පට්ට දුකයි මචංලා

Status
Not open for further replies.

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
පට්ට දුකයි මචංලා

මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. මම දන්නව ගොඩක් උන් පච කෙලින නිසා උබල ඒව වශ්වාස කරන්නැති බව. ඒත් මේක ඇත්තම ස්ටෝරිය බන් මගේ ලයිෆ් එකේ.

මචංලා මට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්ත අවුරුදු ගානකට කලින් නැති උනා. ඉන්නේ දැන් මමයි අම්මයි විතරයි. අම්මගෙ පැත්තේ නෑදෑයො, තාත්තගෙ පැත්තේ නෑදෑයො අපි අසරන, දුප්පත් අය නිසා අපි සමග ආශ්‍රයක් නෑ.
මට දැන් අවුරුදු 24ක් වෙලා මාසයක් වගේ වෙන්නේ. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්‍රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.

අදටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.

ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. ම‍ගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.

අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආද‍‍රේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර්‍ කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තො‍ඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක ‍හෙන බෝරින් අනික.

මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.

මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.

අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්‍රයි කරත් හරියන්නෑ.

මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ‍ඔහොම තමයි වෙන්නේ.
දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල. :sorry:
 
Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    Counselling giyanam hari machan :) MAchine eka issaraha nikan kale nasthi karanna epa. Mona hari course ekak karala job kattak hoyagnin machan. Nettan freelancing hari karala kiyak hari hoyagana tika tika negitapan :)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Counselling giyanam hari machan :) MAchine eka issaraha nikan kale nasthi karanna epa. Mona hari course ekak karala job kattak hoyagnin machan. Nettan freelancing hari karala kiyak hari hoyagana tika tika negitapan :)

    ඒක තමයි මචං පටන්ගන්න ට්‍රයි කරන්නේ. ඒත් මේ ADHD එක්ක පට්ට අමාරුයි බන් මේ වැඩේ. කොච්ර දැන ගත්තත් හිතෙන්නෙම තව මදි කියල. ඒත් කරන්න ගියාම කරන්න පුුලුවන්. මේ දවස්වල රීවිව් කරනව මගේ නොලේජ් එක. එහෙම කරල ටෙස්ට් ටික කරන්න ඉන්නේ. දැන් ඉගෙන ගත්ත ඇති. :dull:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඒක තමයි මචං පටන්ගන්න ට්‍රයි කරන්නේ. ඒත් මේ ADHD එක්ක පට්ට අමාරුයි බන් මේ වැඩේ. කොච්ර දැන ගත්තත් හිතෙන්නෙම තව මදි කියල. ඒත් කරන්න ගියාම කරන්න පුුලුවන්. මේ දවස්වල රීවිව් කරනව මගේ නොලේජ් එක. එහෙම කරල ටෙස්ට් ටික කරන්න ඉන්නේ. දැන් ඉගෙන ගත්ත ඇති. :dull:

    මචන් දවසට අඩුම ගානේ විනාඩි 15 වත් භාවනා කරන්න ...

    “Fail again and Try Again and then Fail Again and Try Again” :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn kohe hari hotel ekakaka hari kamak ne job ekakta apply karapan...amma taniyen wunata salli hambunama kawa hari natharakaranna ekenek hoyaganna...anith minissungen wedak ne..eka ekenage life wenas...uba ohoma innakota amma nethiwena dawasaka ubata kohomath yanna wenawa..uba kocthara thread demmath kisima deyak wenas wenne ne...adama action ekak ganin..
     
    ඔව් බන් මට තේරෙනව. මගේ මෙන්ටලිටි එක පට්ට අන්ස්ටේබල් බන්. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. රුබී රූබන් ඩොක්ටර් ගෙන් ගත්තට හරිගියෙත් නෑ බන් :dull:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකට පොඩි විසදුමයි තියෙන්නේ, අමාරුවෙන් කොහොමහරි පොඩි පඩියකට හරි ගොඩක් අය ඉන්න තැනක රස්සවකට පලයන්.එච්චරයි. මාස තුනෙන් ත්‍රෙඩ් එකක් ඩාපන් ප්‍රොග්‍රෙස් එක
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕකට පොඩි විසදුමයි තියෙන්නේ, අමාරුවෙන් කොහොමහරි පොඩි පඩියකට හරි ගොඩක් අය ඉන්න තැනක රස්සවකට පලයන්.එච්චරයි. මාස තුනෙන් ත්‍රෙඩ් එකක් ඩාපන් ප්‍රොග්‍රෙස් එක

    ‍ජොබකට යන්න මට තියෙන්නේ o/l විතරයි මචං :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බන් මට තේරෙනව. මගේ මෙන්ටලිටි එක පට්ට අන්ස්ටේබල් බන්. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. රුබී රූබන් ඩොක්ටර් ගෙන් ගත්තට හරිගියෙත් නෑ බන් :dull:

    mchn kisima deyak hitanna epa...job ekakta interview awama kagena yanna,giyama hariyanawa,math social anxiety ekak hinda daahak dewal nethi karagatta onawata wada hitanna gihin...mental unstable wunath kamak ne kisima deyak hitanne nethuwa adagena eliyata behela yanna...ubata job ekakta gihilla salli hambunama oya godak dewal wisadaganna puluwan,hitha hitha inna eke kisima terumak ne...life eka ubata kela karanna hadanawanan gema nan gema kiyala eliyata behapan merunath kamak ne kiyala...anith minisungen wedak ne,..ewa gena hitannawath epa..adama apply karapan action ekak ganin...action ekak gattama ubata patta happy hitei...
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    umbe gewal koheda ban...man danna kenek innawa hoda counseller kenek...umbata udaw karai..salli ganna ekak ne man adunwala dennam....jeewithe ohoma thamai ban.....one nam pm ekak dapan...
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    mchn kisima deyak hitanna epa...job ekakta interview awama kagena yanna,giyama hariyanawa,math social anxiety ekak hinda daahak dewal nethi karagatta onawata wada hitanna gihin...mental unstable wunath kamak ne kisima deyak hitanne nethuwa adagena eliyata behela yanna...ubata job ekakta gihilla salli hambunama oya godak dewal wisadaganna puluwan,hitha hitha inna eke kisima terumak ne...life eka ubata kela karanna hadanawanan gema nan gema kiyala eliyata behapan merunath kamak ne kiyala...anith minisungen wedak ne,..ewa gena hitannawath epa..adama apply karapan action ekak ganin...action ekak gattama ubata patta happy hitei...

    මොනව හරි කරන්න ඕන තමයි මචං. අපරාදෙ මට තහ සහෝදර,සහෝදරියො කීපදෙනෙක් වත් හිටියනම්. මට කොහේ හරි මම දන්න දේකට ජොබ් එකක් කරන්න තිබ්බ බන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොනව හරි කරන්න ඕන තමයි මචං. අපරාදෙ මට තහ සහෝදර,සහෝදරියො කීපදෙනෙක් වත් හිටියනම්. මට කොහේ හරි මම දන්න දේකට ජොබ් එකක් කරන්න තිබ්බ බන්

    http://www.jobsjobs.lk/
    http://www.cv.lk/
    http://topjobs.lk/

    uba net eke inna wele owalin puluwan hema vacancy ekakatama apply karanna...sunday pattare aran balanna ona taram o/l walin jobs tiyenawa...nethi ewalin wedak ne mchn,ubata sales wage asa nattan, type karanna puluwannan data entry jobs tiyenawa ona taram o/l walin yanna puluwan....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ‍ජොබකට යන්න මට තියෙන්නේ o/l විතරයි මචං :dull:
    ඔතන තමා උබට වැරදුන තැන.බැරි බනේ. මට තියෙන්නේ කනු 3ක් ඒලෙවල් වලට. සයන්ස් කරන්න ගිහින් අනාගත්තා. අවු3 ඒලෙවෙල් කලා. අන්තිමට ඔක්කොම ෆේල්. ඊට පස්සෙ අවු 2ක් ගෙදරට වෙලා ෆිල්ම්ස් බල බල, රවුන් ගගහ, නෙට් එකේම ඉල්ලිලා හිටියා. පස්සේ පොඩි ජොබකට ගියා. පඩි 7000යි. ඒ මීට අවු 3කට කලින්. අද සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. බැරි බනේ නවත්ත ගනින්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔතන තමා උබට වැරදුන තැන.බැරි බනේ. මට තියෙන්නේ කනු 3ක් ඒලෙවල් වලට. සයන්ස් කරන්න ගිහින් අනාගත්තා. අවු3 ඒලෙවෙල් කලා. අන්තිමට ඔක්කොම ෆේල්. ඊට පස්සෙ අවු 2ක් ගෙදරට වෙලා ෆිල්ම්ස් බල බල, රවුන් ගගහ, නෙට් එකේම ඉල්ලිලා හිටියා. පස්සේ පොඩි ජොබකට ගියා. පඩි 7000යි. ඒ මීට අවු 3කට කලින්. අද සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. බැරි බනේ නවත්ත ගනින්.

    "A/L ගොඩ දාල campus යන අය තමයි පොරවල්" කියපු කාලේ ගියා. දැන් තියෙන්නේ හැකියාව සහ කැපවීම. මේ දේවල් තියෙනවනම් campus ගියපු න් කැලේ. (කැම්පස් ගියපු එකෙක් විදියට මම මේ කියන්නේ) :yes::yes::yes::yes:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    ‍ජොබකට යන්න මට තියෙන්නේ o/l විතරයි මචං :dull:

    Mata thiyenneth O/L witharai. Mata A/L walata tibbe 2F, 1S. Namuth mama IT walata asa hinda IT kara. Ada mata A/L na kiyala awulak na.
    Umba genuinely poddak hari asa field eke podi hari job ekak hoya ganin. Goda yanna puluwan.
     
    Status
    Not open for further replies.