මතකද ?

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    විනාඩි 6.28 තියනවා..ඉවරවෙනකම් බලන්න

    එදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ජනාදිපති තුමාගේ තිබ්බ එකමුතුව පේනවද ?
    නොදන්නා දේශපාලනයකට ගෙනල්ල හමුදාපති තුමාව නැති කරා. සරත් ෆොන්සේකා හමුදාපති නිළ ඇදුමෙන් ඉද්දි තියන ගාම්බිරත්වය බලන්න.
    එදා කිලිනොච්චි අල්ලගන්න යද්දී ඒක මැදවච්චි කියලා අපහාස කරපු අය මතකද?
    නියම සිංහලයෙක් වගේ බය නැතිව රටේ නායකය කිලිනොච්චි දින්නම එතනට ආවා.
    මට මතකය් චන්ද්‍රිකා දවසක් කිව්වා එයා ජනාදිපති ඉද්දිත් කිලිනොච්චි එක පාරක් දින්නලු.එත් චන්ද්‍රිකා ඒ පැත්ත පළාතට අවද ?
    අද හුග දෙනෙක් කියනවා
    යුද්දේ ඉවර කලානේ කියන වචනේ

    මහින්ද කරපු ලොකුම වරද තමා යුද්දේ ඉවර කරපු එක. අනිත් නායකයන් වගේ අද්ද අද්ද ඉන්න තිබ්බනම් ඉවරය්.

    මෛත්‍රී කියනවා එදා මහින්ද ගෝටබය අන්තිම දවස් වල රට ගියා මම තමා ආරක්ෂක ඇමති විදිහට වැඩ බැලුවේ,එක නිසා මගේ නියෝගය නිසා ප්‍රබා මැරුවා කියලා

    .දේශපාලනේ ගැන පොර ටෝක් දෙන අපේ කට්ටියගෙන් හුග දෙනෙක් 2009 මන් හිතන්නේ ඇදේ චු කරන වයසේ අය .
    මහින්ද සහ ගෝටා අන්තිම දවස් වල රට ගියේ මොකටද කියලා දැනගන්න ,ඒ වෙද්දී බටහිර රටවලින් ආපු ප්‍රෙෂර් එක වැඩි උනා .හොදම දේ තමා රටින් පිට වෙලා ඉන්න එක .මොකද එතකොට තමා අඩුගානේ ඔය තානාපති වලින් එන call එකක් හරි මග ඇරලා ඉන්න පුළුවන්.

    යුද්දේ එවර කරා කියා කියා ජරා පොස්ට් දාන අයගේ පවුල් වල අය බෝම්බ වලට අහු වෙලා මැරිලා නැතිව ඇති. අම්මා තාත්තා බෝම්බ වලට අහුවෙලා පෙට්ටිය සිල් කරලා ගෙදර ගෙනාපු පුතෙක් ඉන්නවනම් කියන්න .එහෙම කෙනෙක් ගෙන් අහන්න. මේ යුද්දේ ඉවරකරපු එක හොද නැද්ද කියලා

    යුද්ධේ විකුණන් කනවා කියනවා.දුටුගැමුණු රජතුමාගේ යුද්ධේ ගැනත් එහනම් කතා නොකර ඉන්න පුළුවන් නේද අපිට,වළගම්බා, විජයබාහු රජවරුන් මේ රට බේරගත්ත එක ගැන අපේ ඉතිහාස පොත් වලින් අපි මකලා දාමු.
    ඉස්සරහට ඉපදෙන්න ඉන්න ළමයෙක් උනත් දැනගන්න ඕන උන් ඉපදෙන්න හුග කාලකෙට කලින් මේ රටේ උන්ට නිදහසේ හුස්ම ගන්න මේ රට ඉතිරි උනේ හමුදාවේ පොලිසියේ අපේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ සහා එකට නායකත්වය දුන්න රටේ නායකයා නිසා කියලා

    ..එදා ජනාදිපති පුටුවේ රනිල් හරි චන්ද්‍රිකා හරි නැත්තම් මෛත්‍රී හිටියනම් හමුදාපති සරත් හිටියත් මේ යුද්ධේ ඉවර වේවිද?

    අපේ අම්මලා තාත්තල සහෝදරයෝ ගෙදරින් පිට වෙලා ගෙදරට එන කම් බුදු පහන ගාව හිටපු මිනිස්සුන්ගෙන් අහන්න මේ යුද්දේ එවර කරපු එක වරදක් ද කියල.

    ඕනෑම දෙයක් කියන්න
    ඒත් යුද්දේ ඉවර කරානේ කියන වචනේ නොකිය ඉන්න

    කරුණා පිල්ලෙයාන් ගැන කතා කරනවා,JVP කියන්නෙත් ඒ කලේ ත්‍රස්තවාදීන් කියල තමා ඒ කලේ තිබ්බ ආණ්ඩුව කිව්වේ. ඒ ත්‍රස්තවාදීන් අද දේශපාලනේට ඇවිත් .. ඒ වගේ තමා මේ අයත්. මේ මිනිස්සු එදා ltte ඉදල අනිත් පැත්තට ඇවිත් lttte එක ඉවරකරන්න උදව් කරා මිසක් ලග ඉදල double game ගැහුවේ නැනේ. අනුර කුමාර පොර talk දුන්නට එදා ඒ අයගේ නායකයෝ දැන් unp පොර talk දුන්නට ඒ කලේ මොකද උනේ කියලා අමතක වෙන්න තරම් අපේ මිනිස්සු පහත් වෙලා නැ .

    ප්‍රේමකීර්ති මහතාගේ සින්දු ලිව්ව අත සහ එතුමාගේ කටට වෙඩි තිබ්බේ,අම්මා එක්ක හිටපු රිචර්ඩ් ද සොය්සා රැ ඇවිත් අරන් ගිහින් මරල මුහුදට දාල තිබ්බ, රිචර්ඩ් ද සොයිසා කව්ද කියලවත් දන්නවද ? තේවිස් ගුරුගේ මරපු හැටි මතකද? විජය කුමාරතුංගගේ මුණ කුඩු වෙන්න වෙඩි තිබ්බ හැටි මතකද?
    පාරේ යනකොට ටයර් දාලා අපේ කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු හැටි ,කන ඇතුලට කුරක් දාල අනිත් කනින් එලියට එන්න ගහපු කාලයක් මේ රටේ තිබ්බා

    මේ සින්දුවත් අහලම කියවගෙන යන්න

    යහපාලනය කියල කියවනවා .වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි මිනිස්සුන්ගේ පඩි වැඩි කරනවා කියනවා, හරි වංචාව දුෂණය නවත්තල පඩි වැඩි කරා. ඊට පස්සේ පඩි ගෙවන්නේ කොහන් සල්ලි අරන්ද මොකද වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි වලින් පඩි ගෙව්වම ඊලග පර පඩි ගෙවන්න එක පාරටම අදායම් එන්න ක්‍රමයක් තියේද?

    මරණ බය තමා මනුස්සයෙක්ට තියෙන ලොකුම බය, ඒ බය නැති කරලා දාල නිදහසේ ඉන්න දුන්න එකම මදිද?

    මන් එළකිරියේ ඒ තරම් පොරක් නෙවේ. මම මේ තරම් කල් එක political පොස්ට් එකකටවත් බම්ප් එකක්වත් දාලා නැ

    එත් අද මම මේ පොස්ට් එක දන්න හේතුව මේක

    මම මාස 6 කලින් ලන්කාවන් අවේ ,දැන් ඉන්නේ එංගලන්තේ. ඊයේ මම වැඩ කරන තැනට අපු ටැමිල් අය කිව්වා කතාවකට තමා මට මේක දාන්න හිතුනේ.
    ඒ මිනිස්සු මට කියනවා
    අපේ ප්‍රබාකරන් කිව්වා කතාව හරි, සිංහල මිනිහට මතක තියන්නේ පොඩි කාලෙකට හැමදේම , ඉස්සර
    ප්‍රබාකරන් කියනවලු ඕන තරම් සිංහල මිනිස්සු මරපන් උන්ගේ ගම වලට පැනල,එත් ඒ මිනිස්සුගේ මොනවත් බඩු ගෙන්න එපා,මොකද උන්ට මරුන මිනිස්සු ටික දවසකින් අමතක වෙනවා,හැබය් අරන් අපු බඩු ගැන නම් ජිවිත කලේම මතක් කර කර ඉන්නවා කියලා

    එහම කියල ඒ මිනිස්සු කියනවා
    අපේ ප්‍රබාකරන් මරපු මහින්දව ලංකාවේ සමහර මිනිසුන්ට ලොකුම හතුරා වෙලා දැන් කියලා ..
    මෙහෙ ඉන්න ටැමිල් LTTE support අය පුදුම සතුටකින් ඉන්නේ ඒ අයගේ නායකයා මරපු කෙනාව ලංකාවට එපා වෙනකම්.

    මට ඕන දෙයක් කියන්න.මගේ දෙමාපියන්ට මගේ බනින් නැතිව .මොකද සමහර එවුන් වගේ මන් මගේ අම්මගෙන් අහන් නැ මගේ බෙල්ල මිරිකලා මැරුවේ නැත්තේ කියල. මේ වගේ රටකට උපද්දන්නේ නැතිව ඉන්න කියලා

    මේක මගේ රට
    සිංහලයන්ව පරද්දන්න බැ බොලව්

    මගේ රට බුදු සරණ වේවා
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    කියල තියෙන ගොඩක්ම එ්වා හරි. පිළිගන්නවා. :yes:

    නමුත් මෙතන තියෙන ප්‍රශ්නය මචන් යුද්ධය ගැන නෙමේ.
    යුද්ධෙ ඉවරයි.
    යුද්ධෙ උපයෝගී කරගෙන දූෂණ වංචා, නීතිය බල්ලට දාල වැඩ කිරීමට එරෙහිවයි මෙතන බලවේගය තියෙන්නේ.

    මෙහෙම කීවොත් හැමදාම යුද්ධේ ගැන පෙන්නල සේරම කරන්න පුළුවන් වැරදි කරනව.
    එ්කට එරෙහි වෙන අයට කොටි, රට පාවල දෙනව කියනව නම් එ්කෙන්ම තේරනවනෙ බලේ තියා ගන්න නොකරන දෙයක් නෑ කියල.
    ජනරාල් ෆොන්සේක ගැන කියල තියෙනව. මතකද ඡන්දෙ ඉවර වෙලා එතුමාට කරපු දේවල් ? එ්වා සාධාරණද ?
    එතුමාට එහෙම කළා නම් සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද ?

    යුද්ධේ ගැන නෙමේ ප්‍රශන්ය තියෙන්නේ.
    යුද්ධේ උපයෝගී කරගෙන රට අඝාදයකට ගෙන යෑම ගැන.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය යථාර්තය නොතේරෙන රැල්ලට යන බොහෝ දෙනෙක් මේ එළකිරියෙ ඉන්නෙ. තව ටිකක් වෙලා යනකොට ඔබටත් කුනුහරුප අහගන්න වෙයි. එහෙමත් නැතිනම් පස්සෙන් ඇවිත් පිහියෙන් ඇණීම හෙවත් නින්දිත රෙප් කැපීම පටන් ගනී.

    අපි මෙතන කොච්චර ඇත්ත ඇතිසැටියෙන් දැකලා ත්‍රෙඩ් කමෙන්ට් දැම්මත් වැඩක් නෑ. මෙතන කීප දෙනෙක් මුදලට කාගේ හෝ මඩ මෙහෙයුමක ඉන්න පිරිසක් බව පැහැදිළියි.

    නමුත් නිහඩ ‍මධ්‍යස්ථ බොහෝ පිරිසක් ලොග්නොවී මෙක බලනවා. ඔවුන් ඇත්ත දකීවි. එමෙන්ම සත්‍ය දිනවනු ඇත.
     
    • Like
    Reactions: handysameera

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නමුත් මෙතන තියෙන ප්‍රශ්නය මචන් යුද්ධය ගැන නෙමේ.
    යුද්ධෙ ඉවරයි.

    :yes::yes::yes: and bump
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    කියල තියෙන ගොඩක්ම එ්වා හරි. පිළිගන්නවා. :yes:

    නමුත් මෙතන තියෙන ප්‍රශ්නය මචන් යුද්ධය ගැන නෙමේ.
    යුද්ධෙ ඉවරයි.
    යුද්ධෙ උපයෝගී කරගෙන දූෂණ වංචා, නීතිය බල්ලට දාල වැඩ කිරීමට එරෙහිවයි මෙතන බලවේගය තියෙන්නේ.

    මෙහෙම කීවොත් හැමදාම යුද්ධේ ගැන පෙන්නල සේරම කරන්න පුළුවන් වැරදි කරනව.
    එ්කට එරෙහි වෙන අයට කොටි, රට පාවල දෙනව කියනව නම් එ්කෙන්ම තේරනවනෙ බලේ තියා ගන්න නොකරන දෙයක් නෑ කියල.
    ජනරාල් ෆොන්සේක ගැන කියල තියෙනව. මතකද ඡන්දෙ ඉවර වෙලා එතුමාට කරපු දේවල් ? එ්වා සාධාරණද ?
    එතුමාට එහෙම කළා නම් සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද ?

    යුද්ධේ ගැන නෙමේ ප්‍රශන්ය තියෙන්නේ.
    යුද්ධේ උපයෝගී කරගෙන රට අඝාදයකට ගෙන යෑම ගැන.

    කාසියේ දෙපැත්ත වගේ තමා මේ ප්‍රශ්න ..
    වංචාව දුෂණය නැති කරන්න ඇවිත් ඉන්න සෙට් එක හොදද බන්..වික්‍රමබාහු අවේ එකටද?
    චන්ද්‍රිකා ඇවිත් ඉන්නේ එකටද? තමන්ගේ පුතා සිංහල විම ලජ්ජා වීම ගැන කිව්වම එක අගේ කරපු එකද?
    මේ රටේ කන්න නැතිව බඩගින්න ඉදල මිනිස්සු මැරිලා තියේද බන් ,,,ජිවන බර කියා කියා කැ ගැහුවට කන්න නැතිව මිනිස්සු ?මැරුණද?
    රට අගාදෙට ගිහින්ද බන්
    මොනාද රටට වෙලා තියන්නේ
    හොරකන් කරනවා කරනවා කියනව. ප්‍රේමදාස මහත්තය ගෙවල් හදන කලේ ඒ දවස් වලත් මෙහම කිව්වද ගෙවල් වලින් හොරකන් කරනවා
    කියල ,එහම කිව්වනම් ඊට පස්සේ ඒ කිව්වා එකා පහුවදා මුහුදේ පාවෙනවා
    සරත් මහත්මයට උන දේ පිළිගන්න බැ
    එත් නොදන්නා දෙයකට ගෙනත් ඒ මනුස්සයව නැති කරලම දැම්මේ මහින්ද නම් නෙවේ .එහනම් මේ පාරත් එතුමවම ගෙන්න තිබ්බ ජනාදිපති තරගෙට
    එක දෙයක් නම් විශ්වාස කරන්න පුළුවන්
    අයෙත් මේ රටේ ltte හරි වෙන මොකක්හරි ප්‍රශ්ණ උනොත් සරත් සහ මහින්ද දෙන්නම එකතු වෙනවා එක වෙනවා.

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඔය යථාර්තය නොතේරෙන රැල්ලට යන බොහෝ දෙනෙක් මේ එළකිරියෙ ඉන්නෙ. තව ටිකක් වෙලා යනකොට ඔබටත් කුනුහරුප අහගන්න වෙයි. එහෙමත් නැතිනම් පස්සෙන් ඇවිත් පිහියෙන් ඇණීම හෙවත් නින්දිත රෙප් කැපීම පටන් ගනී.

    අපි මෙතන කොච්චර ඇත්ත ඇතිසැටියෙන් දැකලා ත්‍රෙඩ් කමෙන්ට් දැම්මත් වැඩක් නෑ. මෙතන කීප දෙනෙක් මුදලට කාගේ හෝ මඩ මෙහෙයුමක ඉන්න පිරිසක් බව පැහැදිළියි.

    නමුත් නිහඩ ‍මධ්‍යස්ථ බොහෝ පිරිසක් ලොග්නොවී මෙක බලනවා. ඔවුන් ඇත්ත දකීවි. එමෙන්ම සත්‍ය දිනවනු ඇත.
    නමුත් නිහඩ ‍මධ්‍යස්ථ බොහෝ පිරිසක් ලොග්නොවී මෙක බලනවා. ඔවුන් ඇත්ත දකීවි. එමෙන්ම සත්‍ය දිනවනු ඇත
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    කාසියේ දෙපැත්ත වගේ තමා මේ ප්‍රශ්න ..
    වංචාව දුෂණය නැති කරන්න ඇවිත් ඉන්න සෙට් එක හොදද බන්..වික්‍රමබාහු අවේ එකටද?
    චන්ද්‍රිකා ඇවිත් ඉන්නේ එකටද? තමන්ගේ පුතා සිංහල විම ලජ්ජා වීම ගැන කිව්වම එක අගේ කරපු එකද?
    මේ රටේ කන්න නැතිව බඩගින්න ඉදල මිනිස්සු මැරිලා තියේද බන් ,,,ජිවන බර කියා කියා කැ ගැහුවට කන්න නැතිව මිනිස්සු ?මැරුණද?
    රට අගාදෙට ගිහින්ද බන්
    මොනාද රටට වෙලා තියන්නේ
    හොරකන් කරනවා කරනවා කියනව. ප්‍රේමදාස මහත්තය ගෙවල් හදන කලේ ඒ දවස් වලත් මෙහම කිව්වද ගෙවල් වලින් හොරකන් කරනවා
    කියල ,එහම කිව්වනම් ඊට පස්සේ ඒ කිව්වා එකා පහුවදා මුහුදේ පාවෙනවා
    සරත් මහත්මයට උන දේ පිළිගන්න බැ
    එත් නොදන්නා දෙයකට ගෙනත් ඒ මනුස්සයව නැති කරලම දැම්මේ මහින්ද නම් නෙවේ .එහනම් මේ පාරත් එතුමවම ගෙන්න තිබ්බ ජනාදිපති තරගෙට
    එක දෙයක් නම් විශ්වාස කරන්න පුළුවන්
    අයෙත් මේ රටේ ltte හරි වෙන මොකක්හරි ප්‍රශ්ණ උනොත් සරත් සහ මහින්ද දෙන්නම එකතු වෙනවා එක වෙනවා.

    ඔය කියන විදිහට මහින්ද පාලනයට එරෙහි වෙන කිසිම කෙනෙක් හොද නෑ නෙ .
    මෙතන කට්ටිය එකතු වෙලා ඉන්නේ පොදු අරමුණක් ඉශ්ට කරගන්න මිසක් කාගෙවත් පෞද්ගලික දේවල් කරගන්න නෙමේ.

    ඔව් බඩගින්නේ ඉදල මිනිස්සු මැරිල තියෙයි.
    තමුන්ගේ ළමයි එක්ක සිය දිවිනසාගෙනත් තියෙයි.
    රට අඝාදයකට ගිහින් කියන්නේ රට ණය වෙලා තියෙයි හිතාගන්න බැරිතරම්.
    දැන් එක් පුද්ගලයෙක් අවම වශයෙන් ලක්ෂ 4ක් ණයයි රටේ. එච්චර ණය වුණේ 1 ට 20, 30 වංචා කරපු නිසා.
    ඔ්වා ගෙවන්නෙ කවුද ?
    තව ටික කාලයක් ගියාම බදුවලින් ඔ්වා අයකරගන්න හදයි.

    කවුරු කළත් හොරකම හොරකමමයි. ප්‍රේමදාස කරත් මහින්ද කරනවත් එච්ච්රයි.
    එහෙම කරන එවුන්ට දඩුවම් දෙන්න වැඩපිලිවෙලක් තියෙන්න අවශ්‍යයි කියල කියන්නේ.
    එහෙම කරන එකෙන් රටට හෙණ ගහනවද ?

    සරත් මහත්තය බබෙක් නෙමෙයිනේ.
    එතුමා එදා ඉදිරිපත් වුණේ මේ වංචාව නැති කරන එක මූලික කරගෙන.
    මහින්ද තමා නැති කරල දැම්මේ. වෙන කවුද? විපක්ෂෙන් එන කෙනෙක්ගෙන් එහෙම පළිගන්න කීවෙ සරත් මහත්තයට ඡන්දෙ දුන්න අයද ? එතුමාට සහය දුන්න අයද ?

    එල්.ටී.ටී. ප්‍රශ්න එකවර අැතිවෙන්නෑ. අැතිවෙන්නේ නැතිවෙන්න කරන්න ඔ්නෑ ඩයස්පෝරාව නැති කරන එක.
    නැතුව කොටි හුරතල් කරන එක නෙමේ.
    කේ.පී. වගේ මිනිස්සු නීතියට ගේන්න අවශ්‍යයි.

    edit:
    රටේ නැවතත් යුද්ධයක් නැති කරන තැනට අපි වැඩ කරන්න ඔ්නෑ.
    අනුර කුමාර සහෝදරය කීවා වගේ භූමියෙන් රට නිදහස් කරගත්තට මහින්ද මහත්තය ජන කොටස් එකතු කළේ නෑ. තවත් භේද කළා.
    නැතිවෙන යුද්ධයකට සූදානම් වෙනවට වඩා,
    නැවත යුද්ධයක් අැති වෙන්නැති තැනට අපි වැඩ කරන්න අවශ්‍යයි.
    අරූ කොටිය, මූ කොටිය කියල ඔ්වා කරන්න බෑ.
    රටේ එ්කීය භාවය තියෙන විදිහට ජන කාෙටස් එක්කහු කරන්න අවශයි.
    නැත්නම් ඉතින් වෙන ජන කොටස් ඉන්නකම් යුද්ධෙ අැතිවෙනවා කියල තමා කියන්න වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: SLinKy

    ඩයස්පෝරාව නැති වෙන්නේ නැ බන්
    මේ යුරෝපය සහ අනිත් රටවල ඉන්න ඩයස්පෝරාව නැති වෙන් නැ
    උන්ට ඕනි ලංකාවේ ප්‍රශ්න විසදන්න නෙවේ
    මුන්ට ඕනේ උන්ගේ පවුල් වල අයට asylym විස අරගන්න ලංකාවේ තාම ප්‍රශ්න තියේ කියල ලෝකෙට පෙන්න පෙන්න ඉන්න මිසක් මේ ප්‍රශ්න ඉවර කරන්න උවමනා නැ මෙහෙ ඉන්න දෙමල අයගෙන් ඇහුවම හරි දැන් ඊලම දුනොත් මේ රටවල් දාල ලංකාවට යනවද කියල ඒවාට කට වහන් ඉන්නවා .
    මෙහෙ තියෙන lyca ,lebara වගේ telecommunicaton ownersla ලංකාවේ කිලිනොච්චි මිනිස්සු
    asylym විසා එක අරන් අපු අය .. ඊළම දුන්නොත් යාවිද ලංකාවට
    බොරුවට ප්‍රශ්න පෙන්න පෙන්න ඉන්නේ මුන්ට විසා ගන්න

    පවුල් පිටින් සියදිවි නසාගැනීම මේකට අදල නැ . මොකද මේ මනුස්ස ආත්මේ ලබාගන්න ලේසි නැ
    එක නැති කරගන්න පව් කාර කම. ජිවිතේ ගොඩයන්න බැරි නම් නවලෝක මුදලාලිත් සියදිවි නසාගන්න ඕනි. තමන්ගේ ජිවිතේ වලට දාගන්නවද නැද්ද කියන එක තමන්ගේ අතේ.
    එකට බයේ මරණය තෝරාගන්න එක ඉතින් අයෙමත් කවදාවත් මනුස්ස ආත්මයක් ලැබෙන එකක් නෙවේ.
    සියදිවි නසාගත්ත ගොඩක් හේතු පවුල් ප්‍රශ්ණ. හදිසි තීරණ .එකටත් මේ මහින්ද ද වැරදි බන් .
    ඇමරිකාවේ ණය ප්‍රමාණය දන්නවද? මේ ලෝකේ ණය අරන් නැති රටක් තියද? චන්ද්‍රික රනිල් ප්‍රේමදාස රට පාලනය කරේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද?
    වංචා දුෂණ කියව කියව ඉන්නවා මිසක් වෙන වැඩක් නැනේ බන්

    සරත් මහත්තය වංචාව නැති කරන්න ඉදිරිපත් උනා නම් එදා මිනිස්සු එතුමාව දිනවන්න තිබ්බනේ
    ඕව වචන විතරයි බන්
    සරත් මහත්තයව ඊට පස්සේ UNP හරි jvp හරි සත 5 ගණන් ගත්තද?

    අනුර කුමාර මේ තරම් පොරක් නම් තිබ්බනේ බන් ජනදිපතිවරණට එන්න
    බොරුවට පොර ටෝක් දිදී ඉන් නැතිව
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මේකෙ ඉන්න ගොඩක් එවුන්ට දැන් චන්ද්‍රිකාල රනිල්ල කරපු කියපු දේවල් මතක නෑ බන්.මිලේනියම් සිටි සිද්දිය එහෙම එකෙකුටවත් මතක නෑ.ඒත් අපේ කොල්ලො තමා......
     
    ඩයසපෝරාව වාසි ගන්නව තමා.
    එ්ක නෙමෙයිනෙ ප්‍රශ්නෙ. ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාව අැතුලෙ ඉන්න මිනිස්සු භේද කරන එකනෙ.
    විරුද්ධ පක්ෂ වලට කොටි බෙදුම්වාදී ලේබල් අලවන එකනෙ කරන්නෙ අාණ්ඩුව.

    අාර්ථික ප්‍රශ්න නිසා සියදිවිනසාගෙන තියෙන්නේ. නිවුස්වලට ගියා.
    හරි එ්ක පැත්තකින් තියමුකො.

    ඔව් අැමෙරිකාවත් ණයයි තමා. පට්ට ණයයි.
    නමුත් උන්ට ණය ගෙවීමේ හැකියාවක් තියෙයි.
    ලෝක අාර්ථිකේ ලොකු කොටසක් උන් පාලනය කරනව.
    අපණයන, සේවා මගින උන් කොච්චර උපයනවද ?
    අපේ රටේ ගත්ත ණය ගෙවන්න මොකක්ද තියෙන හැකියාව ?
    මොනවගෙන්ද ගෙවන්නේ ? එතනයි ප්‍රශ්නෙ.
    මත්තල, හම්බන්තොටින් එන අාදායම් වලින් ගෙවන්නද ?
    මිහින් ලංකා , ඛනිජ තෙල් සංස්ථාවෙන් එන හිතා ගන්න බැරි තරම් ලැබෙන අාදායමෙන් ගෙවන්නද ?
    එ්කට උත්තරයක් දියන්.

    අනුර කුමාර පොරක් තමා.
    හරි තීරණයක් ගත්තෙ මැතිවරණයට ඉදිරිපත් වෙන්නැතුව.
    ඉදිරිපත්වුණා නම් කිසිම අපේක්ෂකයෙක්ට 50% ගන්න බැරිවෙන්න තිබ්බා.
    අනෙක මහින්දගෙ ඡන්ද පදනම කඩන එක ලේසි නෑ.
    මොකද යුධ ජයග්‍රහණ මත යැපෙන්න හදන්නේ. රට හදන ප්‍රතිපත්තියක් මත නෙමේ.
    මේවා බොරුද කියහන් ?
    ලංකාවෙ ඉන්න සංවේදී මිනිස්සුන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කවුද ?
    යුද්ධයක් අැතිවන බව මවාපාල ඡන්ද ගන්නෙ කවුද ?
    රටේ ජාතිවාදය අවුස්සල, රට බෙදන්න යනව කියල ඡන්ද ගන්නෙ කවුද ?
    ඔය වගේ මතයක් හැදුවට පස්සේ අනුර කුමාර තියා කාටවත් ඡන්දයකින් මහින්දව පරාජය කරන්න බෑ.
    එ්කට තමා කට්ටිය එකතු වුණේ.
    අනුර කුමාර පැත්තකට වෙලා මහින්දට ඡන්දෙ දෙන්න එපා කීවෙ.

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.
     
    හරි
    මොන ආණ්ඩුව ආවත් කලින් ආණ්ඩු වලින් ගත්ත ණය ගෙවන්න ඕන
    ඔය අනුර කියන විදියට ලක්ෂ 4 ණය හැදෙන්නේ කලින් ආණ්ඩු ගත්ත ණයත් එක්කනේ
    එතකොට මහින්ද යවල එන මෛත්‍රී හරි රනිල් හරි නැත්තම් අනුර ගේ හරි ආණ්ඩුව මේ ණය ගෙවන්න ඕනේ,
    හම්බන්තොට වරාය වහලා මත්තල වහලා ද ණය ගෙවන්නේ
    ඒ අය දින්නොත් වංචාව දුෂණය නවත්තනවා
    හරි එකත් කරා කියමු
    වංචාව දුෂණය නවත්තල තියෙන සේරම ණය ගෙවල දාවිද?
    මොකද අලුත් ගුවන් තොටුපොල සහ වරාය වැඩක් නැත්තම් එක ඔය ආණ්ඩු උනත් කරලා වැඩක් නැනේ වහල දාල ඒ වෙනුවට අලුත් ආයෝජන පටන් ගනිනේ
    ශ්‍රී ලන්කන් එක පාඩු උනත් එක කලින් චන්ද්‍රිකා එමිරේට්ස් එකට විකුණලා තිබ්බනේ
    පාඩුවට හරි අපේ කොඩිය ගහන් ලෝකේ වටේ යනවා
    ඔව් අනුර පොර ගත්තේ හරි තීරණේ
    බැරිවෙලාවත් ජනදිපතිවරණට ආවනම් ඇප නැ
    මොකද අනුරගේ පක්ෂේ මේ රටේ කරපුවා අමතක වෙන්න තරම් මිනිස්සු මැරිල ඉපදිලා නැ
    සෝමවංශ ධනවාදී රටවල් බැන බැන හිටියට උන්නැහේගේ පුතා ව තිබ්බේ එංගලන්තෙනේ
    තිබ්බනේ සමාජවාදී රටකට පුතාව යවන්න
    අනුරට තිබ්බ කොන්ද පන තියේ නම් එන්න තරගෙට
    බොරුවට ටෝක් දෙන් නැතිව මිනිස්සු අතරට ඇවිත් තිබ්බනේ ඉදිරිපත් වෙන්න
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මේකෙ ඉන්න ගොඩක් එවුන්ට දැන් චන්ද්‍රිකාල රනිල්ල කරපු කියපු දේවල් මතක නෑ බන්.මිලේනියම් සිටි සිද්දිය එහෙම එකෙකුටවත් මතක නෑ.ඒත් අපේ කොල්ලො තමා......

    true
     
    :yes::yes:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හරි
    මොන ආණ්ඩුව ආවත් කලින් ආණ්ඩු වලින් ගත්ත ණය ගෙවන්න ඕන
    ඔය අනුර කියන විදියට ලක්ෂ 4 ණය හැදෙන්නේ කලින් ආණ්ඩු ගත්ත ණයත් එක්කනේ
    එතකොට මහින්ද යවල එන මෛත්‍රී හරි රනිල් හරි නැත්තම් අනුර ගේ හරි ආණ්ඩුව මේ ණය ගෙවන්න ඕනේ,
    හම්බන්තොට වරාය වහලා මත්තල වහලා ද ණය ගෙවන්නේ
    ඒ අය දින්නොත් වංචාව දුෂණය නවත්තනවා
    හරි එකත් කරා කියමු
    වංචාව දුෂණය නවත්තල තියෙන සේරම ණය ගෙවල දාවිද?
    මොකද අලුත් ගුවන් තොටුපොල සහ වරාය වැඩක් නැත්තම් එක ඔය ආණ්ඩු උනත් කරලා වැඩක් නැනේ වහල දාල ඒ වෙනුවට අලුත් ආයෝජන පටන් ගනිනේ
    ශ්‍රී ලන්කන් එක පාඩු උනත් එක කලින් චන්ද්‍රිකා එමිරේට්ස් එකට විකුණලා තිබ්බනේ
    පාඩුවට හරි අපේ කොඩිය ගහන් ලෝකේ වටේ යනවා
    ඔව් අනුර පොර ගත්තේ හරි තීරණේ
    බැරිවෙලාවත් ජනදිපතිවරණට ආවනම් ඇප නැ
    මොකද අනුරගේ පක්ෂේ මේ රටේ කරපුවා අමතක වෙන්න තරම් මිනිස්සු මැරිල ඉපදිලා නැ
    සෝමවංශ ධනවාදී රටවල් බැන බැන හිටියට උන්නැහේගේ පුතා ව තිබ්බේ එංගලන්තෙනේ
    තිබ්බනේ සමාජවාදී රටකට පුතාව යවන්න
    අනුරට තිබ්බ කොන්ද පන තියේ නම් එන්න තරගෙට
    බොරුවට ටෝක් දෙන් නැතිව මිනිස්සු අතරට ඇවිත් තිබ්බනේ ඉදිරිපත් වෙන්න

    ණය ගෙවන්න ඔ්නෑ කවුරු අාවත්.
    ඊට ඉස්සෙරල මේ තියෙන වංචාව දූෂණය නවත්තල, වැරදිකරුවන්ට දඩුවම් දීල,
    අය කරගන්න පුළුවන් තරමක් අය කරගන්න ඔ්නෑ.
    බැලුවද මෙෙත්‍රී, රනිල් ව්‍යාපාරික හමුව ? එ්කෙ අහනව ඔය අහන ප්‍රශ්නයම.
    එ්කෙදි කියනව දැන් තියෙන තත්වයෙන් ගොඩ එන්න කරන්න ඔ්නෑ GDP එක expand කරන එක කියල.
    එ්කට රටේ නිෂ්පාදනය වැඩිවෙන කර්මාන්ත අැති කරන විදිය කීව.
    ලාභ ලබන ශ්‍රීලංකන් එක තියාගෙන එ්කත් බංකලොත් කරල හිතාගන්න බැරි තරම් පාඩුවක් ලබන මිහින් දාපු එක හරිද ? කියහන් බලන්න.
    අනුර කුමාර වගේ මිනිස්සු පාර්ලිමේන්තුවෙ හිටියෙ නැත්නම් තියෙයි ලංකාව ලස්සනට.
    උබට තේරිලා නෑ තාම අැයි අනුර කුමාර අාවේ නැත්තේ කියල.
    ප්‍රධාන දේශපාලන ධාරා කිහිපක් තියෙයි ලංකාවෙ.
    එ්කෙ හැම එකක්ම අපේක්ෂකයො දැම්මොත් තියෙයි.

    මේකත් තේරෙනව නම් කියවල බලහන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1653605
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මහින්ද රාජපක්ෂ නොසිටින්න සමහරවිට තොපි අද ජිවතුන් අතර නැත. කමක් නැත. මෙය අපේ ජාතියට අලුත් දෙයක් නොවේ. පාවලා දිපියවූ. තොපිව බේරාගත් අසහාය නායකයාගේ පපුව පලා හදවත එලියට ගෙන කාපියවූ.
    තොපිට ඕනේ වෙනස තොපේ නායකයා මරාගෙන කෑම නම් කාපියවූ. තොපිට ඕනේ තවමත් අවසන් නැති යුද්ධය නැවතත් අවුලුවා රට ව්‍යසනයකට ඇද දැමීමට නම් රජා මරාගෙන කාපියවූ.."
    වසන්ත කරන්නාගොඩ
    අධිෂ්ඨානය LTTE පරාජය - නාවික හමුදා භූමිකාව

    98.jpg
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Gobba widihata nathuwa kelin adahas kiyapu ekata gaurawa karanawa mithraya.
    Oya kiyanawa hodata hitapu Fonseka politics walata genapu eka waradi lu. Ehenam Karuna mokatada politics walata genawe? Rajapaksha la rata paalanaya karanna one anith minissu yatahath pahath widihata inna one naha ne.

    Umab hithanawa wage 2009 di EK ek godak podi ewun newei hitiye. Adatath EK eke innawa one tharam late-20 naththam 30-something aya. EK eke inna ekama matured kena oya newei.

    Yuddhaya iwara karapu eka gana rate one kenek president ta grateful. Mama MY3 ta chande denne machan lankawe thiyena financial instability eka nisa. 2015 budget eke thiyena "sahana" arunama thanikarama eka horror story ekak ban. Rate GDP eke ehem pitin ma dammath debt eka cover karaganna bari, GDP eka wadi karaganna kisima plan ekak nathi budget ekak ban.
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    ණය ගෙවන්න ඔ්නෑ කවුරු අාවත්.
    ඊට ඉස්සෙරල මේ තියෙන වංචාව දූෂණය නවත්තල, වැරදිකරුවන්ට දඩුවම් දීල,
    අය කරගන්න පුළුවන් තරමක් අය කරගන්න ඔ්නෑ.
    බැලුවද මෙෙත්‍රී, රනිල් ව්‍යාපාරික හමුව ? එ්කෙ අහනව ඔය අහන ප්‍රශ්නයම.
    එ්කෙදි කියනව දැන් තියෙන තත්වයෙන් ගොඩ එන්න කරන්න ඔ්නෑ GDP එක expand කරන එක කියල.
    එ්කට රටේ නිෂ්පාදනය වැඩිවෙන කර්මාන්ත අැති කරන විදිය කීව.
    ලාභ ලබන ශ්‍රීලංකන් එක තියාගෙන එ්කත් බංකලොත් කරල හිතාගන්න බැරි තරම් පාඩුවක් ලබන මිහින් දාපු එක හරිද ? කියහන් බලන්න.
    අනුර කුමාර වගේ මිනිස්සු පාර්ලිමේන්තුවෙ හිටියෙ නැත්නම් තියෙයි ලංකාව ලස්සනට.
    උබට තේරිලා නෑ තාම අැයි අනුර කුමාර අාවේ නැත්තේ කියල.
    ප්‍රධාන දේශපාලන ධාරා කිහිපක් තියෙයි ලංකාවෙ.
    එ්කෙ හැම එකක්ම අපේක්ෂකයො දැම්මොත් තියෙයි.

    මේකත් තේරෙනව නම් කියවල බලහන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1653605

    දැන් ඔය සෙට් එක බලයට අවොත් වංචාව දුෂණය බින්දුවටම නතර කරාවිද?
    එහෙම සහතිකයක් දෙන්න පුලුවන්ද?
    අනුර කුමාර කියන පුද්ගලයට ගරු කරනවා
    ඒ උනත් ඔවුන්ගේ උදවිය අතීතයේ කරපුව අමතක කරන්න පුලුවන්ද?
    පුලුවන්නම් කියන්න ඒ දේවල් අනුමත කරන්න බැ කියලා
    මොකද දැන් කරුණා උනත් කලින් ත්‍රස්තවාදී වැඩ කරලා දේශපාලනයට අවේ
    JVP එක උනත් කරේ කලින් මිනි මරපු එක
    එතකොට jvp එකට එන්න හොදා දේශපාලනයට
    අනිත් ත්‍රස්තවාදීන් මේ දේශපාලනයට අපු එක වැරදි
    එහම නම් මිනිස්සු 999 මරපු අංගුලිමාල උනත් බුදු සාසනේට ගත්ත එක වැරදි
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    Gobba widihata nathuwa kelin adahas kiyapu ekata gaurawa karanawa mithraya.
    Oya kiyanawa hodata hitapu Fonseka politics walata genapu eka waradi lu. Ehenam Karuna mokatada politics walata genawe? Rajapaksha la rata paalanaya karanna one anith minissu yatahath pahath widihata inna one naha ne.

    Umab hithanawa wage 2009 di EK ek godak podi ewun newei hitiye. Adatath EK eke innawa one tharam late-20 naththam 30-something aya. EK eke inna ekama matured kena oya newei.

    Yuddhaya iwara karapu eka gana rate one kenek president ta grateful. Mama MY3 ta chande denne machan lankawe thiyena financial instability eka nisa. 2015 budget eke thiyena "sahana" arunama thanikarama eka horror story ekak ban. Rate GDP eke ehem pitin ma dammath debt eka cover karaganna bari, GDP eka wadi karaganna kisima plan ekak nathi budget ekak ban.
    කොල්ලා මට තම 27 වයස
    2009 දී මට වයස 21
    කරුණා දේශපාලනයට අපු එක වැරදි නම් JVP එක දේශපාලනයට අපු එකත් වැරදි.
    මම පොඩි කලේ හිටියේ කැලණියේ ..මගේ අම්ම කියනවා මාව පොඩි කාලේ අතට අරන් කැළණි ගග පැත්තට යද්දී තරුණ කෙල්ලෝ කොල්ලෝ මරල මිනි ගගේ පාවෙනවා කියලා
    ටික ටික ලොකු වෙද්දී 80 අග දශකයේ මෙ රටේ මොකද උනේ කියල දැනගත්තා ..

    අපි බලමු රටේ පොදු ජනතාවගේ තීරණය