) ජාතික ලේඛනාගාරයá ජාතික වැදගත්කමකින් යුක්ත බවට පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් හෝ යටතේ හෝ ප්‍රකාශයට පත් කරන පුරාවිද්‍යා කටයුතු සහ භූමි හා පුරා වස්තු.
සමාගම් ලැයිස්තුව
පාර්ලිමේන්තුවෙන් විමසීමෙන් පසුව පහත සඳහන් විෂයයන් සම්බන්ධයෙන් ප්රඥප්ති පැනවීමේ බලය පළාත් සභාවට හිමිවේ.
1) සැලසුම් කිරීම.
2) උසස් අධ්‍යාපනය.
3) අධ්‍යාපනය හා අධ්‍යාපන සේවා.
4) ජාතික නිවාස සහ ඉදිකිරීම්.
5) කෘෂිකර්මය සහ ගොවිජන සේවා.
6) සමාජ සේවා සහ පුනරුත්ථාපනය.
7) දේපළ අත්කර ගැනීම සහ බලතල ලබා ගැනීම.
8) සෞඛ්‍ය.
9) උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම ඇතුළු විෂයයන් මීට අයත් වේ.

Last edited: