නානසාරගෙ අලුත්ම ශෝ එක බලල ස්ටෙටස් එකක් දැම්මෙ නැත්තන් කහනවා වගෙ හිතුන නිසා ඔන්න මට පේන කතන්දරෙ අහගන්ටකො.
සෙල්ලම පටන්ගන්නෙ වටරැක විජිත ගෙන් නොවැ. ඌට හාමුදුරු කෙනෙක් කියන්ටත් ලැජ්ජයි. ඌ ගැන සෝම හාමුදුරුවෝ ආයෙ අඩුවක් නැතුව කියල තිබ්බෙ සෑහෙන කාලෙකට කලින්ම නෙවැ. ආයෙ ඒකට අමුතුවෙන් දාන්ට දෙයක් නෑ.
ඊට පස්සෙ හැමදාම නාන සාදු මෙදත් ලකුනු දාගන්න වන්ශොට් වන් ඇට් කොරා දකින්න ඇතිනෙ. රයිට්?. සමහරු එයාව සෝදනවා තව සමහරු බනිනවා. ඉතිං මාත් මට පේන හැටි කියන්නංකො. රයිට්.
නානසාදු කරපු වැඩෙ වැරදියි.අමුතුවෙන් සුදු හුනු ගාන්න දෙයක් නෑ.නොපැහැදුන උන්ගේ නොපැහැදීම වැඩි වෙන්නත් පැහැදුන උන්ගෙ පැහැදිම නැති වෙන්නත් බුද්ධ පුත්‍රයෙක්(එහෙම කියන්න පුලුවන්ද ?) විදියට මේ කරපු දේ (හැමදාම වගේ හේතු වෙනව.)
එතකොට මූ මේ නැති ප්‍රශ්න පෙන්නනවද?
නැත. ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් නැතයි කියනවා නම් ඌ අඳ ගොලු බිහිරි තුනටම අයත් විය යුතුය. අමු අමුවේ නැගෙනහිර වනසද්දි උන්ට සුදු හුනු ගාන්නට දෙයක් නැත. අහිංසක මුස්ලිම් මිනිහාගෙ කනිං රිංගා උන්වද ඇදගෙන ලංකාව කොල කොරන්නට දඟලන තක්කඩි විශාල ප්‍රමානයක් ඇත.
දැන් එතකොට එහෙම ප්‍රශ්නයකුත් තියේ නම්. නාන සාදු කොරන වැඩෙත් වැරදි නම්. අපි කටයි පුකයි වහගෙන ඉස්තෝප්පුවේ රීල යනකල් බලං ඉන්නද ඕනි.
කිසිසේත්ම නැත. නමුත් ද්වේශය වැපිරීමෙන් තොරව එය කල යුතුය. එහිදි ගෞරවනීය සෝම හිමියන් ගමන් කල මාර්ගය තරමක් දුරට නිවැරදි ලෙස මම දකිමි. වැරැද්ද දුටු තැන අනුකම්පා විරහිතව එය විවේචනය කල උන් වහන්සේ නානසාදු මෙන් නොව චීවරයේ ගරුත්වය රැකගෙන එම කටයුතු සිදු කලේය. ඒ අතරම බෞද්ධ පුනරුදයක් ද ඇති කරමින් බෞද්ධයාට බුදු දහම අප්‍රිය නොකර වැරද්දට පමනක් පහර දුන්නෙය.
නානසාදුට හුනු ගාන උන්ගෙ තවත් කතාවකටත් මේ ගමන්ම උත්තරයක් දීලම ඉන්ට හිතුනා. මුස්ලිම් මිනිස්සු ගැන කතා කරන්න මුස්ලිම් දේශපාලුවො ඉන්නවලු. දෙමල මිනිස්සුන්ටත් එහෙමලු. සිංහල එකා ගැන කතා කරන්ට ඉන්නෙ නානසාදු විතරලු.
දෙන්ට තියෙන උත්තරේ රෙද්ද තමා කියාය. රයිට්. මුස්ලිම් මිනිස්සු උන්ට වැඩක් කොරන එකාට චන්දෙ දීල ගොඩ යනව. දෙමල මිනිස්සුත් එහෙමයි. හැමදාම වටේටම බයින සිංහලයා හැමදාම කාලකන්නි ටිකකට චන්දෙ දීල බොරුවට නාහෙන් අඬනවා. යකෝ ඉන්න හාල්පාරුවෝ වැඩක් කොරන්නෙ නැත්තන් නාන සාදු පස්සෙ දුවනවද වැඩක් කොරන එකෙක් එතෙන්ට යවනවද කියල හිතපියව්. චන්දෙ ඉල්ලන උන්ට බැන බැන හිටියට වැඩක් නෑ බොලව් හරි යන්නෙ නැත්තන් හරියන එකෙක් යවපියව්. රයිට්.
ඔය අස්සෙ උනුත් එකයි මුනුත් එකයි මොකෙට්ටවත් දෙන්නෙ නැත කියා පාරම්බාන අමනයන්ද සිටී. උන්ට කියන්ට ඇත්තෙ චන්දය දීම දිනවීමටම දිය යුතු නැති බවය.චන්දය නොදා ඉන්න එකේ ලොකුම වාසිය ගන්නේ ආන්ඩුවය. එහෙව් එකේ ආන්ඩුව එපා නම් අඩුම ගානෙ ස්වාධීන කන්ඩායමක් හෝ වෙනුවෙන් ඔබේ චන්දය යෙදිමෙන් යන්තමට හෝ වටිනාකමක් ලැබෙනු ඇත.
අවසානයට පෙර තවත් අපතයන් පිරිසක් ගැන කිව යුතුය. තමන් ජාතිවාදයට එකහෙලා විරුද්ද බව කියන මුන්ට නැගෙනහිර වෙන මොන ලබ්බක්වත් පෙනෙන්නේ නැත. නානසාදු ශෝ එකක් පෙන්නන හැම විටම ඒ අස්සෙන් ගොස් ජාතිවාදයට විරුද්ද බව පෙන්වා ලකුනු දමාගන්නා මුන් ජාතිවාදයෙන් උපරිම පල නෙලා ගන්නෙ යටපත් කරන් ඉන්න කුප්පකම නිසාමද නොදනිමි. උන්ට ජාති වාදය පෙනෙන්නේ සිංහල ජාතිය යන වචනය කියවුනොත් පමනි.
නානසාදු යනු ලංකාවේ සමාජ ක්‍රමයේ පවතින අඩුපාඩුවක් නිසා පොර වීමට දඟලන මානසික රෝගියෙකි. ඌට බැන බැන ඇවිදීම වත් ඌව වර්නනා කිරීම වත් පවතින අඩුපාඩුවට විසඳුමක් නොවනු ඇත. සිරාවටම තමන්ට කෙලවෙන බව දකින දිනක සිංහලයා ඇත්ත තේරුම් ගනු ඇත. නමුත් එදාට බබා හම්බුවී අවසාන වී තිබෙනු ඇත. සියලු ආකාරවල ජාති වාදය පිලිකුල් කළ යුතුය. නමුත් එය සිදු වීමට ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුය. කුඩ්ඩන් හොරුන් රට කරන තෙක් එය සිහිනයක්ම වනු ඇත. එබැවින් නානසාදුට හෝ උලමාට දික් කරන ඇඟිල්ල හරවා ගත යුතු වන්නේ තමන්ටය. බුද්ධ ශාසනය රකින්නට යුද්ධ අවශ්ය නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ බලය ජනතාව සතු බව වටහාගත යුතුය. එවන් දිනක තවත් නානසාදුලා හෝ අන්තවාදයකට ඉඩක් නොමැති වනු ඇත.
නමුත් වර්තමානය දෙස බලන කල එය සිහිනයක්ම පමනක් වන බව නම් කිව හැක.
https://www.facebook.com/chathuravita/posts/10203747548957936?comment_id=7793606&offset=0&total_comments=11&ref=notif¬if_t=feed_comment_reply




