මැදමුලන සීෂෙල්ෆ් ජාතකයේ ඇත්ත නැත්ත

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මැදමුලන සීෂෙල්ස් ජාතකයේ ඇත්ත නැත්ත

    ඊයෙ Srilankan1 සහෝදරය දාපු ත්‍රෙඩ් එක දැක්කම සමහර අයට හිතෙන්න ඇති ඕක ගොසිපක් විතරයි කියල.. ඒත් මෙන්න අද නිව්ස් වලම දාල තියනව :baffled::baffled:

    ශ්‍රී ලංකාවේ මුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීම සඳහා තම රජය අනුබල නොදුන් බව සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පවසයි.

    එරට විදේශ අමාත්‍ය ජීම් පෝල් ඇඩම් පවසන්නේ ශ්‍රී ලංකාවේ අරමුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීමට තම රජය අනුබල දුන් බවට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

    සීෂෙල්ස් විපක්ෂ නායක ඩේවිඩ් පීරේ එරට ජාතික සභාවේ දී සිදුකළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් එරට විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    එහිදී එරට විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් විවිධ සංවර්ධන කාර්යන්ගෙන් උපයාගන්නා අරමුදල් සීෂෙල්ස් රාජ්‍යය හරහා සුවිස් බැංකුව වෙත යොමු කර ඇද්ද යන්නයි.

    ස්විසර්ලන්තයේ මුල්‍ය අනපනත් දැඩිවීම හේතුවෙන් අනිසි ලෙස උපයාගන්නා මුදල් මෙලෙස වක්‍රාකාරයෙන් එරට සුව්ස් බැංකු වෙත යොමුකිරිමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.

    කෙසේ වෙතත් සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීතිත්‍යානුකූල ආකාරයෙන් තම රටේ සමාගම් හරහා සිදුකරන නීත්‍යානුකුල ගනුදෙනු මගින් හුවමාරු වන මුදල් පිළිබඳව තම රජයට වගකිව නොහැකි බවයි.

    එලෙස සුවිස් බැංකුව වෙත සිදුකෙරෙන මුදල් හුවමාරුව අපරාධයක් ලෙස සැලකිය නොහැකි බව ද සිෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    Source> http://sinhala.adaderana.lk/news.php?nid=44695

    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ.. දැන් මේව නිකන් කට කහනවට කියන ඒව වෙන්න ඇති නේද? :P
    මේක මැදමුලන ජාතකයේ එක කතාවක් විතරයි..
    ;)
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ww.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කවදා හරි බිල් ගෙට්ස්ට මැදමුලන එකෙක්ට සෙකන්ඩ් වෙන්න වෙනවා..ඔන්න බලපන්කො බොරුද කියලා...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවදා හරි බිල් ගෙට්ස්ට මැදමුලන එකෙක්ට සෙකන්ඩ් වෙන්න වෙනවා..ඔන්න බලපන්කො බොරුද කියලා...

    මම නම් හිතන්නේ දැනටමත් එහෙම වෙන්න ඇති බිල්ගේට්ස් ගේ සල්ලි කලු සල්ලි නොවන හින්දා වත්කම් ප්‍රමාණය ඔනේම කෙනෙක් දන්නවා .එත් අපේ එකා කලු සල්ලි ගොඩගහන හින්දා වත්කම් පුමාණය කවුරුවත් දන්නේ නෑ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම නම් හිතන්නේ දැනටමත් එහෙම වෙන්න ඇති බිල්ගේට්ස් ගේ සල්ලි කලු සල්ලි නොවන හින්දා වත්කම් ප්‍රමාණය ඔනේම කෙනෙක් දන්නවා .එත් අපේ එකා කලු සල්ලි ගොඩගහන හින්දා වත්කම් පුමාණය කවුරුවත් දන්නේ නෑ

    uba oya aththak kiyanawa dakkamai :lol::lol:
     

    Similar threads