දැන් වයස අවුරුදු 20යි.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දැන් වයස අවුරුදු 20යි.


    හරි කට්ටියම ආවනේ, දැන් ඉතින් කියවලම යන්න.

    මම මේ නූල දාන්න හිතුවේ අපේ එළකිරියේ කට්ටිය මේක බාවිතා කරාට එකේ ඉතිහාසය දන්නේ නැතිව ඇති නිසා. හරි හරි බය වෙන්න එපා මම මේ අද කතා කරන්න යන්නේ වෙන මොකක්වත් ගැන නෙවයි ඔයාලට වැසිකිලියට යනකොටත් දැන් නැතිවම බැරි ඉස්මාර්ට් ෆෝන් ගැන.

    හරි ඔයාල දන්නේ නැතිවට 2014 අගෝස්තු මාසේ 16 වෙනිදාට ලෝකේ පළමු ඉස්මාර්ට් ෆෝන් එක නිපදවල අවුරුදු 20 වෙනවා, ඒ කියන්නේ දැන් ඉස්මාර්ට් ෆෝන් ගතකරන්නේ එයාගේ බද්‍ර යවුවනය කිවුවට ඔයාලා මාත් එක්ක තරහ වෙන එකක් නැහැ.

    හරි හරි දැන් බලමු මොකද්ද මේ හා හා පුරා කියල ඉස්සෙල්ලම හදපු ඉස්මාර්ට් ෆෝන් එක කියල. මේකේ නම තමයි අයි.බි.එම්. සිමොන්(IBM Simon) ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෝකප්ප්‍රසිද්ද අයි.බි.එම්. ආයතනය මගින්.

    මේක ඇවිල්ල ඒ දවස් වල හදුන්වල තියෙන්නේ ඉස්මාර්ට් ෆෝන් කියන නමෙන්නම් නෙවෙයි මොකද ඒ වෙනකොට "ඉස්මාර්ට් ෆෝන්" කියන වචනය බිහිවෙලා නොතිබුන නිසා. නමුත් මෙම ගැජට් ඒකක 50,000 ආසන්න ප්‍රමාණයක් අයි.බි.එම්. ආයතනය මගින් වෙළද පොලට නිකුත් කරලා තියනවා ඒ එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 899 ලෙස සටහන් කොට(එම මුදලේ වර්තමාන වටිනාකම ඇ. ඩො. 1400 පමණ).

    හරි මම තවම කිවුවේ නැහැ නේ මේ ඉස්මාර්ට් ෆෝන් එකෙන් මොනවද කර ගන්න පුළුවන් වුනේ කියලා.

    01. දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව. (මේකටනම් ඉස්මාර්ට් ෆෝන් එකක්ම වෙන්න ඕනේ නැහැ නේ)
    02. මේක ඇවිල්ල ටච් ඉස්ක්‍රින් වර්ගයේ දුරකතනයක්.
    03. ෆැක්ස් පණිවිඩ යැවීමේ සහා ලැබිමේ හැකියාව.
    04. ඉ-මේල් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
    05. සෙලියුලර් පේජස් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
    06. ලිපන නාමාවලියක්(addres book).
    07. කැලැන්ඩරයක්.
    08. හමුවීම් කළමනාකරණයක් (appointment scheduler).
    09. ගණක යන්ත්‍රයක්(calculator).
    10. ඔරලෝසුවක්.
    11. සටහන් පොතක් (electronic note pad).

    ඔන්න ඔය වගේ දේවල් ගොඩක් කර ගන්න මේ ඉස්මාර්ට් ෆෝන් එකෙන් පුළුවන් වුනා.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    හරි අපි දැන් මේකේ පින්තුර ටිකක් බලමු.

    IBM_Simon.jpeg


    hc30_1.jpg


    ibm-simon-primer-smartphone.jpg


    20120102111850.jpg


    ibm-simon-540x334.jpg


    article-2725934-208C9EF500000578-481_634x480.jpg


    the-first-smartphone-of-the-world-the-ibm-simon-turns-20.jpg


    smartphone_history.jpg


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....