ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පළාත් සභාවේ බහුතර බලය තමා සතුවන බවට වූ මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ මීට සුළු මොහොතකට පෙර ඌව පළාත් ආණ්ඩුකාරනන්ද මැතිව් මහතා වෙත භාර දී ඇත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමටආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිමහතාද කියයි.
ඒ අනුව මේ වන විට ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට මන්ත්‍රිවරුන් 17දෙනෙකු සහය ලබා දී ඇත.මේ අනුව ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා පෙන්වා දී ඇත්තේ මේ පිළිබඳ සොයාබලා හෙට දිනයේදී තීරණයක් ගන්නා බවය.
~~~~~~~~~~~ තිස්ස කුට්ටිආරච්චිගෙන් බඩ පිනුමක්
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.
ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.
තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.
