කොහොමද බං එච්චර කාලයක් ඉන්නේ? හිටියත් ඇවිද ගන්න පණ නෑ, කොන්ද වකුටු වෙලා, කන්න කටේ දත් නෑ, අර අමාරුයි මේ අමාරුයි. ඔක්කොටම වඩා මම කැමති නෑ ළමයින්ට වදයක් වෙලා ඉන්න ( ඒ කිව්වේ මගේ අම්මා තාත්තා මට වදයක් කියලා කිව්ව එක නෙමෙයි. ඒ මිනිස්සු දෙන්නා මගේ ආයුෂත් අරගෙන පුලුවන් නම් මටත් වඩා කාලයක් ජීවත් වෙනවා දකින්න මම ආසයි.මම පෞද්ගලිකව කැමති නෑ බං මම දුක් විඳ විඳ ජිවත් වෙනවට ) ඒ උනත් දැන් ආයු අපේක්ශාව යන්නේ 70 ගණන් වල. ඕක දිගටා අඩු වේගන එනවා ඇවිත් 10 ට බහිනවා මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන්. ඒ වෙද්දි මිනිස්සුන්ගේ ගුණ දහම් පවා අන්තිම තත්වෙට පීහිලා තියේවි.