ඇදිරි නීතිය අයින් කරපු එක වැරදියි?.Breaking News
Corona : ලංකාවත් ඉතාලිය වගේ වේදැයි සැකයි.. දැන් බරපතල තත්වයක්..
April 22, 2020
රී ලංකාවේ ද කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාව සමාන වන්නේ දැයි බරපතළ සැකයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව මේ මොහොත බැරෑරුම් තත්වයක් යැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එමෙන්ම දැනට වාර්තා වන හෝ රෝගීන් මෙන් කිහිප ගුණයක් සමාජයේ සිටිය හැකි වීම තවත් බරපතල තත්වයක් යැයි ද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සාකච්චාවකදීය.
-lankacnews -
කොරෝනා මෙරට ගම් මට්ටමෙන් පැතිරීමක්..? කොරෝනාවෙන් ලෝකයත් ලෙඩවී ලංකාවත් ලෙඩවෙලා..
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ගම් මට්ටමින් ව්‍යාප්ත වන්නේ දැයි සැකයක් මතු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා අසාදිතයෙකු සමග සෘජු ගැටීමක් සිදු නොවූ 84 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05 දෙනෙකු ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
මෙසේ පරික්ෂා කර ඇත්තේ මීට දෙසීයක් තුන්සියයක් අතර නිවෙස් වල පදිංචිකරුවන් වීම නිසා මෙම සැකය පහළ වන බවද ඔහු කියා සිටියේය.
මේ අනුව රට පුරා අහඹු ලෙස නියැදි පරීක්ෂණ කඩිනමින් සිදුකිරීම ආරම්භ කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම ලෙඩ වී දැන් ලංකාවත් ලෙඩවී ඇතැයිද පවසන ලේකම්වරයා මෙම වෛරසය දිනපතා වෙනස් වන නිසා වහාම නියැදි ලබාගෙන අවේක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු ඇති බවද අවධාරණය කරයි.
lankacnews
හමුදා සෙබලෙකුට කොරෝනා.. ගම්මාන 12ක් වසා දමයි..
පොළොන්නරු දිස්ත්‍රික්කයේ වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයන් හේතුවෙන් ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන 12 ක් වසා දැමීමට කටයුතු කර ඇත.
මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා කඳවුරේ හමුදා සෙබළකු වන අතර ඔහු පොළොන්නරුව පුලතිසිපුර පදිංචිකරුවෙකි.
මෙසේ වසා දමා ඇත්තේ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12කි.
මෙම සෙබළා සමග හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙසු සෙබළුන් හඳුනා ගැනීමට ද කටයුතු සිදු කරමින් පවතී.
lankacnews
කොරෝනා අසාදිත “බාබර්”ගෙන් කොණ්ඩය කැපූ 60කගේ කොරෝනා පරීක්ෂා කෙරේ April 22, 2020
කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ.නමුත්,මම ඒඅයට උපදෙස් දුන්නා නිවෙස් වලටම වෙලා නිරෝධායනය වෙන්න කියලා…”යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා “දිවයින”ට පැවැසීය.
මීට අමතරව එම සැලූන් එක අසළ එළවළු වෙළෙඳාම සිදුකළ කාන්තාවක ද පී.සී. ආර්. පරීක්ෂණයට යොමුකළ බවත් ඒ මහතා කීය.
මීට අමතරව කොණ්ඩය කපාගත් පිරිස පදිංචි වතු හතරක පවුල් 248 කට අයත් පුද්ගලයින් 1022දෙනකු නිරෝධායන කඳවුරු වෙත යොමුකළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.
“දැන් මේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් තවත් අය ඉන්නවානම් අපිට කියන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේ ම කොළඹ වතුවල ඉන්න අයට කියනවා තැන තැන ඇවිදින්න එපා කියලා.තව කට්ටිය එක්ක එකතුවෙලා කාඩ් සෙල්ලම් කරන්න එපා.ගෙවල් ගානේ යන්න එපා.සියලු දෙනා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරන්න.ඒවගේම නිකරුණේ කොළඹ තැන් තැන්වල ඇවිදින්න එපා.
http://www.colombotoday.com/කොරෝනා-අසාදිත-බාබර්ගෙන්/
සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක් April 22, 2020
සති කිහිපයකට පෙර කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය කර ඇති ආකාරයක් පෙන්නුම් කළ සිංගප්පූරුව තුළ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ.
මුල් දිනවල එරට සැලකුණේ කොවිඩ් වසංගතය සාර්ථකව කළමනාකරණය කරගැනීමට සමත් වූ රටක් ලෙසිනි.
නමුත් දැන් එම තත්ත්වය වෙනස් වීමට පටන්ගෙන ඇති අතර මාර්තු 23 වන විට 500 ක්ව තිබූ ආසාදිතයින් ගණන මේ වනවිට 6,500 ද ඉක්මවා ඇත. පසුගිය 18 වැනි දින පමණක් අලුත් ආසාදිතයින් 950 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි.
සිංගප්පූරුව වර්ග කි.මී. 700 ක පමණ ඉතා කුඩා රටක් වීමත්, එහි ජනගහනය ලක්‍ෂ 57 ක් තරම් අඩු සංඛ්‍යාවක් වීමත් තුළ ආසාදිතයින් සංඛ්‍යාව මේ ආකාරයෙන් ඉහළ යාම ගැන විශාල අවධානයක් යොමු වී තිබේ.
හදිසියේ මෙවැනි තත්ත්වයක් ඇති වීමට විශාල වශයෙන් බලපා ඇත්තේ එරට තුළ රැකියා කරන සංක්‍රමණික ශ්‍රමිකයින් රැඳී සිටින නවාතැන්පොලවල වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන්නට පටන් ගැනීම සහ මේ පිළිබඳව ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොවීම බව සඳහන් වේ.
මෙම නවාතැන්පොළවල විශාල වශයෙන් ශ්‍රමිකයින් රැඳී සිටින අතර ඒවායෙහි දැඩි තදබදයක් පවතින බැව් වාර්තා වෙයි. මෙම ස්ථානවල වැඩි වශයෙන්ම රැඳී සිටින්නේ දකුණු ආසියාවේ රටවලින් පැමිණ ඉදි කිරීම් ක්‍ෂේත්‍රය වැනි අංශවල රැකියා කරන්නවුන් ය.
පසුගිය කාලයේ සිංගප්පූරුව වසා දැමීමේ (Lock down) පිළිවෙත් ද දැඩි ලෙස ක්‍රියාත්මක නොවීම වෛරසයේ පැතිරීමට බලපාන්නට ඇතැයි සැලකේ. කෙසේ වෙතත් ආසාදිතයින් සංඛ්‍යාව නැවත ඉහළ යාමට පටන් ගැනීමත් සමග මේ වන විට වඩාත් දැඩි සීමාවන් ක්‍රියාත්මක කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
http://www.colombotoday.com/සිංගප්පූරු-ආසාදිතයන්ගේ-ක/
අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි
http://www.colombotoday.com/අවදානම-බැහැර-වී-නෑ-මහා-මැත/
පිලියන්දල කොරෝනා මාලුකාරයා පෑලියගොඩ මාකට් එකට ඇවිල්ලා
http://gossip.hirufm.lk/45855/2020/04/coronavirus-update.html
දැන් අපි බලමු දවසේ විහිලුව.එ විහිලුව පහතින්..

ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනිApril 22, 2020
කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.
අද වන විට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු සහ ආරක්ෂණ පද්ධතිය ඇතුළතින් පමණක් බවත් ඇය සඳහන් කරයි.
එනිසා රටේ ආර්ථිකය ගැන සිතා දැනට මෙම සීමාවන් ලිහිල් කිරීම් සිදුකර ඇති බවද ඇය සඳහන් කළාය.
ලොව දියුණුම රාජ්‍යයන්ට වසංගතය පාලනය කරන්න බැරිව අසීරු තත්වයක සිටියදී ශ්‍රී ලංකාව රටක් ලෙස ඉතා අමාරුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙය සාර්ථකව මර්දනය කරමින් සිටින බවද ඇය පැවසීය.
සෞඛ්‍ය ඇමැතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම මූලික රෝහලේදී මාධ්‍ය අමතමිනි.
-lankacnews-
දැන් වත් තොපිලට තෙරෙනවද පොහොට්ටුව කියන්නේ මොක්කුද කියලා??????
ඇයි ආණ්ඩුව රජයේ වයිද්ය නිලධාරීන්ගේ සoගමය කැපුවේ? දැන් මාධ්යවල වැඩිය නැත්තේ ඇයි ඒගොල්ලො??????
මෙච්චර දේවල් වෙලා තියෙද්දි කුරහන් පාට කණ්නාඩි ගලවලා ඇදිරිනීතිය අයින් කරපු එක හරිද කියලා හදවතට තට්ටු කරලා අහපල්ලා..
ඉතින් කොහොමද මේ ලෙඩේ සමාජෙට ගියේ නෑ කියලා කියන්නේ ?සමහරුන්ට රෝග ලක්ෂණවත් එලි දාන්නේ නෑ .
සත්යයේ සටහන බුද්දියේ විමසුමට

මෙහි කිසිදු පුවත් වාර්තාවක් මා විසින් නිර්මිත වාර්ථා නොවන බව තරයේ අවධාරනය කර සිටිමි.