ඇමති විමල්ගේ ලයිට්බිල එක්ලක්ෂ දහඅටදාහයි
ඇමති විමල්ගේ ලයිට්බිල එක්ලක්ෂ දහඅටදාහයි..!!!
විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක ඊ-13/6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නිවසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,176.80 ක මුදලක් සටහන් වී ඇත. එම මාසය සඳහා විදුලි ඒකක 2,091 ක් භාවිතා කර ඇති අතර එම මාසය සඳහා ගෙවිය යුතු මුළු මුදල ලෙස රුපියල් 1,43,870.44ක මුදලක් විදුලි බිල්පතේ සඳහන්ව තිබේ.
පසුගිය ජනවාරි මාසය සඳහාද අමාත්‍යවරයාගේ නිල නිවාසයේ විදුලි බිල රුපියල් 1,33,000ක් ලෙස සටහන්ව ඇති අතර විදුලි ඒකක 2,300ක් එම මාසයේදී භාවිත කර තිබේ. පෙබරවාරි මාසය සඳහා විදුලි ඒකක 2,071ක් භාවිත කර ඇති අතර ඒ සඳහා රුපියල් 1,16,000ක බිල්පතක් සටහන් වී ඇත.
ජනවාරි මස 18 වැනිදා අමාත්‍යවරයාට අයත් අමාත්‍යංශය විසින් රුපියල් 142,00ක මුදලක් ලංකා බිදුලිබල මණ්ඩලය වෙත ගෙවා ඇති අතර හිඟ මුදල් ලෙස රුපියල් 25,693.64ක මුදලක් ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශ ලේකම් පී.ච්.එල්.ඩබ්ලියු. පෙරේරා පවසා ඇත්තේ විදුලි බිල්පත් මුදල පිළිබඳව තමන් නොදන්නා නමුත්, අමාත්‍යවරයාට අයත් නිල නිවසේ විදුලි බිල, ජල බිල ආදී බිල්පත් තම අමාත්‍යංශයෙන් ගෙවා දමන බවත්, ඒ සඳහා නිශ්චිත මුදලක් වෙන්කර නොමැති බවත් මුළු මුදලම තම අමාත්‍යංශයෙන් ගෙවන බවත්ය.
ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙවැනි නිල නිවාස විශාල ඒවා බැවින් වායුසමීකරණ, විශාල විදුලි බුබුළු ආදිය ඇති හෙයින් විශාල විදුලි බිලක් ලැබෙනු ඇති බවයි.