සිතන්න...අදම අරඹන්න

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    සිතන්න...අදම අරඹන්න

    Email එකකින් ආවෙ PDF විදිහට. උඹලටත් පෙන්නන්න ඔන නිසා images විදිහට දැම්ම.
    කෙල්ලොන්ගෙ Photos කට ඇරගෙන බලන් ඉන්න එකේ මේ වගෙ එකක්වත් බලපල්ල

    2n2340k.png

    2ce254g.png
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    Ape kollo Kello ganath duk wenna ona, sanskruthiya Nisa hagim yatakaragena badinakan. Weli weli idina kramaya wenas wenna ona neda? Samajaya winasa wela sanskruthiya Nisa:(
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප සහා සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: htsm

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ජාතිවාදියෝ ද හැම විට ම සමාජ යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට අතීතයේ තිබුණා යයි කියන ගූඪ සමෘද්ධියක ෆැන්ටසියක ජීවත් වෙති. උදාහරණයක් ලෙස සිංහල ජාතිවාදීන්ගෙන් ඇතැමෙක් රාවණා නම් රජෙක් ගැන ද, ඒ රජු අහසින් පියෑඹූ දඬු මොනරය ගැන ද විශ්වාස කරති.

    ජාතිවාදය ඔස්සේ ඒ අතීතය බඳු අනාගතයක් නිර්මානය කළ හැකි යයි විශ්වාස කරති.

    උපුටා ගත්තේ http://www.w3lanka.com/2014/06/blog-post_7.html

    වටිනා අනාගතයක් හොද රටක් ගොඩ නගන්න පුළුවන් ! තමන්ගේ ඉතිහාසය පාරම් බාමින් ලෝකෙට පරකාසේ වනවාට වඩා හෙට ලොව ගැන සිතා තමන්ගේ වටිනාකම් මෙන්ම අනුන්ගේ වටිනාකම් හදුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගෙන එකමුතු වී නොපමාව වැදගත් වැඩ කිරීමෙන් පමණයි බවයි !

    අරයා මේ ආගමේ, අර ජාතියේ, අර කුලේ, අර පුද්ගලික විශ්ව විද්‍යාලයේ, මේ රජයේ විශ්ව විද්‍යාලයේ, කිය කියා වෙනස්කම් හදා ගෙන වෙන් වෙවී ඉන්න නැතුව මරා ගන්න නැතුව.
    ඒ ඒ අයගේ දක්ෂතා හදුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගෙන හෙට රට ගොඩ නගන්න ශක්තිමත් තරුණ, වටිනා ආකල්ප තියෙන පිරිසක් ගොඩ නගා ගැනීමෙන් විතරයි !

    මේ ඉන්න වයසක පරම්පරාවේ ආකල්ප වෙනස් කරන්න අපි පරක්කු වැඩියි.
    තියෙන දුක දැන් ඉන්න බහුතර තරුණයෝ ඉන්නේ 21 වෙනි සියවසේ උනාට තියෙන්නේ 17 සියවසේ ආකල්ප.
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඇත්ත කතාව මචන් ලංකාව ගැන හිතල බැලුවොත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන දුක හිතෙනවා බන් හැම එකාටම ඕන තමන් කැමති උනත් නැති උනත් සමාජෙට පෙන්න දොස්තර හරි ඉන්ජිනේරුව හරි වෙන්න ඊට පස්සේ අකමැත්තෙන් කරන්න ඕනවට රස්සාව කරනව උට වැඩකුත් නැ රටට වැඩකුත් නැ ආසාවක් ඇති එකෙකුට එතෙන්ට යන්න විදියකුත් නැ. ගොඩක් අපේ කැම්පස් වල ඉගෙන ගන්න උන් බැලුවම මේ තත්වේ තේරෙනවා. එකනේ ලංකාවේ වැඩකට ඇති රිසර්ච් වෙන්නෙම නැත්තේ. අපේ මොකාද බන් කැමති කෘෂිකර්මේ පැත්තේ හරි කාර්මික පැත්තේ හරි වැඩකට ඒවා කරන අයට එච්චර පිලිගනිමකුත් නැ මේ සමාජේ. ඔය දේවල වෙනස් කරනකන් ලන්කාවනම් වෙනස් කරන්න අමාරු වෙයි ඉතින් :angry:
     
    ekanam aththa ban.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතිවාදියෝ ද හැම විට ම සමාජ යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට අතීතයේ තිබුණා යයි කියන ගූඪ සමෘද්ධියක ෆැන්ටසියක ජීවත් වෙති. උදාහරණයක් ලෙස සිංහල ජාතිවාදීන්ගෙන් ඇතැමෙක් රාවණා නම් රජෙක් ගැන ද, ඒ රජු අහසින් පියෑඹූ දඬු මොනරය ගැන ද විශ්වාස කරති.

    ජාතිවාදය ඔස්සේ ඒ අතීතය බඳු අනාගතයක් නිර්මානය කළ හැකි යයි විශ්වාස කරති.

    උපුටා ගත්තේ http://www.w3lanka.com/2014/06/blog-post_7.html

    වටිනා අනාගතයක් හොද රටක් ගොඩ නගන්න පුළුවන් ! තමන්ගේ ඉතිහාසය පාරම් බාමින් ලෝකෙට පරකාසේ වනවාට වඩා හෙට ලොව ගැන සිතා තමන්ගේ වටිනාකම් මෙන්ම අනුන්ගේ වටිනාකම් හදුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගෙන එකමුතු වී නොපමාව වැදගත් වැඩ කිරීමෙන් පමණයි බවයි !

    අරයා මේ ආගමේ, අර ජාතියේ, අර කුලේ, අර පුද්ගලික විශ්ව විද්‍යාලයේ, මේ රජයේ විශ්ව විද්‍යාලයේ, කිය කියා වෙනස්කම් හදා ගෙන වෙන් වෙවී ඉන්න නැතුව මරා ගන්න නැතුව.
    ඒ ඒ අයගේ දක්ෂතා හදුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගෙන හෙට රට ගොඩ නගන්න ශක්තිමත් තරුණ, වටිනා ආකල්ප තියෙන පිරිසක් ගොඩ නගා ගැනීමෙන් විතරයි !

    මේ ඉන්න වයසක පරම්පරාවේ ආකල්ප වෙනස් කරන්න අපි පරක්කු වැඩියි.
    තියෙන දුක දැන් ඉන්න බහුතර තරුණයෝ ඉන්නේ 21 වෙනි සියවසේ උනාට තියෙන්නේ 17 සියවසේ ආකල්ප.
    ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනස ඇති වන්නේ මෙයිනි. ජාතිවාදියා සිය අතීතය චුවිංගම් එකක් සේ නැවත නැවත හපමින් රස බලන්නට යත්න දරයි. නමුත් ජාතිකවාදියාට ඉතිහාසය පහන් පැලක් පමණි. එය වන්දනීය බව සත්‍ය මුත්, ජාතිකවාදියා දකින්නේ ඒ එළිය තම මග නොමග සොයන්නට දැල්වෙන එකක් බවය.
    මූලික ආකල්පය වෙනස් විය යුත්තේ මෙතැනිනි. ඉතිහාසය උගත යුත්තේ ඉතිහාසය නැවත නැවත චක්‍රාකාරව පුනරාගමනය වන නිසාය. අතීතයේ ඇති වූ තත්ත්වයන් දන්නා පුද්ගලයා, වර්තමාන තත්ත්වයන් හා එය සසදා, අනාගතයේ සිදුවන දේ පිළිබදව පුරෝකථනය කොට එයට ප්‍රතික්‍රියා දැක්වීමට සුදානම් වේ. නමුත් එය නොදන්නා පුද්ගලයා සිව් වන වර්ගයේ මානවයා බවට පත් වී හත් පොලේ ගාගනී.......
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කියන එක හරියටම හරි... මේකේ ඉන්න එවුන්ට ඕනේ හැම එකාම පාග ගෙන, පයින් ගහගෙන නැගිටලා උඩට ගිහින් පහල ඉන්න එවුන්ට හිනා වෙන්න. නැතුව හැමෝම ගැන හිතලා තමන්ගේ රාජකාරිය හරියට කරන්න නෙවේ.. නිකන් හිතලා බලපන් මම කියන්නේ බොරුද කියලා.. තමන්ගේ බඩ වඩා ගන්න පමණක් නටන මිනිසුන් පිරිච්ච රටක සංවර්ධනය කියන වචනෙත් නිකන් විහිළුවක් වගේ....