Apple ගැන අපූරු කතා 10ක්

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Apple ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක්

Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !

image.jpg


මීට වසර 38කට පෙර Steve Jobs ගේ නිවසේ ගරාජයෙන් ආරම්භ වුණු ඇපල් සමාගම අද වන විට තාක්ෂණික ලෝකයේ විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රසිද්ධ, ඇමරිකානු ඩොලර් බිලියන 600ක් වටිනාකමක් ඇති සමාගමක්. මේ සමාගම පිළිබද මෙතෙක් නොඇසුණු අපූරු කතා 10ක් තමා මේ.

1. තුන්වන ආරම්භක සාමාජිකයා

අපි හැමෝම දන්නේ ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයින් දෙදෙනා තමයි Steve Jobs හා Steve Wozniak. ඒත් මේ දෙන්නාටත් එක්ක තවත් කෙනෙකුට ඇපල් සමාගමේ හිමිකාරීත්වය හිමි වුනා. ඇපල් සමාගම 1976 දී ආරම්භ කිරීමෙන් පසු දවස් 12කදී එම සමාගමෙන් ඉවත්ව ගිය ඔහු Ronald Wayne. ඔහු සතුව තිබූ සමාගමේ 10%ක කොටස් ප්‍රමාණය ඔහු විකුණා දැමූවේ $2300ක මුදලකටයි. දැන් ඇපල් සමාගමේ වත්කම් එක්ක බලන විට ඔහු සතුවූ කොටස් වල වටිනා කම ඩොලර් බිලියන 60ක්. රුපියල් වලින් නම් රුපියල් කෝටි 781 230 ක්.

image.jpg


2. ඇපල් සමාගමේ ප්‍රථම නිර්මාණය පරිගණකයක් නෙවෙයි

ඇපල් සමාගමේ මුල්ම නිර්මාණය ඉලෙක්ට්‍රොණික පරිපථයක්. ඩොලර් 666කට මිල කර තිබූ එය මිලදී ගන්නා අය casing, power supply, transformers, keyboard හා display unit වෙනමම මිලදී ගත යුතුයි.

image.jpg


3. ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක iPad නෙවෙයි

ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක වෙන්නේ Newton MessagePad නමින් හඳුන්වන උපකරණයක්. 1993 දී එවකට ඇපල් CEO වූ John Sculley යටතේ නිෂ්පාදනය වුණු මේ උපරණය නිපදවා තිබුනේ පුද්ගලික දත්ත ගබඩා කරන උපකරණයක් ලෙසයි. දුරකථන ඇමතුම් නාමාවලිය, දින දර්ශණය, සටහන් වැනි දේ ගබඩා කර තබාගන්නට හැකි මෙහි මිල ඩොලර් 700ක් පමණ වෙලා. ඒ වගේම 1998 දී ඇපල් CEO ලෙස Steve Jobs නැවත පත්වීමත් එක්ක Newton පරිගණකය නිෂ්පාදනය නවතා දැමුවා.

image.jpg


4. iPod, iPhone සහ iPad කියන නම් එකක්වත් ඇපල්ගේ නෙවෙයි

iPod, iPhone සහ iPad යන වෙළඳ නාම සියල්ලේම මුල් අයිතිය දැරුවේ වෙනත් සමාගම් විසින්. Casio සමාගම, Fujitsu සමාගම හා තවත් චීන සමාගමක් සතුවූ වෙළඳ නාම විවිධ උපක්‍රම මඟින් තමන් සතු කරගන්නට ඇපල් සමාගම සමත් වුනා. මේ දැක්වෙන්නේ Fujitsu සමාගම විසින් නිපදවූ iPad උපකරණයයි.

image.jpg


5. වෙලාවෙහි වෙනසක් නැහැ. ඇයි?

iPhone සහ iPad සඳහා නිකුත් වූ වෙළඳ දැන්වීම් වල සටහන් වන වෙලාව සෑම විටම 9.41 හෝ 9.42යි. ඒත් ඇයි එහෙම නිෂ්චිත වෙලාවක් තියෙන්නේ. 2007 ජනවාරි 9 වනදා උදෑසන 9.41ට තමයි Steve Jobs ප්‍රථම iPhone ජංගම දුරකථනය හඳුන්වා දුන්නේ.

image.jpg


6. හොලිවුඩය ඇපල්ට ආදරෙයි

සාමාන්‍යෙයන් වෙනත් කිසිම වෙළඳ නාමයකට වඩා ඇපල් නම චිත්‍රපට හා ටෙලි නාට්‍ය වල දකින්නට පුළුවන්. 2011 වසරේ දී පමණක් 900 වරකට වඩා ඇපල් නාමය ඇතුලත් වෙලා. ඇපල් සමාගම සිය නිෂ්පාදන චිත්‍රපටි හෝ ටෙලි නාට්‍ය වල පෙන්වීම සඳහා මුදලක් ගෙවන්නේ නැහැ. ඒත් 2011 දී තිරගත වුණු “Mission Impossible: Ghost Protocol” චිත්‍රපටය තුල පමණක් ඩොලර් මිලියන 23කට අධික වටිනාකමකින් යුත් ප්‍රසිද්ධියක් නොමිලයේ ලබා දීම, ඇපල් උපකරණ පෙන්වීම නිසා සිදුවෙලා.

image.jpg


7. හොලිවුඩය වෙනුවෙන් ඇපල් අනිත් පැත්ත ගසයි

වසර ගණනක් යන තෙක්ම ඇපල් පරිගණකයේ පසුපස දිලෙන ඇපල් සළකුණ උඩු යටිකුරු වී තිබුණත් පසුව එය වෙනස් කලා. ඊට ප්‍රධාන හේතුව වුණේ චිත්‍රපට හා රූපවාහිනියේ නිවැරදි අයුරින් පෙන්වීමටයි.

image.jpg


8. ඇපල් නම කොහෙන්ද?

ඇපල් සමාගම පිහිටුවන සමයේ බොහෝ පරිගණක නිෂ්පාදන සමාගම් වල නම් දිගින් වැඩි හා උච්චාරණයට අපහසු ඒවායි. ඒ නිසා Apple වැනි සරල නමක් යොදාගත් බවත්, තමන් ඒ දිනවල පළතුරු පමණක් ආහාරයට ගත් නිසා ඇපල් තමන්ට නිතර ගැනෙන ආහාරයක් බවත් Steve Jobs සිය චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.

image.jpg


9. ඇපල් වළෙන් ගොඩ එයි

Lisa කියන්නේ වෙළඳපොළ තුල සාර්ථක වූ පරිගණකයක් නෙවෙයි. ඩොලර් 9,995ක් වගේ අති විශාල මිලකට මිලකෙරෙුනු Lisa පරිගණක 2700ක් පමණ වලදමා තිබියදී සොයා ගැනුනා. එසේ වළ දමා තිබුනේ නොවිකුණු පරිගණක තබාගැනීම සමාගමේ තත්වයට හානියක් නිසයි.

image.jpg


10. ඇපල් කියන්නේ මරණාසන්න වුණු සමාගමක්

1997 දී ඇපල් සමාගම බංකොලොත් තත්වයට ඇද වැටුනේ කොටසක මිල $5ක තරම් අඩු අගයකට පහත වැටෙමිනි. ඒ නිසා ඇපල් සමාගමට සිය සමාගම පවත්වාගෙන යාම සඳහා මයික්‍රොෙසාෆ්ට් සමාගම ඩොලර් මිලියන 150ක අයෝජකයෙකු ලෙස බඳවා ගන්නට සිදුවුනා. නමුත් 2011 වන විට සියළුම බාධක මැඩගෙන ලොව අංක එකේ සමාගම බවට පත්වීමට ඇපල් සමාගමට හැකි වුනා.

එදා සිට අද දක්වාම අංක එකේ සිටින ඇපල් සමාගම මේ වන විට කොටසක මිල $100ක් වන කොටස් වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 600ක් පමණ වනවා. ඒ වගේම මේ වන විට Apple Mac මිලියන 80ක්, iPod Touch මිලියන 100ක්, iPad මිලියන 200ක් හා iPhone මිලියන 500ක් පමණ අලෙවි වී තිබෙනවා.

image.jpg


විස්තර හීයකින්
බලපු කට්ටිය බලපු නැති අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්නකෝ :P
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට බන් මරු විස්තරයක් ගොඩක් වටිනවා :cool:
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    අපිටත් බැරිද apple , microsoft වගේ සමාගමක් නිර්මාණය කරන්න ? මොකද හැමදාම අපි ඕව ගැන කතාකරනවා විතරයිනේ !!!:dull:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    Android Ponnayo goo yai.




    Nice post macho.. Rep +

    Thanks for sharing! :)


    Android අනාතයෝ ටික දැන් දුවගෙන එයි.. :lol:

    ගොඩක් වැදගත් මචන්



    පට්ට බන් මරු විස්තරයක් ගොඩක් වටිනවා :cool:

    Ela ban +10

    Mawkiri(මව්කිරි);17684952 said:
    Tfs and rep

    තැන්ක්ස් වේවා ;) සමහරුන්ට රෙප් දෙන්න බැලු :sorry: එයාලට පස්සේ දෙන්නන් :yes:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අපිටත් බැරිද apple , microsoft වගේ සමාගමක් නිර්මාණය කරන්න ? මොකද හැමදාම අපි ඕව ගැන කතාකරනවා විතරයිනේ !!!:dull:

    ඇයි බැරි? :confused: