මල්ශා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    446.jpg

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද ?
    එක පාරට මතකෙට එන්නෙ නැහැනේ...

    • තාත්තාගේ නම ?
    ජීවන් කුමාරතුංග.

    • ඔබේ නම මොකක්ද?
    ශලනි මල්ශා කුමාරතුංග.

    • වයස කීයද?
    26යි.

    • ඉගෙන ගත්ත පාසල?
    Whcherley ජාත්‍යන්තර පාසල.

    • ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද?
    මම ලන්ඩන්වල LLB Law කළා.

    • දැනට කරන රැකියාව මොකක්ද?
    මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. මම ඉස්සර තාත්තිගේ ප්‍රයිවට් සෙකටි‍්‍ර විදියට හිටියා.

    • ඡන්දෙට එන දිස්ත්‍රික්කය?
    කොළඹ.

    • මොකක්ද ඡන්දේ ඉල්ලන්න තියෙන සුදුසුකම?
    මගේ තාත්ති දේශපාලන වශයෙන් ගොඩාක් වැඩකරන කෙනෙක්. මම තාත්තිත් එක්ක කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න මම අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මට මිනිස්සුත් එක්ක එකට වැඩකරන්න පුළුවන්වීම දේශපාලනයට එන්න හොඳ සුදුසු කමක් කියලා.

    • ඡන්දෙට කීයක් වියදම් කරනවාද?
    ඒ ගැනනම් තාම හිතලා නැහැ.

    • රටේ ආර්ථිකය දැන් දියුණු වෙලාද?
    ඔව් මම හිතනවා ඒක එහෙමයි කියලා. අපේ මේ තියෙන රජය පුළුවන් තරම් හොඳට ආර්ථිකය හසුරුවනවා.

    • උද්ධමනය කියන්නේ මොකක්ද?
    භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම.

    • දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?
    අයියෝ මතක නැහැ. මම මාකර්ටිං යනවා. ඒත් හරියට මතක නැහැ.

    • පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ කී වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද?
    13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්.

    • ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද?
    ඒකට නම් "නෝ කමෙන්ට්"

    • ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා?
    මහින්ද දේශප්‍රිය.

    • නළු නිළියෝ දේශපාලනයට එන එක හොඳද?
    මෙහෙමයි, ඒ අයට කොලිෆිකේෂන් තියෙනවා කියලා හිතනවානම් පක්ෂවලිනුත් ඒ අයට චාන්ස් එකක් දෙන්න කැමැතිනම් මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නැහැ කියලා.

    • පසුගිය කාලේ අගමැති මත්කුඩු ව්‍යාපාරිකයන්ට උදව් කරලා තියෙන නිසා අගමැතිකමින් අයින් කරන්න ඕනෑ කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරපු හාමුදුරුවෝ කවුද?
    හාමුදුරුවෝ නම් මතක නැහැ. එහෙම වුණානම් මතකයි.

    • 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕනද?
    නැහැ. මම හිතන්නේ දැන් තියෙන විදිය හොඳයි.

    •මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑද?
    ඕන දේක කාලේ යනකොට වෙනස්වීමක් තියෙනවා. ඒ විදියට අලුත් පරම්පරාවත් එක්ක දැන් තියෙන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හදලා වෙනස් වුණොත් හොඳයි.

    • ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද?
    ජේ.ආර්. ජයවර්ධන.

    • සරත් ෆොන්සේකා නායකත්වය දරන පක්ෂෙ මොකක්ද?
    ඒකනම් මතක නැහැ.

    • පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ගාණ?
    225යි.

    • ඡන්දේ දිනලා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ?
    මම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ පරම්පරාව වෙනුවෙනුත් යමක් කරන්න මට ලොකු වගකීමක් තියෙනවා.

    • කැසිනෝ ලංකාවට ඕනැද?
    ඒ ගැන මට මුකුත් කියන්න බැහැ.

    • ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද
    එක පාරට මතකෙට එන්නෙ නැහැනේ.

    • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ?
    අතනේ. මට එක පාරට මතක් වුණේ පුටුව.

    • කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු?
    ඒක පක්ෂයේ තීරණයක්.

    • උතුරු පළාත් සභාවේ බලය අයිති කාටද?
    TNA එකට

    • ලංකාවට විදේශීය විශ්වවිද්‍යාල ඕනද?
    මම හිතන්නේ ලංකාවේ ඉස්කෝලවලින් එළියට යන හැම කෙනාටම විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි විදේශීය විශ්වවිද්‍යාල ලංකාවේ ඇතිකළා කියලා ප්‍රශ්නයක් නැහැ.

    • රඟපාන්න කැමැති නැද්ද?
    රඟපාන පැත්තට අකැමැත්තක් නැති එක නෙවේ, හැබැයි මම හිතන්නේ මට හොදටම කරන්න පුළුවන් ජොබ් එක මේක තමා.

    • මේ කරන්නෙත් රඟපෑමක්?
    ඒ කිව්වේ.

    • දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක් ?
    ඒක එක එක්කෙනාට හිතෙන විදිය. හැබැයි මමවත්, තාත්තවත් දේශපාලනයයි, රඟපෑමයි පටලව ගන් නැහැ. මම රඟපෑම පැත්තකින් තියලා දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන නිසා.

    ලංකාව වගේ පිස්සු කෙලින රටක් වෙන කිසම ලෝකෙක නැතුව ඇති. එළ එළ ඔහොම යමු අපේ පිස්සු මෝඩ පකීර්ලට මුන්ම තමයි හරියන්නේ. මේ ඉන්නේ අනික් සෙට් එක. මුන් මොනවා දනන්වාද දන්නේ නෑ රටේ තත්වේ ගැන.

    1609638_10151787456256525_1174198666_n.jpg

    අයියෝ ලංකාවට ගිය කල. :no::no::no::no:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    සුපිරි ගොන් බඩුවකුත් ඉල්ලන්නේ..:lol:

    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනේ මන්දා බන් අපේ රටත් දැන් ඉන්දියාව වගේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්දා බන් අපේ රටත් දැන් ඉන්දියාව වගේ

    බලාගෙන යනකොට ඉන්දියාවේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා කෙලින් ඉන්නවා. දේශපාලුවන්ට ඕන ඕන විදියට ඒ රටේ මිනිස්සු නටන්න දෙන්නේ නෑ. එකට අපේ රටේ මිනිස්සු.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බලාගෙන යනකොට ඉන්දියාවේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා කෙලින් ඉන්නවා. දේශපාලුවන්ට ඕන ඕන විදියට ඒ රටේ මිනිස්සු නටන්න දෙන්නේ නෑ. එකට අපේ රටේ මිනිස්සු.

    ඇයි බන් බලපන්කො තමිල්නාඩුව ..උන්ගෙ ඉන්නෙ ඕකොම නලු නිලියොනෙ උන් ෆිල්ම් වල විරයො හින්දා ඉන්න උන් ගිහින් චන්දෙ දෙනවා ,උන් නම්උපන් ගෙයි මොඩ හැත්තක් නෙ ,,එත් අපේ රටේ වගේ අකුරක් කියෝ ගන්න පුලුවන් පත්තරයක් කියවන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා කියන්නෙ ..:no::no::no::no::no:
     
    • Like
    Reactions: bohokal

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බලාගෙන යනකොට ඉන්දියාවේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා කෙලින් ඉන්නවා. දේශපාලුවන්ට ඕන ඕන විදියට ඒ රටේ මිනිස්සු නටන්න දෙන්නේ නෑ. එකට අපේ රටේ මිනිස්සු.

    sinhalayge purudda issara idan param para ganan suddonta P** dila ewa dan jana wala enawa...
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හාල් කිලෝ එකක ගාන දන්නේ නැති උන්ට ඡන්දේ දෙන උන්ගේ අහවල් එක කපලා මාළුන්ට කන්න දාන්න ඕනේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සංගණනයක් නැතිවම ලංකාවේ ඉන්න බුරුවො ගැන දැනගන පුළුවන් චන්දෙන් පස්සේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් බලපන්කො තමිල්නාඩුව ..උන්ගෙ ඉන්නෙ ඕකොම නලු නිලියොනෙ උන් ෆිල්ම් වල විරයො හින්දා ඉන්න උන් ගිහින් චන්දෙ දෙනවා ,උන් නම්උපන් ගෙයි මොඩ හැත්තක් නෙ ,,එත් අපේ රටේ වගේ අකුරක් කියෝ ගන්න පුලුවන් පත්තරයක් කියවන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා කියන්නෙ ..:no::no::no::no::no:

    ඔව් එහෙම උනාට උන් දන්නවා මිනිසුන්ගේ දුක. එකෙක් දෙන්නෙක් ඇති මෝඩයෝ. ඒකට අපේ රටේ. බලපන් දැන් ඉන්න නළු නිළියන්ගෙන් කී දෙනෙකුට මොලේ තියනවද? අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වත් හරියට දන්නවාද??? :no::no: දැන් බලපන් අර ජින්ජර් එන විදිය??? :no::no::no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සංගණනයක් නැතිවම ලංකාවේ ඉන්න බුරුවො ගැන දැනගන පුළුවන් චන්දෙන් පස්සේ.

    ඔව් අනිවාර්යෙන්. ඒ වගේම සංගණනයක් නැතුවම මේකේ ඉන්න බූරුවෝ හොයා ගන්ඩත් පුළුවන් මචන්. තව ටිකකින් මෙතනට එයි. :lol::lol::lol:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ඔව් එහෙම උනාට උන් දන්නවා මිනිසුන්ගේ දුක. එකෙක් දෙන්නෙක් ඇති මෝඩයෝ. ඒකට අපේ රටේ. බලපන් දැන් ඉන්න නළු නිළියන්ගෙන් කී දෙනෙකුට මොලේ තියනවද? අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වත් හරියට දන්නවාද??? :no::no: දැන් බලපන් අර ජින්ජර් එන විදිය??? :no::no::no:

    :yes:.... :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඔව් එහෙම උනාට උන් දන්නවා මිනිසුන්ගේ දුක. එකෙක් දෙන්නෙක් ඇති මෝඩයෝ. ඒකට අපේ රටේ. බලපන් දැන් ඉන්න නළු නිළියන්ගෙන් කී දෙනෙකුට මොලේ තියනවද? අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වත් හරියට දන්නවාද??? :no::no: දැන් බලපන් අර ජින්ජර් එන විදිය??? :no::no::no:

    ජින්ජර්ගේ කොන්ඩේ සාත්තුවට විතරක් මාසෙකට රුපියල් විසිදාහක් යනවලු..පේනවනේ එන්නෙත් කොන්ඩේ වහගෙන..දූවිලි වදිනවට බයේ..ඉතින් එහෙම ගෑණියෙක් කොහොමද මිනිස්සුන්ට සේවය කරන්නේ..:lol::lol::lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඇයි බන් බලපන්කො තමිල්නාඩුව ..උන්ගෙ ඉන්නෙ ඕකොම නලු නිලියොනෙ උන් ෆිල්ම් වල විරයො හින්දා ඉන්න උන් ගිහින් චන්දෙ දෙනවා ,උන් නම්උපන් ගෙයි මොඩ හැත්තක් නෙ ,,එත් අපේ රටේ වගේ අකුරක් කියෝ ගන්න පුලුවන් පත්තරයක් කියවන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා කියන්නෙ ..:no::no::no::no::no:

    masuran kathawa ,mage gaane rep8+
     
    • Like
    Reactions: pubudu_dias

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජින්ජර්ගේ කොන්ඩේ සාත්තුවට විතරක් මාසෙකට රුපියල් විසිදාහක් යනවලු..පේනවනේ එන්නෙත් කොන්ඩේ වහගෙන..දූවිලි වදිනවට බයේ..ඉතින් එහෙම ගෑණියෙක් කොහොමද මිනිස්සුන්ට සේවය කරන්නේ..:lol::lol::lol:

    ඔන්න අපේ මහජන නියෝජිතයෝ :lol::lol::lol::lol: