හංසයා

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    10896938_783705714998815_1744414516536176686_n.png
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ජන්දය යනු ඔබට හිමිවන එකම සහ පරම බලය වේ..

    දූෂිතයන්,දූෂකයන්,මහජන මුදල් වංචාකරුවන්,කුඩු ආනයනකරුවන්,එතනෝල් ආනයනකරුවන්,මිනීමරුවන්,මංකොල්ලකරුවන්,මාධ්‍යවේදීන් මරා දැමූවන්,අතුරුදන් කළවූවන්,ආගම්වාදීන්,ජාතිවාදීන්, ගුරුවරු දණ ගැස්සූවන්,විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහර දුන්නන්,අල්ලස් කරුවන්,යුද්දයේ මිනී විකුණන් කන්නන්,කොමිස් හොරු, මුදලට ඔබේ ජන්දය පාවා දුන්නන් ඉන්නේ කොයි පැත්තේද,
    විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු,උගතුන්,බුද්ධිමතුන්,ආගමික නායකයන්,සිවිල් ක්‍රියාකාරීන්,උගත් කලාකරුවන්,මාධ්‍යවේදීන් සිටගෙන ඇත්තේ කොයි පැත්තෙද යන්නද ඔබ මේ වනවිට තීරණය කර හමාරය..
    ඔබේ පරම ජන්ද බලය ඔබ කැමති අයෙකුට භාවිතා කරන්න..
    එය ඔබ සතු අයිතියයි..
    යමෙකු මේ වනවිට හෘද සාක්ෂියට අනුව ඇත්ත තේරුම් ගෙන ජන්දය භාවිතා කරනු ඇත..තවත් අයෙකු තම මතය ප්‍රසිද්දියේ ප්‍රකාශ කරමින් ජන්දය භාවිතා කරනු ඇත..ඔබ සතු බලය හෙට යම් අයෙකුට ඔබ කැමති පරිදි තමන්ව,රටේ අනාගතය,දරුවන්ගේ හෙට දවස, තමන් රටට ගෙවන බදු මුදල්,නිදහස,කැමති මතයක් දැරීමේ නිදහස ආරක්ෂා කරන ඕනෑම අයෙකුට භාවිතා කරන්න..
    ඔබ කැමති අකමැති අපේක්ෂකයා දිනවීමට හෝ පරාජය කිරීමට උදෑසනම ඔබේ අන්සතු කළ නොහැකි,හොරකම් කළ නොහැකි,මිළ කළ නොහැකි වටිනා ජන්දය රටකට අපමණ අගයක් උදා කිරීම වෙනුවෙන් කැමති අපේක්ෂකයාට ලබා දෙන්න..!
    මුලාවෙන් මිදුණු,මතු අනාගතය ගෝත්‍රික භාවයෙන් මිදුණු ,ජනතාවාදී,පුරවැසියා බලාත්මක වන යුගයක් උදා වේවා.!

    1483380_10152918491951259_2745173747398237954_n.jpg
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මුසා බස්-අසා, නිතර රැවටී
    අතර මඟ ලා, කතර මැදදී
    දවස ගතවෙනා, යසස අහිමි
    සිහින බොඳ වෙලා, අපට වැරදී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    දැන් අවසන්, ඉවසා තැවුණා

    නළල රැලි වෙලා, මුහුණ මැලවී
    දකින හැම මුවේ විඩා වැජඹි
    ඉවසන දනා තැවෙන විටදී
    අපව මඟ හැරී, ලොවම ඇදුනී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    පොදු අපිට මෛත්‍රී පාලනයක්.
    සිය දිනකින් අලුත් රටක්.
    හංසයා ලකුණින්.
    
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අද යුගයක ඇරඹුමයි. සාධාරණ, යුක්තිසහගත රටක බලාපොරොත්තුවයි. ප්‍රජාතාන්ත්‍රික සදාචාර සම්පන්න සමාජයක් කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි අවස්ථාවයි. අප ස්වර්ණමය යුගයක සාක්ෂිකරුවන් වෙමු. ඒ රටේ සියලු දේශපාලන ප්‍රවාහයන් තම පක්ෂ න්‍යාය පත්‍ර පසෙක ලා, රට ඉල්ලා සිටිනා, රටේ සිදුවිය යුතු "වෙනසට" එක්වී තිබෙන නිසාය. එම වෙනසට මුල පිරීමට ලැබීමම එක අයුරකින් අප යුතුකම් ඉටු කිරීමකි. ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟව සිතන්න, තීරණය කරන්න.

    සියලු රාජ්‍ය මාධ්‍ය ආයතනවල අසීමිත සහය සහ ගුවන් කාලය, බිලියන ප්‍රකෝටි ගණනින් මාධ්‍ය සැලසුම්, ප්‍රචාරක වියපෘති, මඩ ප්‍රචාර යන සියල්ල මේ ජන්දයේදී නිෂ්එල ක්‍රියාදාමයන් වී ඇත. ඒ වෙනුවට සීමිත සම්පත්වල, බිය ගැන්වූ මාධ්‍ය ආයතනවල, තර්ජනයට ලක්වූ මිනිස් හදවත්වල, රාවය සහ බලය ඒකාධිපති ආණ්ඩුක්‍රමයේ සියලු පදනම්, ප්‍රතිෂ්ඨාවන් අතික්‍රමණය කර ඇත. සහස් බාධා පවුරු බිඳ දා, ජනතාවාදී මානුෂිය දේශපාලන සංස්කෘතියක් බිහිවන දවස වැඩි අතක නොවේ.

    අප ඔබ ඉල්ලු වෙනස සඳහා දිවි නොතකා කැප වූයෙමු. මේ ඒ වෙනස ලඟා කරගැනීමට මේ ඔබේ වාරයයි. මෛත්‍රී යුගයකට, රටට අවැසි වෙනසට කාලයයි.

    තැවී තැවී පිරිපත ඉවසන්
    ඇවිලුණු කාලය අවසන්
    අදහස් නංවා සුපසන්
    නිදහස් ජය ගී පවසන්​
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635

    :yes: