Linux සදහා Adobe Photoshop Install කරමු!!!!!!

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Linux සදහා Adobe Photoshop Install කරමු!!!!!!

    Cylon Linux සදහා Adobe Photoshop Install කරමු!!!!!!

    318028_150749685079138_403547143_n.jpg

    ඔබ දන්නවා අති Graphics ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ලෝකයට දායාද කෙරුනු Adobe මෘදුකාංග කිහිපය. ඔබ මේ වන විටත් Adobe මෘදුකාංග එක්වරක් හෝ පරිශීලනය කර ඇති, මන්ද වර්ථමානය එය අපට වඩාත් සමීප මෘදුකාංගයක් කිහිපයක් වී ඇති නිසාවෙනි. එයෙත් Adobe මෘදුකාංග ඔබ අප කාටත් නොමිලේ ලබාගත නොහැක. විවිද පුද්ගලයක් විසින් ලබාගත් මෙම පිටපත් Torrent වෙත Upload කිරීම හරහා නීත්‍යාණුකූල නොවු පිටපත් ලෙසට අප Download කරගන්නෙමු. ඒ වගේම Linux කියන්නේ විවෘත මෘදුකාංග එකතුවක් බැවින්, මෙම Adobe පවුලේ මෘදුකාංග තවමත් Linux සදහා Officially Support නොකරන බව ඔබ දන්නවා ඇති. ඒ වගේම Linux පද්ධතිය තුල Windows මෙහෙයුම් පද්ධතිය සදහා නිපැවෙන මෙවන් මෘදුකාංග බොහොමයත් Run කර හැකි වේදීකාවක් WinE HQ ලෙස අපට ඉදිරිපත් කර තිබෙනවා. මේ හරහා මෙම මෘදුකාංග පරිගණකයට Install කර ධාවනය කිරීමට පුළුවන. ඒ සදහා ඔබ මුලින්ම කල යුත්තේ, ඔබ පද්ධතියේ තිබෙන WinE HQ Version එක නව සංස්කරණය වෙත Update කර ගැනීමකි. Cylon Linux සමගින් ඔබට ලැබෙන්නේ WinE HQ 1.4 වල අතර, වර්ථමානයේ WinE HQ 1.5 නිකුත් වී ඇති අතර, මේ හරහා වඩාත් සාර්ථකව මෙම මෘදුකාංග පරිශීලනය කිරීමට පුළුවන. ඉතින් ඔබටත් මෙම මෘදුකාංග පද්ධතිය වෙත Install කරගැනීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම Terminal එක විවෘත කරගන්න. පසුව පහත විධානයන් එකි නෙක ලබාදී WinE HQ වර්ථමාන සංස්කරණය වෙත යාවත්කාලීන කරගන්න.

    sudo add-apt-repository ppa:ubuntu-wine/ppa
    sudo apt-get update
    sudo apt-get install wine1.5
    sudo apt-get install winetricks


    මින් අනතුරුව ස්වල්ප වේලවක් ගත වේවි... මෙම යාවත්කාලීන වීමට අවශ්‍ය නව Package ඔබගේ පරිගණකය වෙත Download වීම සදහා.

    WinE HQ නිසා ආකාරයෙන් Install කරගැනීමෙන් අනතුරුව, ඔබ කල යුතු තවත් විශේෂිත පියවර කිහිපයක් තිබෙනවා.. එක පහත පරිදිය,

    නැවතත් Terminal එක Open කර පහත Command එක ලබාදී Enter කරන්න.

    sh winetricks -q atmlib gdiplus ie6 vcrun2005sp1 vcrun2008 fontsmooth-rgb corefonts msxml3 msxml6 vcrun2010

    Adobe Photosop ක්‍රියාකරවීම සදහා අවශ්‍ය වටපිටාව අප මේ වන ටිත සකස් කරගෙන අවසන්, මින් පසුව අප කල යුත්තේ, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන Adobe Photoshop CS5 හෝ CS6 Ubuntu සදහා ගැලපෙන Package එක අප පරිගණකය වෙත Download කරගැනීමයි. පහතින් CS5 සහ CS6 සදහා තිබෙන Link හරහා ඔබට අවශ්‍ය Version එක ලබාගන්න..

    Adobe Photoshop CS5 Extended
    http://www.gulfup.com/?o2AUeI

    Adobe Photoshop CS6 Extended
    http://www.gulfup.com/?21NeK1

    මෙය Download ඛරගැනීමෙන් අනතුව සාමාන්‍ය ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙත Download කරගන්නා ආකාරයේ EXE File එකක් දැකගත හැකි වේවි. එය Double Click කර සාමාන්‍ය ආකාරයට Install කරන්න. Install වීමෙන් අනතුරුව, නැවතත් Terminal එක විවෘත කර පහත Command එක ලබාදෙන්න...

    winetricks fontsmooth-rgb

    ඔබ විසින් මේ වන විට සාර්ථකව Adobe Photoshop පරිගණකය වෙත Install කර අවසන්, එය විවෘත කරගැනීම සදහා Application >> Program >> Adobe Photoshop CS5 Ectended හරහා විවෘත කරගන්න..


    :yes::yes::yes::yes:
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය වගේ සංක්‍රීර්ණ මෟදුකාංග wine භාවිතයෙන් දුවනවයි කියන්නේ හරියට.. දැන් flash use කරනව වගේ.. හරිම unstable , crash වීම් හිරවීම් ලෙඩකෝටියයි.. ටික දවසකින්.. software එක update කරාම සමහර විට වැඩ කරන්නෙම නෑ.. :P:lol: ඔය wine හොඳයි madura dic එක වගේ දාගෙන දුවන්න.. :lol:
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඔය වගේ සංක්‍රීර්ණ මෟදුකාංග wine භාවිතයෙන් දුවනවයි කියන්නේ හරියට.. දැන් flash use කරනව වගේ.. හරිම unstable , crash වීම් හිරවීම් ලෙඩකෝටියයි.. ටික දවසකින්.. software එක update කරාම සමහර විට වැඩ කරන්නෙම නෑ.. :P:lol: ඔය wine හොඳයි madura dic එක වගේ දාගෙන දුවන්න.. :lol:

    ඔතනදි මචන් Wine එක පාවිච්චි වෙන්නේම නැත... කෙලින්ම OS එක එක්ක සම්බන්ද වෙනවා.. :):):)