පව් බං මං.....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ගොඩ උනේ කොටුවෙන්ය ගෙදර එන්නට සිතා...
    අසුනකට බර උනෙමි ඊයෙ නිදි නැති නිසා...
    වෙනදාට දොරේ එන දුම්රියත් බැරි උනා...
    නුහුරු නුපුරුදු බසයෙ කොනක මං තනිවෙලා...

    කවුරුදෝ කොහෙන්දෝ යුවතියක් පැමිණිලා...
    මා ළඟම වාඩිවුන මොහොතෙ මං හිනැහුනා...
    දොඩමළුව ඇය එක්ක කැලණියත් පහු කළා...
    සරසවිය නැවතුමෙන් මිතුරියක් ගොඩ උනා...

    කාලෙකින් මං දැක්කෙ කෙල්ල ලස්සන වෙලා...
    මං දැක්ක මොහොතෙදිම ඇය මාව ඇමතුවා...
    සෙනග අඩු නිසා අද අසුන් ටික හිස් වෙලා...
    ඉදිරි අසුනක ගිහින් එයත් ඉදගන ගියා...

    මං දිහා බලනවා ආපස්ස හැරි හැරී...
    මාත් දැන් බලනවා හිතම හිරි වැටි වැටී...
    ළඟ ඉන්න යුවතියට හිතින් බැන වැදි වැදී...
    ටිකට් පත ගත්ත මම ඒ ගැනම හිති හිතී...

    ටිකට් එක පිටිපස්සෙ ලියල මගෙ නොම්මරය...
    ළඟ තියාගන හිටිය එනතුරා බැස යන්න...
    වරකාපොල නගරයෙන් බස් එකෙන් බැහැගන්න...
    ඇය ගියා බස් එකේ ඉස්සරහ දොර ලඟට...

    මගෙ මූන බලලා බහින්නම් කියලා...
    බෙල් එකත් ගහලා බලාගන ඉඳලා...
    එක පාර රවලා බස් එකෙන් බැහැලා...
    යන්න යනවා මෙන්න බිම දිහා බලලා...

    මං මොකක් කලාටද අනේ මට රවන්නේ...
    ටිකට්ටුව දමන්නට හිත හදාගන්නේ...
    පුරුෂ දහිරිය දමා ටිකට්ටුව දමන්නේ...
    අවුලකුත් නෑ වගෙයි ඇය ඇහිඳගන්නේ...

    ළඟ ඉන්න යුවතියට මං හිනා වීලා...
    "යාලුවෙක්" කියා මම ඇගෙ සැකය දුරලා...
    මගෙ මිතුරි ගැනම මල් හීනයක් මවලා...
    ගෙදර යන්නට ගියා පොතුහැරින් බැහැලා...

    කෙටිම කෙටි පණිවිඩයකුයි ඇගෙන් ලැබුනේ...
    "ඇයි ඔයා නොම්මරය මගෙ ලගට දැම්මේ?"...
    "ඔයා හරි ලස්සනනෙ ඒ නිසයි හිතුනේ"...
    කීව මම හිතුවෙ නෑ ඊලගට වෙන දේ...

    "පිස්සු නැත්තන් ෂෝක්" පිළිතුරක් එන්නේ...
    කල්පනා කළා මං නෑ මොකුත් හිතුනේ...
    එයාගෙන් අහලමයි දැනගන්න වෙන්නේ...
    ඇහුවමයි මා ගැනම මටත් දුක හිතුනේ...

    "ඔයත් කැම්පස් කියල යාලුවෙක් කිව්වා...
    කාලෙකින් දැක්කාම මොකක්දෝ හිතුනා...
    කවුද අර ළඟ ආවෙ,කෙල්ලනේ?" අහලා...
    තව ඒවා ඇහුවාම විලි ලැජ්ජ දැනුනා...

    මගෙ ගැනත් හිතුනාලු මං හිතුව වාගේම...
    කෙල්ල ළඟ හිටියාලු මගෙ ළඟම තුරුලේම...
    ළඟ තියාගන කෙල්ල නොම්මරේ දැම්මාම...
    මට ලැජ්ජ නැතිවාලු තවත් පෙර වාගේම...

    මං මොනව කියන්ටද කැපෙන කතුරක් එක්ක...
    අපරාදෙ මං ගැනත් හිතුවාලු ඒ කෙල්ල...
    ළඟ හිටපු කෙල්ලගේ මව් පියෝ සිහිවෙන්ට...
    එන නිසා මේ පුවත අවසරයි නවතන්න...

    පව් බං මං.........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හ්ම්ම්.. ඔයානම් ඇත්තටම පව් නම් තමා.., අනේ මන්දා මොනව කරන්නද ඉතින් :/ :rofl::rofl:
    - ලස්සනට ලියලා තියෙනවා.. +7 : )
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    pau ban uba.. :lol:
    8+..

    :P:P:D:D


    :)

    සෑහෙන්න පව් තමා.. :(

    :D:D

    හ්ම්ම්.. ඔයානම් ඇත්තටම පව් නම් තමා.., අනේ මන්දා මොනව කරන්නද ඉතින් :/ :rofl::rofl:
    - ලස්සනට ලියලා තියෙනවා.. +7 : )

    :rofl::rofl::D:D:D

    :lol:
    patta ta liyala thinawa

    ela...

    දුක හිතුනා රත්තරන්


    kumak krnnada man....:P:P:D:D

    සිරාවටම පව් ඕයි උබ:dull:
    12+:P

    :D:D:D hamotama thnx yaluwane....:yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    හ්ම්ම්.. ඔයානම් ඇත්තටම පව් නම් තමා.., අනේ මන්දා මොනව කරන්නද ඉතින් :/ :rofl::rofl:
    - ලස්සනට ලියලා තියෙනවා.. +7 : )
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :D Aththatama una deyakda?
    profilepic497587_4.gif
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83

    :P:P


    :cool::cool:
    my Sympathies MaChan! ++

    :D:D hithuna leewa mchn...

    :D Aththatama una deyakda?

    :D:D:D aiyo na...man kalin kawi set 1k damma thread 1k,eke nam tikak ewa athdakim..meka man campz idan eddi hithuna deyak.eda train eke awe na bus eke awe..

    හ්ම්ම්.. ඔයානම් ඇත්තටම පව් නම් තමා.., අනේ මන්දා මොනව කරන්නද ඉතින් :/ :rofl::rofl:
    - ලස්සනට ලියලා තියෙනවා.. +7 : )


    :rofl::rofl::rofl::rofl: