නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

Dilan2013

Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Aluth Thread 1k patan gannawa nam comment walata wenama thread 1k thibbanam hodai neda? ethakota kathawa kiyawana ayata godak lesi.
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    එලකිරී වැඩක් මචන්..........දිගටම කරගෙන යන්න...........
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    businessman_clapping.gif
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Aluth Thread 1k patan gannawa nam comment walata wenama thread 1k thibbanam hodai neda? ethakota kathawa kiyawana ayata godak lesi.
    මමත් එහෙම හිතුවා. ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කමෙන්ට් වලට වෙනම ත්‍රෙඩ් එකක් ඕනේ ද කියලා! ඒ ත්‍රෙඩ් එකේ ම කමෙන්ට්ස් දාන්න මම ඉඩ දෙන්නයි හිතාගෙන ඉන්නේ. මොකද ත්‍රෙඩ් එකේ මුල ඔරිජිනල් පොස්ට් එකේ කතාව පිළිවෙලට දාන්න. එතකොට බලන්න එන කෙනාට ලේසියි.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    pattaa... supiriyata liyala tiyenawa.style eka chandana mendis ge style ekata samanai wage :)
    ඔව් ඔව්. ඒ ස්ටයිල් එකට තමයි ලිව්වේ. මොකද ලංකාවේ ගොඩක් අය ෂර්ලොක් හෝම්ස් අඳුරගෙන ඉන්නේ ඒ ස්ටයිල් එකන් නිසයි මම එහෙම ලිව්වේ.

    හැබැයි ජෝන් කාටර් පොත නම් ලියන්න හිතාගෙන ඉන්නේ කේ ජී කරුණාතිලක මහත්තයාගේ ස්ටයිල් එකෙන්. ඒ ස්ටයිල් එකට කැමති අයත් ඉන්නවා ගොඩක්.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    pattaa... supiriyata liyala tiyenawa.style eka chandana mendis ge style ekata samanai wage :)

    keep it up.

    patta bump,..

    Aluth Thread 1k patan gannawa nam comment walata wenama thread 1k thibbanam hodai neda? ethakota kathawa kiyawana ayata godak lesi.

    එලකිරී වැඩක් මචන්..........දිගටම කරගෙන යන්න...........


    බොහොම ස්තුතියි! මට රේප් දෙන්න අමතක කරන්න එපා හොඳේ!
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මගේ සිය වැනි මංගල පොස්ටුව

    මේ මම එළකිරියේ දමන සිය වැනි මංගල පොස්ටුව! ;););)ඉතින් මගේ කතාවේ තවත් කොටසක් ඒ මංගල පොස්ටුව විදිහට දාන්න හිතුවා. මෙතෙක් ආ ගමනට ශක්තියක් වුනු හැමෝට ම මම ස්තුති කරනවා. :love::love:මෙතනදී මම විශේෂයෙන් ම ස්තුති කරන කිහිප දෙනෙක් ඉන්නවා. :nerd::nerd::nerd:

    1. ඩිලාන්123 (මගේ හොඳ ම fan):love:
    2. ටය්ප් කිරීමට උදව් කරන්න ආ දිනු12345:cool:
    3. මොඩ්ල වන ටින්ටින්123 සහ මට ගොඩක් උදව් කරපු අපේ ස්පෑම්චෙක් සහෝදරයා ඇතුළු,:):)
    4. මට උදව් කරපු, කතාව කියවපු, කොමෙන්ට් කරපු, බම්ප් කරපු ඒ වගේ ම බැනපු :-)yes::yes:) ඔක්කොමලාට මම ස්තුතිවන්ත වෙනවා!

    මගේ පොත ඉතා ම ඉක්මනින් ලියලා ඉවර කරනවා. ඔගොල්ලන්ට කියවන්න දෙනවා ප්‍රින්ට් කරන්න ඉස්සෙල්ල. ජය වේවා!


    [FONT=&quot]හෝම්ස් ග්‍රෙන්විල් නේවාසිකාගාරයේ තම කාමරයට වී අධ්‍යන කටයුතු වල නිරත වීමට උත්සාහ දැරුව ද එදින සවස ස්පූනර් මහාචාර්යවරයාගෙන් ඔහු අසා දැනගත් ගැටලුව ඔහුගේ සිතට නිරන්න්තරයෙන් ම නැඟී ආවේ ය. මේ නිසා ම ඊට පසු දිනයේ හෝම්ස් නිව් කොලේජ් පීඨයේ කුඩා පල්ලිය අසල බිත්තියේ වූ තීන්ත නොගෑ විශාල හිස් අවකාශයක් දෙස බලමින් සිටින්නට විය. මේ හිස් ප්‍රදේශයේ මැදට වන්නට කුඩා පත්‍රිකාවක් අලවා තිබිණ. එහි සඳහන් වූයේ “රෙම්බ්‍රාන්ට් වෑන් රයන්ගේ ක්‍රිස්තූත්පත්තිය සිතුවම 1661. මෙම සිතුවම තාවකාලික ව ප්‍රතිසංස්කරණය සඳහා ඉවත් කර ඇත.” යනුවෙන් ය.[/FONT]

    [FONT=&quot]හෝම්ස් එම ස්ථානය වඩාත් හොඳින් සෝදිසි කිරීම සඳහා එතැන තිබුණු ලී පුටුවකට නැංගේ ය. ඔහු බිත්තියේ දුහුවිලි නොගෑවුණු කොටසේ සිතුවම තිබී ඇති බව නිරීක්‍ෂණය කළේ ය. ඔහු පළලින් අඟල් නවයයි කාලක් වූ ඔහුගේ වියතෙන් සිතුවමේ සම්පුර්ණ දිග දුහුවිලි නොගාවුණු කොටස නිර්දේශ කොට ගෙන මනින්නට විය. එම සිතුවමේ සම්පුර්ණ දිග හා උස මැන අවසන් වන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ඔහුට යම් කිසිවෙකු ඔහුට කෝපයෙන් කතා කරන හඬ ඇසිණ.
    [/FONT]
    [FONT=&quot]“මං අහන්නේ මොකද්දෑ ඔහේ මේ නටන්න හදන නේයියාඩම ඈ?[/FONT]

    [FONT=&quot]හෝම්ස් ඉතා කිසිදු කලබලයකින් තොර ව තමා නැඟ සිටි පුටුවෙන් බිමට බැස කෝපයෙන් දැවෙමින් සිටි වයස්ගත පාදිලිවරයකුට මුහුණ දුන්නේ ය.
    [/FONT]
    [FONT=&quot]“ඔබ මෙතැන භාර පාදිලි වහන්සේ ද? හෝම්ස් ඉතා ගෞරව පක්ෂපාතී ස්වරයකින් පාදිලිවරයාගෙන් ප්‍රශ්න කළේ ය.[/FONT]

    [FONT=&quot]“ඔව්! මම තමයි මෙතැන භාර පාදිලි තැන. ඒ වගේ ම මට ඔහේලා නටන මේ නාඩගම් ඇති වෙලයි තියෙන්නේ! මේ ආගමික ස්ථානයක් මිසක් කෝලම් මඩුවක් නොවෙයි. දැන් ඔහේ මම උපකුලපතිතුමාට අඬ ගහන්න කලින් මෙතැනින් තොලොංචි වෙලා යනවා හොඳයි!”[/FONT]

    [FONT=&quot]“මම හිතන්නේ අපිට කරුණාවන්ත උපකුලපතිතුමාට කරදර කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඔබතුමාට පුළුවන් මට උවමනා කරන සියලු ම විස්තර කියා දෙන්නට. මම මෙතැන තිබුණු චිත්‍රය දකින්නට බොහෝ ම ආශාවෙන් සිටියේ. මම හිතන්නේ ඔබෙන් මට ඒ පිලිබඳ වැඩි යමක් දැනගන්නට පුළුවන් වේවි. ඔබතුමා දන්නවා ද මේ සිතුවම ප්‍රතිසංස්කරණය කරන්න කොහෙට ද යැව්වේ කියලා?” මෙසේ කියමින් හෝම්ස් පවුමේ කාසියක් තම අත්ල මත කරකවන්නට විය.[/FONT]

    [FONT=&quot]“අනේ ඔව් දරුවෝ, මම දන්නවා!” වයස්ගත පාදිලිවරයා කෑදර දෑසින් පවුම වෙත අත දිගු කළේ ය. මෙවැනි කුඩා පල්ලියකට සරසවියෙන් ලැබෙන සොච්චම් මුදල හැරෙන්නට වෙනත් ආදායමක් නොමැති බව හෝම්ස් හොඳින් දැන සිටියේ ය.
    [/FONT]
    [FONT=&quot]“මගේ කාමරයේ මේ සිතුවම ගෙන ගිය ස්ථානය කොහෙ ද කියලා ලියලා තියෙන ලියවිල්ලක් තියෙනවා. මෙහෙන් එන්න. මම හිතන්නේ එකත් එකට ම ඔබ කලා ශිෂ්‍යයෙක් වෙන්නැති.” පාදිලිවරයා කියා සිටියේ ය.[/FONT]

    [FONT=&quot]“හරියට හරි! මම කලා ශිෂ්‍යයෙක් තමයි.” හෝම්ස් ද වයසක පාදිලිවරයාට උඩගෙඩි දෙන්නට විය.[/FONT]

    [FONT=&quot]“හැබැයි මම නම් හිතන්නේ නෑ ඔය ළමයට ඒ චිත්‍රයෙන් මොකක්වත් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඒක මහා අඳුරු චිත්‍රයක්. මෙලෝ සංසාරෙක දෙයක් පෙන්නේ නෑ. ඒගොල්ලෝ නම් කියන්නේ ඒක මහා විශාල වටිනාකමක් තියෙන එකක් කියලයි. ඒත් මට නම් ඒක පයිසෙකට වටින්නේ නෑ. ඔයිට වැඩිය හොඳ චිත්‍ර මම පදික වේදිකාවේ චිත්‍ර විකුණන සිත්තරුන් ළඟ තිබෙනවා දැකලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න මහත්මයා.” මෙසේ කියූ ඔහු මී ගුලක් වන් කුඩා කාමරයක් තුළට වැදී කුඩා කාඩ්පතක් රැගෙන නැවත එලියට පැමිණියේ ය. ඉන්පසු ඔහු එය හෝම්ස් අතට දුන්නේ ය.[/FONT]

    [FONT=&quot]“ආහ්! සිම්කින්ස් සහ ස්ට්‍රීටර් සමාගම. මම මේ ගොල්ලන් ව හොඳට දන්නවා නොවැ. මේ ගොල්ලෝ පුරාණ චිත්‍ර ප්‍රතිසංස්කරණය පිලිබඳ ක්‍ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයෝ. ඔවුන් මේ චිත්‍රය දක්ෂ ලෙස ප්‍රතිසංස්කරණය කරන බවට සැකයක් නැහැ. ඔවුන් මේ සිතුවම ගෙනිහින් කොච්චර කාලයක් වෙනව ද?”[/FONT]

    [FONT=&quot]“දැනට සති තුනක් විතර වෙනවා මයේ හිතේ.” පාදිලි තැන මඳක් වෙලා කල්පනා කර පැවැසී ය.[/FONT]

    [FONT=&quot]“එතකොට මේ සිතුවම ගෙන යද්දී ඒ පිලිබඳ කටයුතු මෙහෙයවූවේ සිම්කින්ස් මහත්මයා ද එහෙම නැත්තම් ස්ට්‍රීටර් මහත්මයා ද?” හෝම්ස් පාදිලිවරයාගෙන් ප්‍රශ්න කළේ ය.[/FONT]

    [FONT=&quot]“ඒක ගැන කියන්න නම් මම හරියට ම දන්නේ නැහැ මහත්මයා. මොක ද මේ චිත්‍රය මෙහෙන් ගෙන යද්දී මං හිටියේ නෑ.”[/FONT]

    [FONT=&quot]“මොනවා? ඔබ කියන්නේ ලන්ඩනයේ සිට නන්නාඳුනන මිනිස්සු වගයක් ඇවිල්ලා ඔබේ දේවස්ථානය ඉදිරිපිට තිබුණු මේ චිත්‍රය ගෙන ගියේ ඔබේ අධීක්‍ෂණය යටතේ නෙවෙයි ද? ඔවුන් කළ දේ නම් බොහොම වැරදියි!” හෝම්ස් ආරුඪ කරගත් පුදුමයකින් ඇසී ය. එකල ද හෝම්ස්ගේ රංගන හැකියාව නො අඩුව තිබූ බවට හොඳ ම නිදසුනකි මේ.[/FONT]

    [FONT=&quot]මේ වන විට පාදිලිවරයා හෝම්ස් සමඟ ඉතා කුළුපඟ වී සිටියේ ය. එබැවින් ඔහු බියක් සැකක් නො මැතිව කියවන්නට පටන් ගත්තේ ය.
    [/FONT]
    [FONT=&quot]“අම්මපා තමයි ළමයෝ! මටත් ඕක ම හිතුණා. මගේ තැනට ඇවිල්ලා මටත් නොකියා එක එක දේවල් කෙරෙනවට මම කොහෙත් ම කැමති නෑ. නැද්ද මං අහන්නේ? මේ වැඩේ කෙරිලා තියෙන්නේ බොහෝ ම හදිස්සියෙන්. ඔවුන් එන්න නියමිත ව තිබුණේ බදාදා හවස. නමුත් ඔවුන් ආවේ නැහැ. නමුත් බ්‍රහස්පතින්දා, ඒ කිව්වේ ඊට පසුව දා මම දේවස්ථානය වෙත ආවාම චිත්‍රය දකින්න ලැබුණේ නැහැ. ඉතින් මම හොඳට ම බය වුණා. මම හිතුවේ කවුරු හරි චිත්‍රෙ හොරකම් කරගෙන ගිහින් කියලා. මීට කලිනුත් ඔහොම දේවල් මෙහෙ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම උපකුලපතිතුමා වෙත වෙඩිල්ලක් වගේ ගියා. ” එසේ පවසා ඔහු වෙඩිල්ලක් යන ස්වරූපය අභිනයෙන් දැක්වී ය.
    [/FONT]
    [FONT=&quot]ඔහු කතා කළේ කටින් පමණක් නොව මුළු ශරීරයෙන් ම ය. හෝම්ස්ට මොහු මුරුංගා අත්තේ තබා හීන් නූලෙන් කරුණු දැන ගැනීමට උවමනා නොවී නම් හෝම්ස් විසින් මෙය දේවස්ථානයේ දේශනාවක් නො වන බව තේරුම් කරණු ලැබීමට ඉඩ තිබිණ. සමහර විට මෙය දේශනා ඉදිරිපත් කරන අයගේ පොදු ලක්‍ෂණයක් විය හැකි ය. හෝම්ස් කල්පනා කළේ මෙම පාදිලිතුමාත් ස්පූනර් මහාචාර්යතුමාත් එකවල්ලේ පොල් බවයි. ඔවුන් දෙ දෙනා වාදයකට එක් වූවා නම් එය බලන්නට වටිනා එකක් බව හෝම්ස්ට සිතිණි.[/FONT]

    [FONT=&quot]“ඉතින් උපකුලපතිතුමා මොකක් ද කිව්වේ?” ටවිස්ටෝක් නම් පාදිලිවරයාගෙන් හෝම්ස් ඇසී ය.[/FONT]

    [FONT=&quot]“මම බය වුණේ බොරුවට ලු. සිම්කින්ස් සහ ස්ට්‍රීටර් සමාගමෙන් ඇවිල්ලා සිතුවම අරගෙන ගියා ලු. ඒක ගෙනිහිල්ලා තියෙන්නේ බොහෝ ම රෑ වෙලා. ඔවුන්ට පරක්කු වෙන්නට සිද්ධ වුණේ ඔවුන්ගේ අශ්ව කරත්තයේ බැඳ සිටි අස්සයෙක් කුලප්පු වීම නිසා ලු. දෙයියෝ ම තමයි දැන් මෙහෙ සිද්ද වෙන දේවල් ගැන දන්නේ!”[/FONT]

    [FONT=&quot]“ඉතින් ඔබ මේ සිතුවම ගෙන ගිය අය කවුරුන් ද කියා දැක්කේ නැහැ?”[/FONT]

    [FONT=&quot]“නැහැ නේන්නම් දරුවෝ!” යැයි කියා පාදිලි තැන යන්නට හැරුණේ ය.[/FONT]

    [FONT=&quot]හෝම්ස් දක්‍ෂ ලෙස කතාව වෙනතකට හරවා පාදිලිවරයා ව තවදුරටත් කතාවේ රඳවා ගත්තේ ය.[/FONT]

    [FONT=&quot]“ඉතින් පාදිලිතුමා ඔය සිතුවමේ ප්‍රමාණයේ හැටියට ඒක උස්සන්න කිහිප දෙනෙක් ම උවමනා වෙන්න ඇති. නැද්ද?”[/FONT]

    [FONT=&quot]“නැත්තම්! අර නාකි ගිඩින්ස් මේ සිතුවම ගෙනැල්ලා දීපු වෙලාවේ අපි හය දෙනෙක් උවමනා වුණා මේ පතරංග ජාතකේ උස්සන්න. ඒ විතරක් නෙවෙයි. අපේ කුලපතිතුමා උඩ පහල පැන පැන “පරිස්සමෙන් පරිස්සමෙන්! ඔන්න බලාගෙන” කිය කියා මහා කෝලමක් නැටුවා!”[/FONT]

    [FONT=&quot]ඒක නෙවෙයි පාදිලිතුමා! මොකද්ද අර හොරකම් වගයක් සිද්ධ වුණා කියලා කියාපු කතාව. මං කියන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියේත් නීල හොරු ඉන්නවා ද?”[/FONT]

    [FONT=&quot]“ඕකනේ කියන්නේ දරුවෝ! මුන්ට දෙන්න ඕනේ රජ කාලේ දඬුවම්! ශිෂ්‍යයෝ නෙවෙයි මේකුන් යස්ස පැටව්. මේ අධ්‍යයන වාරයේ වාරාරම්භ දවස් වල මට ශාලා අස්සේ රස්තියාදු ගහන හොරිකඩ ශිෂ්‍යයෝ හතර දෙනෙක් අහු වුණා. එකෙක් මේ සිතුවමට ලාම්පුවක් ලංකරගෙන හිටියේ. මම නම් හිතුවේ මුන් චිත්‍රෙ ගිනි තියන්න ලැස්ති වෙනවා කියලයි. ඉතින් අද ඔබ එතැන ම කුරුමානම් අල්ලමින් ඉන්නකොට මම හිතුවේ ඔබත් ඒ ත්‍රාඩ කොල්ලන්ගෙන් එකෙක් කියලයි. නමුත් ඔවුන් ඔබ වගේ වැදගත්කමක් තිබුණු එවුන් නෙවෙයි. මටයි වැරදුනේ. මම ඔබට තදින් කතා කරපු එක ගැන මම සමාව ඉල්ලනවා.”[/FONT]

    [FONT=&quot]“මට වැටහෙනවා පාදිලිතුමා.” හෝම්ස් ඉතා මෘදු ස්වරයකින් පැවැසී ය.[/FONT]

    [FONT=&quot]“ඔබ වහන්සේගේ රාජකාරිය ඉතා භාරදූර එකක්. ඉතින් ඔබට ඇතැම් අවස්ථා වල තදින් ක්‍රියා කරන්නට සිදු වෙන බව මට තේරෙනවා.” හෝම්ස් තව දුරටත් එකතු කළේ ය.[/FONT]

    [FONT=&quot]“ඔබට විතරයි මගේ තත්ත්වය වැටහුණු එකම දරුවා. ඔබ වැනි අය මේ විශ්ව විද්‍යාලයට ආඩම්බරයක්.”[/FONT]

    [FONT=&quot]“ඒක නෙවෙයි පාදිලිතුමා. ඉතින් අර හොරිකඩ කොල්ලන්ට මොකක් ද වුණේ?”[/FONT]

    [FONT=&quot]“උන්ට සිද්ධ වුණේ ද? ඒ බේබදු කොල්ලන් ව මම අපේ ප්‍රධාන පෝටර්වරයා වන ජන්කින් අතේ කුලපතිතුමා වෙත යැව්වා. ඊට පස්සේ ඔවුන්ට මොනවා වුණා ද කියන්න මම දන්නේ නෑ. නමුත් ඔවුන් මේ පැත්තේ නම් ආපහු පස් පාගන්නවත් ආවේ නැහැ කියන බව නම් මට ටක්කෙට ම කියන්න පුළුවන්.”[/FONT]

    [FONT=&quot]“ඒ ශිෂ්‍යයන්ගේ නම් මොනවා ද කියා ඔබට මතක ද?”[/FONT]

    [FONT=&quot]“මොක ද නැත්තේ! මම උන්ගේ නම් හොඳට දන්නවා. ඒ අය තමා මේ ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයේ නම කැත කරන කිහිපදෙනා. ඔවුන් සියල්ලන් ම මැග්ඩලන් පීඨයේ ශිෂ්‍යයෝ. ඔවුන්ගේ ලොක්කා තමයි අර හියු මවුන්ට්සි, අතිගරු හෙන්ලි සාමිතුමාගේ පුතා. ඔය ළමයා හිතන්නේ ලොකු පවුල් වල උදවිය සාන්ත දාන්ත තීන්ත කුප්පි කියලා ද? ඔලුගෙඩිය! දෙමව්පියන්ගේ උෂ්ණය ඇඟට අරගෙන අනෙක් අයව තලා පෙලන එක තමයි ඔවුන්ගේ රාජකාරිය. මට නම් ඔවුන් වැ පෙන්නන්න බෑ.”[/FONT]

    [FONT=&quot]හෝම්ස්ට අවශ්‍ය සියල්ල දැනගත් පසු පාදිලිවරයාට සමු දී ඔහු තම කාමරය වෙත පිය නැංගේ ය.
    [/FONT]
    [FONT=&quot]තම කාමරය වෙත පැමිණි හෝම්ස් සම්පුර්ණයෙන් ම පාඩම් කිරීම අත්හැර දැම්මේ ය. අතුරුදන් වූ සිතුවමේ ගැටලුව ඔහුගේ සිත තුළ පැලපදියම් වී තිබිණ. තම ඇඳ මතට බෑවුණු හෝම්ස් මනසට වධ දෙමින් මේ පැටලුණු නූල් බෝලයක් වන් මේ ගැටලුව ලිහන ආකාරය පිලිබඳ කල්පනා කරන්නට විය.[/FONT]

    [FONT=&quot]ක්‍රිස්තූත්පත්තිය සිත්තම ප්‍රතිසංස්කරණය සඳහා ගෙන යෑමට කටයුතු සූදානම් ව තිබීම නිසා, සති කිහිපයක් පමණ මෙම සිතුවම අතුරුදහන් වී ඇති බව අන් අයගෙන් වසන් කර ගැනීමට හොඳ ක්‍රමයක් බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වගකිවයුත්තන් සිතන්නට ඇත. නමුත් මේ නිසා සොරුන්ට ඉතා ම හොඳ ආරක්‍ෂාවක් සැලසිනි.[/FONT]

    [FONT=&quot]මැග්ඩලන් පීඨයේ ශිෂ්‍යයන්ගේ ක්‍රියාකලාපයත් මීට පෙර සිදු වී තිබුණු සොරකම් මාලාවත් අතර යම් සබඳතාවක් ඇති බවට හෝම්ස් අනුමාන කළේ ය.[/FONT]

    [FONT=&quot]මේ සිදු වී ඇති සියලු ම සොරකම් වල විශේෂ ලක්‍ෂණයක් හෝම්ස්ට දකින්නට ලැබුණේ ය. නැති වී තිබෙන සියලු ම භාණ්ඩ කිසියම් පෞරාණික වටිනාකමක් ඇති ඒවා ය. ඒවා නැති වූ බව ප්‍රචාරය වීමෙන් තම පීඨයට ලැබෙන්නේ නරක නාමයක් බව ඒ ඒ පීඨ වල අයට හැඟෙන ආකාරයේ භාන්ඩ ම තෝරා ගැනීමට මොවුන් දක්ෂ වී තිබේ. එබැවින් මේ සිදුවීම් නිසා පොලීසිය සම්බන්ධ නො වන බවට සොරුන් අතර විශ්වාසයක් තිබෙන්නට ඇත. එසේ ම මේ සොරකම් සිදු කිරීමට ඉතා මහන්සියක් වීමට සිදු වන බව ඔහුට වැටහුණි.[/FONT]

    [FONT=&quot]කෙසේ නමුත් මේ භාණ්ඩ එකකට එකක් කිසිදු සම්බන්ධතාවක් නොමති භාණ්ඩ විය. ඒවායේ ප්‍රමාණය, වටිනාකම වැනි ගුණාංග එකකට එකක් වෙනස් බව හෝම්ස් අවබෝධ කරගත්තේ ය. එබැවින් මේ සිදුවීම් වල රටාවක් සොයා ගැනීමට හෝම්ස්ට නොහැකි විය.[/FONT]

    [FONT=&quot]මේ එක් එක් සොරකමක් කිරීමට විශේෂ දක්‍ෂතා උවමනා විය. උදාහරණයක් ලෙස ඔරියෙල් ගොඩනැගිල්ලේ ධජය සොරකම් කිරීමට දක්‍ෂ ජිම්නාස්ටික් හැකියාවක් තිබිය යුතු ය. මැග්ඩලන්හි කාල මාපකය එය සවි කර තිබුණු ගඩොල් වලින් ඉවත් කර තිබුණේ ඉතා හොඳ මේසන්වරයකුගේ දක්‍ෂතාව ප්‍රදර්ශනය කරමිනි. රැඩ්ක්ලිෆ් පුස්තකාලයේ සේවකයන් පවා රැවටීමට සමත් වූ ආදි මුද්‍රණයේ ව්‍යාජ පිටපත සකස් කිරීමට මනා පරිචයකින් යුතු දැනුමක් අවශ්‍ය විය.[/FONT]

    [FONT=&quot]එසේ ම මේ සියලු ම සොරකම් ඉතා අවදානම් සහ භයානක ඒවා විය. සොරකමෙන් සොරකමට ඒවායේ ඇති අවදානම් සහගත බව වැඩි විය. එබැවින් ඔරියෙල් ගොඩනැගිල්ලේ ධජය සොරකම සහ ක්‍රිස්තූත්පත්තිය සිත්තම සොරකම අතර විශාල වෙනස්කමක් තිබිණ. ඉන් පළමුවැන්න දඩබ්බර ශිෂ්‍යයකුගේ කොලොප්පමක් ලෙස සැලකිය හැකි අතර අනෙක ඉතා හොඳින් සැලසුම් සහගත ව කරන ලද දරුණු අපරාධයකි.[/FONT]

    [FONT=&quot]නමුත් ප්‍රශ්නය වන්නේ මේ සොරකම් සිදු කිරීමට හේතු වූ චේතනාව කුමක් ද යන්නයි. මේවා සොරකම් කිරීමෙන් අපරාධකරුවන් අත් කර ගැනීමට උත්සාහ කළ වාසිය කුමක් ද? මේවායින් මුල් සොරකම් තුනට අදාළ භාණ්ඩ ඉහල මුල්‍යමය වටිනාකමක් නැති භාණ්ඩ විය. ඒවා විකිණීමෙන් ඔවුන්ට ලාභයක් ලබාගත නොහැක. එපමණක් නොව අතුරුදන් ව ඇති ආදි මුද්‍රණය සහ ක්‍රිස්තූත්පත්තිය සිත්තම විකිණිය හැක්කේ පෞද්ගලික එකතු කරන්නෙක්ට පමණි. එබැවින් ඒවා විකුණා ගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය හැක. මේ සොරකම් කිරීමට ඔවුන් ගෙන තිබූ උත්සාහය බැංකුවක් කැඩීම වැනි කටයුත්තකට යෙදවූවා මීට වඩා විශාල මුදලක් ඉතා පහසුවෙන් ලබා ගන්නට ඉඩ තිබුණු බව හෝම්ස්ට අවබෝධ වීය. මේ නිසා හෝම්ස් මෙය මුල්‍ය වාසි තකා කළ සොරකමක් නොවන බව නිගමනය කළේ ය.[/FONT]

    [FONT=&quot]එසේ ම මෙම සිදුවීම් දඩබ්බර ශිෂ්‍යයන්ගේ ක්‍රියාවන් ලෙස සැලකීම ද හෝම්ස් ප්‍රතික්ෂේප කළේ ය. මෙවැනි ක්‍රියා සාමාන්‍යයෙන් සිදු කරන්නේ ප්‍රසිද්ධිය හෝ සතුට තකා ය. ඉන් තවත් පාර්ශවයක් අපහසුතාවට පත් කිරීම ඔවුන් කිසි විටෙක අදහස් නොකරයි. අනෙක් කාරණාව වන්නේ මේ සියලු ම සිදුවීම් බොහෝ දුරට අපරාධ ගණයේ ලා සැලකිය හැකි ඒවා වීම ය.[/FONT]

    [FONT=&quot]මේ සිදුවීම් මඟින් අදාළ පීඨ වලට නරක නාමයක් ගෙන දීම අදහස් කළා විය හැකි ය. නමුත් මේ සිදුවීම් මගින් වාසි සැලසෙන අයෙක් නැති බව හෝම්ස්ට වැටහුණි.[/FONT]

    [FONT=&quot]මඳ වෙලාවක් මෙසේ චිත්තාභ්‍යාසයේ යෙදෙමින් සිටි හෝම්ස්, තම සාක්කු ඔරලෝසුව ගෙන වෙලාව බැලුවේ ය. දහවල් දෙකේ කණිසමට තවත් තිබුණේ මිනිත්තු කිහිපයකි. මෙය මේ සිද්ධි මාලාවේ තවත් එක් ප්‍රධාන චරිතයක් මුණ ගැසීම සඳහා වෙලාව පැමිණ ඇති බැව් හෝම්ස්ට අවබෝධ විය.[/FONT]


    හෝම්ස් හමුවීමට යන්නේ කවු ද?
    මීළඟ කොටස ඉතා ඉක්මනින්!
    :yes::yes::yes::yes::yes::yes:
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    බොහොම ස්තුතියි! මට රේප් දෙන්න අමතක කරන්න එපා හොඳේ!

    සහෝ මම එළකිරි එකට අලුත් නිසා තවම රෙප් දෙන්න විදියක් නෑ.රෙප් දෙන්න පලුවන් උන ගමන්ම අනිව රෙප් දෙනව.උඹට නොදෙන රෙප් වෙන කාට දෙන්නද?
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    නියමයි සහෝ.වොට්සන් නැති කතාවලින් මම කියවන පළවෙනි කතාව මේක.වොට්සන් නැති කතා එලනෙ.හැම කතාවෙම වොට්සන් නැති උනානම් හොදයි කියල හිතෙනව.ඊලඟ කොටසත් ඉක්මනට දාන්න හොඳේ.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Rep + දෙන විදිහ

    ඔයා යුස් කරන්නේ නොර්මල් එළකිරි තීම් එක නම් කර්මා (karma) කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ එන පේජ් එකේ තියෙන I approve සිලෙක්ට් කරලා ඕනේ නම් කොමෙන්ටුවකුත් කොටලා දාන්න මල්ලි රෙප්! එළ ඈ!
     
    • Like
    Reactions: Dilan2013