ඇට කෑමෙන් දිගු දිවියක්

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
ඇට කෑමෙන් දිගු දිවියක්

දිනපතා ඇට වර්ග ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත.

සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඇට වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.

එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.

Source: www.lankadeepa.lk