~ ජී ~ වි ~ ත ~ ය ~

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔයාගේ කාලයෙන් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් මේ දේ කියවන්න දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සහෝ..


    අපි වැඩියෙ හිතුවෙ නැති වුණාට ඇත්තටම ජීවිතේ කියන්නෙ බොහොම අවිනිශ්චිත දෙයක් නෙ. අද ඉන්න කෙනා හෙට මේ ලෝකෙ ඉඳීද, මීට ටික වෙලාවකට කලින් අපිට දුරකථනයෙන් කතා කරපු කෙනා දැන් මේ ලෝකෙ ඉන්නවාද, අපි හෙට ඉඳීද නැද්ද කියන එක වත් අපි කාටවත් සහතික කරලා පුළුවන් ද? "මම නම් කීයටවත් හෙට මැරෙන්නෙ නෑ" කියලා සහතික කරලා කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවාද?


    Alone-47.jpg



    ඒ තරමට මේ ජීවිතේ අවිනිශ්චිතයි. මේ ළඟදි දොස්තර මහත්තයෙක් මැරුණානෙ. දොස්තර උපාධිය අරගෙන මාස 6ක් විතර ලු, කසාද බැඳලා මාස 3යි ලු, ඩෙංගු හැදිලා නෙ මැරුණෙ.ලෙඩ ගැන නොදන්න කෙනෙක්ද? ඩෙංගු වල රෝග ලක්ෂණ සහ බෙහෙත් වර්ග අපිට වඩා හොඳට දන්න කෙනෙකුට එහෙම වුණා නම් අපි ගැන කවර කතාද. ඒත් එහෙමයි කියලා, ඉගෙන ගන්නෙ
    මොකටද, මහන්සි වෙලා නිදි මරලා පාඩම් කරලා විභාග පාස් වෙලා උපාධියකුත් අරගෙන හොඳ රස්සාවක් හම්බුනාටත් පස්සෙ මැරුනොත් කියලා හිතුවොත් ඉතින් ජීවිතේ කිසිම දෙයක් කරන්න බෑ නෙ.

    ඒත් අපි බලාපොරොත්තු වෙනවා අපි, අපේ පවුලේ අය, යාළුවෝ, දන්න අඳුනන අය තව මොහොතකින්, අද රෑටත්, හෙටත්, අනිද්දාත්, තව අවුරුද්දක්, තව අවුරුදු දහයක්, තව අවුරුදු විස්සක් තිහක් අපිත් එක්ක ඉඳියි කියලා. ඒ වගේම අපි ඒ දේ විශ්වාස කරනවා. ඒ මත තමයි අපි මුළු ජීවිතේම ගොඩනඟන්නෙ. ඉගෙන ගන්නෙ, රස්සාවක් කරන්නෙ, සල්ලි හම්බ කරන්නෙ, කසාද බඳින්නෙ, දරුවො හදන්නෙ, තවත් ජීවිතේ කරන්න තියන හැම දේම කරන්නෙ ඒ විශ්වාසය නිසයි. අපි ජීවත් වෙන්නෙ අපිව ජීවත් කරවන්නෙ මේ බලාපොරොත්තු සහ විශ්වාසයයි. බලාපොරොත්තු සහ විශ්වාසය නැති වුණොත් අපේ ජීවිතෙන් කිසිම වැඩක් නෑ කියල අපිට හැඟේවි.

    එහෙම ජීවිතයක් ලබලා තියන අපි කවදාවත් මැරෙන්නෙ නැති මිනිස්සු වගේ තණ්හාවෙන් සල්ලි, බලය පස්සෙ යන්නෙ ඇයි කියන එක මට නම් නොතේරෙන කාරණාවක්. ඒත් ඉතින් සල්ලි කියන්නෙ දෙයියන්ගෙ මල්ලි කියලා අපි දන්නව නෙ. සමහර අය ජීවිත කාලෙම ඉවරයක් නැතුව මහන්සි වෙලා හරියට නොකා නොබී සල්ලි හම්බ කරලා කරලා ජීවිතේ විඳින්න වත් කාලයක් ඉතුරු කරගන්නෙ නැතුව මැරිලා යනවා. ජීවත් වෙලා ඉන්න කාලෙ තමන්ගෙ දෙමවුපියො, බිරිඳ සැමියා, දරුවො, යාළුවො එක්ක හොඳට කාලා බීලා සතුටින් ඉන්නෙ නැතුව ජීවිත කාලෙම සල්ලි විතරක් හොයලා ඒ සල්ලිත් කාටහරි දීලා මැරිලා යන එකේ තේරුම මොකද්ද?



    alone.jpg



    සමහර දේශපාලනඥයෝ දැක්කාම නම් අපිට හිතෙනවානේ "අනේ ඇත්තට.. මේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැමදාම ජීවත් වෙනවා කියලානේ.." කියලා. සල්ලි තණ්හාව, බලය තණ්හාව විතරක් නෙමේ තව ඒ වගේ සමාජයේ අපි දන්න කොච්චර නම් දේවල් තියනවාද මිනිස්සුන්ට තමන් මැරෙනවා කියන එක අමතක වෙච්ච. ත්‍රස්තවාදය, මිනීමැරුම් වගේ දේවල් එහි දරුණුම අවස්ථාවන් නෙ.

    ලොකු දේවල් ඕනේ නෑ. අපි ගැනම හිතන්න. අපි කවදාහරි මැරෙනවා කියන එක අපිටම අමතක වෙන අවස්ථා කොච්චර තියනවාද? අනිත් අයට නරක විදියට සලකනකොට, නපුරු වෙනකොට, දරුණු වෙනකොට, රිද්දනකොට, බොරු කරනකොට, හතුරුකම් කරනකොට, වෛර කරනකොට, පාවා දෙනකොට සදාකාලිකව ජීවත් වෙන්න ආපු අය වගේ සමහර වෙලාවට අපි හැසිරෙනවා නේද? තමන්ගෙ වයසක අම්මාට තාත්තාට සලකන එක වදයක් වෙන්නෙ අපිත් කවදා හරි ඒ තත්ත්වෙට පත්වෙනවා කියන එක නොදැන ද? නෑනෙ. ඒ ගැන හිතන්න අපි කැමති නෑ. අපි කැමති අපි හැමදාම මෙහෙම ඉන්නවාට. දැන් තියන හොඳ කල්පනාව වත්, ශරීර ශක්තිය වත්, රූපය වත් වයසට යනකොට අපිට තියෙන්නෙ නෑ. ඒත් ඉතින් සමහර වෙලාවට දෙමවුපියන්ට සලකන්නෙ ඒවා මතක නැති ගානට නෙ.

    ජීවිතේ නියම සතුට තියෙන්නේ සල්ලි වල වත්, බලයේ වත්, අනිත් අය යටත් කර ගැනීමෙන් වත්, අනිත් අයට දුක් දීමෙන් වත්, වෛර කිරීමෙන් වත් නෙමෙයි කියලා තේරුම් ගන්න අපිට පුළුවන් වෙනකොට සමහර විට ඒ ගැන පසුතැවෙන්න වත් වෙලාවක් අප සතුව නොතිබෙන්න පුළුවන්. කවුද දන්නෙ කවදා කොතැන අපේ වෙලාව එයිද කියලා. කොයි වෙලේ ඒ අවස්ථාවට මුහුණ දෙන්න උනත් පසුතැවීමක් නැතුව ජීවිතේ අන්තිම අවස්ථාවෙදි ජීවිත කාලෙම කරපු හොඳ දේවල් වල සතුටත් අරගෙන සමාදානෙන් අවසන් හුස්ම හෙලන්න තියනවානම් ඒක තමයි මගේ ජීවිතේ නම් මට ලබන්න තියන ලොකුම වාසනාව හැටියට මං සලකන්නෙ.



    alone.jpeg



    මැරෙන දවසක අපිට අරන් යන්න තියෙන්නෙ අපි මේ ලෝකේ ජීවත් වෙන කාලෙදි අපි කරපු හොඳ නරක විතර නෙ. පොදි ගහල හම්බ කරන සල්ලි වත් කෑදර කමින් පස්සෙන් යන බලය වත් ලොකු කම වත් නෙමෙයි නෙ. අර සින්දුවකුත් තියෙන්නෙ, "නාමෙ නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ.." කියලා. අපිත් එක්ක ඉන්න අයට කවදාහරි අපිව මතක තියෙන්නෙ අපි කරලා තියන හොඳ නරක අනුව නෙ. ඉන්න කාලෙ පවුලෙ අයට හොඳින් සලකලා ආදරෙන් ඉඳලා, යාළුවො සහ පිටස්තර සමාජය එක්ක හොඳ සම්බඳයක් ගොඩනඟාගෙන ඉන්න කෙනෙක් මිය ගියාම සදා කල් මතකයේ රැඳෙනවා හැමදාටම. අපි නැති කාලෙක ඒ අය අපිව මතක් කරයි, අපේ හොඳ නම විතරක් රැඳෙයි එයාලත් එක්ක හැමදාම. සල්ලි ගොඩක් විතරක් ඉතුරු කරලා විතරක් ගියාට එහෙම වෙන්නෙ නෑ නේ. සල්ලි තියනකම් මතක් කරයි. ඊට පස්සෙ?

    ඉතින් ඉන්න කාලේ පුළුවන් තරම් හොඳට ජීවත් වෙලා තමන්ගෙ දෙමව්පියන්ට බිරිඳට සැමියාට දරුවන්ට මිතුරන්ට අසල්වැසියන්ට හොඳින් සලකලා තමන්ගෙ රැකියාව අවංකව ඉටු කරලා සමාජයට කරන්න පුළුවන් හොඳ දෙයක් කරලා මේ ලෝකෙන් සමුගන්න එක කොච්චර වාසනාවක්ද?



    ඔබ මෙලොවින් ගියාට පස්සේ ඔබේ පවුලේ අයට හිතවතුන්ට සමාජයට ඔබව කොහොම මතක හිටිනවාටද ඔබ කැමති කියලා ඔබම හිතලා බලන්න..

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    You must spread some Reputation around before giving it to tshirtZ again.
    පස්සෙ කියවන්නන්. මේ වෙලාවෙ හරි අමාරුයි ගොඩක් කියවන්න. :P
    2.gif
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    යාළුවා;16154046 said:
    You must spread some Reputation around before giving it to tshirtZ again.
    පස්සෙ කියවන්නන්. මේ වෙලාවෙ හරි අමාරුයි ගොඩක් කියවන්න. :P
    2.gif

    :yes:

    bump
    තරහා වෙන්න එපා පස්සේ අනිවා කියවන්නම්

    happy.png

     
    Last edited:
    • Like
    Reactions: tshirtZ

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Code:
    ඒත් අපි බලාපොරොත්තු වෙනවා අපි, අපේ පවුලේ අය, යාළුවෝ, දන්න අඳුනන අය තව මොහොතකින්, අද රෑටත්, හෙටත්, අනිද්දාත්, තව අවුරුද්දක්, තව අවුරුදු දහයක්, තව අවුරුදු විස්සක් තිහක් අපිත් එක්ක ඉඳියි කියලා. ඒ වගේම අපි ඒ දේ විශ්වාස කරනවා. ඒ මත තමයි අපි මුළු ජීවිතේම ගොඩනඟන්නෙ. ඉගෙන ගන්නෙ, රස්සාවක් කරන්නෙ, සල්ලි හම්බ කරන්නෙ, කසාද බඳින්නෙ, දරුවො හදන්නෙ, තවත් ජීවිතේ කරන්න තියන හැම දේම කරන්නෙ ඒ විශ්වාසය නිසයි. අපි ජීවත් වෙන්නෙ අපිව ජීවත් කරවන්නෙ මේ බලාපොරොත්තු සහ විශ්වාසයයි. බලාපොරොත්තු සහ විශ්වාසය නැති වුණොත් අපේ ජීවිතෙන් කිසිම වැඩක් නෑ කියල අපිට හැඟේවි

    :yes::yes::yes::yes:

    rep++
     
    • Like
    Reactions: tshirtZ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ මෙලොවින් ගියාට පස්සේ ඔබේ පවුලේ අයට හිතවතුන්ට සමාජයට ඔබව කොහොම මතක හිටිනවාටද ? :dull:

    පට්ට කථාව
    යන තැනකට නෙවෙයි.. ඉන්න තැනට හොද දෙයක් කරලයි යන තැනකට යන්න ඕනෙ


     

    dishanwis

    Well-known member
  • good therad bro ජිවිතය ජිවත් කරන්නෙ බලපොරොත්තුව මෙ subject ඒක ඔය කතා කරන්න කියන්න දෙවල් නම් බොහො දෙවල් තියෙනවා ජිවිතයෙ වටිනකම කියල නිම කරන්න බැ මනුශයෙක් වශයෙන් ජිවිතයක් ලැබිම කොතරම් වසනවන්ත කමක් ද අපෙන් මෙ ලොකෙට යම් සෙවයක් වෙනුවෙන් අපි ඉපදි ඉන්නෙ ගොඩක් අය හිතන් ඉන්නෙ කරපු කර්ම වලට ජිවිතය දුක් විදින්නෙ ව්දවන්නෙ කියලා ඒත් ඒ හිතනවාට වඩා බොහො වෙනස් දෙයක් ජිවිතය ලැබිම ජිවිතයෙන් සමුගන්න ඉස්සෙල්ලා තෙරුම් ගන්න අය බොහොම ටික දෙනයි සැබැ සුන්දරත්වය ජිවිතයෙ වටිනාකම :yes::yes::yes: rep +++
     
    • Like
    Reactions: tshirtZ

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් කියෙව්වා :) කතාව ඇත්ත. මටත් ඕක හිතෙනවා.
    ජීවත් වෙනකන් හොඳින් ආතල් එකේ ඉන්න එක තමා සැප :D
    අරූ දුප්පත් අරූ පෝසත් කියල සමහරු සරලවම වෙන් කරන විදිය දැක්කම උන් කොහොමද එහෙම කරන්නෙ කියල හිතෙනවා. ඕක දැන් හැමදාම පේන දෙයක්. ඕක අනන්තෙකින් එකක් අපි අතර වෙන. තව කොච්චර දේවල් වෙනවද? සල්ලි පස්සෙ යන්න ඕනෙ නෑ. තියෙන දේකින් හොඳට කාල ඇඳලා අනිත් උන්න ෆන් එකේ හොඳින් ඉන්නව ඇරෙන්න මොනවද වෙන ඕනෙ. මට නං ඒ ඇති. මහ ලොකු දේවල් ඕනෙ නෑ.
    ලැම්බොගිනි ගන්න ආසාවක් නෑ :D කොහෙ හරි නෝමල් එකේ 60-100ට යන්න පුළුවන් වාහනයක් තිබ්බම ඇති. :P නිකන් දුන්නොත් ලැම්බොගිනියක් අරන්. මාසයක් විතර හමගහල විකුණලා සල්ලි ටික ආධාර විදියට දෙනවා. :P නැතුව අඩෝ මම ලැම්බොගිනි ගන්න දැන් ඉඳන් සල්ලි එකතු කරනවා කියන ආතල් එකක් නෑ. :D අඩු ගානෙ ෆෝන් එකක් ගන්නවත් මම නං එකතු කරන්නෙ නෑ.
    ලෞකීක දේට වඩා මානසික ආත්මීක අධ්‍යාත්මීක දේ මට වැදගත්. :love: (එකම දේ තුන් පාරක් කිව්ව එක එක විදියට :D )
    ඉතුරු කරන එක ඇත්ත. ඒ හදිස්සියකදී පාවිච්චි කරන්න කාටවත් කරදරයක් නොකර මට වෙන කරදර විඳින්න.
    මටයි මගෙ පවුලටයි කාල ඇඳලා හොඳට ජීවිතේ ගෙවන්න ආදායමක් තිබ්බම ඇති. කාටහරි උදව්වක් කරගෙන ඉන්න පුළුවන් විදියට. නැතුව කාටවත් ඉහලින් යන්නවත් කාට හරි පේන්න වත්. පොඩි ගහන්නවත් ඕනෙ නෑ. සරලයි වැඩි දේවල් ඕනෙ නෑ. ඔය සතුට මැරෙනකන් ලැබෙනවනන් වෙන දෙයක් ඕනෙ නෑ. නිදහස් සන්තෝසයක් ඒක.
    මගෙ වගකීම් යුතුකම් ටික ඉටු කරන ගමන් මටයි මං ජීවත් වෙන පරිසරයෙ ඉන්න යයි එක්ක සතුටින් ඉන්න තියේ නං එච්චරයි පැට්ටෝ :love:
    මේක කියෙව්වම මට හිතුන මන් වගේ කීදෙනෙක් මේ ලෝකෙ ඔය විදියට හිතනවා ඇද්ද කියල. :D
    පට්ට ටෝක් එක. රෙප් දෙන්න බැහැලු. :D
    හැබැයි මන් මේ කිව්ව ටික ඊට වඩා වටිනවා කියල මට හිතෙනවා :D
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    271
    83
    Kingdom of Solitude..!!
    පට්ට මචන්.. 100% එකගයි උබ කියන දේවලුත් එක්ක. අද කාලේ ගොඩක් උන් ජිවත් වෙන්න කවදාවත් මැරෙන්නේ නැති අය වගේ. :yes::yes:
     
    • Like
    Reactions: tshirtZ

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    valuble thread bro ...
    book mark karan indala danui read karanna hambune ... yatharthaya siyumwa wigraha karala thiyenawa ....
    thx alot 4 the article

    (You must spread some Reputation around before giving it to tshirtZ again. lu ) :(
     
    • Like
    Reactions: tshirtZ