බැටරි නැති මොබයිල් ෆෝන්

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බැටරි නැති මොබයිල් ෆෝන්

    හරි මම අද කියන්න යන්නේ වෙනස්ම දෙයක් සමහරවිට හිතා ගන්නත් ටිකක් විතර අමාරු වැඩක්. ඒ තමයි ලගදීම අපිට මොබයිල් ෆෝන් වල ප්‍රදාන ප්‍රශ්නයක් වෙන බැටරි බැසීම නැති කර ගන්න පුළුවන්.

    හරි අපි බලමු ඒ කොහොමද කියලා, ඇත්තටම දැනට මේක පර්යේෂණ මට්ටමෙන් ඉතාමත් සාර්ථක වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ Queen Mary University of London සහ ලෝකප්ප්‍රසිද්ද Nokia සමාගම එකතුවෙලා කරපු පරික්ෂනෙක ප්‍රතිපලයක් විදියට තමයි අපිට නුදුරු අනාගතයේදී මේ විදියට බැටරි නැති මොබයිල් ෆෝන් බාවිතා කරන්න ලැබෙන්නේ.

    හරි මම තාම කිවුවේ නැහැනේ මොකද්ද මෙයාල මේ හොයාගතපු ක්‍රමේ කියලා, මෙන්න මේකයි මෙයාලා හොයාගෙන තියෙන්නේ මොබයිල් ෆෝන් එකක බැටරියක් මිනිසාගේ කටහඩ උපයෝගීකරගෙන නැවත ආරෝපණය කරගැනීමේ ක්‍රමයක්, ඒ කියන්නේ අපිට කෑ ගහල අපේ මොබයිල් ෆෝන් බැටරිය චාර්ජ් කර ගන්න පුළුවන් ක්‍රමයක්.:P:P:P

    angry-man-yelling-in-to-mobile-phone.jpg

    මේක කොහොමද ක්‍රියා කරන්නේ?

    අපේ මිනිසාගේ කටහඩේ තියන ශක්තිය ලබාගැනීමට මෙයාලා බාවිතා කරලා තියෙන්නේ එක්තරා විදියක නැනෝ තාක්ෂණයක් වන නැනොරෝඩ්ස් (nanorods), මේ තාක්ෂණයට පුළුවන්කම තියෙනවලු විද්‍යුත් ශක්තියක් නිපදවන්න කටහඩේ තියන කම්පන ශක්තිය උපයෝගීකරගෙන. ඉතින් මේ පර්යේෂණ කණ්ඩායමට පුළුවන් වෙලා තියනවා මේ විදියට හදාගතපු මුලාකෘතිය (prototype) යොදාගෙන වෝල්ටේජ් පහක (5v) විදුලිබලයක් නිපදවන්න, ඒ බලය දුරකථන බැටරියක් නැවත ආරෝපණය කිරීමට හොදටම සැහෙනවා කියලා පර්යේෂණ කණ්ඩායමේ ප්‍රදානි Dr. Joe Briscoe කියලා තියනවා.

    ඉතින් ඔන්න ඔහොම තමයි අපිට ඉස්සරහට බැටරි නැති මොබයිල් ෆෝන් දකින්න ලැබෙන්නේ...

    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

    වැඩි විස්තර සදහා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම "ඉක්මනට ෆෝන් එක චාර්ජ් වෙයං" කියලා රෙකොර්ඩ් කරලා ප්ලේ වෙන්න තියනවා...... එතකොට කට රිදෙන්නෙත් නෑ ෆෝන් එකත් චාර්ජ් වෙනවා.......:P

    රෙප්+
     
    • Like
    Reactions: Ayeshlive

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Patta ne ban TFS

    එල එල

    කනක් ඈහිල ඉන්ඩ හම්බෙන්නෙ නැතිවෙයි :D Ela Ela

    ඔව් ඔව් එකනම් හරි....

    මම "ඉක්මනට ෆෝන් එක චාර්ජ් වෙයං" කියලා රෙකොර්ඩ් කරලා ප්ලේ වෙන්න තියනවා...... එතකොට කට රිදෙන්නෙත් නෑ ෆෝන් එකත් චාර්ජ් වෙනවා.......:P

    රෙප්+

    එහමම ඕනේ නැහැ මචන් අපේ වටපිටාවේ තියන සද්ද වෙලිනුත් මේ වැඩේ කර ගන්න පුළුවන්, මම කටහඩ කියල කිවුවට ඇත්තටම ඕනෙම සබ්දයක් යොදාගෙන මේක කරන්න පුළුවන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම "ඉක්මනට ෆෝන් එක චාර්ජ් වෙයං" කියලා රෙකොර්ඩ් කරලා ප්ලේ වෙන්න තියනවා...... එතකොට කට රිදෙන්නෙත් නෑ ෆෝන් එකත් චාර්ජ් වෙනවා.......:P

    රෙප්+
    rep 6+.:rofl:
     
    • Like
    Reactions: SANJEE

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් කෝල් එකක් ගනිද්දී බැටරියෙන් ගන්නවා ඇම්පියර් 1 ක් වගේ. මොකද සිග්නල් දුරට යවන්න ඕනේ නිසා.
    චාර්ජ් වෙද්දී එකට ඕනේ මිලි ඇම්පියර් 250 ට වැඩි ගානක්. එකත් පැය 2ක් විතර.
    (මම ම මැනලා බලල තියෙනවා)

    එච්චර ශක්තියක් ඕකෙන් ගන්න පුළුවන් ද බන්.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් කෝල් එකක් ගනිද්දී බැටරියෙන් ගන්නවා ඇම්පියර් 1 ක් වගේ. මොකද සිග්නල් දුරට යවන්න ඕනේ නිසා.
    චාර්ජ් වෙද්දී එකට ඕනේ මිලි ඇම්පියර් 250 ට වැඩි ගානක්. එකත් පැය 2ක් විතර.
    (මම ම මැනලා බලල තියෙනවා)

    එච්චර ශක්තියක් ඕකෙන් ගන්න පුළුවන් ද බන්.

    පුළුවන් කියල තමයි බන් මේ කට්ටියනම් කියන්නේ...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕව එනකම් සුවර් නෑ බන්:baffled:
    අනික ඉතින් එක පාරක් කෑ ගැහුවා කියල ඕක චාජ් කරගන්න බෑනේ.පැයක් විතරවත් කෑ ගහන්න වෙයි:rofl:
    හැබැයි ඔහොම එකක් ආවොත් හම්බ රටවල් වල ඉන්න හම්බයන්ටනම් අව්ලක් නෑ.අල්ලා හුවක්බර් ගාල හැම තැනම කියවනවානේ:P
     
    • Like
    Reactions: jayalalitha

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඕව එනකම් සුවර් නෑ බන්:baffled:
    අනික ඉතින් එක පාරක් කෑ ගැහුවා කියල ඕක චාජ් කරගන්න බෑනේ.පැයක් විතරවත් කෑ ගහන්න වෙයි:rofl:
    හැබැයි ඔහොම එකක් ආවොත් හම්බ රටවල් වල ඉන්න හම්බයන්ටනම් අව්ලක් නෑ.අල්ලා හුවක්බර් ගාල හැම තැනම කියවනවානේ:P

    :P:P:P:P:P

    patta macho

    rep denna balu ban mn langakadi ubata denna ahti

    ඔව් ඔව් බන් උබ දීල තිබුනා අවුලක් නැහැ මචෝ..