Dinusha Sankalpaට එන්තර වාසි !!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    ගීත රචක දිනූෂ සංකල්ප හට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග..


    පංකසාලයා නොහොත් සංකපාලයා ලෙස එළකිරිය තුළ ප්‍රකට නැගී එන ගීත රචක දිනූෂ සංකල්ප මහතා හට විරුද්ධ ව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට එළකිරියේ සාමාජිකයන් කිහිප දෙනෙක් ම මේ වන විටත් කටයුතු ආරම්භ කොට ඇති බව ඉතාම විශ්වසනීය ආරංචි මාර්ග මගින් අප වෙත දැන ගැනීමට ලැබී ඇත. මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යනු ලබන්නේ ඔහු විසින් රචනා කොට ජනප්‍රිය ගායක සුරේන්ද්‍ර පෙරේරා විසින් ගායනා කරන, නවම් තරිදු සහ ෂෙහාන් ක්‍රිස් විසින් තනු නිර්මාණය කොට ඇති “හින්දි වගේ - The FaceBook Song“ නම් වන නිර්මාණයේ දී එළකිරි සමාජ අඩවියේ සාමාජික භවතුන් විසින් නිර්මාණය කරන ලද වචන එම නිර්මාණයට අනවසරයෙන් යොදා ගැනීම පාදක කොට ගෙනය.

    තමා එළකිරි විවාහක සමාජය (EK Married Club) හුය වෙත නිර්මාණය කොට ඉදිරිපත් කරන ලද, එයින් පසුව එම හුය පුරා භාවිතා වන “වන ගත වෙනවා“ යන වාක්‍යාංශය මෙම ගීතයට අනවසරයෙන් අඩංගු කර ගැනීම වෙනුවෙන් එම වාක්‍යාංශයේ නිර්මාපකයන් වන, එළකිරි විවාහ සමාජයේ “අමුඩය සහ *ක“ ලෙස ප්‍රසිද්ධ urajdrlk සහ Tharinda76 යන මහත්වරුන් දිනුෂ සංකල්පට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණය වී ඇත. ප්‍රථම පියවර ලෙස “විශ්වාස ඝාතක නීතිඥ සමාගමයේ“ ගොඩ පෙරකදෝරු උපදෙස් වලට අනුව ඔහුට එන්තර වාසියක් යවා ඇති අතර, එයට ලැබෙන ප්‍රතිචාරය අනුව ඉදිරි නීතිමය කටයුතු තීරණය කරන බව ඒ සම්බන්ධ යුරාජ් මහතා අප සමග පැවසීය. ස්වකීය නිර්මාණයක් මෙලෙස ප්‍රසිද්ධියේ යොදා ගැනීම අඩු තරමෙන් පීඑම් අවසරයකින් කළ යුතු බවත්, මෙසේ බුද්ධිමය දේපල මංකොල්ල කෑම උහුලා ගත නොහැකි බවත්, එය තම ඇඹෙණිය ගේ රැවුම් ගෙරවුම් වලට වඩා තම හද සසල කරන බවත් ඒ මහතා අප සමග පැවසීය. මේ පිළිබද ව වැඩි විස්තර ලබා ගැනීමට තරින්ද මහතා ඇමතූ අවස්ථාවේ “මම වනගත වෙලා ඉන්නේ *කෝ“ කියමින් දුරකථනය විසන්ධි කරනු ලැබූ අතර, මෙම සිද්ධියෙන් ඒ මහතා කොතරම් කම්පනයකට පත්ව ඇද්ද යන්න සදහා අප මුහුණ පෑ ඒ සිද්ධියම ප්‍රමාණවත්ය.

    එසේ ම මේ ගිතයේ අඩංගු වන “ඇඩ්මින්ලට නහයෙන් අඩලා“ යන්න තම වැකියක් බවත්, එය මෙසේ යොදා ගැනීම තමා ගේ මූලික වානර අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත්, ඒ වාක්‍ය තමා තම ක්‍රියාවෙන් ම නිර්මාණය කල එකක් බවත්, එම වාක්‍යෙය් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇමසින් මහතා ප්‍රකාශ කලේය. තමා සිටින්නේ විදේශයක බැවින් ද තමා විදේශීය පුරවැසියෙකු බැවින් ද, මීට විරුද්ධව තමා එංගලන්ත අධිකරණයේ නඩු පවරන බව ඒ මහතා අප සමග පැවසීය. ඒ සදහා මූලික පියවරක් ලෙස තමා දිනූෂ සංකපාල හට යූරෝ මිලියන 10ක එන්තර වාසියක් එවන බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේය.

    එසේම “මචං කොල්ලනේ“ යනු තමා ගේ ආමන්ත්‍රණයක් බව එළකිරි විවාහක සමාජයේ නිර්මාතෘ විකිලීක්ස් මහතා පවසයි. තමා ඒ වචනය යොදා ගත්තේ විවාහක සමාජයේ සිටිනා වයස්ගත ගොබිලන් සහ ගොබිලියන් ට ඒ තත්ත්වය අරමුණු නොවී පොඩි “යන්ග් කික් එකක්“ දීමට බවත් ඒ මහතා පැවසූ අතර, ඒ වචනය තමා ගේ කිසිදු පූර්ව අවසරයකින් තොරව ගීයට යොදා ගෙන තිබීම, සුප්‍රකට මිනි වර්ල්ඩ්ස් එන්ඩ් චාරිකාවට ගෙන ගොස් අතුරුදන් වූ බ්ලැක් ලේබල් බෝතලය ගසා වන ගත වීමට තරම් හිත පාරවන කරුණක් බව ඒ මහතා අපට පැවසීය.

    “මචං කිඹුළා, ගෙදර ඇත්ති ගේ ගෑස් වුණත් උහුලන්න පුළුවන්, එක බොක්කට කා ගෙන බී ගෙන ඉන්න උනුත් මෙහෙම අපට මහ රජා වගේ ම කෙළවන්න හදන එක නේ බං උහුලන්න බැරි“
    යනුවෙන් සිය වේදනාව තව දුරට පලකල ඒ මහතා, තමා ද එන්තර වාසියක් පිළියෙළ කර ඇති බවද අප සමග පැවසීය.

    මෙලෙසම මේ ගීත නිර්මාණයට විරුද්ධව අධිකරණයට යාමට තීරණය කොට ඇත්තේ ප්‍රසිද්ධ ශබ්ද පරිපාලක වරයෙක් වන Dj Ice Cold මහතාය. මෙය තමා අන්තර්ජාලයේ හැසිරීම පාදක කර ගනිමින් නිර්මාණය වූවක් බව ද, තමා ට මඩ ගැසීම සදහා සිතා මතා ම නිර්මාණය කරන ලද්දක් බවත්, එමගින් තම අති විශාල කීර්තිනාමයට පිරිමැසිය නොහැකි බරපතල හානියක් සිදුව ඇති බව ද, ඒ නිසා මේ ගීතය වාරණයට ලක්කරන ලෙස ඇයදුමක් සමග තමා ද අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බව ඒ මහතා වෙනුවෙන් ඒ මහතා ගේ ලේකම් නෙතුෂි මෙනෙවිය අප සමග පැවසූවා ය. මේ පිළිබදව අප හට අයිස් කෝල්ඩ් මහතා ට කතා කරළ හැකිදැයි ඇසූ විට ඇය පැවසූයේ, “ එයා සෝ හර්ට් වෙලා ඉන්නේ මේකෙන් මෙයා. ඔයා දැන් එයාට කතා කලොත් සමහර විට බෑඩ්, නෝටි වචන කියන්න පුළුවන්, ඒ නිසා පස්සෙ කතා කරන්න හොදේ“ කියාය.

    මේ පිළිබද ව දිනූෂ සංකල්ප මහතා ගෙන් අදහස් විමසීමට උත්සහ කල ද, ඒ මහතා “මම බස් එක හද හද ඉන්නේ. පස්සේ කතා කරන්න“ යනුවෙන් දුරකථනය විසන්ධි කලේය.

    මෙසේ මතභේදයට ලක්ව ඇති ගීතය පහලින් ශ්‍රවණය කළ හැකිය.


     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙතන මොනවද වෙන්නෙ :dull:
    B2PDxbF.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පට්ට :D

    මල් කඩන වුන්ව ලිදට දාල
    ගොඩ අරගෙන අයිත් දාලා


    :baffled::baffled::baffled:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හිට්පන් ශබ්ධකෝෂයක් අරන් සෙට් වෙන්නම්!!
    :rofl::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද හත්තිලව්වේ කියන්නේ?
    මට තේරුනේ නෑනේ
    :rofl:

    මොකක්ද හත්තිලව්වේ කියන්නේ?
    මට තේරුනේ නෑනේ

    therune na ban :(

    :eek:
    කිබුලෝ ,,,,
    දත් ගලවන අඩුව ඔළුවේ වැදුනාද.
    නැත්නම් ගෑනි ඇතිලියකින් ඔළුවට ගැහුවාද..
    කියවල බලපල්ල වෙන සංතෑසිය..........
    සංකපාලයට නඩු පිට නඩු වැටෙන්න යන්නේ............:dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙට පත්තර හෙඩ් ලයින්ස්......

    "සංකපාලයාට කෙලවෙයි..... වන්දි ගෙවීමට @ට දෙක උකස් තබයි........"

    "අනී මම කොපි කලේ නෑ ඌයි..... සංකපාල වේදනාවේ උපරිම සලකුණු පෙන්වමින් පවසයි....."

    "සංකපාල නඩු බලවයි ද......."


     

    Similar threads