Sarath Foneska ???? naa ganeedha ????

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

Aanduwata mada gahapu website ekak....den aanduwe redhi hodhanna patan aragena wage.....me Article eka daala thibbe a website eke ......issara me website eke Fonsekata support karala Article demma ....den mada gahanna patan aragena wage :angry:



යුද්දේ හීරෝ, පොලිටිකලි සීරෝ, මනුස්සකමින් ඩබල් සීරෝ: ජෙනරාල් ෆොන්සේකාගේ මාධ්‍ය සම්බන්ධීකාරක ෆොනී ලෙලි ගහයි-----

ජෙනරාල් ෆොන්සේකාගේ පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ එම ධූරයෙන් සහ පක්ෂයෙන් පසුගිය 7 දා ඉවත් වී ඇති අතර අද මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ජෙනරාල් ෆොන්සේකා පතුරු ගැසීය. අවුරුද්දයි මාස 9 ක් ජෙනරාල් ෆොන්සේකාගේ සමීපතම මිතුරාව සිට හැමදාම ඔහු සමග දිවා ආහාරය ගත් නමුත් ෆොන්සේකාට දේශපාලන දර්ශනයක් නොමැති බවත් ඇත්තේ වෛරය පලිගැනීම සහ බල ලෝ්භීත්වය පමණක් යැයි චෝදනා කළ සමරසිංහ ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ දේශපාලනඥයන් විනාශ කිරීමේ අරමුණක් ඇති භයානක පුද්ගලයෙක් ලෙස හැඳින්වීය. ලසන්ත ඝාතනය ගැන විමසූ විට 'සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතුය' යි ෆොන්සේකා පිලිතුරු දුන් බව කී මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් ෆොන්සේකා ඉවත් වීමට සූදානම් වීම තමාගේ ඉවත් වීමට ආසන්න කළකිරීම යැයිද තමා පක්ෂය ගොඩ නැගීමට දිවා රෑ නොබලා දර දිය ඇද්ද පුද්ගලයෙක් යැයිද පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි ෆොන්සේකාට හිතවත් දෙදෙනෙක් සංජීව සමරසිංහ ඉවත් වුනා නොව ඉවත් කළා යැයිද කාගෙන්දෝ චෙක් පතක් වංචා කළා යැයි ද කියා කෑ ගසමින් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට ඉඩ නොදී අසංවර ලෙස හැසිරෙමින් එය කඩා කප්පල් කිරීමට කටයුතු කළහ. සංජීව සමරසිංහට 1,25,000 ක් පඩි දුන්නා යැයිද, ලමයාගේ අසනීපයකට රුපියල් ලක්ෂ 2 ක් දුන්නේ යැයිද බයිසිකලයක් දී තිබුනේ යැයිද පිරිස කීහ. මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ සමරසිංහ බවත් ඔවුන්ට එයට පිලිතුරු දිය යුතු නම් වෙනත් මාධ්‍ය හමුවක් කැඳවා පිලිතුරු දෙන ලෙසත් මාධ්‍යවේදීන් පවසා සිටියේ ය. කඩාකප්පල් කාරීන් ගැන සංජීව සමරසිංහ මාධ්‍ය හමුවේ සිටම පොලිසියට දුරකථන ඇමතුමක් දුන්නේය.

සංජීව සමරසිංහ වැඩිදුරටත් මෙසේ ද කීය.

"ෆොන්සේකා කට වාචාලයෙක්. ඔහු ඡන්ද බලයක් විශ්වාස කරන්නේ නෑ. ඡන්ද බලයකින් මේ රටේ බලය ගන්න කොපමණ කාලයක් යාවිද? එතරම් කාලයක් විඳ දරාගෙන ඉන්න පුළුවන්ද? මෙවැනි සිතුවිලි වල ඔහු ඉන්නේ. ඔහු විශ්වාස කරන්නේ කොයි මොහොතක හරි, මොනයම් හෝ අර්බුදයකින් කවුරුන් හෝ මේ රට අස්ථාවර කළ වෙලාවක විධායක ජනාධිපති පුටුවේ ඔහුව උස්සගෙන ගිහිල්ල තියයි කියලා ඔහු හිතාගෙන ඉන්නවා. කැරලිකාර තත්ත්වයකදී ඔහුට ජනාධිපති පුටුව ලැඛෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඔහු කිසි සේත්ම විධායක බලය අහෝසි කළ යුතු යැයි සිතන්නේ නෑ. කවදාක හෝ ඒ විධායක බලය ඔහුට ලැඛෙයි කියා ඔහු විශ්වාස කරනවා."

"මගේ හිතවතෙක් ඉඩමක් විකුණලා ලක්ෂ 10 ක් දුන්නා. ඒව පක්ෂ අරමුදලට යන්නේ නෑ. එකම පුද්ගලයෙකුට වැටුප් ගෙවන්න කියා කිහිප දෙනෙකුගෙන් සල්ලි ගන්නවා. මෙයා මගෙන් අහනවා 'සංජීව අපි මේ ඡන්දෙට සති දෙකකට විතර කලින් ඉල්ලා අස්වුනොත් මොකක් වෙයිද' කියලා. මං කීවා 'මොනවත් වෙන්නේ නෑ. ආසන සංවිධායක වරුන්ට පෝලිමේ වහ කන්න වෙන්නේ' කියලා කීවා. සරත් ෆොන්සේකාගේ වාහනය එළැවූ රියැදුරන් 22 ක් රස්සාව දාලා යන්න ගියා."

"මගේ ලමයි කියනවා තාත්තේ ඔයා ගෙදර නෑනේ කියලා. ඒ නිසා ජනවාරි සිට එක දිගට වැඩ කරලා පෙබරවාරි 2 දා මම නැවතුනා එක දවසක්. 11.30ට විතර ජෙනරාල් මට කතා කළා. ඇහුවා 'කොහේද ඉන්නේ?' මං කීවා 'ගෙදර' කියලා. 'ඇයි අද ගෙදර ඉන්නේ'? මං කීවා 'මගේ දුවව දහම් පාසැල් එක්කගෙන ගියා ගිහිල්ල ගෙදර ඉන්නවා' කියලා. ඒ පාර ජෙනරාල් කියනවා 'සංජීව මං එකක් කියන්නම් මෙතන වැඩ කරනවා නම් නිවාඩු බෑ' කියලා. මං කීවා 'මහත්තයෝ මං සොල්දාදුවෙක් නෙමෙයි. මම ඔබ තුමාගේ ආවතේව කරුවෙක් නොවෙයි. මට නියෝග දෙන්න එපා' කියලා."

"ෆොන්සේකා චන්ද්‍රිකා මැතිනියව තුන් පාරක් හම්බවුනා. අවසාන සාකච්ඡාවෙදි චන්ද්‍රිකා මැතිණිය ඉතා පැහැදිලිව කියලා තිබුනා මේ ජනාධිපතිව පරද්දන්න පුළුවන් මට විතරයි කියලා. ෆොන්සේකා එදා කාර්යාලයට ආවේ වියරු වැටිලා. ඔහු චන්ද්‍රිකා මැතිණියගේ රෙදි ගැලෙව්වා. ඔහු තුල තියෙන්නේ වෛරී චේතනාව විතරයි. පලිගැනීමේ චේතනාව විතරයි."

"ලාල් වික්‍රමතුංග මහත්තයා ලසන්ත වික්‍රමතුංගගේ අයියා අවස්ථා දෙකකදී කියා තිබුනා ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සරත් ෆොන්සේකා මහතා වග කියන්න ඕනෑ කියලා. මම ෆොන්සේකාගෙන් ඇහුවා ලාල් වික්‍රමතුංග කියපු කතාවේ සත්‍යයක් තියෙනවාද කියලා. ඔහු දුන්නු උත්තරය මගේ ඩයරියේ තියෙනවා. (ඩයරියක් බලා පිලිතුරු දෙයි) ෆොන්සේකා කීවේ 'මම දරණ අදහස නම් සීමාව ඉක්මවා යන ඕනෑම කෙනෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බවයි.' ඒ අනුව ඔහුගේ ඝාතන ලැයිස්තුවට සංජීව සමරසිංහගෙත් නම එකතු වේවි."

සංජීව සමරසිංහ යනු වසර 25 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂ යූනියන් දේශපාලනයේ නියුතුව සිටි අයෙකි. ලේක්හවුසියේ සේවය කළ ඔහු පසුගිය 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ ෆොන්සේකාට සහාය දුන් බැවින් දේශපාලන පලිගැනීමට ලක්වූවෙකි. තමා ලක් වූ පලිගැනීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහායක් ලබා දුන්නේ නැතැයි කියමින් කලකිරීමට පත් වූ සමරසිංහ පසුව සජිත් පාර්ශවය සමග එකල මෙකල වෙමින් සිට ෆොන්සේකාගේ පක්ෂයට සම්බන්ධ විය.

ජෙනරාල් ෆොන්සේකාට සහාය දක්වා පසුව ඔහුගෙන් ඉවත් වූ පළමු වැන්නා සමරසිංහ නොවේ. පොදු අපේක්ෂකයා ලෙස ඔහුට 2010 දී සහාය පළ කළ සියළු පක්ෂ සමග අද ඔහු අමනාප වී සිටී. ඔහු සිරගතව සිටියදී ඔහුව නිදහස් කරන්නැයි උද්ඝෝෂන කළ සියළු පක්ෂ සමගද විරසකව සිටී. ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යපාරය ගොඩ නැගූ අලගියවන්න මාධ්‍යෙවිදියා ණය කරුවෙකු කරවා හොර නාමයක් ගසා එළවා දැමුවේය. තමන්ව නිදහස් කරන්නැයි සියළු පක්ෂ එකතුව හයිඩිපාක් හි රැස්වීමක් පවත්වද්දී එම රැස්වීමට සහභාගී නොවන්නැයි සිය බිරිඳට උපදෙස් දුන්නේය. ඔහු සමග ක්‍රියා කළ ටිරාන් අලස් අවස්ථාවාදියෙක් බව හෙළිකරද්දී ඔහු සුදනා කරමින් මාධ්‍ය සාකච්ඡා පවා තැබුවද අවසානයේ ටිරාන් අලස් ඔහුට කොකා පෙන්වා හැර ගියේ මැතිවරණ ව්‍යාපාරයෙන් ෆොන්සේකා යටි මඩි ගැසූ මුදල් වලින් කොටසක් තමන්ද පිල්ලි ගසාගෙනය. ෆොන්සේකා සමග සිටි මන්ත්‍රී අර්ජුන රණතුංගද ඔහු හැර ගියේය.

ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සමග යුද කළ මේජර් ජෙනරාල් වරුන් බි්‍රගේඩියර් වරුන් ඇතුළු 16 දෙනෙකු රාජපක්ෂලා විසින් අනිවාර්ය නිවාඩු යවා සේවය අහිමි කළ අතර අද දක්වා ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප පවා ගෙවා නැත. නිදහස් වීමට වසරක් තිබියදී එම කාලය ඉවසනු නොහැකිව රාජපක්ෂ ජනාධිපති සමග රහස් සාකච්ඡා පවත්වා ෆොන්සේකා නිදහස ලබා ගත් නමුත් තමන් නිසා සේවය අහිමිකර ගත් හමුදා ප්‍රධානීන් 16 දෙනාට අද දක්වා දුරකතන ඇමතුමක් දී ඔවුනගේ සුව දුක් හෝ විමසා නැත. ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් පිරිසක්ද අත් අඩංගුවට ගෙන මාස 3 ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන නිදහස් කළ අතර නිදහස් වී පැමිණි ෆොන්සේකා අද දක්වා එකී මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුමක් හෝ ලබා දී නැත.

තමා වංචා කාරයෙක් නොවේ යයි නිතර කියන නමුත් 2010 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේදී ඔහුට ලැබුණු කෝටි ගණනක මුදල් තම බෑණාගේ අම්මාගේ එකවුන්ට් වල දමා යටි මඩි ගසා ගත්තේ ඇයිද යන්න ගැන හරි හමන් පිලිතුරක් දෙන්නේ නැත. සුනාමියට ලැබුණු මුදල් මරා නංගීගේ ගිණුමක දැමීමත් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනතාවගෙන් ලැබුණු මුදල් ෆොන්සේකා බෑණාගේ අම්මාගේ ගිණුමක දැමීමත් දෙකම එක සේම මහජන මුදල් පාරදෘශ්‍ය භාවයකින් තොර යටි මඩි ගැහිලිය. ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ලැබුණු මුදල් කොපමණක් දැයි කොහේවත් ගිණුම් සටහන් තබා නැත. ඔහුට සහාය දුන් පක්ෂ වලට ඒ පිලිබඳ වාර්තාවක් දිය යුතුම නමුත් එවැන්නක් දී නැත.

ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට හෙළිවී ඇති පරිදි පාකිස්ථානයෙන් රුපියල් මිලියන 1000 ක් ලැබිණ. එක්තරා බහුජාතික සමාගමකින් (නම සඳහන් කළ නොහැක) තවත් රුපියල් මිලියන 500 ක් ලැබිණ. ඒ විශාලතම ලැබීම් දෙකට අමතරව ලැබුණු මුදල් කෙසේද යත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු (නම සඳහන් කළ නොහැක) රුපියල් කෝටියක් පරිත්‍යාග කිරීමට පැමිණ සති දෙකක් කොළඹ රස්තියාදු වී මුදල් පරිත්‍යාග කිරීමට නොහැකිව ආපසු හැරී යන්නට සිදුවූයේ පරිත්‍යාගශීලීන්ගේ පෝලිම ඉතා දිගු වූ බැවින් වේලාවක් ලබා ගත නොහැකි වූ නිසාය. එපොයින්මන්ට් ලැබූ සියළු දෙනා කෝටියට වඩා පරිත්‍යාග කළ අය වූහ. එකී කිසිදු ගනුදෙනුවක් පාරදෘශ්‍ය නොවූ අතර අද ඔහුගේ පක්ෂ ලේකම් ලෙස පෙනී සිටින කිසිවෙක් නොදන්නා මානවඩු නමැත්තා ෆොන්සේකා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් තම වාහන වල පටවා රැගෙන ගොස් සඟවා ගත් පුද්ගලයා ය.

එසේ තිබියදී ෆොන්සේකා සිරගෙදර සිටියදී මාධ්‍යයට පවසා සිටියේ තමාගේ බිරිඳට අතේ සතේ නැති බවත් නිවාසය දී තිඛෙන්නෙ ටිරාන් අලස් බවත් ගෙදර ලයිට් බිල ගෙවා ගැනීමට පවා මුදල් නොමැති බවත් ය. නමුත් සිරෙන් නිදහස් වීමෙන් පසු ටිරාන් වෙන්ව යෑමෙන් පසුව මාධ්‍යයට පවසන්නේ 'මිනිහා මිලියන 40-50 ක් අරගත්තා. දුන්නේ නෑ' කියා කිරි කජු ගාණට ය. ඊට මඳ කලකට පෙර ඔහුගේ ප්‍රජා අයිතිය අහොසි කර තිබීමට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට සියල්ල සූදානම් කර තිබියදී එය වළක්වන ෆොන්සේකා පවසන්නේ එයත් නිදහස ලබා ගත්තා මෙන්ම ටිරාන් අලස් සාකච්ඡා කර ලබා ගන්නා බැවින් යෝජනා නොගෙනෙන ලෙසය. අද රාජපක්ෂලාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන කතා කරද්දී රාජපක්ෂට විරුද්ධව ඡන්දය ඉල්ලු පොදු අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. ඒ ෆොන්සේකාගේ නූගත් දේශපාලනයේ තරම නිසා ය. අද දවසේ ද ඔහු විපක්ෂයේ සාමූහිකත්වය ගැන තැකීමක් නොකරයි. අවසාන පොදු විරෝධයේදී පවා පෙළපාලිය රැගෙන වෙනත් අතක ගිය ඔහු සාමූහික රැස්වීමට එනවා කියා පැමිණියේ නැත. ට්‍රැෆික් තිබුනා එනිසා එන්න බැරි වුනා යි ගැලවිජ්ජාවට කීම ඔහුට තරම් නොවන්නේ සියළු බාධා බිඳගෙන නන්දිකඩාල් කලපුවට ගිය මිනිසා ඔහු වූ බැවිනි.

අද පැවැති සංජීව සමරසිංහගේ මාධ්‍ය සාකච්ඡාව ගැන ලංකා ඊ නිව්ස් තවත් මාධ්‍යවේදියෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු අපූරු කතාවක් කීවේය.

"අයියෝ ෆොන්සේකා ගැන නම් කතාකරලා වැඩක් නෑ. මිනිහා යුද්දේ හීරෝ. පොලිටිකලි සීරෝ. මනුස්සකමින් ඩබල් සීරෝ" කියාය.


1798798_675230975875404_1739633294_n.jpg
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆොන්සේකා හෙන වෛරයකින් වගේ බන් හැම තිස්සෙම ඉන්නේ... මහින්දය වගේ හිනා වෙලා හිටිය නම් චන්ද ගන්න තිබ්බා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මිනිහා යුද්දේ හීරෝ.:):):):):):):)
    පොලිටිකලි සීරෝ.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    chande lan wenakota eka eka paksheta wena wena gema denawa
    meka fonsekata
    Unp horakam seen eka
    JVP ekatath gamak langadeema balaporothtu wanna

    UNP horakama nam u pili gaththane ban :dull:

    mahindayage anduwa elawanna one. eth e de karanna puluwan pakshayak nethi eka gena thama awla ban. puduma gehillak gahanne anduwe hethikare
     

    Similar threads