යලි හමුවූ අප

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලානික හිරු සයුරෙ ගැටෙනා...
    උදාවෙන මේ සැදෑවේ....
    වලා තීරයෙ ඇදෙන රේඛා..
    මනසෙ විසිරී ගියාවේ.......
    තලා පෙලනා බිදුනු සිතුවිලි..
    සුවය සොයනා වෙලාවේ.....
    කලා කෘතියක් කෙසේ ලියනෙම්..
    නිදහසේ වැලි තලාවේ.....

    ඔබේ අතැගිලි පටලවාගෙන...
    ඇවිද ගිය මේ තීර‍යේ.....
    දෙපා දොවනා සොදුරු රුලි මත...
    තුරුළු වූ ඒ කාලයේ......
    බැම්ම අද්දර එකම අහරක්..
    කැවූ සොදුරුම ලෝකයේ....
    අපේ සැමරුම් මතක සටහන්..
    තවම එහෙමයි කුමරියේ......

    හිතේ සැනසුම පතන හැම දා..
    සිහිවෙනා ඔබෙ මතකයේ.....
    නෙතින් වැටෙනා කදුළු බිදුවක්..
    තවම එහි ඉතිරිව තියේ.....
    වෙරළෙ ඇවිදින දහස් වරකට..
    දැනෙන හැගුමට ආලයේ....
    විත්තිකරුවෙමි අසරණයි මා...
    වරද නොමදත් විජිතයේ......

    සවස එක්වන රැයට තනිවන..
    ආල කුඩවල යට තියා....
    දෛවයේ සරදමක් විලසින්...
    ඔබේ දෙනුවන් වෙත ගියා...
    දමා යන්නට නොහැකි එය දැක..
    මගෙම කෝපය මට තියා.....
    අළුත් දවසක් පුබුදුවන්නට...
    සදවතිය නොකියා ගියා......

    4279043788_b56bf06be0_m.jpg



     
    • Like
    Reactions: ^Buddhika^

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට බං.. ආවට ගියාට ලියල නැහැ.. ශරීර කෘත්‍ය කරන්නෙ නැතුව හිරකරගෙන හරි ලස්සනට ලියල තියනව..
    සුපිරි..
    උම්ම්ම්මා..
    swtim4_zpse3f4e76f.gif


    9Y7qmQ3.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    එලම තමා .... හැමදාම වගේ එලටම ලියලා තියෙනවා

    clapping_animation-s500x500-234722.gif

     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    පට්ට බං.. ආවට ගියාට ලියල නැහැ.. ශරීර කෘත්‍ය කරන්නෙ නැතුව හිරකරගෙන හරි ලස්සනට ලියල තියනව..
    සුපිරි..
    උම්ම්ම්මා..
    swtim4_zpse3f4e76f.gif


    9Y7qmQ3.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අළුත් දවසක් පුබුදුවන්නට...
    සදවතිය නොකියා ගියා......

    සුපිරියට කියල තීනවා
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හිතේ සැනසුම පතන හැම දා..
    සිහිවෙනා ඔබෙ මතකයේ.....
    නෙතින් වැටෙනා කදුළු බිදුවක්..
    තවම එහි ඉතිරිව තියේ.....

    Harima lassanai... :) :)