ISLAMAYE OORU MAS THAHANAM KARA ATHTHE AY?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    hari harakage athi naraka gunayak kiyapan machn.....

    හරකා කියන්නෙ වරදක් නැති, තොටත් උදේට බොන්න කිරි ටික දෙන (එළදෙන) උතුම් සතෙක් හන්ද තමයි හම්බ වේස බල්ලො හරකාව මරන් කන්න එපා කියන්නේ... ඒ සතාගෙ වරදක් නෑ. තොගෙ අම්මව වෙන එකෙක් මරන් කෑවොත් ආසද අල්ලාහු අක්බර්?:angry::angry::angry:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    පහත තර්ක බොරු කියලා ඔප්පු ක‍‍ලොත්,
    "අල්ලා දෙවියන්" යනු සර්වබලධාරී බව ඔප්පු කලොත්
    මම ඉස්ලාම් භක්තිකයෙක් වෙනවා



    මත්පැන් භාවිතය හරාම් (තහනම්). විද්‍යාත්මකව ගත් කල මෙය සාධාරණයි,
    මන්ද මත්පැන් නිසා විවිධ රෝග, අංශභාග, පිළිකා, පමණක් නොව බීමතින් ගොස් ඇති වන රිය අනතුරු ද රැසක් සිදු වෙනවා


    100% එකඟයි.

    විෂඝෝර සතුන් ආහාරයට ගැනීම තහනම්

    චීනයේ සහ ජපානයේ තරම් විෂඝෝර සතුන් කන ප්‍රදේශයක් ලෝකේ නෑ! ලෝකේ වැඩියෙන් ම සර්පයන් ආහාරයට ගන්නේ චීනයේ. ජපානයේ විෂඝෝර මත්ස්‍යයෙක් ගෙන් තනන ‘fugu’ නම් ආහාරය සාදන්න වෙනම පුහුණු වූ අවන්හල් සහ අරක්කැමියොත් ඉන්නවා.

    ඒ වුනාට පුදුමේ කියන්නේ ලෝකයේ වැඩිම ආයු කාලයක් ඇති අය, නිරෝගී ම වයෝවෘද්ධ අය ජීවත් වන්නේ අරාබියේ නොව චීනයේ සහ ජපානයේ!

    ඌරු මස් වල මේදය හා කොලෙස්ටෙරෝල් අධික ලෙස තියනවා.

    ඌරන්ගේ මේදය තියෙන්නේ මස් වල නොව හම යට. මේදය වැඩි විතරක් නෙවෙයි, හරක් මස් වල මේදයේ කොලෙස්ටෙරෝල් මෙන් ම අහිතකර සංතෘප්ත තෙල් ද ඌරු මස් වලට වඩා වැඩියි. එම නිසා සමස්තයක් වශයෙන් හරක් මස් වල මේදය ඌරු මස් වල මේදයට වඩා හෘද රෝහ වලට බලපෑම වැඩියි.

    ඌරු මස් කෑවාම, ඌරාගේ සිරුරේ සහ බඩවැලේ සිටින ජීවීන් ගෙන්. පණු රෝග වැනි පරපෝෂිත රෝග බෝ වෙනවා. ඒවා නිසා විවිධ සංකුලතා ඇති විය හැකියි.

    මේ කියන්නේ ‘ඌරු පටි පණුවා’ ගැනයි (pork tape worm). එතකොට අනික් සතුන් ගේ සිටින පරපෝෂිතයින්? එම ආකාරයටම ගව මස් වලින් බෝ වන එවැනිම පණුවෙක් වන ‘හරක් පටි පණුවා’ (beef tape worm) අමතක කරේ ඇයි? එළුවන් ගෙනුත් බෝ වන පරපෝෂිත රෝග අමතක කරේ ඇයි?

    අනික් දේ මේකයි! මෙච්චර හරක් සහ ඌරු මස් කන අපේ රටේ ඔය රෝග දෙක ම ඉතාමත් අඩුයි. ඊට හේතුව, අපි ආහාර පිසින උෂ්ණත්වයේ දී මස් මොකක් වුනත් ඔය සත්තු ඔක්කොම මැරෙනවා.

    ඒත් වැදගත් ම දේ ඒක නෙවෙයි! ලංකාවේ තියන සුලභ “පණු රෝග” වන වටපණු හ කොකු පණු රෝග බෝ වන්නේ කිසිම ආකාරයක මස් වලින් නොව, අපිරිසිදු ජලයෙන් බවත්, ඔය ඔක්කොම පණු රෝග එකම එක පණු බෙහෙතෙන් සම්පූර්ණයෙන් ම සුව වනවා.

    ඌරන් ගෙන් හෙපටයිටිස් E රෝගය ඇති වෙනවා.

    ඌරන් ගෙන් ලංකාවේ කවදාවත් හෙපටයිටිස් E කාටවත් හැදිලා නෑ. එහෙම හැදෙන්නේ කවදා හරි කෙනෙක් රෝගී ඌරු අක්මාවක් අමුවෙන් කෑවොත් විතරයි.

    එහෙමනම් හෙපටයිටිස් E ආශ්‍රිත ආසාදන කුකුළු මස් වලිනුත් එන්න පුළුවන්. හැබැයි අපි ඉස්සෙල්ල කිව්ව ආහාර පිසින ක්‍රම නිසා ඒක කවදාවත් වෙලත් නෑ.

    සතෙකි මැරීමේ යෝග්‍ය ම ක්‍රමය හලාල් වන ‘සබීහා’ ක්‍රමයයි.


    මෙහි දී සතා ගේ ගෙල රුධිර නාල සිඳලන නමුත් දිගටම ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වේ. එම නිසා සතා මිය යන්නේ රුධිරය සිරුරෙන් ඉවත් වීමෙනි. මෙය, අනික් ඝාතන ක්‍රමමය වන captive bolt stunning වලට වඩා හොඳ බව ජර්මන් පර්යේෂක වෛද්‍ය Schulze ගේ පර්යේෂණයකින් පෙනේ.

    දෙවනුව, වෛද්‍ය Schulze ම එම ලිපියේ සඳහන් කරන ආකාරයට, ඝාතන ක්‍රම දෙකේ දී ම සතාට සමාන තදබල වේදනාවක් දැනේ (ඔබ පවසන ලෙස ස්නායු පද්ධතිය රකෙන ගමන් පණ අදින සතෙකු ගැන කවර කතා ද? මිනුසෙකුට එම දේ ම කර බලන්න!). එමනිසා 'වඩා හොඳ' කමක් එතන නැත.

    තෙවනුව, වෛද්‍ය Schulze ම එම ලිපියේ සඳහන් කරන්නේ ඔහුගේ දත්ත උපකරණ වල දෝෂ නිසා ඇති වූවා දැයි ඔහුටම සැක බවයි.

    වැදගත් ම වන්නේ, ඔබ පවසූ නැති අවසාන දෙයි. එනම්, ඔබේ වාසියට ඔබ ගෙන දැක්වූ එම ජර්මන් පර්යේෂණයට පසුව යුරෝපය පුරා පර්යේෂණ රැසක් කර තිබෙන අතර, ඒවා එකකින් වත් Schulze ගේ පළමු පර්යේෂණයේ සත්‍යතාව පැහැදිලිව ඔප්පු කිරීමට නොහැකි වූ බවයි.

    කොටින්ම, 'සතෙක් මරණ හොඳම ක්‍රමය' ගැන ඒකමතික වෛද්‍ය තීරණයක් ඔය ගැන නැත.


    සතා මිය යෑමට පෙර රුධිරය ඉවත් කරන්නේ රුධියයේ salmonella වැනි බැක්ටීරියා වලට හොඳ රෝපණ මාධ්‍යයක් (culture media) නිසා.


    නිරෝගී සතෙකුගේ රුධිරයේ විෂ බීජය ඉතා අඩු බව. එම සතා කන මිනිසා ගේ රුධිරයේ ද කොහොමටත් එම සුළු ප්‍රමාණයටම විෂ බීජ ඇත. රෝගයක් ඇති වීමට අපේ සිරුරට එක විස බීජයක් ඇතුළු වෙලා මදි! salmonella නම් ලක්ෂයක් වත් ඕනෑ.

    එසේ නම්, සතෙකු මිය ගිය පසු තමයි ඔබ ඔය කියන බැක්ටීරියා බෝ වන්නේ. ඒත් ඒ රුධිරයේ පමණක් ද? මස් තුළ වෙන්නේ ම නැද්ද? ඔබලා කන බාබත් (හරක් බඩවැල්) වල එම විෂ බීජ නැද්ද? එසේ නම් බැක්ටීරියා නිසා වන ආහාර විෂ වීම් සිදු විය යුත්තේ රුධිරය සහිත ආහාර වලින් පමණයි! එහෙනං එළවලු කොත්තු වලට බඩ යන්න බෑ, බත් නරක්‌ වෙලා කෑවට බඩ යන්නත් බෑ නේද? අනික salmonella වැඩියෙන්ම බෝ වෙන්නේ මස් වලින් නොව කුකුළු බිත්තර වලින් බව ඔබ දන්නවා ඇති නේද?

    නැවතත් ඇත්ත පිළිතුර මේකයි නේද? ඕනෑම ආහාරයක විෂ බීජ තිබේ. හොඳින් පිසීමෙන් ඒවා බොහෝ විට නැති වේ. ආසාදිත ආහාර මොකක් වුනත් ලෙඩ ඇති කරයි. ඉස්ලාමීය ක්‍රමයට සතෙක් මැරීම හෝ රුධිරය තිබීම එයට කිසි සේත් බල නො පායි. වැදගත්ම දේ, එහෙම විෂ බීජ වලින් ගෙල සිඳ සාදන මස් ආරක්ෂා වෙනවා නම්, ඔබ ඉහත කී ඌරාගෙන් සෑදෙන රෝග සියල්ලත් එම ආකාරයටම වලක්වාගත හැකි විය යුතුයි නේද? එහෙනං ඌරු මස් වලින් රෝග හැදෙන තර්කය බොරු වෙනවා!

    ඉස්ලාම්/යුදෙව් ආගම් වලට අවශ්‍ය ආකාරයට (හලාල් ලෙස) සතෙක් මැරීමෙන් කිසිදු සෞඛ්‍යමය වාසියක් ඇති බවට බහු-කේන්ද්‍රීය (multicentre) විද්‍යාත්මක පිළිගැනීමක් ඇති ස්වායත්ත (independent) පර්යේෂණයක් නැත. මෙතුවක් කාලෙකට ඇත්තේ 1953 දී David Macht කල පර්යේෂණය වැනි එම ආගම් වල ම පුද්ගලයින් දමා කරවූ ලිපි පමණි.

    අල්ලා දෙවියන් සර්වබලධාරියෙක් ද?

    ඉස්ලාම් දහමේ දැඩි නීතී රීති මාලාවක් සකසා ඇත. එහෙම එපා මෙහෙම එපා කියලා නිති ගොඩක් තියෙනවා. සර්වබලධාරියෙකුට නීති වලින් ‍එහෙම සීමා පනවන්නට අවශ්‍යය ද? ඒ දේවල් මැවීමට නොහැකි ද?

    අල්ලා දෙවියන් තමාගේ දහම ‍නබි වරයාට වසර ගණනාවක් තිස්සේ පැවසූ බවත් නබිතුමා වසර ගණනාවක් තිස්සේ කුරානය ලියූ බවත් කුරානයේ සඳහන් වෙනවා. සර්වබලධාරී දෙවියන්ට සියලු කරුණු අඩංගු පුස්තකයක් මැවීමට නොහැකි වී ද?

    මේ තරම් ප්‍රතික‍්ෂේප කරන ඌරා මැවුවේ කවර අවශ්‍යයතාවයකට ද?


     
    • Like
    Reactions: llrajitha

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හරි
    මම ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න ලෑස්තියි
    හැබැයි කොන්දේසියක් තියෙනවා. ඔප්පු කරන්න අල්ලා mawwe kawda kiyala