කඩේ-නංගි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කොල පාටට නිල් පාටට ටියුබ් ලයිට් වටේ ගහපු...
දවස පුරා ඇරලා තියෙන පුංචි හෝටලේ........
‍පොඩි ගානට ලොකු කෑමට කව්රුත් එන්නේ එතනට....
චූටි මැණිකෙ එයා තමයි මැනේජර් කඩේ........

රයිස් එක්ක බුරියානිත් ඕඩර් ගන්නේ........
සල්ලි අරං මැණිකෙ තමයි බිල් එක දෙන්නේ.....
ඇස් කොනකින් ඉගි මරමින් මදෙස බලන්නේ....
බිලේ තියෙන ගානත් මට අමතක වෙන්නේ........


තරහා ගිහිං ඉන්නකොටයි ආසා හිතෙන්නේ.....
පුංචි කඩේ ඇතුලේ කිංකිනි සෙලවෙන්නේ.....
කොයි කවුරුත් ඇගෙ වදනට අවනත වෙන්නේ....
එයා නිසයි මේ බිස්නස් නැගලම යන්නේ.......

රෑට හැදෙන බඩගින්නට මං මෙහෙ ආවේ....
කොත්තු එක්ක බොන්න ලයිම් දෙනවද නෝනේ.....
බඩ පිරුනත් නැතත් ඔයා ලග හිටියානේ.......
මෙන්න සල්ලි චේන්ජ් එපා අපි කැපුනාවේ........


හැමදාමත් කොත්තු රයිස් කන්නට කියලා.....
එන්න බෑනෙ චූටි මැණිකෙ මට දුර ඉදලා.....
පුංචි පැලක රසකර පොඩි කෑමක් හදලා....
මගේ ලගින් ඉන්නකො බිල් පොත් විසි කරලා.....!


kottu2.jpg



පට්ට .අන්තිම ලයින් දෙක තමයි පට්ටම