Forex News බලන්ඩ දන්නේ නැද්ද? එන්ඩ මෙහාට....

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Forex News බලන්ඩ දන්නේ නැද්ද? එන්ඩ මෙහාට....

    ඔන්න සිංහලුනේ අද කියල දෙන්ඩ යන්නේ Forex News බලන විදිහ....
    ඊට කලින් කියන්ඩ දේවල් වගයක් තියෙනවා.....
    මම කලින් දැම්ම නුලක් Forex Strategy එකක් ගැන....
    http://www.elakiri.com/forum/showthread.php?t=1642185
    සමහරු හොදයි කියල තිබ්බ!
    සමහරු වැඩක් නෑ කියල තිබ්බ!
    සමහරු Signal දෙන සයිට් දන්නේ නැද්ද කියල අහල තිබ්බ.:confused::confused:
    හැමෝටම බෙහෙවින්ම සුතූතිවන්ත වෙනවා.:yes:

    සමහරු 100% සාර්ථක නැති ක්‍රමයක් කියල තිබ්බ.:frown:
    ඒ අයට දෙන උත්තරේ මේ මොන Indicator එකකින්වත් Market එක ඉස්සරහට අනිවාරයෙන්ම UP වෙයිද? Down වෙයිද? කියන්ඩ බෑ මොකද මේ Indicators වලින් ගන්නේ ඉස්සරහට Market එක දැන් තියෙන තත්වය අනඅව මොනව වෙයිද කියල දල අදහසක් විතරයි. ඒක 75% වගේ හරියන්නේ...

    අනෙක බලන්ඩ Forex Signal ගන්න කට්ටිය අත උස්සන්ඩ:angry::angry:
    මට තේරෙන විදිහටනම් මේ බබාලට කිසි මොලයක් නැති අය...මොකද මොන ප***ත් Signal දෙන්නේ මේ විදිහට Analysis වලින් තමා මොකද උන්ට අනාගතේ පේනවද? ;)
    සමහරු කියයි එහෙම Analysis බලල සුපිරි සිග්නල් දෙන එවුන් ඉන්නව කියල මට එවුන්ගෙන් වැඩක් නෑ:P
    මේක ඉගෙන ගත්තනම් හරියට ඔය මුකුත් ඕනේ නෑ....

    අනික තව ඉන්න Forex Master කට්ටිය දන්න එව්ව මේකෙ දාන්ඩ නිකන් පොර Talks දෙන්නේ නැතිව...:D:D:D
    මොකද එහෙම උබල දන්න Forex රහස් දන්නේ නැති එවුන්ට කියල දුන්න කියල උබලගේ Account එකෙන් අඩුවෙන්නේ නෑනි.

    දැන් කියන්ඩ යන්නේ Forex News කියන්නේ මොනාද කියල....
    තව දෙයක් කියන්ඩ තියෙනවා..(මු මේ බයිල ගහනවා කියල හිතන්ඩ එපා බොලාල.)
    මේකයි මම නිව්ස් ගැන ඉගෙන ගත්තේ Google එකෙන් Search කරලයි, YouTube Video බලලයි. ඒ හින්ද මෙතන දාන්නේ මම ඉගෙන ගත්තුවයි මගේ අත්දැකීමි ටිකයි..
    මම වත්තේ පොල් අහුලල 100$ හොයල දාපු Account News Trading වලින් විනාඩි 5න් Account එකම Loss වෙලා තියෙනවා..
    මගේ මුල්ම Account එකම Loss උනේ EURvsUSD Down උන එකෙන්... Stop Loss දාන්නේ නෑ මම ඒ කාලේ ඒක ගැන එච්චර දන්නේ නැති හින්දා...එහෙම Loss උනාගෙන් පස්සෙයි දන්නේ Forex වල News කියල එකක් තියෙනවා කියලා..
    ඉස්සරහට යද්දි උබලට තේරෙයි.
    එහෙනම් වැරදිලා තියෙන තැන් වලින් අපේ අම්මව මතක් කරන්ඩ එපා...

    (වැරදි ඇතොත් කියා දෙන්ඩ මම ආසයි හදා ගන්ඩ)

    http://www.myfxbook.com/forex-economic-calendar
    http://www.forexfactory.com/

    මේ දෙක තාමා මම දන්න සුපිරිම සයිට් දෙක...:yes:
    සමහර Broker ලත් News දෙනවා ඒක සයිට් එකේ Economic Calendar කියල ඇති..:rolleyes:

    මේ සයිට් වල Time එක අපේ වේලාවට හදා ගන්ඩ ඕනෑ..
    http://www.myfxbook.com/forex-economic-calendar මේකේ Auto හැදෙනවා..:D

    http://www.forexfactory.com/ මේ සයිට් එකේ මේහෙම...

    2rgltf6.png


    +5.30 දාගන්ඩ ඉන්දියාව පෙන්නයි... ලංකාව නෑ....:confused::confused:

    2133io0.png


    ඕක දීල Save Setting දියන්...

    dnhta0.png


    A කියන තැන තමන්ගේ PC එකේ විදිහට වෙලාව පෙන්නයි...
    B කියන එන ගියපුවාම මෙන්න මෙහෙම එයි...

    Forex Factory

    wihat.png


    MyFXBook Site එකේ මෙහෙම පෙන්නයි....




    හරි Setting වැඩ ඉවරයි දැන් බලමු නිව්ස් එකක් බලන්නේ කොහොමද කියල:D:D

    මේ කතාව අහපුවාමනම් උබලට පොඩ්ඩක් අව්ල් යයි...

    Forex News වලින් Market එක UP වෙනවද? Down වෙනවද? කියල කියන්නේ නෑ

    හෑ එතවට කොහොමද අපි Trade දාන්නේ ඒකට ඔයාලා Pending Orders දැන ගන්ඩ වෙනවා දන්නේ නැද්ද?:confused:

    එහෙනම් දැන ගන්ඩ...
    මූලිකව Pending Orders යටතේ ජාති 4යි.

    1. Buy Limit
    2. Sell Limit
    3. Buy Stop
    4. Sell Stop
    ඉහත මේ ජාති හතරම අපේ මූලික Orders දෙක යටතට එනවා.
    Buy By Market

    • Buy Limit – දාන්නේ මොන වෙලාවටද? හිතන්න මෙහෙම යම් කිසි pair එකක් යම් කිසි අගයකට පහල ගියොත් තව ලොකු Up Trend එකක් එයි කියලා. අන්න එතැනට හරියන ජාතිය තමා Buy Limit කියන්නේ.
    උදා: ඔන්න දැන් AUSUSD Pair එක දැන් 1.4236 කියලා. හිතන්න ඔයාට දැන් පොඩ්ඩක් එලියට යන්න ඕන අත්‍යවශ්‍ය වැඩකට. හැබැයි ඔයා හිතනවා මෙහෙම (ඇනලයිස් වලට අනූව) මේක 1.41756 වෙනකල් පහල ගියොත් මේක ලොකු Up Trend එකක් දෙයි කියලා. අන්න ඒ වෙලාවට තමයි මේක වටින්නේ. එතකොට ඔයාට පුලුවන් 1.41756දි Buy Limit දාලා තියන්න.තේරැනා කියලා හිතනවා.

    • Buy Stop – දාන්නේ මොන වෙලාවටද? හිතන්නකෝ මෙහෙම යම් කිසි pair එකක් යම් කිසි අගයකට ඉහල ගියොත් තව ලොකු Up Trend එකක් එයි කියලා. අන්න එතැනට හරියන ජාතිය තමා Buy Stop කියන්නේ.
    උදා: ඔන්න උඩ උදාහරණයටම සම්බන්ධ කරලා බලමුකෝ. හිතන්න ඔයා 1.41756 දක්වා පහල ගියපු එක යම් කිසි තැනකට Up Trend උනා කියලා හැබැයි ඔයාගේ ඇනසයිස් වලට අනූව ඔයාට හිතෙනවා මේක 1.43604 වෙනකල් උඩ ගියොත් තව Up Trend වෙයි කියලා යම් කිසි අගයකට අන්න මේ Buy Stop දාන්න සුදුසුම තැන. එතකොට ඔයාට පුලුවන් 1.43604දි Buy Stop දාලා තියන්න. නොතේරැන තැන් අහන්න අපේ Forum එකෙන්.

    Sell By market

    • Sell Limit – කලින් ඔඩර් දෙක වගේමයි. වෙනස තියෙන්නේ Bear Trend වෙනකොට දාන ඒවා මේ. මොන වෙලාවටද මේවා දාලා තියන්නේ අපි? බලමු. හිතන්න මෙහෙම. දැන් යම් pair එකක් Bear Trend එකකට එන්න ලෑස්ති වෙනවා ඔයාගේ ඇනලයිස් වලට අනූව. හිතන්න දැන් යම් pair එකක් දැන් තියෙන ගානට වඩා ඉහලට එනවා කියලා. ඔයාගේ ඇනලයිස් වලට අනූව ඔයාට හිතෙනවා යම් කිසි ගානකට ඉහල ගියොත් ඒක Bear Trend එකක් එයි කියලා, අන්න හොදම තැන මේක දාන්න.
    උදා: හිතන්න දැන් JPYUSD වල මිල 79.270 කියලා ඔයාගේ ඇනලයිස් වලට අනූව ඔයාට එනවා මේක 79.990 දක්වා ඉහල ගියොත් Bear Trend එකක් එයි කියලා. අන්න මේවගේ තැනකට දාන්න පුලුවන් Sell Limit කියන ඕඩර් එක. ඒ කියන්නේ 79.990දී දාන්න පුලුවන් Sell Limit එකක්. තේරැනා කියලා හිතෙනවා.

    • Sell Stop – සරලයි දැන්නම් කමක් නෑ මං කියන්නම් ඒකත්. හිතන්න දැන් යම් pair එකක් දැන් තියෙන ගානට වඩා පල්ලෙහාට එනවා කියලා. ඔයාගේ ඇනලයිස් වලට අනූව ඔයාට හිතෙනවා යම් කිසි ගානකට පල්ලෙහාට වැටුනොත් ඒ කියන්නේ Bear Trend ඔනොත් ලෙකු Bear Trend එකක් එයි කියලා මෙතැනටත් මේක දාන්න පුලුවන්.
    උදා: හිතමු උඩ උදාහරණයත් එකක්ම අපි. ඔයාට හිතුනා 79.990දක්වා ඉහල ගියොත් Bear Trend එකක් එයි කියලා. දැන් ඔයාට හිතෙනවා ඔයාගේ ඇනලයිස් වලට අනූව මේ JPYUSD pair එක 75.657 දක්වා පහල වැටුනොත් ලොකු Bear Trend/Down Trend එකක් එයි කියලා. අන්න එතකොට ඔයාට පුලුවන් 75.657 දී Sell Stop දාන්න. තේරැණා කියලා හිතනවා.

    උබල ඉස්සරලාම ඔව්ව Demo වල දාන්ඩ පුරුදු වෙලා වරෙල්ලා....:P:P

    දැන් බලමු නිව්ස් එකක් බලව හැටි ;):D:D

    කලින්ම නිව්ස් සයිට් එකේ මුලික අනුරුව බලමු...

    http://www.myfxbook.com/forex-economic-calendar මේ සයිට් එකේ....

    4sl20h.png


    A- Time Frame එක අද හෙට සතියෙම නිව්ස් බලාගන්ඩ (Today දාගන්ඩ :rofl::P)
    B- News එක Release වෙන දිනය හා වේලාව
    C- News එක Release වෙන්ඩ තව කොච්චර වෙලාවක් තියෙනවද කියන එක
    D- Currency එක
    E- News එක (ඒක උඩ Click කරල වැඩි විස්තර බලාගන්ඩ පුලුවන්):yes:
    F- Impact-News එකේ බලපෑම (වැඩි විස්තර ඉදිරියට)
    G- Previous-News එක Release වීමට කලින් තිබ්බ අගය
    H- Consensus-බහු මතය (මේක එච්චර වැඩක් නෑ)
    I- Actual-News එක Release උනායින් පසු අගය


    දැන් බලමු News Impact

    6rnigk.jpg



    Low Impact මේවා පෙන්නන්නේ කොල පාටින් මේකෙන් අදහස් වෙන්නේ Release වෙන News එකෙන් Market එකට වැඩි බලපෑමක් වෙන්නේ නෑ කියල... ඇත්තටම මෙකෙන් Market එකට බලපෑමක් වෙන්නෙම නෑ. මේ වගේ Low Impact එකක් පෙන්නන වෙලාවට අපි Trading එකක් දාන්නේ නෑ.

    Medium Impact මේවා පෙන්නන්නේ කහ පාටින් මේකෙන් අදහස් වෙන්නේ Release වෙන News එකෙන් Market එකට තරමක් දුරට බලපෑමක් වෙනව කියල... මේ වගේ අවස්ථාවකදි Trade එකක් දාන්ඩ පුලුවන් . හැබැයි ඒකේ ඇත්තටම Risk එක වැඩියි. මගෙනම් Loss උන වාර අනන්තයි.

    High Impact මේවා පෙන්නන්නේ රතු පාටින් මෙකෙන් අදහස් වෙන්නේ Release වෙන News එකෙන් Market එකට ලොකු බලපෑමක් වෙනව කියන එකයි.(ඔය එක පාරටම Pips 80-10 Candle ඇදෙන්නේ මේ වගේ නිව්ස් වලට හැම එකම නෑ හොදේ. :oo::no:) මේ වගේ වෙලාකදී අපිට Trade දාන්ඩ පුලුවන්.
    (නිකම්ම New Order ගිහින් දාන්නේ නෑ හොදේ :no: එහෙම උනොත් Loss තමා:confused:)

    මෙන්න මෙහෙමයි Trade එකක් දාන්නේ High Impact News එකක් Release වෙනකම් ඉන්ඩ.
    හිතන්ඩ High Impact News එකක් Release වෙන්ඩ තව පැයක් තියෙනවා.
    8.00AM කියල හිතමු ඔයා 8.56AM වලදි Market එකේ දෙපැත්තෙන් Sell Stop එකකුයි Buy Stop එකකුයි දානව මෙන්න මේ වගේ.

    Forex%20Straddle.jpg



    https://www.youtube.com/watch?v=iaNZEvmatno

    එතවට Market එක Up උනොත් Buy Stop Active වෙලා Profit එනවා.
    Market එන Down උනොත් Sell Stop Active වෙලා Profit එනවා.

    මෙතන Risk එකක් තියෙනවා මේක හොදට තේරුම් ගන්ඩ:angry:
    බැරි වෙලාවත් Trade දෙකම Active උනොත් මොකද Loss නේද මේ හින්දා pips 10-14 වගේ දුරකින් මේ දෙක දාන්ඩ.

    බලන්ඩ News එකකදි ඇදුන මේ Candle එක දිහා

    dw83gl.jpg


    A- ඒ මේක ගන්ඩ මේ Candle ඇදිල තියෙන්නේ මම දාල තියෙන Green Line එක ගාවට විතරයි කියල හිතන්ඩකෝ.
    B- බී තමයි ඔයා දාල තියෙන Sell Stop එක.
    C- සී තමා ඔයා දාල තියෙන Buy Stop එක.

    දැන් පොඩ්ඩක් හිතන්ඩ මේ Candle එක Up වෙලා තියෙනවා මෙහෙම Up වෙලා Down වෙන්ඩ තප්පරයක්වත් යන්නේ නැති වෙලාවල් තියෙනවා. ඔයා TP එකක් දාලා නෙමේ තිබුනෙ කියන්ඩ මොකද වෙන්නේ Buy Stop එක Active වෙලා Trade එක Open වෙලා ආයේ Down උනාම Loss වෙනවා.:baffled:
    ඔයා මම D කියල මාර්ක් කරල තියෙන තැනින් TP එකක් දාල තිබ්බනම් Buy Stop එක Active වෙලා Trade එක Open වෙලා TP වලින් Trade එක වැහෙනවා. ඒක Profit :D

    තව පොඩ්ඩක් හිතන්ඩ ඔයා Stop Loss එකක් දාලා තිබ්බේ නැත්නම් තවත් Loss වෙනවා නේද?
    අනිවාරයෙන්ම Stop Loss එකකුත් දාන්ඩ.

    Market එක Down උනාමත් ඔය ටිකමයි.:yes:

    බලාගෙන දාපු Sell Stop එකයි Buy Stop එකයි දෙකම Active උනොත් Loss ම තමා.

    මම හිතනවා තේරුනා කියල.

    News වර්ග තියෙනවා,,,,
    මොකක් හරි Report එකක් Release වීමෙන් මාර්කට් එකට බලපෑමක් වෙනවා.
    නැත්නම් Meeting එකින් පස්සේ වගේ මාර්කට් එකට බලපෑමක් වෙනවා.
    කාගේ හරි Speech එකකින් පස්සේ වගේ මාර්කට් එකට බලපෑමක් වෙනවා.

    මොකක් හරි Report එකක් Release වෙනවා කියල හිතන්ඩ 8.00AM වලට එතවට 2 Min වලින් විතර මාර්කට් එකට වෙන්ඩ පුලුවන් දේවල් වෙනවා. සමහර විට එක Candle එකක් ඇදිල ඉවර වෙනවා 2 Min වලින්.. මේ News එක High Impact එකක් කියල හිතන්ඩකෝ 2 Min වලින් 100 Pips Candle එකක් ඇදෙන්ඩ පුලුවන්.
    මේක Report High Impact News එකක්...

    23h0gua.jpg


    මේ Candle එක Report එකක් Release වෙලා ඇදුන එකක්.

    http://i58.tinypic.com/16b096a.jpg

    හිතන්ඩ Meeting එකක් හරි කාගේ හරි Speech එකක් කියල එතවට මාර්කට් එකට බලපෑමක් වෙන්නේ ඒක ඉවර වුන වෙලාවක. පැයක්, දෙකක් වුනත් යන්ඩ පුලුවන්.
    බලන්ඩ මේ News එකේ Speaker කොනත් දාල තියෙනවා නේද?

    2q36sqo.jpg



    මේ වගේ Candle ඇදෙන්නේ මේ වලේ News වලට...

    312timb.jpg


    මම හිතනවා තේරුනා කියල... මොනවා හරි ප්‍රශ්නයන් ආවොත් Skype හො PM එකක් හරි Comment එකක් හරි දාන්ඩ. ;););););)

    අමාරුවෙන් Type කෙරුව ගොඩක් දෙනෙක් අහල තිබ්බ හින්ද දැම්ම..:D:D:D:D
    ඒ හින්ද මොකක් හරි අදහසක් Comment කරන්ඩ...:D
    අනිත් අයට බලන්ඩ Bump එකක්වත් දාන්ඩ...:P

    ආයේ කියනවා වැරදි තැන් පෙන්නල දීල යන්ඩ...:angry::angry::angry::angry:


    රත්තරන් ප්‍රාරර්ථනා ඈත සුන් වී ගියා....
    ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා....
    ආයේ කවදා දකින්දො ඔබේ පෙම් සිනා.....
    රත්තරන් ප්‍රාරර්ථනා ඈත සුන් වී ගියා....
    ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා....



    එහෙනම් ජය සිංහලුනේ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    thank you machan.... mamath issara news trades damma. wadipurama une kela una eka ban. oya wage thama, consolidate wena range eke depaththata, buy stop/ sell stop damme. eka paarak dekama trigger una. samahara welaawata High impact news walatath market move wenne naa. ithin datha kaagena balan indala close karanawa.

    oyage thread eka saahena hondai macho. reps deela iwara nisaa thread eka rate karala innam :)

    *** Calendar eke Forcast value ekath use wenawa neda? Forcast ekata wada news eka honda unoth bullish, naththam bearish, ewagema previous report ekatath.
     
    Last edited:

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    Ammata Siri venava! machan thx, Godak mahansi vela hadala tiyanava
    lesatama kiyala deela tiyanava machan, thava uba karala success una strategy tikakut danna puluvan nam ela!!!!!!!
    Buy stop/limit Sell stop/limit nam tama dana hativat dan na bn.. ekat igena ganna one

    Dan nati deval kiyala denavata ubata pin!!!!
    Thread rated
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    thank you machan.... mamath issara news trades damma. wadipurama une kela una eka ban. oya wage thama, consolidate wena range eke depaththata, buy stop/ sell stop damme. eka paarak dekama trigger una. samahara welaawata High impact news walatath market move wenne naa. ithin datha kaagena balan indala close karanawa.

    oyage thread eka saahena hondai macho. reps deela iwara nisaa thread eka rate karala innam :)

    *** Calendar eke Forcast value ekath use wenawa neda? Forcast ekata wada news eka honda unoth bullish, naththam bearish, ewagema previous report ekatath.

    mta thama ek hariyata set une ne saho,
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Ammata Siri venava! machan thx, Godak mahansi vela hadala tiyanava
    lesatama kiyala deela tiyanava machan, thava uba karala success una strategy tikakut danna puluvan nam ela!!!!!!!
    Buy stop/limit Sell stop/limit nam tama dana hativat dan na bn.. ekat igena ganna one

    Dan nati deval kiyala denavata ubata pin!!!!
    Thread rated

    Thanks Saho,:D