කළුගලට පෙම් බැදි නිසා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළුගලට පෙම් බැදි නිසා....

    සදා නොමියෙන ආලයේ මල්
    පිපී ඉහිරුනු හද විලේ.....
    උදා හිරු නැග දියත කළඹා ..
    අවර ගිර බැස යන වෙලේ.........
    මලානික බව දසත ගැලුවත්...
    නිහඩ ලොව නැත ගණදුරේ....
    පරාජිත වී හඩා වැටුනෙමි...
    ගැලූ රුහිරෙන් පපුතුරේ.......

    සරාසද මට ඔබේ මදහස...
    විඩාබර නෙත් පිනවනා.....
    කලාවැව සේ දැනෙයි සෙනෙහස...
    වියලි හද අස්වද්දනා..........
    හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
    ගතේ සවියට දිරි දෙනා......
    මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
    වාසනා උල්පත උනා.....

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........


     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සනයි..., ඒත් අන්තිම ටික නම් තේරුනේ නෑ මට ,... :/
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ලස්සනයි..., ඒත් අන්තිම ටික නම් තේරුනේ නෑ මට ,... :/
    එහෙනම් තෙරුනු ටික කියන්න බලන්න....මටනම් තවම හිතාගන්න බෑ..ආයෙ සැරයක් කියවන ගමන්..:nerd:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    හරි හරි මම හිතන්නෙ මට වැටහුනා....මේ අනියම් ප්‍රේමයක් නිසා සැමියෙකු අතහැර ගිය බිරිඳක් ගැන කියවෙන්නක් නේද?:cool::cool::(:(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මට මේ තරම් සියුමැලිද කලුගල් ගීතය මතක් උනා...මේ නිර්මාණය දකිද්දී..:cool:mata mei nirmaanayen geethayak karanna aasayi...:D
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මේ තරම් සියුමැලිද කලුගල් ගීතය මතක් උනා...මේ නිර්මාණය දකිද්දී..:cool:mata mei nirmaanayen geethayak karanna aasayi...:D
    3.gif

    11.gif
    :) ඔබට බාරයි එහෙනම්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    අඩෝ සංකපාල මලයො, මේක නම් පට්ට බං,
    අන්තිම ටික වැදුනා රිදෙන්නම™

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........

    මේ තරම් ෆීල් වෙන්න ලිව්වෙ, උබ විවාහක පුරුශයෙක්ද බං?