2013 Aug 05 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    muzik4minute2.gif
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ශ්‍රී ලංකාවට ආනයනය කරන අධි ‍ප්‍රෝටීන ( කිරි මෝරු ) අඩංගු ආහාර පාන වෙළඳපලට නිකුත් කිරීම තාවකාලික අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මේ අනුව නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරන අධි ‍ප්‍රෝටීන් අඩංගු ළඳරු කිරිපිටි, ක්ෂණික පාන වර්ග, කායවර්ධන ආහාර පාන ඇතුළු ආහාර වර්ග මෙසේ වරායෙන් නිදහස් කිරීම අත්හිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

    මෙම අධි ‍ප්‍රෝටීන් හෙවත් ‰ Whey Proteinඅධි සාන්ද්‍රණයන් තුළ ක්ලොස්ට්‍රිඩියම් බොටලිනම් නැමැති බැක්ටීරීයාව ඇතුළත් වී ඇති බවට වාර්තා වී ඇතැයි පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව “බොටලියුස්”නැමැති ශරීරය මුළු මනින්ම අප්‍රාණික කරන රෝගී තත්තවය හට ගන්නා බවත් මෙය ඉතා බරපතල තත්තවයක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

    නවසීලන්ත රජය මගින් රුසියාව , චීනය, හා සෞදිඅරාබියාවට වැනි රටවලට අපනයනය කළ අධි ‍ප්‍රෝටීන අඩංගු ආහාර පාන වල බොටලිම් නැමැති බැක්ටීරියාව අන්තර්ගත බව හෙලිව ඇත.

    එහෙත් ශ්‍රී ලංකාවට අපනයනය කළ “වේ ‍ප්‍රෝටීන “ අඩංගු ආහාරපාන වල බොටලිම් නැමැති බැක්ටීරියාව අන්තර්ගත නොවන බව සඳහන් කර ඇතත් එම ආහාර වෙළඳ පලට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    චීස් නිෂ්පාදනය කර ඉතිරිවන අවශේෂ කොටස් හෙවත් කිරිමෝරු අධි ‍ප්‍රෝටීන් සාන්ද්‍රණයෙන් යුක්ත බැවින් ඒවා ඇතැම් ආහාර නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවද හෙතෙම කීය.
     
    Last edited: