මගේ සෙමි පැතුම

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මගේ සෙමි පැතුම



    කුසල් ගහන හැම පහරම හයක් යන
    ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
    සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
    කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
    තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    කුලයා ගහන හය එලියට වැටුන විට
    සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
    ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
    ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට

    අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
    දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
    හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
    හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා

    කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
    මාලිගේ යෝකරය කකුලට වැටීයන්
    හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
    සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්

    ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
    තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
    කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
    රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්

    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)
    ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
    සෙමිය වෙලාවට මැච් එක බලන්න සෙට් වෙන්න
    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)

    පට්ට බන්
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)

    පට්ට බන්
    thanx මචං
    You must spread some Reputation around before giving it to Bataya01 again.

    අපෝ අවුලක් නෑ.රෙප් කන්නද.අදහස වටිනවා.:):)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ක්‍රිස් ගේල්ගේ අත හතරට................පැලීයන්
    සුනිල් කොලුට බෝලය අසු........නොවීයන්
    සැමී ,බ්‍රාවො බින්දුවටම..................දැවීයන්
    කොදෙව් යක්කු අපි දැක්කම..........දුවාපන්
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ක්‍රිස් ගේල්ගේ අත හතරට................පැලීයන්
    සුනිල් කොලුට බෝලය අසු........නොවීයන්
    සැමී ,බ්‍රාවො බින්දුවටම..................දැවීයන්
    කොදෙව් යක්කු අපි දැක්කම..........දුවාපන්
    :shocked::shocked:


    අපෙ කොල්ලන්ගෙ හැකියාවල නිමක්.... නැතී
    ඒවා දකින උන් නම් වැටි වැටි............ දුවතී
    වෛරය කුමට අපෙ උං ළඟ ඒව.......... නැතී
    උන් හිත හොඳින් තරගය දිනුවොතින්...... ඇතී

    :):)
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :shocked::shocked:
    අපෙ කොල්ලන්ගෙ හැකියාවල නිමක්.... නැතී
    ඒවා දකින උන් නම් වැටි වැටි............ දුවතී
    වෛරය කුමට අපෙ උං ළඟ ඒව.......... නැතී
    උන් හිත හොඳින් තරගය දිනුවොතින්...... ඇතී

    :):)

    මලේ උඹට පෙර වූ දෙය නෑ........මතක
    සිහිනය අපේ උන්ටික යැව්වා.......දුරක
    මෙදා පොටේ කපලා උන්ගේ .....අරක
    දිනලා එන එකම පැතුමයි හැම .හිතක
     
    • Like
    Reactions: Bataya01

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA

    කුසල් ගේ පහරවල් රැකුමට බැරි වේවා
    මාලින්ගයගෙ යෝකර් වැඩියෙන් ඒවා
    හේරත් අයිය දගපන්දුවෙ වැජබේවා
    තරගය දිනා අපි ෆයිනල් තේරේවා


    මෙය අමාරුවෙන් කරන ලද නිර්මාණයක් බැවින්:rofl:අයිතිය සුරකින්න
     
    • Like
    Reactions: Bataya01

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මලේ උඹට පෙර වූ දෙය නෑ........මතක
    සිහිනය අපේ උන්ටික යැව්වා.......දුරක
    මෙදා පොටේ කපලා උන්ගේ .....අරක
    දිනලා එන එකම පැතුමයි හැම .හිතක


    මම තව මලේ නැහැ එය අමතක... වෙන්න
    අපි දින්නහම හැක උන් හට... හිනැහෙන්න
    පොල් අඩි නෙලන උන් සෙමියෙන් එලවන්න
    බලහං අයියෙ අපි දිනනවා හෙට .....ඔන්න
    :):):)