මහින්ද චින්තන ලොව දිනන එක

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද චින්තන ලොව දිනන එක

    10917856_775501539187467_3792744159626348079_n.jpg

    10891840_775502752520679_6170036226047006899_n.jpg

    1464609_775503519187269_528146626363761900_n.jpg

    10922814_775506082520346_9046843773872222798_n.jpg

    10917875_775507155853572_6126250708266058707_n.jpg

    10926408_775507672520187_740734560859024595_n.jpg

    12860_775509655853322_3287758449637006007_n.jpg

    11019_775512009186420_5257417607508646168_n.jpg

    1979664_775512219186399_5130032086761690213_n.jpg

    10898244_775513229186298_2609209561781912545_n.jpg

    10922717_775515565852731_7337996324908007401_n.jpg

    10891730_775516605852627_8648090870552990723_n.jpg
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2)
    ChnaawSingha.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර හෙවත් මහින්ද රාජපක්ෂ හෙවත් මැදමූලන මරා ප්‍රමුඛ මෘග චෞර රාජපක්ෂ පවුල් නඩය රටින් පලා යාමට සියල්ල සූදානම් කර ඇති බව ‘ලංකා ඊ නිව්ස්‘ අභ්‍යන්තර තොරතුරු සේවය සහතික වශයෙන් තහවුරු කරගෙන තිබේ.
    රාජපක්ෂ පවුල් නඩය පමණක් නොව හෙංචයියන්ද පැන යෑමට සියල්ල සූදානම් කර තිබේ. ( සජින් වාස් ගුණවර්ධන සහ පවුලද, ඩලස් ගේ පවුල, ශෂීන්ද්‍රගේ පවුල පමණක් නොව ගෝඨාගේ දකුණු අත වන් ඔහු සමග නැව් වලට සිකියුරිටි ගාඩ්ලා සපයන ව්‍යාපාරය කරන ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාපතිගේ මුළු පවුලමද මේ වන විට රටින් පැන ගොස් තිබේ.)
    රාජපක්ෂලා යුද හමුදාව යොදවා බලයේ සිටීමට තැත් කරන බව පෙන්වීමට අද වන විට නාවික හමුදාව සහ යුද හමුදාව තැන් තැන් වලට යෙදවීම විපාක්ෂික ජනතාවගේ චිත්ත ධෛර්යය බිඳ හෙලීමට කරන ක්‍රමෝපායක් බවද තහවුරු වී තිබේ.
    රාජපක්ෂලාගේ පලා යෑම තහවුරු කරන එක් සාධයක් නම් අද පාන්දර ඔවුන් සතු වටිනා දෑ පටවා සීෂෙල්ස් දූපතට අද දහවල් යැවූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයයි. අද(06) දහවල් කටුනායක ගුවන් තොටුපොලින් 13.43 පැයට පිටත්ව ගිය මිහින් ලංකා ගුවන් සේවයට අයත් MJ 707 දරණ ගුවන් යානයෙන් රාජපක්ෂලාට අයත් වටිනා බඩු භාණ්ඩ මහා විශාල තොගයක් සීෂෙල්ස් දූපතට යවා තිබේ. මෙම රාජකාරිය ඉටු කිරීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොලේ cargo අංශයට අයත් කොටසට යාබදව පිහිටා ඇති මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයට පැමිණ පාන්දර 2 පමණ වන තුරු රහසිගත සාකච්ඡාවක යෙදුනෝය.
    මාර්ක්ෆෙඩ් වත්ත නමැති කොටසේ වෙසෙන්නේ සිවිල් ගුවන් සේවා සමාගම් සහ කටුනායක ගුවන් තොටුපොලට අනුයුක්ත ඉහල නිලධාරීන් ය. රාජපක්ෂලාගේ ඥාතියෙක් වන ගුවන් තොටුපොල සහ ගුවන් සේවා ආයතනයේ සභාපති, හිටපු හමුදා නිලධාරී, ප්‍රසන්න වික්‍රමසූරියද (ඇමරිකාවේ තානාපතිව සිටි ජාලිය වික්‍රමසූරියගේ සොයුරා - මහින්ද රාජපක්ෂ පවුලේ පළමු ඥාති සොයුරන් ) එහි වෙසේ. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඇමරිකාවේ හූස්ටන්හි පදිංචිව සිටින මහින්ද රාජපක්ෂගේ මල්ලී කෙනෙක් වන ඩඩ්ලි රාජපක්ෂද සැඟවී වෙසෙන්නේ මෙම මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයේ ය.
    මේ සියලු දෙනා එක්ව අද(06) පාන්දර වනතුරු සියල්ල සූදානම් කරමින් මෙම භාණ්ඩ තොගය සීෂෙල්ස් වෙත ඉහත කී ගුවන් යානයෙන් යවා තිබේ. රාජපක්ෂවරුන් තමන් සොරකම් කරගන්නා කොමිස් මුදල් සීෂෙල්ස්හි බැංකුවල තැන්පත් කරන බවත් ලෝකයේ දුර්ලභ කළු ගිරවුන් වෙසෙන සීෂෙල්ස්හි දූපතක් රාජපක්ෂලා විසින් මිලදී ගත් බවත් පළමු වරට හෙළි කරන ලද්දේ ‘ලංකා ඊ නිව්ස්‘ විසිනි.
    මේ වන විට මැදමූලන මරා සහ රාජපක්ෂ පවුල් රෙජීමය එක් එක් කණ්ඩායම් වෙන වෙනම පැන යෑමට සැලසුම් කර තිබේ. නායකයා වන මහින්ද රාජපක්ෂ ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව එම ඡායාරූපයද ප්‍රසිද්ධ කරවා පැන යනු ඇති අතර පැන යෑමෙන් පසු පැන ගිය බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුවහොත් ‘‘නෑ බොරු, එය එසේ නොවේ, මෙන්න මහින්ද රාජපක්ෂ සමග මේ දැන් කරන ලද සම්මුඛ සාකච්ඡාව“ කියා ප්‍රචාරය කිරීමට අවශ්‍ය වීඩියෝ කිහිපයක් ද දැනටමත් පටිගත කර තිබේ. ජාතික රූපවාහිනිය හමුදාව සහ සට්ටැඹියන් යටතට පත් කර ගැනීම සිදු කරන්නේද එවැනි කුමන්ත්‍රණ ප්‍රචාරය කිරීමට ය.
    මහින්ද රාජපක්ෂ මේ වන විට නියම මානසික තත්ත්වයකින් නොමැත. වරෙක පැන යෑම ගැන කතා කරන අතර තවත් විටෙක ‘නෑ මං පැනලා යන්නේ නෑ වෙඩි තියාගන්නවා‘ යයි කියා දොඩවයි. මේ නිසා අරලියගහ මන්දිරයේ පාලනය දැන් සම්පූර්ණයෙන් බාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඊයේ රජයේ මාධ්‍ය වලට දුන් අධිකරණ වාරණ නියෝගය පවා ගණන් නොගෙන ‘‘මේවා වැඩක් නෑ තමුසෙලාට මා කී දේ කරනවා“ යැයි රජයේ මාධ්‍ය ආයතන වලට නියෝග දුන්නේ ද ගෝඨාභය වේ.
    ගෝඨාභයගේ සැලසුම වී ඇත්තේ අවසානය දක්වා පැන යන්නේ නැති බව කියමින් තමන්ගේ යුද හමුදා සට්ටැඹියන් චූන් කර තබා ගනිමින් පැන යෑම දක්වා ආරක්ෂාව ලබා ගැනීමයි. ගෝඨාභයගේ තියරිය වී ඇත්තේ සියල්ලෝම වෙන වෙනම පැන යන නමුත් සියල්ලෝම එකවර පැන යා යුතු බවයි. නැතහොත් පමා වෙන පුද්ගලයන් මරා දමාවි යැයි ඔහු බිය වී ඇත.
    කවුරු නොදන්නවා වුවත් හමුදාවේ පහළ නිලධාරීන් කිසිවෙක් රාජපක්ෂලා සමග නැති බව ගෝඨාභය දනී. කොළඹ වැටලීමට පවා පැන්ෂන් ගිය ගජබා ගෝලයෙක් වන මානවඩු යොදවා ඇත්තේ එබැවිනි. සත්‍ය වශයෙන් කොළඹ අණ දෙන නිලධාරියා වෙනත් නිලධාරියෙකි. (ඔහුගේ නම අනවශ්‍යය) ඔහු නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්නෙක් නොවේ. එබැවින් ඔහු මගහැර මානවඩු ලවා නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට ගෝඨා උත්සුක වෙයි.
    පැන්ෂන් නොගිය නිත්‍ය යුද හමුදාවේ ගෝඨාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට කැමැති නිලධාරීන් ඉන්නේ ඉතා ස්වල්ප පිරිසකි. ඔවුන් නියෝග දුන්නද එම නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පහල ශ්‍රේනි වල නිලධාරීන් කිසිවෙක් නැත.
    හඳුනා ගෙන ඇති පරිදි අද වන විට ගෝඨාගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට කැමැති පුද්ගලයන් අතලොස්ස මෙසේය.
    යුද හමුදාපති - ලුතිනන් ජෙනරාල් දයා රත්නායක
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය
    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී - මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
    ස්වේච්ඡා බලකා ප්‍රධානී - මේජර් ජෙනරාල් දවුලුගල
    හිටපු යාපනය අණ දෙන නිලධාරී - මේජර් ජෙනරාල් උදය පෙරේරා
    වත්මන් යාපනය අණ දෙන නිලධාරී සහ මරාගේ හිටපු ආරක්ෂක ප්‍රධානී - මේජර් ජෙනරාල් ජගත් අල්විස් (සුදු වෑන් පැහැරගැනීම් බාරව සිටි)
    ඇමරිකාවේ සිට මෑතකදී ලංකාවට ආ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ( සුදු කොඩි රැගෙන යටත් වූ අය ඝාතනය කළ පුද්ගලයා)
    මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ - යුද කාලයේ ගෝඨාට අවශ්‍ය කොළඹ මිනීමැරුම් කළ පුද්ගලයා
    කොමාන්ඩෝ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා (යුද්ධය තිබියදී කොළඹට වී රගර් මැච් බලමින් සිටි නිසා වැඩ තහනමට ලක්වූ )

    බ්‍රිගේඩියර් නිල්මාල් ධර්මරත්න (පුහුණු පාඨමාලාවකට ඇමරිකාවට ගොස් සිටියදී මස්සිනාට පිහියෙන් ඇන සිරගතව සිටි අය)
    විශේෂ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා (ගජබා රෙජිමන්ට්)
    මීට අමතරව යුද කොළඹ හමුදා බුද්ධි අංශයේ බච්චන් කිහිප දෙනෙකුද ගෝඨාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට සූදානමින් සිටිති. ඒ අය නම්,
    ලෙෆ්ටිනන්ට් කර්නල් - ෂම්මි කුමාරරත්න
    ලෙෆ්ටිනන්ට් කර්නල් - චන්සික මහතන්තිල
    ලෙෆ්ටිනන්ට් කර්නල් - ශිරාන් අමිත්

    මේජර් -රිෂාන් හම්සා යන අය වේ.
    මේ අය හැර ලක්ෂ ගණනක් වන යුද හමුදාවේ කිසිවෙක් රාජපක්ෂලාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට සූදානම් නැත.
    රාජපක්ෂලා රටින් පැන යද්දී නිකම් බෙල්ල දී තම තනතුරු සහ රැකියාව නැති කර ගැනීමට කිසිදු හමුදා නිලධාරියෙක් කැමැති නැත. සොල්දාදුවන් පවසන්නේද රාජපක්ෂලාගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට ගොස්, හයිටි ලෙබනන් කොංගෝ වැනි රටක එක්සත් ජාතීන්ගේ හමුදාවේ වැඩ කර ගානක් හොයා ගැනීමට තිබෙන අවස්ථාවත් නැති කර ගැනීමට සිදුවන බවයි. මන්ද යත් නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් හෝ සෙබලුන් කිසිවෙක් එක්සත් ජාතීන්ගේ හමුදාවේ සේවයට ගන්නේ නැති නිසාය.
    කිසිදු නීති විරෝධී නියෝගයකට ඉඩ නොදී තම ඡන්ද අයතිය රැක ගැනීමටත් වසර ගණනක් මුළුල්ලේ රටේ මහජන මුදල් කොල්ල කමින් වතුර පොදක් ඉල්ලූ දරුවන්ට පවා වෙඩි තැබීමට නියෝග දුන් මෘග චෞර රාජපක්ෂලාට පැන යෑමට ඉඩ නොදී 8 වෙනිදා ඡන්දය දීමෙන් පසු පාරට බැසීමටත් සියළු දේශප්‍රේමී සුධීමතුන් ලක ලැහැස්ති විය යුතුය.
     
    "අන්තර්ජාතික කුමන්ත්‍රණ කළමනාකරණ අමාත්‍යංශය - විමල් වීරවංශ" :rofl: :rofl: :rofl: :rofl:
    වතුරත් ඉස්මොල්ලේ ගියා හිනා ගිය පාරට

    උඩ තවත් වැඩක් වෙලා තියනව පේනවද? රාජපක්ෂ අන්ධ භක්තිකයෝ ටිකකුත් මේක බම්ප් කරලා! සත්‍ය ලෝකෙත් මුන් කරන්නෙ මේකම වෙන්න ඇති - සාටකෙයි බුලත් කොලෙයි දැක්ක ගමන් හබක් ගාල ගැහුව කතිරෙ! :rofl: :rofl: :rofl: :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    This message is hidden because Chikamawa is on your ignore list.
    sattmbaya bump karala,me wage modayo thamai maarata ithuruwelaa inne
    maarata kathire gahuwath mewage upangei modayo lawa rata paalanayawei