ජය ශ්‍රී Photo එකේ කතාව

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ජය ශ්‍රී Photo එකේ කතාව

    නොදුටු අයෙක් සිටී නම් මෙය පහළ මෙම thread එක හා සබැදේ:
    http://www.elakiri.com/forum/showthread.php?t=1567028

    මෙය මම අද දින මූණු පොතේ දුටුවෙමි. Repost නම් කණගාටුව පළ කරන අතර අන් අයටද දැන ගැනීම පිණිස සලස්වන්න.


    1045158_10151697690378911_1463201844_n.jpg


    ජයශ්‍රී වෙත පසුගිය දිනවල එල්ල උන චෝදනා වෙත අපගේ පිළිතුර .
    මෙම ඡායාරූපයේ ඇති චෝදනා සමග ඔබට ලැබී ඇති සියලුම පින්තුර download කර විශාලකර කර බලන්න.
    මෙහි බුදුන්ගේ රූපය වෙනමම ඇතුල් කර ඇති බව පැහැදිලිව පෙනේ. බුදුරැස් මෙහි T -shrit එකේ කරටත් උඩින් විහිදී ඇත. පැළදගෙන සිටින ආභරණ සියල්ලක් වසා බුදුරැස් විහිදී ඇත්තේ T -shrit එකේ කර ඊටත් පහතින් තිබෙන ආකාරයටය. මෙය අද තිබෙන computer තාක්ෂනය මගින් ඕනෑම ආධුනිකයෙකුට පහසුවෙන් කල හැක්කකි. නමුත් මෙම බොරු නිර්මාණය සාර්ථක වී නොමැත. අප විසින් මේ සමගින් පලකරනු ලබන සත්‍ය පින්තූරයෙන් යථාර්තය විදහා දක්වයි. මෙය අපගේ ඔස්ට්‍රියානු ජාතික මිතුරෙකු විසින් ගනුලැබූ හා ඔහුවිසින්ම Facebook අඩවියට එකතුකරන ලද්දකි. කව්රුන් හෝ හුදෙක් මඩ ගැසීමේ අරමුණින්ම මෙහි රොහාන්ගේ තැබිලි පාට උඩුකය මත බුද්ධ රුපයක් එක්කොට ඇත. මෙම තැනැත්තා ඔහු බුදුරුවක් පැළද සිටිමින් මත් පැන් පානය කරන බව හුවා දැක්වීමට අසාර්ථක උත්සාහයක යෙදී ඇත. අපහට මෙම අසත්‍ය ප්‍රචාර දෙස මෙතුවක් කල් ඉවසීමෙන් හා කණගාටුවෙන් බලාසිටීමට සිදුවුයේ මෙම පින්තුරයගත් අපගේ ඔස්ට්‍රියානු ජාතික මිතුරා පහුගිය කාලයේ නිවාඩු ගතකිරීම සඳහා ඔස්ට්‍රියාවෙන් බැහැරව ගොස් සිටි බැවින් අපහට මෙහි මුල් පිටපත ඉදිරිපත් කිරීමට හැකියාවක් නොතිබුන බැවිනි.
    ජයශ්‍රී කණ්ඩායමේ රොහාන්ගේ ප්‍රකාශය;
    මම ජයශ්‍රී සංගීත කණ්ඩායමේ රොහාන් !
    මම සැමවිටම බුධුරජාණන් වහන්සේට, බුදුදහමට, ක්‍රිස්තුධර්මයට ඇතුළු සියලුම ආගම් හා දෙවිවරුන් හට ඉතා භක්තිය හා ආදරය දක්වන්නෙක්මි. මෙය මා සමීපව අසුරුකරනා සියලුම දෙනා ප්‍රසිද්ධව දන්නා කරුණකි. මගේ ජිවිතයේ කිසිම දිනක ආගමකට, දර්ශනයකට හෝ දේවත්වයට වචනයකින් හෝ මොනයම් හෝ ක්‍රියාවකින් හෝ අපහාස නොකලෙක්මි. මා විසින් එසේ කර ඇති බවට කිසිවෙකුට හෝ ඔප්පුකර පෙන්වීමට හැකිනම් එලෙස කරන ලෙස අභියෝග කරමි.
    19.01.2013 දින හික්කඩුව නගරයේ අපගේ සන්දර්ශනයකදී බුදුන් වහන්සේ වැඩසිටිනා උඩුකය ආවරණයකින් සැරසී ගීගැයූ බව මම පිලිගනිමි. මන්ද මා හද භක්තියෙන්ම අදහනා බුදුන්වහන්සේගේ රුව මාගේ පපුව මත තිබීම වරදක් සේ නොසැලකුවෙමි. නමුත් යමෙකු විසින් මෙහි පලකරන ලද ව්‍යාජ පින්තුරයේ ඇතුලත්කර ඇත්තාවූ බුදුරුව මාහට අපහාස කිරීම සඳහාම ගන්නා ලද උත්සහයක් බව තරයේ ප්‍රකාෂකරමි. මන්ද සියලු දෙනා දන්නා පරිදි සෑම ආගමකටම අදාල ලාංචන මා ගෙලෙහි ආභරණ ලෙස පළදින බව සත්‍යකි. ඒ මා සියලුම ආගම්වලට ආදරය හා ගරුකරන බැවිනි. ජයශ්‍රී අපගේ අප්‍රතිහත උත්සාහය සියලු ආගම් අතර සහජීවනය ඇතිකිරීමයි. මෙදින හික්කඩුවේදී ගන්නා ලද ඡායාරූප නිසා ශ්‍රී ලාංකික සැදැහැවත් භෞද්ධ පින්වතුන් සිත්තැවුලට පත්වුයේ නම් මම ඒ සියලුදෙනාගෙන් සමාව අයදිමි. නමුත් ඒ වේදිකාවේ ඡායාරූප උපයෝගී කරගනිමින් ව්‍ය්ජලෙස වෙනස්කරමින් මඩ ගැසීම අනුමත නොකරමි. මන්ද මගේ මිතුරාගේ නිවසේදී මා එම උඩුකය ආවරණය ඇඳ නොසිටිබැවිණි. ඔබ සියලුදෙනා අසා ඇති පරිදි අප සැමවිටම වේදිකාවෙන් බැසයන්නේ බුදුසරණයි, ජේසු පිහිටයි, දෙවිපිහිටයි පවසමින් සියලු ආගම් වල ජනතාවන්ට සෙත් පතමින්ය. මා නැවත නැවතත් පවසන්නේ එසේ සියලුම ආගම් වලට ඉතාමත් ගරු කරන අප කිසිවිටකත් කිසිම ආගමකට අපහාස වනසේ නොහැසිරෙන බවය.
    මාහට මෙම පදනම් විරහිත චෝදනා එල්ලකරනා සියලුදෙනටමත් මෛත්‍රිය ආදරය හා දෙවිපිහිට ප්‍රර්ථනා කරමි.
    බුදුසරණයි දෙවිපිහිටයි, රොහාන්.

    ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ජයශ්‍රී ඉතා හොඳින් හඳුනන අතර අප ජාතිභේද, ආගම්භේද, කුලභේද, අනුමත නොකරන බවද ඔව්න් හොඳින් දනී. අප සැමවිටම ආදරය, සමගිය, සහජීවනය ගැන ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර තලයේද ගී ගයන්නෝ වෙමු. මෙම චෝදනා එල්ලවෙන අතර අප සමග ආදරයෙන් රැදී සිටි භෞද්ධ සංවිධාන ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ට හදපිරි ආදරය හා ස්තුතිය පුදකරමු.
    දහසක් ජනතාවගේ ඉල්ලීම නිසාවෙන් මෙම මඩ ප්‍රචාරය පිලිබඳ අප විසින් පලකරනු ලබ්න එකම සහ අවසන් පිළිතුර මෙය බව කරුණාවෙන් සලකන්න.

    ආදරය සතුට සමගිය එකමුතුකම පිරුන ශ්‍රී ලංකාවකට ජයශ්‍රී.
    ඔබසැමට බුධුසරණයි දෙවිපහිටයි
    රෝහිත - රොහාන් ඇතුළු ජයශ්‍රී !!!
     
    • Like
    Reactions: randext86

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත බන් වැරද්දක් උනා නම් පිලි ගන්න ඔනෙ:yes: අපි උනත් ලාවට එකක් දෙකක් දාන්න යනකොට ඇදන් ඉන්නෙ මොකක්ද අමතක වෙනවා:P එහෙම වෙලා මු බොන්න ඇති එක පිලිගනින්කො:oo: වැඩෙ ඉවරයි ආයෙ මොකටද වෙන වෙන බයිලා ගහන්නෙ ඌම පිලිගන්නව නම් ඇදන් හිටිය කියලා(ඇදන් හිටියා!) බුදුරුව තියෙන ඇදුමක් ආයෙ එහෙම තියෙන එකක් විදියට නිකන් ඇදුමක් එඩිට් කරන්නෙ මොකටද:dull:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔන්න බලපං සිරිපාල මේව දාන්න ගිහිං මාත් මාමයිට් ගාගත්ත වගේනෙ:baffled:
    ජය ශ්‍රී ලට අපි ආසයි. එහෙම එකේ කරපු වරදක් පිළිගන්න බැරුව මෙහෙම කරනවද?:eek::eek::eek:
    අවුලක්!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න බලපං සිරිපාල මේව දාන්න ගිහිං මාත් මාමයිට් ගාගත්ත වගේනෙ:baffled:
    ජය ශ්‍රී ලට අපි ආසයි. එහෙම එකේ කරපු වරදක් පිළිගන්න බැරුව මෙහෙම කරනවද?:eek::eek::eek:
    අවුලක්!
    ඔව් බන් බලපන් විඩිඔ එක ටිකක් මු ඕක ඇදගෙන ඉන්නෙ බොන නොබොන එක වෙන්ව්ම කතාවක් අමතක වෙලා ඕක ඇදගෙන බිව්ව කියල පිලිගනින්කො:rofl: දැන් වත් කඩෙ යන එක නවත්වපන්:P
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔව් බන් බලපන් විඩිඔ එක ටිකක් මු ඕක ඇදගෙන ඉන්නෙ බොන නොබොන එක වෙන්ව්ම කතාවක් අමතක වෙලා ඕක ඇදගෙන බිව්ව කියල පිලිගනින්කො:rofl: දැන් වත් කඩෙ යන එක නවත්වපන්:P
    හරි හරි බං ඒ හන්ද තමයි ෂේප් එකේ මාරු වෙන්නැතුව කිව්වෙ සීන් එක.:P
    උඹලත් අපිටමනෙ අරින්න හදන්නෙ!:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    ඇත්ත බන් වැරද්දක් උනා නම් පිලි ගන්න ඔනෙ:yes: අපි උනත් ලාවට එකක් දෙකක් දාන්න යනකොට ඇදන් ඉන්නෙ මොකක්ද අමතක වෙනවා:P එහෙම වෙලා මු බොන්න ඇති එක පිලිගනින්කො:oo: වැඩෙ ඉවරයි ආයෙ මොකටද වෙන වෙන බයිලා ගහන්නෙ ඌම පිලිගන්නව නම් ඇදන් හිටිය කියලා(ඇදන් හිටියා!) බුදුරුව තියෙන ඇදුමක් ආයෙ එහෙම තියෙන එකක් විදියට නිකන් ඇදුමක් එඩිට් කරන්නෙ මොකටද:dull:

    No offense මචං. මුන් නාගත්තා වගේ. අර ඔරිජිනල් යැයි කියන පින්තූරේ එඩිටඩ් කියලා පේනවා. වැඩිය ඕනේ නෑ. අර දුඹුරු පාට නූල් වලින් හදලා තියෙන මාලේ පීඑස් වලින් දැම්ම එකක් :rolleyes::rolleyes: