2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පි- දෙකොපුල් කදුලින් තෙමා
    තොල්පෙති නලලත තබා
    නික්මුනදා හිස සිබ මා
    ලතවෙමි රෑ තුන්යාම්
    සුහදිනියේ

    මෙන් පෙරදි අපි මේ වගේ
    වෙන්වී යන්නට ඇති
    මේ කදුළු ගංගා ඉමේ
    කොතැනක හෝ

    මගේ ජීවිතේ ජීවිතේ ඉකි බිදී
    ඔබ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා ආවා වගේ
    වෙන්වී යයි

    ඔබ පපුතුරේ මා හිදි
    මගේ පපුතුරේ නුබෙ හිදී
    ලං වෙන්න නමි වෙන්නෑ
    සුහදිනියේ

    ගැ- දෙකොපුල් කදුලින් තෙමා
    තොල්පෙති නලලත තබා
    නික්මුනදා හිස සිබ මා
    ලතවෙමි රෑ තුන්යාම්


    සුදු සිනිදු මල් පෙති වගේ
    ගිලිහී යන්නට ඇතී
    මුදු සුවද දැනෙනා ඉමේ
    දෙතැන පිපි

    හමු වීම ප්‍රේමය නොවේ
    වෙන්වීම ප්‍රේමය වඩයි
    අපි පතා ආවා වගේ
    වෙන්වී යයි

    පි- ඔබ සිහිනවල මා හිදි
    මගේ සිහිනවල නුබෙ හිදී
    එය පියවි ලෝකයනොවේ
    සුහදිනියේ

    පි,ගැ-දෙකොපුල් කදුලින් තෙමා
    තොල්පෙති නලලත තබා
    නික්මුනදා හිස සිබ මා
    ලතවෙමි රෑ තුන්යාම්
    පි- සුහදිනියේ
     
    ශා… මම ආසම සින්දුවක්​…

    ටෙලිය​: අමා (2012)
    ගායනය​: ළහිරු පෙරේරා/ නෙලූ අධිකාරී


    CvLIQSNObEshJwiVpmyo0SoqAtcLCZSymh-sp6oEb1OHRELfxrgrHkn0lklKLj2Db1k=h900
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ...
    අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
    සංසාර ගිරි දුර්ගයේ...//

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ...
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ...

    දොඹ මල් කැලෑවේ...

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා..
    පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
    කටුවැට උඩින් පාවෙලා...

    දොඹ මල් කැලෑවේ...

    ගායනය : ගුණදාස කපුගේ
    පද රචනය : වසන්ත බණ්ඩාර දිසානායක
    සංගීතය : ගුණදාස කපුගේ

    වසන්ත බණ්ඩාර තමයි කපුගේට දුක හාදු දෙන රැයේ ලියන්නෙත්