
ඊයෙ මේ සම්පූර්ණ කතාවම කියෝල දවසම හෙණ ගහල වගේ උන්නෙ බං. ඒ අතර ප්රදීප් රංගනගෙ පෙම් සිහිනෙ සින්දුව ඇහුව 20 - 30 පාරක් විතර.

ෆුල් මනෝ.. මටත් උඹේ අවසන් කොටසට (172 පිටුව) සමාන විදියේ කතාවක් තිබ්බ. ඒ හරියෙන් තමයි මගෙ ලව් එකත් කැප කරලා අවසානයට එළැඹුනේ කාලයක් ගිහින්.

මම කරපු දේ හරියි කියන්නෙ නෑ මම. ඒත් ඒ ඒ වෙලාවට අපි අසරණ වෙන හැටියට අනික් කෙනා ගැන හිතලා තීරණයක් ගන්න වෙනව බං. උපදෙසක්වත් දෙන්න ඒ කාලෙ කිසි කෙනෙක් හිටියෙ නෑ.

වෙච්ච දේවල් දැන් නම් කොහෙත්ම නිවැරදි කරන්න බැහැ.

දිගටම ලියපන් පුළුවන් ඉක්මනින්.

කාගෙවත් ඕපදූප හොයන්න නෙවෙයි thread එකට එන්නෙ. කතාව ඇත්තද බොරුද හොයන්නත් නෙවෙයි.

ආදරේ කරන්න ගිහින් තවත් අයට මොන තරම් දුක් විඳින්න වෙනවද, ඒ වෙලාවට හිතට මොන වගේ දේවල් දැනෙනවද, ගන්න තීරණ මොනවද, කොයි තරම් අසරණ වෙනවද වගේ දේවල් දැනගන්නයි. මම ඉස්සර හිතුවෙ කෙල්ලෙක් සෙට් වුනාම ඕක ඉතින් ඒ හැටි දෙයක් යැ, යන්න යනව නම් යයි මම එහෙම නම් වෙන එකක් හොයාගන්නව කියලා. ඒත් ඇත්ත ජීවිතේ ඒ හිතපු ආදරේටත් වඩා ආදරයක් ලැබෙද්දි තමයි තේරෙන්නෙ මේ බැඳීම් මොන තරම් දුකට ඇදල දානවද කියල අපිව.

දිගටම ලියපන් මචන්. මම උඹේ කතාවේ ඉන්න කිසි කෙනෙක්ට කිසිම දොසක් කියන්නෙ නෑ මොකද ඒ ඒ වෙලාවට අසරණ වෙලා ගන්න තීරණ වලදි කිසි කෙනෙක් උදව්වට හිටියෙ නෑ නම් තනියෙන් හිතලා මතලා ගන්න තීරණ 75% - 85% විතරම සම්පූර්ණ වැරදි දේවල්, මට තියෙන අත්දැකීමෙන් කියන්නෙ.