ඊයේ,අගහරුවදා දෙරණ ටීවී එකේ වාද පිටියට එනවයි කිව්වේ මයිත්රීපාල සිරිසේන මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන කලාකරුවෝ. හැබැයි අන්තිමේදී වැඩසටහන පටන් ගන්නකොට මහින්දට සහය දෙන කලාකරුවෝ දෙන්නා නෑ. ඒ දෙන්නට දෙරණ වාදපිටියට එන්න එපා කියලා ඉහළින් නියෝගයක් ආවාලු. අන්තිමේදී මයිත්රීපාල මහතා වෙනුවෙන් කතාකරන්න ආපු ඩබ්ලිව් ජයසිරි ප්රවීන කලාකරුවා සහ සිනමාවේදී සෝමරත්න දිසානායක දෙන්නා පැය භාගයක් විතර කතා කරලා, මයිත්රීපාල සිරිසේන මහතාට ජන්දේ දෙන්න කියලා ගියා.
අයියෝ, මහින්ද මෙච්චර බංකොලොත්ද බං ටීවී චැනල් එකක විවාදයකට කවුරුත් යවන්නේ නැත්තේ? ඊයේ ටීඑන්එල් එකේ ජනහඩ ගියා. ඒකටත් දැන් මහින්ද වෙනුවෙන් කතා කරන්න කවුරුත් එවන්නේ නෑ. ඒ හින්ද ඊයේ හිටියේ වසන්ත සේනානායක සහ රජීව් විජ්සිංහ. පෙරේදාත් ගියා ජනහඩ එදා හිටියේ අජිත් පී පෙරේරා සහ මහින්දගේ පැත්තෙන් ආපු කවුදෝ කෙනෙක්. මම නං පොරව දැක්කෙත් එදාමයි. ලස්සන වැඩේ කියන්නේ මහින්ද වෙනුවෙන් කතාකරන්න ජනහඩට ආපු පොරත් අන්තිමට කියලා ගියා මහින්ද පැරදුනාම ගෙදර යන එව්වා ගැන එහෙම කතා කරලා.
දැන් මහින්ද ටීඑන්එල්,සිරස,දෙරණ නාලිකා වලට මහින්දගේ ගෝලයෝ එන්නේ නෑ. ස්වර්ණවාහිනිය සහ හිරු එකට විතරයි එන්නේ. ඒවාට ඇවිල්ලත් බොරුවට ප්රශ්නයක් දාගෙන එන එක මගහරියි. මට නං හිතෙන්නේ ආණ්ඩුවෙන් මේ වගේ සාකච්චා වලට එවන්න තරං දැනුමක් හැදියාවක් තියෙන කෙනෙක් දැන් නෑ. මොකද එජාපෙ අජිත් පී පෙරේරා,විජේදාස රාජපක්ෂ,හර්ෂ ද සිල්වා,එරාන් වික්රමරත්න වගේ උගත් අයගේ තර්ක එක්කයි, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර, හනුන්නෙත්ති වගේ අය පෙන්නලා දෙන වංචා දුෂණ ගැන තර්ක කරන්නයි, හෙළ උරුමේ පාඨලී චම්පික,රතන හාමුදුරුවෝ, නිශාන්ත වර්ණසිංහ වගේ අය එක්ක තර්ක කරන්නයි කෙනෙක් මහින්දට නෑ. පොරට හැමදාම එවන්න ඉන්නේ වට්ටි අම්මා සේ බෙරියන් දෙන පවිත්ර දේවි, ප්රශ්නයක් ඇහැව්වම පැනලා යන අලුත්ගමගේ සහ කටඇරියොත් හොර මැරකම් ගැන කටමැත දොඩවන එස් බි වගේ අයනේ. උන් දෙන්නා තුන්දෙනා හැම චැනල් එකකටම යැව්වට කියන්නෙත් එකම දේනේ. මිනිස්සු එව්වා ඇහැව්වම දෙන ජන්දෙත් දෙන්නේ නැති නිසාද කොහෙද මුන් මේ විවාද මග හරින්නේ.
ඔන්න අදත් දෙරණ වාද පිටිය විකාශන කරන්න සුදානමෙන් ඉන්නේ. අදත් ඉතින් මහින්දගේ මහත්තයාගේ කට්ටිය මගහරියිද දන්නෑ.
මෙන්න ඊයේ වාදපිටිය.
