පොඩ්ඩක් හිතපල්ල, මරා දිනුවොත් හොරු සෙට් එකට ආයෙත් නාම යෝජනා දෙනව. මෛත්‍රී හිටපු මහ ලේකම් නිදහස් පක්ෂයෙ, එයා වැරදි කරපු අයට විනය කටයුතු කරන්න ඉල්ලපුවම මරා ඒකට ඉඩ දුන්නෑ. ඒ නිසා මෛත්‍රී දන්නව කව්ද හොරු ටික කියල, ඒ නිසා උන්ව හලන්න පුලුවන් එන මහ මැතිවරණයේදී. චන්ද දායකයගෙ වගකීම තමයි හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට පත් කරගන්න එක. මම JVP මචං, අපේ පක්ෂයෙන් ඉල්ලන්නැති නිසා මම මෛත්‍රීට දෙනව. එක්සත් ජාතික පක්ෂයේ පෙර වැරදි තියෙනව ඒව ඉතින් හැම පක්ෂයකම වගේ තියෙනවනෙ, ඒ වගේම මෛත්‍රීගෙ පැත්තෙත් රටට ආදරේ මිනිස්සු ඉන්නව (රතන හිමි, මදුළුවාවෙ සෝභිත හිමි, චම්පික, සජිත්, සුජීව, ෆොන්සේක etc) මේක තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව ඒකාධිපති වියරුවෙන් මිදෙන්න. චන්දෙ දෙන්නෑ කියන්නෙ මෝඩ තකතීරු කමක් (සමාවෙයන් මෙහෙම කිව්වට නමුත් ඒක තමයි ඇත්ත.) සාමාන්‍ය පුරවැසියට තියෙන එකම අයිතිය චන්ද අයිතිය. උබල ඔහොම හිතනතාක් මේ රටට බලාපොරොත්තු වෙන වෙනසක් අත්කර ගන්න ලැබෙන්නෑ. උම්බානෙක පොලියට ණය අරං පාරවල් හදන්න, නැව් නැති වරායවල් හදන්න කාටත් පුලුවන්, මරා එක factory එකක් දැම්මද ඔය ණය ගන්න ඒවලින්, නැහැනෙ. මචං උබල චන්දෙ දෙන්නැත්තෙ උබලට එදා වේල ශේප් කරගෙන ජීවත් වෙන්න පුලුවන් නිසා, ඒ වුනාට මේ රටේ බහුතරය දුප්පත්, ඒ මිනිස්සු වේලක් ඇර වේලක් බඩගින්නෙ ඉදං ජීවත් වෙන්නෙ. මරා බැරි වෙලාවත් දින්නොත් ඔය අඩු කලාවගේ දෙගුණයික් ආයෙ වැඩි කරයි, එතකොට කොහොමද සනීපෙ අවු 8ක් කනකොට. මරා අද නිදහසේ උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ උසාවි නියෝග, බැටන් පොලු සම්බුව, නැත්තං වෙඩි තියල හරි විසුරුවනව. රටේ අධ්‍යාපනය කෑව, ඉස්පිරිතාල වල බෙහෙත් ටික නැහැ. ලොක්කෙගු ලියුමක් හරි නිල් බලකායෙ සාමජිකත්වය නැත්තං රස්සාවක් දෙන්නෑ, බඩුමිල, පෙට්‍රල්, ගෑස්, කිරි පිටි චන්දෙ කාලෙට හෙනට අඩු කරනව, හැබැයි චන්දෙ නැති දවසට මුකුත් නැහැ. රටේ විදේශ සේවයම පාලනය කරන්නෙ මෝඩ තකතීරු මරාගෙ බත් බැලයො සෙට් එකක්, හොද මිනිහෙක්ට ඉන්න දෙන්නෑ ගහනව, ඒ අස්සෙ ජාති හිතෛෂී කියාගෙන ඉන්න උන්ගෙ ලයිට් බිල විතරක් මාසෙකට 160000 යි අදින්නෙ ලක්ෂ ගනං වටින ඇදුම්, දන්නෙ ලක්ෂ ගනං වටින ඔරලෝසු, සපත්තු, රටේ යහපාලනය කියන තැන අග්‍රස්තානයේ වැඩ සිටින අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරු කරන අනුශාසනා තබේකට ගනං ගන්නෙ නැහැ (මහනුවර නයිට් රේස්), ඒවගේ කරන එකෙක්ට රට නැවත බාර දෙනවද කියන එක උබට බාරයි.