ලිංගික ඉන්නන් යනු පිරිමියකුගේ හෝ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයන්හි සහ ගුදය වටා දැකිය හැකි මාංශමය ගැටිති විශේෂයකි. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ මුඛය වටාද මෙම ඉන්නන් දැකිය හැකිය, එයට හේතුව වන්නේ මෙම රෝගය අසාධිතයෙකු සමඟ මුඛ සංසර්ගයේ යෙදීමයි. මෙය වෛරසයක් මගින් බෝවන අතර රෝගී පුද්ගලයකු සමග ඇතිවන ලිංගික සංසර්ගයකින් හෝ මුඛසංසර්ගයකින් හෝ ස්පර්ශයකින් වැළදිය හැක.