LTTE Members Killed By Army

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Goi, Thevian and another killed by army

අලුත් කොටි නායකයා මැරිලා
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
2014 අපේ‍්‍රල් මස 11 11:48:38 | තරිඳු ජයවර්ධන , රොමේෂ් මධුසංඛ, උපුල් හේරත්

ප්‍රභාකරන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ කොටි නායකයා වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රියදුරා සහ තවත් දෙදෙනකු පුලියන්කුලම නැදුන්කර්නියේ විඩිතලතිව්හි දී හමුදා වෙඩි පහරින් මිය ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
වෙඩි වැදී මිය ගිය අනෙක් දෙදෙනාගෙන් කෙනකු තේවියන් බවත්, තෙවැනි පුද්ගලයා හඳුනාගෙන නැතත් අප්පම් යැයි සැකකරන බවත් වනිගසූරිය මහතා පවසයි.
යුරෝපයේ සිටින කොටිනායක නෙදියවන් සහ විනයාගමන් දෙදෙනා යටතේ ලංකාවේ කොටි සංවිධානයට පෙන පෙවීමට උත්සාහ ගත්තේ මේ දෙදෙනා බවත්, ඔවුන් නැදුන්කර්නි මහ කැලයේ සිටින බවට ලද තොරතුරක් අනුව අද අලුයම කැළය වට කළ බවත්, ඔවුන් පැන යෑමට තැත් කරද්දී යුද හමුදාව වෙඩි තැබූ බවත් යුද හමුදාව සඳහන් කරයි.
ගෝපි නෝර්වේ රාජ්‍යයේ දී නෙදියවන් හමුවී ඔහුගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවට පැමිණ කොටි සංවිධානයේ නායකයා වී සිටිය දී වැල්වැඩිතුරේ නිවසක දී පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා පළා ගිය බව ද, ඉන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට තොරතුරක් දෙන අයට තොරතුරක් දෙන බවද ප්‍රකාශ කර තිබිණි.


Update

සෙබළා මළේ ගෝබි මෙහෙයුමේ දී නොවේ
2014 අපේ‍්‍රල් මස 11 12:08:50 | . , උපුල් හේරත්, රොමේෂ් මධුසංඛ

ශ්‍රී ලංකා හතර වැනි සන්නාහ සන්නද්ධ බළකායේ බුද්ධි අංශ සෙබළකු වන කුරුණෑගල එක් කේ කමල් රාජා (26) මිය ගියේ ගෝබි සෙවීමේ නැදුන්කර්නි මෙහෙයුමේදී නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
ඔහු මිය ගියේ යුද අභ්‍යාසයක දී බව හමුදාව සඳහන් කරයි.
 
Last edited:

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Kotiyekta ridila :lol:



mata godak padui :lol: