common issues of motor bikes

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
අපි ඉතින් ලොකු ලොකු බයික් කාරයෝ නෙමෙයි නේ ..ඒත් මේකේ bike වලට එන පුංචි පුංචි ප්රවශ්න සහ ඒවා මග ඇරගන්න කරන්න ඕනේ මොනවද කියලා දන්න දේ සහ අත්දැකීම් වලින් හොයාගත්තු දැනුමෙන් මේක පළකරන්න හිතුනා ..වැඩක් වෙයි කියාලා හිතන එවුන් ගොඩ ගියාට කමක් නෑ ....

මේ ලෙඩ ලොකු ලොකු bike වලට වඩා ඉන්දියන් භාණ්ඩ වලටයි වැඩිය ගැලපෙන්නේ .සමහර දේවල් ජපන් bike වලටත් හොඳින්ම ගැලපෙනවා
එකෙන්ම පටන්ගන්නවා self starter එකෙන්
හුඟ දෙනෙක් කෙලින්ම චෝදනා කරන්නේ උදේ පාන්දරින්ම self starter එක වදින්නේ නෑ කියලා .ඒ වගේම අපි මග තොට යනවිට traffic එකෙත් ඕක වදින්නේ නෑ ඕකට මම දාන්න හේතු දෙකක් තියෙනවා
බැටරියේ
charge ලෙවෙල් එක නැත්තම් acid ලෙවෙල් එක මේ දෙකෙන් මොකක් අඩු උනත් කොච්චර self ස්ටාර්ට් ස්විත් එක press කරත් ස්ටාර්ට් වෙන්නේ නෑ .kick start කරාම එන්ජිම start වෙන්න පුළුවන් ,එන්ජිම ඇති තරම් රත් උනාම නැත්තම් බැටරිය ඇතිතරම් charge උනාම self start එක වදින්න පුළුවන් .
කල යුත්තේ බැටරි cover එක ගලවල acid level එක බලාගන්න එක .acid level එක මදිනම් ඒක පුරවලා නැවත charge කරලා දුවන්න පුළුවන් .බොහෝ වෙලාවට charge කිරීමක් අවශ්යl වෙන්නේ නෑ නිතරම දුවන bike එකක්නම .
Starter relay
මේක ටිකක් වැදගත් .මේකෙන් තමයි armature එක start වෙන්න විදුලිය යන්නේ .start switch එක ඔබන හැම වතාවේම එන්ජිම start වෙන්නේ නැතුවම tick tick කියලා සද්දයක් එනවනම් එක්කෝ starter relay එකේ අවුලක් නැත්තම් low බැටරි case එකක් .electric mechanic කෙනෙක් ලව්වා පරීක්ෂා කරගන්න වෙයි .

Low Milage නැත්තම් පැට්රොිල් ගානට දුවන්නේ නෑ
මේකට technical හේතු ගොඩක් තිබුනට අපි නොදන්නා සමහර වෙනත් කාරණා තියෙනවා .
එකක්නම් tyres වල pressure එක මේක අනිවා සති දෙකකට වතාවක් වත් check කරගතයුතුවෙයි .tyre එකේ pressure එක අඩු උනාම එක move වෙන්න විශාල බලයක් යොදවන්න වෙනවා .ඒ නිසා manual එකේ හරි gas station එකක හරි ගිහින් තමන්ට හරි යන pressure එක බලලා විටින් විට check කරලා පුරවගන්න එක .
වැරදි එන්ජින් ඔයිල් භාවිතය ද low milage වලට හේතුවක් වෙන්න පුළුවන් .වැරදි කියලා කිව්වේ දාන්න තරමින් කිලෝමීටර් 2500 කට වරක් නැත්තම් මාස 3 කට වරක්වත් ඔයිල් මාරු කරගන්න අනිවා .එන්ජිමේ සද්දේ වෙනස සහ පිටකරන දුම අනුවද එන්ජින් ඔයිල් වල තත්වේ මැනගන්න පුළුවන් .මතක ඇතුව ඔයිල් වල ප්රවමාණය ඔයිල් බලන කට්ටෙන් සතියෙන් සතියෙන් වත් මැනගන්න .මනින්නත් හිතුමතේ කරන්න බෑ .හොඳ mechanic කෙනෙක්ගෙන් නැත්තම් manual එකේ කියලා තියෙන විදිය අනුව check කරගන්න .
carburater settings හිතම වැදගත් .එකේ screw දෙකක් තියෙනවා එකක් RPM එකට අනික වාතය සහ ඉන්ධන මිශ්‍ර කරන screw එක මේක ගැන දැනුම ලබාගන්න ටිකක් කල් යනවා තමන්ට බැරිනම් ,මේකත් හොඳ mechanic කෙනෙක්ගෙන් check කරගන්න .දන්නැත්තම් තනියම කරන්න යන්නෙපා .


Brakes
මේවානම් ගොඩක් වැදගත් .නමුත් ජීවිතේ ගැන හිතලා brake ඕනවට වැඩිය tight කරන්න ගියානම් වාහනේ දුවන්න හොරවෙනවා .ඒවගේම brake කරලා ආයෙත් release කරන්නත් අනවශ්යා බලයක් යොදවන්න වෙනවා .ඒ නිසා මේකට midlle stand එක ගහල tyre එක free move කරනවද කියලා බලන්න .ඒ ගානට Brake හැදුවනම් හොඳටම ඇති .

පදවන ක්රවමය සහ styles
මේකෙත් විශාල බලපෑමක් තියෙනවා මොකද ලොකු ගියර් එකකින් විශාල ලෙස ඉන්ධන දැවෙනවා වැඩියි .වංගුවක් ගන්නකොට දුර දුවනක්ටත් සුමට යන්න පුළුවන් ගියර් එකකින් ගියානම් වැඩේ ගොඩ .නැත්තම් manual එකෙත් තියෙනවා දුවන්න ඕන style එක ඒක බලගත්තනම් ඉවරයි .අඩුම RPM 5000 වත් තිබුනානම් උපරිම සුමට ඉන්ධන efficiency එකක් ලබාගන්න පුළුවන් (මගේ මතයයි ).ඒවගේම වෙලාවට කලින් brake කරලා නවත්තන්නත් නැවත සෙමින් උපරිම දවනයට එන්නත් වග බලාගන්න ඕනේ ...
කාර්බෝන්
මේවා ඉතින් කව්රුත් දාන්න දේවල් නිසා වැඩිය කියන්නේ නෑ .silencer එක බැලුවනම් එන්ජිමේ තත්වය කියන්න පුළුවන් .bike වලනම් අඩුම km 30000ක් වත් දුවන්න ඕනේ silencer එකේ carbon අරින්න ...carbon අරිනවා කියන්නේ silencer එකේ විතරක් සුද්ද කරලා මදි piston වලත් සුද්ද කරන්න ඕනේ (මේකට හුඟ දෙනෙක් agree වෙන්නේ නෑ )
ඉහත සැම දේම එළකිරි වගේනම් valve settings වල ප්රතශ්නයක් වෙන්න ඕනේ .මේකනම් කව්රු මොනවා කිවත් අනිවා බලාගත යුතු දෙයක් ,,ඒ වගේම නියම වැඩ කාරයෙක්ට කියලා කරගන්න ඕනේ .
Poor perfomance
මේවට සිංහල කොටන්න ගියාම එපාවෙනවා ඒ නිසා දාන්න english වචන දාල කොටනවා හොඳේ ...........
Poor perfomance වලට හේතු කීපයක් තියෙනවා ... aiර filter එක මේකෙන් තමයි හදවතට හුලන් යන්නේ ඒ නිසා මොන ගව්වක දිව්වත් km 1000 කට සැරයක් සුද්ද කරලා දාන්න .අනිවා කොහොමද කරන්නේ කියලා manual එකේ තියෙනවා .
ඉන්ධනව වල තත්වය
මේකත් අනිවා බලපානවා බල පෙට්රෝල් ගහල ගොඩක් වාහන ලංකාවේ කෙළවුණ නේ .ඒ වගේම පෙට්රෝල් ෂෙඩ් වලත් හොර සීන් තියෙන්න පුළුවන් ඒ නිසා නියමිත මාත්රාදව නියමිත තැනකින් ගාගන්න .
Warm up
අපිට තියෙන හදිස්සිය නිසා ගොඩක් වෙලාවට ගත්තු ගමන් race කරලා ඉවරයි .පරිසරය සහ idle එකේ එන්ජින් එක තිබ්බ කාලේ ගැන සත 5 කට ගණන් ගන්නේ නෑ .හදිස්සිනම් choke එකවත් පාවිච්චි කරලා ලෙඩ අඩුකරගන්න බලන්න .warm up එකක් නැතුව අපිටවත් වැඩක් පටන් ගන්න බෑ .machin එකත් සුමට දුවන්න පාන්දරින්ම warm up කරගන්න .
හුලං බලාගන්න නූලේ උඩට යන්න
engine ඔයිල් නැවත බලාගන්න .ඉකමනට අඩු වැඩි වෙනවනම් leakage එහෙම බලාගන්න ලේසි .


chain එක
chain එක ටක ටක ගාල වදිනවානම් වලකට දානකොට ටකස් ගනවානම් එකේ නිවැරදි ගානට පුරුක් අයින් කරලා හදාගන්න .තත්පර ගණක වැඩක් .

බෙල්ල ගහල යන brake
Drum brake
Drum pad දෙකක් සාමාන්යෙන් km 15000 20000 ක් වෙනකොට සද්දේ දානවා .. ඒ වගේ ගානක් එනකොට අනිවා මාරුකරගන්න .ටයර් වල free play එක බලනකොට ඒක play එක ගොඩක් වැඩිනම් නියමිත් ගානට brake තද කරගන්න .
Disk brake
මේකේ නම් ලොකුවට කරන්න දෙයක් නෑ සංකීර්ණ පද්දතියක් අලුත් කෙනෙක් ට .ඒ නිසා මේකේ brake අඩුයි වගේ දැනෙනවානම් ඉස්සෙල්ලම brake ඔයිල් බලාගන්න .ඔයිල් හරිනම් සමහරවිට air tight එකක් වෙන්නත් පුළුවන් .මේක අපිටත් කරගන්න පුළුවන් දන්නත්තම් mechanic ගාවට ගියාට කාරී නෑ .disk එකේ ඉරී තැලී ගිහිල්ලනම් ඉතින් අනිවා km 600 1000ක් අතුලත brake හදාගන්න වෙනවා නැත්තම් disk එකට කෙලවෙනවා .
වෙනත් කරුණු ...........
කවදාවත් දෙකේ පන්තියේ බඩු දන්නෙපා .original බඩු හොඳට reliabilty check කරලා එන්නේ ටිකක් ගණන් උනාට ගැලපෙන එකම දාන්න .....service period එක නිවැරදිවම follow කරන්න මචන්ලා .........


මම engineer කෙනෙකු හෝ expert කෙනෙකුත් නෙමෙයි දාන්න දේ කිව්වේ ...........
මේවා ගැන මගේ යාලුවෙක් බ්ලොග් එකකුත් දාල තිබුන ...උගේ support එකත් එක්කයි දැම්මේ ..............
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල... ඔය කිව්ව ටිකට මං තව ටිකක් එකතු කරන්නම්.. හැබැයි මම නම් ඉන්දියන් ගැන දන්නේ නෑ.. මේවා ජපන් බයික් වල එන ලෙඩ..

    -Starting Problems-
    ඔය කිව්ව දේවල් වලට අමතරව මේ හේතු නිසාත් Start වෙන්නේ නැති වෙන්න පුළුවන්. ටයිප් කරන්න කම්මලි.. කෙටියෙන් කියන්නම්..

    1. Bad Earth\Ground Connections.
    2. Bad Switch Contacts
    3. Bad Starter Motor Solenoid.
    4. Bad\Worn Stater Motor
    5. Bad Battery.
    බැටරියේ ලෙඩ එන්න පුළුවන් මේ වගේ හේතු නිසා..
    # Low Electrolyte Level (Acid Level)
    # Bad Battery Terminals
    # Charging Problems. මේක එන්න හේතු කීපයක් තියෙනවා.
    • Bad Rectifire.
    • Bad Coil Pack.

    6. මෝටරේ කැරකිලත් ස්ටාට් වෙන්නේ නැතිනම්
    # Fuel Supply (Carburetor or EFI System)
    # Ignition System
    # Valve Timing ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...

    දොයි මතේ............. මතක් වෙන්නෙත් නෑ...

    -Performance and Fuel Consumption Problems-

    # Bad Air Filter
    # Wrong Carburetor Settings
    # Bad Spark Plugs
    # Wrong Ignition\ Valve Timing
    # Worn Engine
    # Injector, Fuel Line, Pressure Regulator, Problems in EFI engines.
    # Malfunctioning CDI Unit or ECU
    # විශේෂයෙන් ලංකාවේ ඉන්න අති පණ්ඩිත මී හරක් ගේ ගොන් Modifications. (Includes Body Kits, Silencers)
    # Unacceptable Final Drive Ratios (Unacceptable Front and Rear Sprockets)

    අපෝ ඇති...මට දැන් මොනිටර් 2ක්,3ක් නෑ 4ක් පේනවා...මතක් උනොත් හෙට උදේට දැන්නම්..ආහ්හ් නෑ...අද දවල් වෙලා දාන්නම්... 1.35 am :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: rx_storm_aight

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    එල... ඔය කිව්ව ටිකට මං තව ටිකක් එකතු කරන්නම්.. හැබැයි මම නම් ඉන්දියන් ගැන දන්නේ නෑ.. මේවා ජපන් බයික් වල එන ලෙඩ..

    -Starting Problems-
    ඔය කිව්ව දේවල් වලට අමතරව මේ හේතු නිසාත් Start වෙන්නේ නැති වෙන්න පුළුවන්. ටයිප් කරන්න කම්මලි.. කෙටියෙන් කියන්නම්..

    1. Bad Earth\Ground Connections.
    2. Bad Switch Contacts
    3. Bad Starter Motor Solenoid.
    4. Bad\Worn Stater Motor
    5. Bad Battery.
    බැටරියේ ලෙඩ එන්න පුළුවන් මේ වගේ හේතු නිසා..
    # Low Electrolyte Level (Acid Level)
    # Bad Battery Terminals
    # Charging Problems. මේක එන්න හේතු කීපයක් තියෙනවා.
    • Bad Rectifire.
    • Bad Coil Pack.

    6. මෝටරේ කැරකිලත් ස්ටාට් වෙන්නේ නැතිනම්
    # Fuel Supply (Carburetor or EFI System)
    # Ignition System
    # Valve Timing ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...

    දොයි මතේ............. මතක් වෙන්නෙත් නෑ...

    -Performance and Fuel Consumption Problems-

    # Bad Air Filter
    # Wrong Carburetor Settings
    # Bad Spark Plugs
    # Wrong Ignition\ Valve Timing
    # Worn Engine
    # Injector, Fuel Line, Pressure Regulator, Problems in EFI engines.
    # Malfunctioning CDI Unit or ECU
    # විශේෂයෙන් ලංකාවේ ඉන්න අති පණ්ඩිත මී හරක් ගේ ගොන් Modifications. (Includes Body Kits, Silencers)
    # Unacceptable Final Drive Ratios (Unacceptable Front and Rear Sprockets)

    අපෝ ඇති...මට දැන් මොනිටර් 2ක්,3ක් නෑ 4ක් පේනවා...මතක් උනොත් හෙට උදේට දැන්නම්..ආහ්හ් නෑ...අද දවල් වෙලා දාන්නම්... 1.35 am :shocked::shocked::shocked:

    well experianced and educated..........

    worth machan meke watinakam thiyenne danna ekekta machan.....

    umbata digatama rep denna ba lu.....
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    එල... ඔය කිව්ව ටිකට මං තව ටිකක් එකතු කරන්නම්.. හැබැයි මම නම් ඉන්දියන් ගැන දන්නේ නෑ.. මේවා ජපන් බයික් වල එන ලෙඩ..

    -
    අපෝ ඇති...මට දැන් මොනිටර් 2ක්,3ක් නෑ 4ක් පේනවා...මතක් උනොත් හෙට උදේට දැන්නම්..ආහ්හ් නෑ...අද දවල් වෙලා දාන්නම්... 1.35 am :shocked::shocked::shocked:

    machan me wage thawa technical thread dapan...ethakota mechanic karayata apiwa thambanna ba ne...... :yes::yes::yes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    නියමයි මචන් ගොඩක් ඒවා ගත්තා ... කොහේද මම නම් බයික් පැද්ද්දට ඕව ගැන වැඩිය දන්නේ නැ....... +6
     
    • Like
    Reactions: mil rox