ආකිටෙක්ල අය කරන විදි කීපයක් තියෙනව.
1. council drawing
2.architect consultation
3.architect+engineer+QS consultation
1.council drawing
මේක ක්‍රමයට කරගන්නවනම් ගෙදර හදන්න යන වියදමෙන් 1% ඉදල 4% අතර මුදලක් අය කරනව.මේකෙදි නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරල දෙනව.
2.architect consultation
මේ ක්‍රමයට කරගන්නවනම් ගෙදර වියදමෙන්, උපරිමය 9% ක් දක්වා වූ මුදලක් අය කරනවා.මෙහෙම කරද්දී නගර සභාවෙන් අනුමත කර ගන්න ඕන ප්ලෑන් එකට අමතරව තවත් ප්ලෑන් සෙට් එකක් දෙනව(නම් ගම් කිව්වට උබට තේරෙන්නෙ නැතිවෙයි ) . ඒ වගේම ගෙදර හදන කොට ආකිටෙක් ඇවිත් බලනව(නොමිලේ සයිට් විසිට් කීපයක් ලැබෙනව.හැබැයි නොමිලේ දෙන ටික ඉවර උනාම නැවත එනවනම් ඒවට ගෙවන්න ඕනි.)මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්ගෙ සේවය විතරයි ලැබෙන්නෙ.ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙන්නෙ නෑ.
3.architect+engineer+QS consultation
මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්,ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙනවා.නමුත් 2 ක්‍රමයට වඩා වියදම ටිකක් වැඩියි.කරනවනම් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය.
උබට වියදම් කරන්න පුලුවන් නම්, ආකිටෙක්ගෙ ගාස්තුව ගැන හිතන්නෙ නැතුව හොඳ ආකිටෙක් කෙනෙක්ට කියල 2 හෝ 3 ක්‍රමයට කරගනින්
good luck