අවසන් තුරුම්පුවක් ගැන සිතාගෙන සිටියානම් එයද ජනපතිට හීනයක් පමණක්ම වී ඇත. මෙතෙක් කල්, රජයට පක්ෂපාතී ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවට හිමිව තිබූ, ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීමේ බලතල, මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවරාගෙන ඇත. අප මුලින් පැවසූ පරිදිම, මෙවර ජිල්මාට්වලට ඉඩක් නැත. හොර ඡන්ද දැමීමටද ඉඩක් නැත. කොටින්ම රජයට, මැතිවරණය කෙරෙහි බලපෑම්කිරීමට වෙන කිසිදු ඉඩක් නැත. අතිගරු ජනාධිපතිතුමනි, ජනාධිපතිවරයෙකුව සිට පරාජයකට මුහුණ දෙන පළමු ජනපති වශයෙන් ඔබතුමන්ගේ නම ඉතිහාස පොතේ ලිවීමට ඡන්ද දායකයා, අන් කවරදාකටත් වඩා සූදානම් වී සිටියි. ඔබතුමන්ට, ඔය තත්ත්වයෙන් සිටීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. කළ හැකි කිසිවක් ඉතුරුව නැත. කණගාටුදායකම සිදුවීමනම්, මේ වල කපාගත්තේ ඔබතුමන් විසින්ම වීමය.
Kapana un nama dalama kapapan
Last edited:





