මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නේ එක එක ලෝකවලින් ආපු අය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    #පින්වතුනි ,අපි මනුෂ්‍ය ලෝකයේ ඉපදුනාට.අපි එක එක ලෝකවලින් ආපු අය.මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නේ එක එක ලෝකවලින් ආපු අය.

    නිරයේ ඉදන් අවුරුදු කෝටිගානක් 136 ක් අපායවල් වල ඉදලා මනුෂ්‍ය ලෝකයට පැම්ණි ඉතාමත් සුලු පිරිසක් ඉන්නවා.තිරිසන් ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට ආපු අය ඉන්නවා.ජිවිත ආත්ම ගණනාවක්ම තිරිසන් සත්තු අතරට ඉපදිලා කලාතුරකින් මනුෂ්‍ය ලෝකයට ආපු අය ඉන්නවා.ඊට පස්සේ නාග ලෝකවලින් ආපු අය ඉන්නවා.බොහෝ කාලයක් ප්‍රේතයන් අතරේ ඉදලා මනුෂ්‍ය ලෝකයට ඇවිත් ජිවත් වෙන අය ඉන්නවා.අසුර ලෝකවල ඉදලා පාංසුපීසාච ලෝකවල ඉදන් ආපු අය ඉන්නවා.මිනිස්සු අතර ඉදලා මනුෂ්‍ය ලෝකවලට ආපු අය ඉන්නවා.යක්කු අතර ගාන්ධර්ව ,කුම්භාණ්ඩ අතර ඉදලත් මනුෂ්‍ය ලෝකයට ආපු අය ඉන්නවා.එ අතර දෙවියන් අතර ඉදලා ,බ්‍රහ්මයන් අතර ඉදලා මනුෂ්‍ය ලෝකයට ආපු අය ඉන්නවා .
    එතකොට මේ මනුෂ්‍යන් අතර ඉන්නවා එක එක ලෝකවලින් ආපු අය.එතකොට ඒ ඒ ලෝකවලින් වුත වෙලා මනුෂ්‍ය ලෝකයට ආවම මනුෂ්‍ය ලෝකයේ ජිවත් වන් විට පරණ පුරුද්දත් එක්ක ඒ ඒ ලෝකවල ගතිගුණ ප්‍රකට කරනවා.ඒකයි මේ මිනිස්සුන්ගේ වෙනස්කම්.

    ඒ ඒ මිනිස්සුන්ගේ චරිත ස්වභාවයන් වෙනස් එ හින්දයි.එකම ගෙදර ඉපදුන දරුවන් පස් දෙනා පස් විදියක්.ඔන්න ඔය ගතිගුණ හා හුරුවේ වෙනස්කම් නිසාට ධර්ම දේශනාවක් කළත් ඒ ධර්ම දේශනාවේ අර්ථය මිනිස්සු ගන්නා විදිය වෙනස්.

    මනුෂ්‍යයකුට පුලුවන් මනුෂ්‍යයෙක් තුළම මනුස්සකම හදාගන්න.මනුෂ්‍යයකුට පුලුවන් මනුෂ්‍යයෙක් තුළම දේවත්වයක් හදාගන්න.මනුෂ්‍යයකුට පුලුවන් මනුෂ්‍යයෙක් තුළම බ්‍රහ්මත්වයක් හදාගන්න.මිනිස්සු මිනිසුන්ම තුළම තිරිසන් කම් හදාගන්නවා.මිනිස්සුන් මිනිස්සුන් තුළම යක්ෂ ස්වභාවයක් හදාගන්නවා.මිනිසුන් මිනිසුන් තුළම ප්‍රේත ස්වභාවය හදා ගන්නවා.නිරිසතේක්ගේ ජිවිතයක් හදාගන්න මානසික ස්වභාවයක් මිනිස්සු හදාගන්නවා.
    ඒ ඉපදෙන ලෝක ආපු ලෝක සහ මැරිලා යන ලෝක ගැන තේරුමක් නැතිවුනොත් මිනිස්සු තමන්ගේ චරිතය වෙනස් කරගන්නේ නෑ.බුදු රජාණන්වහන්සේ වදාළහ. මේ මිනිස්සු අතර මිනිස්සුන්ට පුලුවන් වුනොත් කාරණා පහක් දියුණු කරන්න.

    එම කරණා පහක් මුල් කරගෙන මේ මනුෂ්‍ය ලෝකයෙනුත් ඉහළට යනවා දෙවියන් අතරට යනවා මේ කරණා 5 දියුණු කළොත්.
    ඒ තමයි ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා යන සේඛ බල පහ තිබ්බොත් එහෙම ඒ මනුෂ්‍යයා තුළ දිව්‍යත්වයක් ගොඩ නැගෙනවා.එතකොට ඒ මනුෂ්‍යයා දෙවියන් අතරට යනවා.ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා එහෙනම් මේ දුක් විදින ඕලාරික තිස්කුනක කොට්ඨාශයක් සහිත ශාරිරයක් උරුම කරගෙන දහ දුක් විදින මේ කාම සැඩ පහරට අසුවෙලා ඉන්න ලෝකය ඉක්මවා යන්නනම් මේ දුක් විදින මිනිස් ලෝක ඉක්මවලා යන්න නම් ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා ගුණ ධර්ම 5 ඕනි වෙනවා.

    ශ්‍රද්ධාව කියන්නේ තුණුරුවන් කෙරෙහි ඇති පැහැදීමයි.සීලය කියන්නේ කයේ වචනයේ සංවරය.අපි ගත්තොත් පන්සිල් පද පහ හරියට රකින්න.පෝයට අටසිල් සමාදම් වෙන්න ඕනි.සීලය පුරුදු කරනවා.සුතය කියන්නේ දහම් දැනුම.මෙය කැමති ගොඩක් දහම් දැනුම ඇති කරගන්න. තය්‍ය‍ාගය කියන්නේ දන් දීමයි.මෙයා දන් දෙන්න හරි කැමතියි.ප්‍රඥා කියන්නේ ජිවිතය ගැන ගැඹුරින් කල්පනා කරනවා.අපි මැරිලා ගිහින් ඉපදෙන බව අපි කරගන්න කර්මය අපිට ආයේ විපාක විදියට විදින්න සිද්ද වන බව. ඊලගට මේ ලෝකය අනිත්‍ය බව අටලෝදහමට අනුව ලෝකය කැරකෙනවා.ලෝකයට අනුව අටලෝදහම කම්පා වෙනවා.උපන් සත්වයාට අනිවාර්යයෙන්ම අටලෝදහමට මුහුණ දෙන්න සිද්ද වෙනවා.මේ වෙනස් වන දේවල් ලෙස කල්පනා කරන කෙනෙක් මෙයා ප්‍රඥාවන්තයි.මේ ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා ගුණ ධර්ම තියෙන කෙනා කයබිදි මරණින් මත්තේ දෙවියන් අතරට යනවා.

    එතකොට ඒ ඇත්තෝ දෙවියන් අතර ඉපදුනේ ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරලා.එහෙනම් දෙවියන් අතරේ ඉදලා මනුෂ්‍ය ලෝකයට ආපු අය බොහෝ කාලයක් දෙවිවරු ශ්‍රද්ධාව දියුණු කරපු නිසා,සීලය පුරුදු කරපු නිසා,සුතය පුරුදු කරපු නිසා,තය්‍ය‍ාගය පුරුදු කරපු නිසා,ප්‍රඥා පුරුදු කරපු නිසා දෙවියන් අතරේ ඉදලා මිනිස් ලොවට ආපු අයගේ ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා ඇතිවෙනවා.එකට හෙතුව මොකද්ද හුරු කරපු නිසා.බොහෝ කාලයක් භාවිතා කරපු නිසා ,එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගොඩක් බුද්ධ කාලයේ ඉපදුනේ දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා බ්‍රහ්ම ලෝකයෙන් ඇවිල්ලා.ඒ නිසා එ අයට ඉක්මනින්ම හැකියාව ලැබුණා. බුද්ධ ශාසනයේ ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා ආදි ගුණ ධර්ම දියුණු කරගන්න.දැන් මොකද මේ හරි අමාරුයි මිනිස්සුන්ට ශ්‍රද්ධාවට එන්න හරිම අමාරුයි.පන්සිල් රකින්න හරිම අමාරුයි.ඊළගට දහම් දැනුමක් හදාගන්න හරිම අමාරුයි.නිතර බණ අහන එකත් හරිම අමාරුයි.එතකොට මිනිස්සු දන් දෙන්න ගියත් එකේ එක එක ආරවුල් හදාගන්නවා.ජිවිත කල්පනාවකට වඩා මිනිස්සුන්ට තියෙන්නේ තාක්ෂණික කල්පනාවක්.ඊළගට ණය තුරුස් ගෙවා ගන්න කල්පනාවක්.පවුල් ප්‍රශ්න ආනේක ව්ද ප්‍රශ්න ගොඩක ඉන්නවා.ප්‍රඥා සම්පත්තියක් නෑ.පුංචි දේවල් වලට කලබල වෙනවා.සියදිවි නාසාගැනීම් අධික වෙනවා.ලෙඩදුක් කියනකොට සලිත වෙලා යනවා.මිනිස්සුන්ට ප්‍රඥා සම්පත්තිය අඩුවෙනවා.එතකොට මේ කරණාවන් එක්ක තේරෙනවා.අපිට දිව්‍ය ලෝකවලින් ,බ්‍රහ්ම ලෝකවලින් මනුෂ්‍ය ලෝකවලට එහෙනම් ආපු පිරිස අඩු ඇතිදෝ කියලා.



    එහෙනම් මිනිස්සු අතර කවුද වැඩිපුර ඉන්නේ නාග ලෝකවලින් ආපු අය.එතකොට නාග ලෝකවලින් ආවට පස්සේ එ අයගේ ස්වභාවය කොහොමද හොයාගන්නේ.ස්වභාවය තමයි නයින්ට දිව දෙකයි.ඒ නිසා ඒ ඇත්තන්ට දිව දෙකයි.දිව දෙකයි කියන්නේ එකයි කරන්නේ එකයි.ඊළගට හැමවේලාවෙම ව්ශ්ශෝපයෙන් ඉන්නවා.හරියට දුකින් ඉන්නවා.ඊලග එක තමයි පුංච් දෙයිනුත් සැලෙනවා.පොඩි දෙයිනුත් කෝප වෙනවා.පුංච් ලැබීමෙනුත් උඩගු වෙනවා,මාන්නක්කාරයි.තවත් කෙනෙකුට යටත් වෙන්න කැමති නෑ.ඊලගට මිනිස්සුන්ගේ ඍජු බව නෑ.ඍජු බව කියන්නේ සාමාන්‍යයෙන්.අපි ඇහුවොත් කෑවද කියලා "ආනේ මට උදේ කන්න බැරි වුනා,කලබලයට ආවේ කියන එක ඇත්ත කතාවනේ.කෑවේ නැත්නම් නෑ නෑ කෑවා කියනවා.එතකොට එයා අර වංගු දානවා.ඊළගට නයින්ගේ ප්‍රධාන ප්‍රතිපාදව තමයි තැවීම.පරණ දෙයක් අල්ලගෙන තැවි තැවි ඉන්නවා.ශෝක වෙනවා,හොදට පිනක් කළත් ඒ පීනේ අවසානයට තැවෙන්න දෙයක් ඉතුරු කරගන්නවා.එතකොට පින සිහි කරන්නේ නැතිව තැවෙන දේ හිත හිත ඉන්නවා.මෙන්න මේ විදියට නාගගති වලින් යුක්තයි.ඒ නිසා එ අයට බණ ඇහැද්දි ඉක්මනට ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා පිහිටන්නේ නෑ.එ අයට බණ ඇහැද්දි කලින් වෙච්ච වැරදි මතක් වෙලා,ආනේ මාගේ අතින් මෙහෙම වැරදි වුණා.මම අපායේ යයිද මට මොනවා වෙයිද කියලා මෙයා පසුතැවෙනවා.බණ ඇහෙද්දි පසුතැවෙනවා.පුදුම වැඩක්.ඊළගට තැවෙන ව්ශ්ශෝපය විතරයි.ඒ වෙලාවේ අල්ලගන්නේ නෑ බණ පදය මම තැවෙන මේකින් ගැලවිලා යන්න ඕනි කියලා.



    යක්ෂ ලෝකවලින් ඉදලා ආපු අයටත් ඔච්චරම අර්බුදයක් නෑ.හැබැයි මේ අයගේ කෝපය බහුලයි.ගැටීම බහුලයි.ඊළගට සාධාරණ අසාධාරණ කම් හොයන එක බහුලයි.තමන්ගේ තැන රැකගන්න දගලන දැගල්විල්ල බහුලයි.ප්‍රේත ලෝකවලින් ආපු අය ගැන නම් කතා කරන්න දෙයක් නෑ ප්‍රේතයි.



    නිරයේ ඉදන් ආපු අයත් කන්න බොන්න දුෂ්චරිතයටම යනවා මිසක් සුචරිතයට එන්න ඔවුන්ට අතිශයින්ම දුෂ්කරයි.හේතුව පුරුදු නෑ.ඉක්මනට ඒ අය ධර්මයට ගන්න බෑ.දැක්කද මේ තමන් ආපු ලෝකවල විපාක මේ ජිවිතයේ අත්විදින හැටි.



    එ නිසා පින්වතුනි,මේ පහළ පහත් නීච ලෝක වලින් උඩට යන්න තියෙන්නේ සේඛ බල පහ තමයි.ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා මේ පහෙන් පුලුවන් පහළ ලෝකයක ඉදලා ආපු කෙනෙකුට වුනත් දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකයකට හිත හදාගන්න පුලුවන්.මේ සේඛ බල කොච්චර වැදගත් ද කියලා මේ සේඛ බල තියන කෙනාට දේවානුස්සති භාවනාව කරන්න පුලුවන්.සේඛ බලය තියන කේනාට තමයි බ්‍රහ්ම විහරණ වුනත් හරියට කරන්න පුලුවන.මෙත්තා,කරුණා,මුදිතා,උපෙක්ඛා කියන කරුණු හරියට දියුණු කරගන්න පුලුවන් වෙන්නේ.සේඛ බල තියෙන කෙනාටයි.



    y5Z8viuoov4
    ------ Post added on Feb 5, 2026 at 4:17 PM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සේඛ බල වලින් තොරව මෙත්‍රිය වඩන්න ගියා කියලා හිතන්නකෝ. " ආනේ මෙයා සුවපත් වේවා" කියලා මෙත් සිත පුරුදු කරන්න ගිහිල්ලා අවසානයේ මෙත් සිත වඩන කෙනා එක්කම බැදෙනවා.හිතවත් කම් හදාගන්නවා ,යාළුකම් හදාගන්නවා,අත්හරින්න බැරිවෙනවා.ඇයි මෙත්‍රියෙන් ඒයාට උදව් කරන්න ගියේ හිත බැදුනා.ඇයි සේඛ බල නෑ.තමන්ගේ සීලයට අනතුරු කරගන්නවා.දහම් දැනුම නෑ,අත්හරින්නේ නෑ,ප්‍රඥාව නෑ, සේඛ බලවලින් තොරව කරුණාව වඩන්න ගියාට පස්සේ ආනේ ආනේ කියලා දුකට පිහිට වෙන එක.එතකොට ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා නෑ.නමුත් කරුණාවන්තයි,ස්වාමියා බිරිඳට කරුණාවන්තයි,බිරිඳ ස්වාමීයාට කරුණාවන්තයි,මෙත්‍රියයි,බැදෙනවා,බැදිලා උපන් නුපන් ජිවිතයේ අපි එකට ඉපදේවා කියලා පතාගෙන තිරිසන් සත්තු අතරටම යනවා.ඔය අහිංසක සත්තු,ලේනු,හාවෝ ඔය චුටී ලස්සන කුරුල්ලෝ දැක්කාම අපිට පව් කියලා හිතෙන්නේ ඔය කරුණාවෙන් ඉදලා ඔය සත්තු මනුෂ්‍ය ලෝකයේදි,හැබැයි සේඛ බල දියුණු කරලා නෑ.සේඛ බල වලින් තොරව කරුණාව නිසා ආනත්තරිය පාපකර්මත් කර ගන්නවා.ඇයි ඒ කරුණාව කියන්නේ අනිත් අය දුකට කැමති නෑ නේ එයා.ඔන්න දරුවෙක් හිතනවා අපේ අම්මා තත්තායි ආනේ දුකට පත් වෙන්න එපා කියලා ඔන්න මොකද කරන්නේ ලෙඩවුනාට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා.මැරෙන්න ඉන්ජෙක්ෂන් එක ගහන්නේ දුකක් එපා කියලා.නමුත් අම්මා තත්තා මරපු පාපයට ලක්වෙනවා.ආනන්තරිය පාපකර්ම රැස් කරගෙන අවිච්ච මහා නරකාදියේ ඉපදෙනවා.ඇයි මේ සේඛ බල නෑ.දැන් අපි ගත්තොත් ඉන්දියාවේ හින්දු මිනිස්සු තුළත්,තාපසයින් තුළත්,ඍෂිවරුවහන්සේලා තුළත් මෙත්‍රිය තියෙනවා,කරුණාව තියෙනවා,මුදිතාව තියෙනවා,උපේක්ෂාව තියෙනවා.දැන් තාපසයෝත් ,අන්‍යගාමිකයොත් කරුණාවෙන් මේ අය පව් කියලා එයලාට පිහිට වෙන්න කියලා ඒයාලගේ දර්ශනය දෙනවා.මිත්‍යාදුෂ්ටියේ සමාදම් කරවනවා.තමන්ගේ ආගමේ සමාදම් කරවනවා.කරුණාවෙන් ,මෙත්‍රියෙන් කරන්නේ,නමුත් අන්‍යඅය මිත්‍යාදුෂ්ටියේ සමාදම් කරවීමේ කර්මය ඒ අයට එනවා.







    පින්වත් මහණෙනි,යම්කිසි කෙනෙක් මිතයාදුෂ්ටික වෙත්ද,මිතයාදුෂ්ටික බවේ අන් අය සමාදම් කරවයිද ඔහු බොහෝ පව් රැස් කර ගනි.යම්කිසි කෙනෙක් සම්ම්‍යක්දිට්ටික වෙයිද,සම්ම්‍යක්දිට්ටික කර්මයේ අන් අය සමාදම් කරවයිද,ඔහු බොහෝ පින් රැස් කර ගනි.ඔය බුද්ධ වචනයයි.



    දැක්කද,තාපසයෙක් වුනත් ඒ වෙන දර්ශනයක කෙනෙක් වුනත් කාරුණාව මෙත්‍රිය මුල්කරගෙන තමයි අන් අය එ වාගේ සමාදම් කරවන්නේ මිතයා ධර්මවල.ඇයි මේ අර්බුද සියල්ල ඇති වුනේ සේඛ බල නැති නිසා.







    පින්වත්නි,මේ බුද්ධ ශාසනය ට කාලයක් ගියාට පස්සේ එක එක දර්ශන ඇවිල්ලා එක එක පිරිසකට හිතුණා.මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ තනි තනියෙන් නිවන් දකින අය.තනි තනියෙන් නිවන් දකිනවාට වඩා හොද නැත්ද, බොහෝ පිරිසක් ලෝකයෙන් එතර කරවලා නිවන් දකින එක.ඒ නිසා උඹලා බුදු බව පතපල්ලා කියලා.බුදු බව පැතීම නම් වු මහායාන දර්ශනය බිහිවුනේ කරුණාව මුල් වෙලා.







    සේඛ බල නෑ.ගෙදරක වුනත් කරුණාව මෙත්‍රිය මුල් කරගෙන සේඛ බල නොමැතිව කොච්චර වැරදි දේවල් කරනවද.තමන්ගේ දරුවන්ට කරුණා මෙත්‍රියෙන් ඉන්නවා එ අය රැක ගන්න ඕනි නිසා වෙනත් මිනිස්සු එක්ක ආරවුල් වල පැටලෙනවා.තමන්ගේ දරුවා බේරගන්න කියලා හදි හූනියම් කරනවා.බලන්න මිනිස්සු කොයිතරම් පව් රැස් කරගන්නවද කියලා.සේඛ බල නෑ.ඒ නිසා මේ දුක්ඛිත ලෝකවලින් ඉදිරියට ගැලවිලා යන්න ඕන නම් ශ්‍රද්ධා,සීල,සුත,චාග,ප්‍රඥා යන සේඛ බල දියුණු කරගන්න ඕනා...







    වැඩෙන්න ඕනි ඔබේ ශ්‍රද්ධාව,ඔබ රැකපු නැති සීලය රකින කෙනෙක් වෙන්න ඕනි.පෙර නොවැසු විරු ධර්මය ඔබ අහලා මතක තියාගන්න කෙනෙක් වෙන්න ඕනි.පෙරටත් වැඩිය අත්හැරීම පුරුදු කරන කෙනෙක් වෙන්න ඕනි පෙරටත් වැඩිය ජිවිතය ගැන යමක් කල්පනා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනි.එහෙනම් ඔබ කොයි ලෝකයෙන් ආවත් ,ඔබ ප්‍රේත ලෝකයෙන් ආවත්,නිරයෙන් ආවත්,තිරිසන් ලෝකයෙන් ආවත්,අසුර ලෝකයෙන් ආවත්,නාග,යක්ෂ ,භූත,පීසාච ලෝකවලින් ආවත් ඔබට එ සියල්ල අභිමවා යන්න පුලුවන් සේඛ බලවලට.







    සේඛ බල පුරුදු කරපු කෙනා සුගතියෙහිමයි යන්නේ.එ අයට ඉක්මනින් නිවන් මාර්ගය පුරුදු කරන්න පහසුයි. හැමදාම ධර්මය අහන එකින් ඔබේ සුතය වැඩෙනවා.දැන් බලන්න තුණුරුවන් කෙරෙහි පැහැදීම කියන එක කොහොමද කියලා.වෙනදට වැඩිය තුණුරුවන් කෙරෙහි ප්‍රාසාදයත්,ධර්මය කෙරෙහි ප්‍රාසාදයත්,සංඝයා කෙරෙහි ප්‍රාසාදයත්,බුද්ධ ප්‍රාසාදයත් හිත් තුළ තියෙනවද කියලා බලන්න.ඊලගට අමාරුවෙන් පංචසීලය ආරක්‍ෂා කරගන්නවද බලන්න.







    පින්වතුනි,පසුතැවෙන්නේ නැති ගුණ ධර්ම පුරුදු කරන ජිවිතයකට එන්න.ධර්මය හොදට තේරෙන්න ඕනි.







    අපිටත් මේ ධර්මය අවබෝධ වී උතුම් ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වීමට වාසනාව ලැබේවා!







    තෙරුවන් සරණයි 🙏







    #අති පූජ‍ය්‍ය වැලිමඩ පින්වත් සද්ධාසීල ස්වාමින්වහන්සේ ධර්ම දේශනාවක් ඇසුරින් සකසන ලිපියකි.







    #ධර්ම දේශනාව ශ්‍රවණය සදහා



    👇



    https://youtu.be/