රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනළ පවුව විය දුක සැප සම ගලන
පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉණි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා
ලොවුතුරු සුව විඳි අප රජවනු දැකලා ......
ගී පද :- පුජ්‍ය කිරඹ සුමංගල හිමි
ගී තනු : - මනෝරි උග්ගලගේ
ගායනය :- සුනිල් එදිරිසිංහ