ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

    රුවන් වැලි සෑයේ ආසන්නයේ සාදික්කා වරුසාවක් වැටුනලු.
    අනේ ඇත්තද කවුද කිව්වේ?
    නෙට් එකේ තිබ්බේ.
    අනේ සාදු, කියු මම මගේ බුකියේ යාලුවෙක්ගෙන් ඇත්ත තතු විමසා යැව්වේ එය ඇත්තක් නම් හොඳ යැයි සිතමිනි. පැය කීපයකට පසු එසේ නොවුන බව මට දැන ගන්නට ලැබුනි. ඔබ නියම බෞද්ධයෙක් නම් මෙවැන්නක් කියූවහාම සිතේ සුලු තෘප්තියක් ශ්‍රද්ධාසම්පන්න ගතියක් ඇතිවීම ස්වාභාවිකය. එහි වැරැද්දක් වත් ඔබට මානසික රෝගි තත්වයක් ඇතැයි කියාවත් එයින් නිගමනය නොවේ.
    එමෙන්ම ඔබ මෙහි ඇත්ත තතු විමසා එය මුසාවක් බව දැනගත් විට එයින් කම්පා නොවි සිටීනම් හා එය මුසාවක් බව දැන දැනත් ඒ දේ සිදුවුනායැයි ඔබ ඔබවම රවට්ටගන්නේ නැතිනම් ඔබේ සිතේ මුල් අවස්ථාවේ ඇති වූ ශ්‍රද්ධා සම්පන්න ගතිය අමූලිකා ශ්‍රද්ධාවට වැටෙන්නේ නැත. බුදුන් වහන්සේ කිසිම තැනක ශ්‍රද්ධාව ප්‍රතික්ශේප කලේ නැත. ප්‍රතික්ශේප කලේ අමූලිකා ශ්‍රද්ධාව පමනි. උන්වහන්සේ ආකාරවති ශ්‍රද්ධාව අනුමත කල සේක.
    ඉහත සිද්ධියේ එම රූපය එඩිට් කර දැමු කෙනා පවක් සිදු කරගත් නමුත් එය දැක ශ්‍රද්ධා සිත් පහලවූ කිසිවෙක්ට කිසි පවක් නොවන්නේය, එමෙන්ම වරක් රුවන් වැලි සෑයේ පින්තූරයක වලාකුලු වලින් බුදුරුවක් සටහන් ව ඇති පින්තූරයක් පල විය. එම පිතූරයට කෙනෙක් සධු සධු බුදුගුන අනන්තයි කියා කොමෙන්ටුවක් දමා තිබුනේය. සමහර විට බුදුරුව දැකීමෙන් හිතේ ඇති වූ ශ්‍රද්ධාව ඔහු ප්‍රකාෂකල ආකාරය එය වන්නට ඇත. එයින් කුරාකූඹියෙකුටවත් අබමල් රේනුවක් තරම්වත් හානියක් නොවුනත්. සමහර මහා ප්‍රඥාවන්තයින් ඔහු පිස්සෙක් තරමට පහල දමා ඒ තැනැත්තාට නිගා කර තිබුනි. ඔවුන් මොහුගේ ශ්‍රද්ධාව හාස්‍යට ලක් කර තිබුනි. එසේ කිරීමට ඔහු කර තිබූ එකම වරදනම් යමෙක් එඩිට් කර දමා තිබූ බුදුරුවක් කෙරෙහි ඇති වූ ශ්‍රද්ධාව ප්‍රකාෂ කිරීමයි.
    මෙය අද බොහෝ කුහක තරුණයන් කරන වැඩකි. තමාගේ සිත තුල නැති ශ්‍රද්ධාව තවෙකුගේ සිතතුල දකින ඔවුන් එම ශ්‍රද්ධාවටද හානි කිරීමට බොහෝ උත්සුක වෙති. මේ ආකාරයෙන් ඔවුන් කෙතරම් ඔවුන්ගේ තර්කය තුලම අතරමන් වී ඇත්ද කියතොත්, දැන් ඔවුන්ට නිවන ගැන සැකය, ඔවුන්ට කර්මය ගැන සැකය, භාවනාවතුලින් ලැබෙන ඉර්ධීන් ගැන සැකය, බුදුන්වහන්සේ යමහමහ පෙල හර පෑ එක ගැන විෂ්වාසයක් නැත. මාතෲ දිව්‍යරාජයාට බණ කී එක සැකය. මෙලෙස දිගින් දිගට යන ඔවුන් ඉදිරියේ මැටියෙන් සැදූ බුදු පිලිමයකට වැඳීම අඥාන ක්‍රියාවකි(මන්ද එයින් නිවන් අවභෝධ නොවන නිසාය.)බෝධිපූජාවක් තැබීමෙන් නිවන් දකින්නට බැරි නිසා ඒවා ගල් යුගයේ උන් කරන වැඩය. මෙලෙසින් ඔවුන් දිගින් දිගටම බෞද්ධයාගේ ශ්‍රද්ධාවට පහර දෙයි. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ පොරත්වයක් ආරූඪකරගැනීමයි. නමුත් ඔවුන් කරන දෙය දැනට රටේ මුස්ලිම් ඈයෝ නිසා බුද්ධ ධර්මයට ඇතිවී තිබෙන තර්ජනයට වඩා ප්‍රභල බව තේරුම් ගන්නේ කීදෙනාද? මුස්ලිම් අය කරන්නේ ඔවුන්ගේ ආගම හොඳ බව කියා හොඳින් හෝ නරකින් මිනිසුන්ව තමාගේ පැත්තට ගැනීමය. මේ නිසා කීප දෙනෙක් ඔවුන්ගේ පැත්තට නැමෙනවා අප දැක ඇත. නමුත් මේ මොඩන් බෞද්ධයන් කරන්නේ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව නැති කිරීමයි. මෙය පිලිකාවක් මෙන් නොදැනී ක්‍රියාත්මක වන්නකි. බෞද්ධයාව බෞද්ධ ආගම තුලම අතරමන් කරමින් බෞද්ධ සාහිත්‍ය, හා මිනිසුන්ගේ සිතේ ශ්‍රද්ධාව ඇති කරවන දේට අභියෝග කරමින් බුද්ධ ධර්මය තුලද අසත්‍ය කරුනු ඇතැයිද මේ බුදුන් වැඳීම ඇතුලු අනෙකුත් සියලුම ආමිෂ පූජාවන් ගල් යුගයේ වැඩයැයිද කියමින් බෞද්ධයන් නොමග යැවීමය.
    මෙ වැන්නන් ගැන බුද්ධ දේෂනාවේ මෙසේ සඳහන්ය
    “බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටික පක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති, චිත්තුප්පාද මත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති, උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති.”

    ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් නොකට හැකි වෙයි. දන් පින් ගැන හිතීම් පමණින් ම කුසල් සිදු වේ ය යි අතිධාවනය කර සිතා අතිපණ්ඩිතකමට පින් නො කර නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පිහිටි කල බුද්ධාදි පැහැදිය යුතු වස්තුවෙහි පහදී යනු භාව යි.


    මෙහිදී තව එකක් කිව යුතුය මා මෙහිදී කියන්නේ එබරන් කැලණි ගිය ආකාරයේ අමූලිකා ශ්‍රද්ධාවක් වැඩීම ගැන නොවේ..
    බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේ කියා ඇති දේ ආයුධයක් කරගෙන සිටින මෙම මොඩන් බෞද්ධයන් බුදුන්ගේ අෂ්ඨසමාපත්ති ඥානය පවා තමාට වැටහෙන්නෙ නැතිනම් ගෝචර වෙන්නේ නැතිනම් එය පිලිනොගෙන ඒ ගැන ශ්‍රද්ධාවක් ඇති කරන් සිටින කෙනාගේ ශ්‍රද්ධාවට පවා අභියෝග කරයි. නමුත් ඔවුන්ට එකක් අමතක වී ඇත එනම් පංච නීවරන ධර්මයි. එනම්
    කාමඡ්ජන්දය - මිහිරි රුප, ගන්ද, ශබ්ද, ස්පර්ෂය කෙරෙහි හිත ඇදියාම.
    ව්‍යාපාදය - තන්හා, නපුරුකම, කේන්තියැම.
    තීනමිද්ධ - නිදිමත, අලසබව.
    උද්ධච්ච කුක්කුච්ච - සිතෙ විසිරිනු පසුතැවිල්ල.
    විචිකිච්චාව - සැකය.යන 5යි
    මේ පහෙන් යුක්තවූ පුද්ගලයාට සසරෙන් එතෙර වන්නට බැරි බව බුදුන් වහන්සේ වදාල සේක

    ඇත්තවෂයෙන්ම සිදුවී ඇත්තේ මේ මොඩර්න් බෞද්ධයන් කාලාම සූත්‍රය වලිගයෙන් අල්ලන් තමන් එය ඔලුවෙන්ම ඇල්ලුවා යැයි සිතා අනයගේ ශ්‍රද්ධාවට බාධාකරමින් නිරයගාමී මාර්ගය තමා විසින්ම සකස් කරගැනීමයි.

    බුද්ධ දේෂනාව තුල ශ්‍රද්ධාවේ වැදගත් කම පෙන්වන තැන් කීපයක් ත්‍රිපිඨකයේදී හමුවේ. ඒ
    “සද්ධා සීල සූත චාග පඤ්ඤා”
    “සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
    “සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
    “සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
    “සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”

    මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.


    “සද්ධො සීලෙන සම්පන්නො
    යසො භොග සමප්පිතො
    යං යං පදෙසං භජති
    තත්‍ථ තත්‍ථෙව පූජිතො”

    ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් සම්පූර්‍ණ වූ යසසින් හා භොග සම්පත්තියෙන් යුක්ත වූ තැනැත්තා යම් තැනකට එළැඹේ ද ඒ ඒ තැන දී ඔහු පුදනු ලැබේ ය යි වදාළ සේක

    මනුෂ්‍යයාට ඇති උතුම් ම වස්තුව කවරේ දැයි ආලවක යක්‍ෂයා ඇසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ, “සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං” - මනුෂ්‍යයනට ඇති ඉහළ ම වස්තුව ශ්‍රද්ධාව ය යි වදාළ සේක.

    මේ නිසා අපිශ්‍රද්ධා වන්ත වෙමු. නිසිලෙස අවභෝධය ඇතුව ශ්‍රද්ධාවන්ත වීම කිසිම විටක අකුසලයක් නොවේ.:)
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    අර මොකක් ද හේතුවාදී සංගමේ උන් ට වැඩියෙන්ම වලංගුයි :nerd:
    උන් තමයි ඔය හැම එකක්ම වපර විදියට බලන්නෙ
    තාර්කිකව බලන්න ඕන තමයි.ඒත් බලන්න කලින්ම බොරු කියන එක වැරදියි:dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16455321 said:
    අර මොකක් ද හේතුවාදී සංගමේ උන් ට වැඩියෙන්ම වලංගුයි :nerd:
    උන් තමයි ඔය හැම එකක්ම වපර විදියට බලන්නෙ
    තාර්කිකව බලන්න ඕන තමයි.ඒත් බලන්න කලින්ම බොරු කියන එක වැරදියි:dull:

    :yes::yes::yes::yes:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    හොඳ ලිපියක්. පමා නොවී ශ්‍රද්ධාව වඩවාගන්න.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ කියල තියන කතාවේ ඇත්තක් තියනව. බුදුදහමේ මේ මේ දේවල් අයින් වියයුතුයි කියල මුළු බුදුදහමම විනාසකරල දාන්නයි මේකෙ සමහරු හදන්නෙ. මේ අදේව වාදය, හේතුවාදය, දර්ශන වාදය කියන දේවල් ගැන කියන සමහර එවුන් බෞද්ධයොලු. ඒත් නිවන පිළිගන්නෙ නැහැලු. බුදුදහම අනියම් ආකාරයකින් විනාස කරන්නයි මුන් හදන්නෙ. සමහර බෞද්ධයොත් මුන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ මුන් බුදුදහමට කරන්න හදන විනාසේ ගැන හරියට නොදැනයි. මේ ඒක එක වාද ගැන කියන උන් ඇත්තටම ඒ වාද අදහන උන්ද, නැත්තන් වෙන යටි අරමුණු තියන උන්ද කියලත් සැකයක් තියනව.

    නිවන නැතිනම් නැවත්වීමට සංසාරයක් නොමැත. සංසාරයක් නැත යනු විපාක දීමට කර්මයක් කියා දෙයක් සකස් නොවේ. නිවනක් නොමැතිනම් කර්මයක් සකස් නොවේ නම් පන්සිල් රැකීමෙන් වැඩක් නැත. අනිත්‍ය මෙනෙහි කිරීමෙන් වැඩක් නැත. දන් දීමෙන් පලක් නැත.

    කොටින්ම සබ්බ පාපස්ස අකරන්, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං යන සියලු බුදුවරුන්ගේ දේශනාව සමාජය යහමගට ගැනීමට ගෙතූ ප්‍රබන්ධයකි. ඇත්තෙන්ම බුද්ධත්වය කියා තත්වයක් හෝ රහත් සෝවාන් ආදී මගඵල නොමැත.